Error message

Notice: Undefined offset: 1 in counter_get_browser() (line 70 of /home/sannas3/public_html/sites/all/modules/counter/counter.lib.inc).

තනි ශ්‍රීලනිප

ආණ්ඩු පෙරලියක් ගැන කතාව යලිත් වරක් අලුත් වී තිබේ .ජනාධිපති වරයා විසින් පසුගියදා ශ්‍රීලනිප මැති ඇමති වරුන් හමුවූ අවස්ථාවේ ආණ්ඩු පෙරලියක් පිලිබදව ඉගියක් සපයනු ලැබිය .එය වූ කලි තනි ශ්‍රීලනිප ආණ්ඩුවක් පිලිබඳවය .තමන් ඒ සඳහා අවශ්‍ය අවස්ථා වලදී වැදගත් තීරනා ගන්නා බවත් එතෙක් පක්ෂය සමඟ එක්සත්ව කටයුතු කරන ලෙසත් ඔවුන්ට දන්වා තිබේ .

ප්‍රශ්නය වී ඇත්තේ එබඳු හැකියාවක් ශ්‍රීලනිපයට මේ මොහොතේ පවතින්නේ ද යන්නයි .පසුගිය කාලයේ ශ්‍රීලනිපය දෙකට කදී තිබුණි .කොටසක් හිටපු ජනපති වටා ඒකරාශිවී පක්ෂයක් හදාගෙන සිටි .තනි ශ්‍රීලනිප ආණ්ඩුවක් හැදීමට නම් මේ බෙදීම සමනයට පත්ව තිබීම පමණක් නොව එජාප යෙන් කොටසක් ආණ්ඩුවට ගැනීමද අත්‍යවශ්‍යව ඇත.ජනපති වරයාගේ මේ ප්‍රකාශයෙන් මේ ගැටලුව විසිදීමේ මගක් තමන් සතුව ඇතයි යන්න ඇඟවේ .ඒ සඳහා ජනපතිට ඇති අවස්ථා මොනවාද යන්න ප්‍රකාශ කොට නොමැත .නමුත් මේ දිනවල දේශාපාලන කරලියේ සිදුවෙන සිදුවීම් තුලින් යම් කිසි අදහසක් ලබාගැනීමට හැකිය .

ඉන් එක් මාර්ගයක් වන්නේ ,හිටපු ජනපති සමග මිත්‍රවී ඒකාබද්ධ විපක්ෂය යලි ශ්‍රීලනිපයට එක කර ගැනීමය .ඒ සඳහා රාජපක්ෂ වරුන්ට හා ඔහුගේ හිතවතුන්ට එරෙහිව පවතින සොරකම් පිලිබඳ පරීක්ෂණ අත්හැර දැමීමට සිදුවනු ඇත .එම පරීක්ෂණ පිළබඳව පවතින මන්දගාමී පිළිවෙත තුලින් පෙන්නුම් කරන්නේ එබඳු එකඟතාව පැවතීමට හැකි බවය .එමෙන්ම මේ පාර්ශවයේ කෙනෙකුට අගමැති දුරය ලබාදීමටද සිදුවෙනු ඇත .හිටපු ජනපති රාජපක්ෂ මහතා එබන්දකට සුදානම් බව පැහැදිලිය .තමාට ජනපති මෛත්‍රී සමග කටයුතු කිරීමට ගැටළුවක් නැතැයි දැනටමත් පවසා තිබේ .නමුත් මෙපිරිස එක කරගැනීමෙන් පමණක් ශ්‍රