Pages..>>  1 

  

අලුත් ව්‍යවස්ථාවක්  හැදීම ........

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්  හැදීම සදහා මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවක් Parliament as Constitution Assembly බවට පත්කිරීමේ යෝජනාව පසුගියදා අගමැතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබිය.විධායක ජනාධිපති ක්‍රමය,මැතිවරණක්‍රමය ඇතුළු වෙනස්කම් රැසක් ඇතුලත් නව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්  හැදීම මෙහි අරමුණ වී තිබේ.නව ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ අනුමත කිරීමෙන් පසුව ජනමත විචාරණයක් මගින් අනුමත කරගැනීමට අදහස් කරනබව ප්‍රකාශ කොට ඇත.මේ කාරණය සම්බන්දයෙන් දැනටමත් දේශපාලන අංශ අතර විවිධ මත පැනනැගී තිබේ.ශ්‍රීලනිපය එසදහා වූ සිය යෝජනා අගමැතිවරයාට ඉදිරිපත් කොට ඇත.එහිම විකල්ප කන්ධායම වෙනත් යෝජනා ඉදිරිපත් කොට තිබේ.මේ පිලිබදව ඔවුන් අතර කඹ ඇදිල්ලක් පවතින බව පෙනේ.මෙම මත බේද තුල සබැ ජනතා අපේක්ෂාවෙන් කොතෙක් දුරට නියෝජනය වන්නේද යන්න සලකා බැලීම වැදගත්ය.1833 දී පිහිටවූ  ව්‍යවස්ථාවේ සිට මේ දක්වා පිහිටවූ සැම ප්‍රතිසංස්කරණයකින්ම සිදුවුයේ පාලකයන්ගේ  අවශ්‍යතා සපුරා ගැනීම පමණකි.

වැඩිදුර කියවන්න.........


කොටදෙනියාවෙන් අබිලිපිටියට ????????

කොටදෙනියාවේ පොලිසිය ඉමහත් ප්‍රසිද්දියට පත් වුයේ ,සේයා දැරියගේ ඝාතන සිදිය පිලිබදව පරීක්ෂණ සිදුකල ආකාරය නිසාය.අද ඇඹිලිපිටිය පොලිසිය පිලිබදව කතා ඇරඹි තිබේ.පොලිස් ගොඩනැගිල්ලේ උදුමහලෙන් වැටි තරුණයකු මියයාම  හේතුවෙන් ඉමහත් කලබගැනියක් ඇති වී තිබේ.නගරය පුර කළුකොඩි දමා විරෝධතාවයන් දියත්කර තිබේ.සිද්ධිය ඇසින් දුටුවෙකු පවසා ඇත්තේ .අරක්කු බෝතල් දෙකක් ඉල්ලු විට තරුණයා විසින් එය ප්‍රතික්ෂේප කිරීම නිසා, උඩුමහලින් තල්ලු කිරීමට ලක්වූ  බවය.නමුත් පොලිසිය කියන්නේ වැටුණු බවය.පොලිසියේ කතා ගැන ජනතාව වැටහීමක් තිබේ.ආයුධ පෙන්නිමට ගොස් ප්‍රහාර එල්ලකිරීම හා ප්‍රත් ප්‍රහාර වලින් අපරාද කරු මියයාම ගැන දනී.මේවනවිට පොලිස් නිලදාරීන් 21 කට ස්ථාන මාරුවීම් ලබදි ඇත.පරීක්ෂණවල ස්වාධිනත්ව සදහා එය වැදගත්ය.දැන් ස්වාධින පෝල්ස් කොමිසමක් තිබෙන බැවින් ,සධාරන පරික්ෂණයකින් සත්‍ය අනාවරණය කරගත හැකිය .එසේ කළහොත් .කළු පල්ලම් මැකියනු ඇත.

-පොලිටික්කා 


ලොකු අයට පොඩි ඒවා...

 

කව්ෂි සදරූ-ජපානයේ සිට සන්නසට


පවුල් වාදය සහ පවුල් වාදය ......

පසුගියදා පැවතී ක්‍රිකට් නිලවරණයෙන් රණතුංග පවුල පරාජයට පත්විය .අර්ජුන රණතුංග පසුගිය මැතවරණ වලට ආවේ .පවුල් වාදය පරාජය කිරීමටය.ඔහුගේ හඩ වඩාත් බලවත් වුයේ සිය සහෝදරයන් දෙදනාත් දැඩි විවේචනයට ලක්කරමින් සිටි නිසාය.මහා ඇමති රණතුංග මෙන්ම ,ක්‍රිකට් නිලධාරි රණතුංගත්  ඔහුගේ විවේචනයට ලක්විය. දැන් එක සහෝදරක් අමාත්‍යන්ෂයේය.අනිත් කෙනා මෙම නිලවරණයෙය. සහෝදරයන් දෙදෙනා සභාපති හා උප සභාපති සදහා තරග කළේය.ඉදීන් මෙය සහ පවුල් වාදය නොවන්නේ කෙසේද .එක පවුල් වාදයයක් පරජයවුයේ ගිය අවුරුද්දෙදිය .මේ අනිත් එක මේ අවුරුද්දෙදිය.......

-පොලිටික්කා


ටෝයියන් සහ බයියන්ගේ  දේශපාලනය ...

දැන් අපේ ගම්වල මිනිස්සු ටෝය්යෝ  සහ බය්යෝ කියල දෙකට බෙදිලා ඉන්නවනේ ,මේක වැඩියෙන්ම දකින්නට තියෙන්නේ Face book එකේ .ඉතින් සිංහ කොඩි ,කළුකොඩි ,කහකොඩි ආදීය දාගෙන උණුසුම් වචන හුවමාරු වෙනවා. ටෝයියන් සහ බයියන්ගේ  දේශපාලනය එහෙම වුනාට ඔවුන්ගේ නායකයන්ගේ දේශපාලනය ඊටවධා වෙනස්.ගිය වසර අවසානෙදි මෙ දෙගොල්ලෝ එකට කාපු-බීපු හැටි දැක්කනම් ටෝයියන්ට වගේම  බයියන්ටත් දවල් තරුපෙනවා සිකුරුයි.අමරපුර නිකායේ මහනායක හිමි ගේ ජනමදින  උත්සවේදී ජනාධිපති හා හිටපු ජනාධිපති බොහොම සුහදව කතාකරමින් හිටිය.ඇමති රාජිත වගේම් ඇමති චම්පිකත් ශෝක් එකට සෙට්වෙලා හිටය. කතරගමදී අප්පච්චියි,අප්පච්චි මළාකිව්වා කෙනයි බොහොම හොදට වහිලු කරකර හිටියා.දැන් ඉතින් හොරු කවුද,හොරු අල්ලන්නේ කවුද යන්නට වධා පොඩිකාලේ අපි කරපු හොරා පොලිස් සෙල්ලම මේ අය කරන බව පැහැදිලියි.හැබැයි ටෝයියෝ සහ බයියෝ තවමත් ෆෝම් එකේ .........

-පොලිටික්කා

 


එන්රික් සහ තිසරපටය ...

ජනපති තුමාගේ තිසර පට කතාවට මෙ දෙනවල වැඩි ප්‍රසිද්ධියක් ලැබෙන බව දක්නට ලැබේ.පසුගියදා ලංකාවේදී පැවැත්වූ සුප්‍රකට ලතින් ඇමරිකානු ගායක එන්රික් ගේ සංගීත ප්‍රසංගයේදී ,ලංකාවේ  යුවතියක් විසින් ඇයගේ තිසර පටය ගලවා ගායකයාට විසිකරමින් තිලිණ  කරනු ලැබිය.ජනපති වරයා මෙ සම්බන්දයෙන් බොහෝ සංවේගයට පත්වූ බවක් එතුමාගේ කතාවෙන් පැහැදිලිවේ.අපට නොගැලපෙන මේ සංස්කෘතිය  තුල මෙම ක්‍රියාව බොහෝදෙනෙකුට අරුමයක් වී ඇත.මෙම ප්‍රසංගය සංවිධානය කලේ ජාතිකවීරයන් තරමට සැලකුම් ලබන කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන විසින්ය.මේම ප්‍රසංගයට සහභාගිවුවෝ සාමාන්‍ය ජනතාව නොව ,ධනේශ්වර හා මධ්‍යම පාන්තිකයන්ය.තිසරපටය ව්සිකළේ ද රටේ උසස්ම තනතුරක් දරණ කෙනෙකුගේ සදීයනියක් බව පැවසේ.එබැවින් මෙය ජාතික ව්‍යසනයක් නොව පන්ති සදාචාරයේ ප්‍රකාශනයක් බව පැහැදිලිය. ලියොන් ට්‍රොට්ස්කි ලියු උන්ගේ සදාචාරය හා අපේ සදාචාරය යලිත් සිහිගන්වන්නේඅපේ ලෝකයේද  අපි නොදන්නා ලෝකදෙකක් ඇතිබවය.

-පොලිටික්කා 


අය-වැය ගෙනාවේ මහා ඇමති ඒනිසා වරද එයාගේ.......

බස්නාහිර පළාත් සභාවේ සෞඛ්‍යය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පරාජය වීම පසුගියදා සිදුවිය.මෙම සිද්දිය මුල්කරගෙන දැන් දේශපාලන අර්බුදයක් නිර්මාණය වෙමිණ පවතී.සාමාන්න්‍ය ප්‍රජාතන්ත්‍රවාදී සාම්ප්‍රදාය අනුව නම්  අදාල අමාත්‍ය වරයා තනතුරෙන් ඉල්ලා අස්විය යුතුය.නිශාන්ත වර්ණසිංහ  නමැති මෙම අමාත්‍ය වරයා තනතුරෙන් ඉල්ලා අස්වන බව  මුලින් ප්‍රකාශ කල නමුත් පසුව එම අදහස වෙනස් කරගෙන තිබේ .පසුගිය මැතිවරණයේදී ප්‍රජාතන්ත්‍රවාදය  ගැන මහ ඉහලින් කථා කල ඔහු ජාතික  හෙළ උරුමයේ ඉහළපෙලේ නායකයෙකි.එබැවින් ඔහු ඉල්ලා අස්විය යුතුය.නායකයන් විසින් ආදර්ශය දිය යුතුවන්නේ එසේය.නමුත් දැන් සිදුවන්නේ වෙනත් දෙයකි.පොඩි එවුන් ගේ එස්ලෝන් දැන්වීමේ මෙන් වරද වෙන අයකුට පැවරීමය....අය-වැය ගෙනාවේ මහා ඇමති ඒනිසා වරද එයාගේ ...පොඩි එවුන්ට වුනත්වෙනස තේරෙනවා ..එබැවින් මේ අමාත්‍ය වරයා ඉල්ලා අස්විය යුතුමය. නැත හොත් මේකද යහපාලනය යන්න නැවතත් මිනිසුන් විසින් අසනු ඇත.

-පොලිටික්කා 


සුන්දර ස්වීඩනයේ  සිතල නත්තල්..........

ලෝකයේ තිබෙන ඉතා සුන්දර රටක් තමයි ස්වීඩනය . සුන්දර ස්වීඩනයේ  සිතල නත්තල් බලන්න ඔබත් එක්ක යන්නයි සන්නස මේ සැරසෙන්නේ .sweden.. මෙම රට පිහිට තිබෙන්නේ ,යුරෝපයට උඩින් .උතුරු අර්ධගොලයේ අද ස්වීඩනයට නත්තල් .අපි පොඩි කාලයේ අසා ඇති සීතල නත්තල දකින්න හරිම අපුරුයි.මාසිටින ස්වීඩනයේ උප්සලා නගරය මේදිනවල දහවලටත්,රාත්‍රියටත් සුරපුරක් වගේ පෙනෙන්නේ .හැමතැනම සැමරුම් .හිමකැටවැටෙන ගස්වැල් විදුළිබුබුලෙන් ආලෝකමත්කරලා කැරොල් හා ගීත්කා ගායනය හැමතැනකම නත්තල්සිරියෙන් අලලිලය.

වැඩිදුර කියවන්න.........


සුදුවෑන් සහ කළු ඩිපෙන්ඩර්

  පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර  ගේ  ආරක්ෂක භටයන් සිව් දේනෙකු විසින් කොළඹ දෙමටගොඩ ප්‍රදේශයේ තරුණයෙකු පැහැරගෙන ගොස් පහර දීමේ සිද්ධිය දැන් ජනතාව අතර යහපාලනය පිළිබදව කුකුසක් ඇතිකරලීමට හේතුවී තිබේ.සුදුවෑන් සංස්කෘතියෙන් නිදහස්වූ  ජනතාවට කළු ඩිපෙන්ධර් සංස්කෘතියක් පිළිබදව ඉන් බියක් ඇතිවිම නොවලක්විය හැකි දෙයකි.ආරක්ෂක අංශ විසින් ඇයගේ ආරක්ෂක භටයන් අත් අඩංගුවට ගෙන ,අධිකරණයට ඉදරිපත් කර තිබීම පමණක් මෙම භිතිය පහව යාමට ප්‍රමාණවත් නොවේ.මෙම සිද්ධියට  මන්ත්‍රීවරියගේ සම්බන්දයක් පවතින්නේද යන්නත් වහාම පරික්ෂාවට බදුන්කළ යුතුම වේ.

වැඩිදුර  කියවන්න.......


අය-වැය ට පසු වදනක් ...

පසුගිය 19 වැනිදා පාර්ලිමේන්තුවේදි අය-වැය තුවෙනි වර කියවීම සම්මත්විමත් සමග එය ක්‍රියාත්මක භාවයට පත්වේ.මෙම අය-වැය වෙනත් අවුරුදුවල ඉදිරිපත්වූ අය-වැයලේඛණ වලට වඩා වනස් එකක් වූබව කාටත් පැහැදිලි විය.එය ඉදිරිපත් වූ අවස්ථාවේ සිටම ඊට එරෙහිව උද්ඝෝෂණ රැසක් දියත් විය. තවමත් එබදු උදඝෝෂන පවතී .මෙය ඉතා දුර්වල අයවැයක් බව විපක්ෂයේ අදහස විය.මෙය ලිච්චවී ක්‍රමයේ ප්‍රජාතන්ත්‍රවාදී අයවැයක් බව ආණ්ඩුපක්ෂයේ අදහස විය.නමුත් ඒවායින් මෙහි නියම ස්වරුපය හෙළි නොවිය.මෙම අය-වැය හි දර්ශනය බටහිර ගැති බංකොලොත් විවුර්ත  ආර්ථික ප්‍රතිපතියම බව විවරණයදී පැහැදිලිවේ.ජනතා විරෝධය අවිඥානිකව මතුවී තිබෙන්නේ ඒ පිලිබදවය.එබැවින් සිදුවුයේ ජනතා විරෝධයමත ආණ්ඩුව අඩියක් ආපස්සට ගැනීමය.

වැඩිදුර කියවන්න........


දේශීය බැංකු, බිදවැටීමේ අවධානමක .

-ලංකා බැංකු සේවක සංගමය  කියයි................

මෙවර අය-වැය ලේඛනය මගින් දේශය බැංකු ශේත්‍රයවෙත පනවා ඇති කොන්දේසි මාලාව හේතුවෙන් දේශීයබැංකු බිදවැටීමේ අවධානමකට ලක්ව ඇතැයි ලංකා බැංකු සේවක සංගමය  විසි නිකුත් කොට ඇති නිවේදනයකින් ප්‍රකාශ කොට අත.පසුගියදා මෙම බැංකු සේවකයින් වැඩ වර්ජනය කොට ,කොළඹ දී විශාල විරෝධ තාවයක නිරත විය. දේශීයබැංකු සහ ගනුදෙනු කරුවන් අපහසුතාවයට පත්කරන අය-වැය ලේඛනයේ ඇතුලත් කරුණු කිහිපයක් ඔවුන්ගේ නිවේදනයේ ඇතුලත්කර ඇත්තේ මෙසේය.

වැඩිදුර කියවන්න ..

 

මහින්ද -රනිල් හමුවීමේ ප්‍රසිද්ධ රහස ...........

සු ගිය දිනක හිටපු ජනාදිපති මහින්ද රාජපක්ෂ මහතා ,අගමැතිරනිල් වික්‍රමසිංහ මහතාව රහසිගතව හමුවීමේ පුවත දැන්  ප්‍රසිද්ධ රහසක් බවට පත්ව තිබේ.මෙම හමුවීමත් ,රගර් ක්‍රීඩක  තාජුඩින්ගේ මරණය පිළිබද  පරික්ෂණ  වාර්තාව එළිදැක්වීමත් අතර සම්බන්ද තාවයක් පවතින බවට බොහෝ දෙනා විශ්වාස කරයි.ප්‍රසිද්ධ රගර් ක්‍රීඩක තාජුඩින් මියයාම වාර්තා වූයේ රිය අනතුරකින් සිදුවූවක් බවය.නමුත් පසුව අනාවරණය වුයේ එය ඝාතනයක් බවය.මෙම ඝාතන සිද්ධියට මහිද රාජපක්ෂ පුත් යෝසිත රාජපක්ෂ සම්බන්ධ බවට තොරතරු අනාවරණය වී ඇති බව වාර්තා පළවිය.එය එසේම විනම් ,යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට පත්වනු ඇත. මහින්ද රාජපක්ෂ මහතාගේ මෙම හමුවීමේ තේරුම වන්නේ ,අගමැති ලවා එම අත්අඩංගුවට ගැනීම වලක්වා ගැනීමය.ඒ සදහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට අධිකරණ ක්‍රියාදාමය කෙරෙහි බලපෑම් කිරීමට සිදුවනු ඇත.

වැඩිදුර  කියවන්න.........


1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය

ශ්‍රී ලංකාවේ දැන් ක්‍රියාත්මකව පවතින 1978 ව්‍යවස්ථාව  සම්බන්ධයෙන් මේ වනවිට සංශෝධන19 යක් සිදුකොට තිබේ.මෙයින් 19 වැන්න 18 සහ 17 වැනි සංශෝධන සමග බද්ධ වී තිබේ.මෙම සංශෝධන තුනෙහිම මුලික තේමාව වී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පිළිබද අදහසය.ඊට අමතරව තවත් කරුණු කිහිපයක් ඊට ඇතුලත්ය.

ව්‍යවස්ථා සභාව පිළිබද අදහස මුලින්ම එළිදැක්වෙන්නේ 17 වැනි සංශෝධනය සමගය.2001 වර්ෂයේදී මෙය සිදු කළේය.විධායක ජනාදධිපති ධුරය සතුව පවතින අසහාය තත්වය පාලනය කිරීමත්,  රාජ්‍ය සේවය හා අධිකරණ සේවය දේශපාලනයෙන් වෙන් කොට ස්වාදධිනව පවත්වා ගැනීමට අවශ්‍ය මාර්ගයක් ලෙස එය හදුන්වනු ලැබිය. විධායක ජනාධිපති ක්‍රමයට එරෙහි මතවාදය මෙම ව්‍යවස්ථාව  හදුන්වාදුන් අවස්ථාවේ සිටම පැවතුනි.

ඒ පිලිබදව ඉද්රිපත්වූ විවේචන අතර,

වැඩිදුර කයවන්න.......



නිමල් සජිත් එකම මගක ....

නිමල් සිරිපාල ද සිල්වා සහ සජිත් ප්‍රේමදාස යන අමාත්‍යවරු මේ දිනවල ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කිරීමට පටන්ගෙන තිබේ.පසු ගියදා බදුල්ලේ, හාලිඇල ප්‍රදේශයේ පැවතී ජනහමුවකදී අමාත්‍ය සිරිපාල මහතා විසන් යහපාලන ආණ්ඩුව දැඩිලෙස විවේචනය කලෙය. යහපාලනය ගෙනඒමට ක්‍රියාකළ Face bookවල කැලිත්  නැතැයි, ඒ මහතා පැවසිය.මේ ආණ්ඩුව යහපාලනයේ කිසිවක් ඉටුකර නැති බව පැවසු ඔහු අපේම ආණ්ඩුවක් පිහිටුවා ගැනිමේ අවශ්‍යතාවය පෙන්වා දෙනු ලැබීය.පසුගියදා හම්බන්තොට දී පවතී ජනහමුවකදී අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් ද ආණ්ඩුව විවේචනය කළේය.හොරුන් තවමත් නිදැල්ලේ සිටින බව පැවසු ඔහු හොරුන් ආරක්ශා කරන්නේ ඔව්න්ගෙන් මුදල් ලබාගත් අය යැයි ද ප්‍රකාශ කළේය.නියොජ අමාත්‍ය රන්ජන් රාමනායක මතතා  ද මෙබදු ප්‍රකාශයක් කළේය.අමාත්‍ය විජේදාස රාජපක්ෂ ඇවන්ගර්ඩ් ගාරඩ් කරනවා යැයි කිව්වේය.

වැඩිදුර  කියවන්න........


යුග පුරුෂයකු ගේ නික්මණ……………..

අති පුජ්‍ය මාදුළුවාවේසොබිත නාහිම්යන් අපවත්වීමේ දුක්බර පුවත ඔබ වෙත ගෙන එන්නේ ඉතා සංවේගයෙනි .උන්වහන්සේ මැත යුගයේ අප දුටු මහා යුග පුරුෂයෙකි.ලක්බිමේ වැසියන් හට යහපත් අනාගතයක් ඇති කරලීම සදහා විශාල සමාජ වෙනසක් වෙනුවෙන් උන් වහ්ස්න්සේ අභිතව නැගිසිටියේය.ඒ වෙනුවෙන් ජනබලයක් ගොඩනැගිය.විප්ලවාදියකු මෙන්  සටන් කළේය.එනමුත් උන්වහසේ අපේක්ෂා කළ වෙනස මෙරට ජනතාවට නොලැබී යැම කණගාටුවට කරුණකි.මෙබදු යතිවරයන් අත්‍යාවශ්‍යය යුගයක සෝභිත නාහිමියන්ගේ නික්මයාම මහත් වේදනාවකි.

click here for comments


"කැලේ මාරු උනාට කොටියගෙ  පුල්ලි මාරු වෙයිද ?"


පාරාවළල්ල

ඇවන්ගාර්ඩ් සිද්දියදෑන්  ආණ්ඩුවට  පාරාවළල්ලක් බවට පත්වෙමින් තිබේ.පසුගිය දවස්වල පාර්ලිමේන්තුමෙන්තුවේ ඒ සම්බන්දයෙන් පැවති විවාදයේදී ආණ්ඩුවේ ඇමතිවරු කීපදෙනෙක්ම ඇවන්ගාර්ඩ් සිද්දිය සුද්ද්කිරීමට උත්සහ කිරීමෙන් මේ අර්බුදය හටගැනුණි.මෙම සිදියේ දී කිසිම වංචාවක් සිදුවී නොමැති බවත් එය පොලිසිය විසින් ලකුණු දාගැනීමට  ගත් උත්සාහයක් බවත් ප්‍රකාශකළ  අමාත්‍ය තිලක් මාරපන මහතාට අවසානයේදී ආණ්ඩුව රැකගැනීම සදහා සිය අමාත්‍ය දුරයෙන් ඉල්ලා අස්වීමට සිදුවිය. පොලිසිය භාරව සිටි ,මෙම අමාත්‍ය වරයා අවන්ගාරඩ් සමාගමේ නීතිඋපදේශකයකු වන බවද එහිදී අනාවරණය විය.පසුගිය රජයට එරෙහිව ලොකුම සටන්පාටයවූ අවන්ගාරඩ් දැන් මේ රජයට පාරාවළල්ලක් වී ඇති බව පෙනෙන්නට තිබේ .

වැඩිදුර කියවන්න....


කවුද හොරු ..............?

පසුගිය මැතිවරණ වලදී යහපාලන ආණ්ඩුව බලයට ගෙන ඒමට උනන්දුවූ බොහෝ දෙනෙකු දෑන්අසතුටට පත්වී ඇති ආකාරයක් දක්නට ලැබේ .අති පුජ්‍ය මාදුළුවාවේ සොබිත හිමි ඒ අතර පෙරමුණේ සිටි .උන්වහන්සේ ගිලන්වී ඇති බවද දැනගන්නට ලැබි ඇත .ප්‍රවින කළා කරු ඩර්මසිර බණ්ඩාරනායක  මහතා ද ඒ අතර සිටි .ජනමාද්‍ය තුලින් ඒ අය දෑක්වූ අදහස් තුලින් ඒ බව සනාථ  වේ .මැතිවරණ යේ දී උණුසුම් සටන් පාඨ වූ හොරු ඇල්ලීම ,දුෂිතයන් ඇල්ලීම,කුඩු රජවරු ඇල්ලීම වැනි දේවල් බලාපොරොත්තු වූ ආකාරයට ඉටු නොවනා බව වැටහියාම ඊට හේතුවී ඇති බව දක්නට ලැබේ .මෙම ආකල්පය වර්දනය වීම කෙරෙහි ප්‍රබලව බලපා ඇති හේතුවක් නම් එකී නෙකාට  එරෙහිව පවරා තිබු නඩු සිරු මාරු ක්‍රමයට ඉවත්කර ගැණිමය .දාන්පෙතේ ඉත්තෝ කැපී යන්නක් මෙන් එකින් එක කපා දානබවක් පෙනෙන්ට තිබේ.මහබැන්කු සිද්දීයට ඇවන්ගාර්ඩ් කැපී යනාක් සේය. එදා අල්ලස් හා දුෂණ කොමිසම වෙත චෝදනා ගෙනගිය හැටි සිහි ගැන්වෙන විට එදා ආණ්ඩුවේ සිටි අය අද කොහි සිටිය යුතු වන්නේද යන්න මේ අයට සිහි වනවා ඇත .

වැඩිදුර කියවන්න................


නේපාලයේ ජනපති පුටුව කාන්තාවක්

අපගේ අසල්වැසි නේපාලය ප්‍රථම වතාවට  කාන්තාවක් ජනාදිපති ඩුරයට පත් කරගනු ලැබිය.1961 ජුනි මස 19 වැ නිදා උපත ලැබූ ඇය 54 වියෑති බිද්‍යා දෙවි බණ්ඩාරි bidya devi bhandariය.ප්‍රකට ස්ත්‍රී වාදිනියක් වූ ඇය නේපාලයේ මාර්කස් -ලෙනින් වාදී පක්ෂයේ නියෝජ්‍ය නායිකාවය .පසු ගිය ජනාදිපති වරණයෙන් ජයග්‍රහණය ලැබූ ඇය එරට ජනාදිපති ඩුරයට පත්වූ දෙවන්නා ය.

නේපාලයේ අනාදිමත් කාලයක සිට පැවති රාජාණ්ඩු ක්‍රමය2008 වසරේදී අවලංගු කොට නව සමුහාණ්ඩු ව්‍යවස්ථාවක් පිහිටුවා ගනු ලැබිය.ඒ යටතේ පළමු ජනාදිපති ලෙස තේරී පත් වුයේ රාම් බරන් යාදෙව් ram baran yadavය.ඔහුගේ ධුරකාලය නිමා වීමෙන් පසුව බිද්‍යා දෙවි බංදරි මහත්මිය මෙලෙස ජනාදිපති ඩුරයට පත්විය .එතෙක් ඇය නේපාල රජයේ ආරක්ෂක ඇමති ඩුරය දරනු ලැබිය.ඒ 2009සිට 2011 දක්වා කාලය තුලදීය.බිද්‍යා දේවිගේ පත්වීම පිලිබදව අදහස් දක්වන The Associated Pressපුවත් පවසන ආකාරයට නේපාලය තමන්ගේ රටේ අලුත් ව්‍යවස්ථාව යටතේ නිතී ක්ෂේස්ත්‍රයේ කාන්තාවක් තෝරාගෙන ඇති බවය.තව දුරටත් අදහස් දක්වන AP  පුවත් සේවය කියා සිටින්නේ ,නේපාලය විසින් සාම්ප්‍රදායික පුරුෂාධිපති ක්‍රමය ප්‍රතික්ෂේප කර ඇති බවය. 

වැඩිදුර කියවන්න............


සවුදි කුමරුන්ගේ රාජකීය කුඩු ජාවාරම 

පසුගිය සදුදා ලෙබනන් හි බේරූට්නගරයේ ඇති රෆික් හරිරි ගුවන් තොටුපලේ දී මෙතෙක් අත් අඩංගුවට ගෙන ඇති විශාලතම මත්ද්‍රව්‍ය තොගය පිළිබදව වාර්තා විය. එහි captagon pillsනමැති මත්ද්‍රව්‍ය බැග් 40 ක් විය .මෙම මත ද්‍රව්‍ය තොගය සමග අත්අඩංගුවට පත් වුයේ සවුදි අරාබියේ රාජකුමාරයකු සහ තවත් හතර දෙනෙකුය.රජ කුමාරයා සහ පිරිස පවුද්ගලික ජෙට් යානයකින් මේවා ප්‍රවාහනය කර ඇත. යානයේ තිබී මත්ද්‍රව්‍ය ටොන් දෙකක් අත්අඩංගුවට ගත් බව ලෙබනන් ජාතික ප්‍රවුර්ත්ති  ඒජන්සිය විසින් නිවේදනය කළේය .ලෙබනනයේ අබ්යන්තර කටයුතු පිළිබද අමාත්‍ය වරයාගේ මාද්‍ය ප්‍රකාශක වරයද මෙම පුවත තහවුර කල බව ජාත්‍යන්තර මද්‍ය විසින් වාර්තා කළේය.මෙම මත්ද්‍රව්‍ය තොගය තුල captagon pillවලට අමතරව කොකේන් නමැති මත්ද්‍රව්‍ය ද පවැති බව වාර්තා වේ.

වැඩිදුර කියවන්න........


එලලුම් ගහ

 මගේ ගෙලට තොන්ඩුව දාන්න.....

     සේයා දැරිය  කුරිරු ලෙස ඝාතනය කිරීමේ සිද්ධියත් සමග මේ  රටේ ජනතාව අතර එල්ලුම් ගහ හෙවත් මරණ දණ්ඩනය ක්‍රියාත්මක කළ යුතුයැයි  මතයක් පැණ නැගී තිබේ. එල්ලුම් ගහ යලි ක්‍රීයාත්මක කරන  ලෙස ඉල්ලා උද්ගොෂණය කිරීම, පාගමන් හා පෙළපාලි යාම දැන් සුලබව  දක්නට ලැබේ.

බඩු  මිල  අඩු  කරන ලෙස හෝ ඩැඩි වැටුප් ඉල්ලා ජනතාව පාරට බසින විට කදුලු ගෑස්, ජල ප්‍රහාර හා බැටන් ප්‍රහාර පමණක්  නොව ගල් මුල්  වලින්  පහර දීමට  සලස්වන  පාලකයින්  එල්ලුම් ගහ ඉල්ලා සිටින  විට එය ලබා දීමට නොපැකිලිව ඉදිරිපත්  වේ. දැන්  ඒ සදහා පාර්ලිමේතුවට පනතක් පවා ඉදිරිපත් කොට තිබේ. පාලකයන්ගේ මේ යුහුසුලු  කැපවීමට හේතුව පැහැදිලිය. තොන්ඩුව වැටෙන්නේ  ඔවුන්ගේ බෙල්ලට නොව ජනතාවගේ බෙල්ලට බැවිණි.

 වැඩිදුර කියවන්න............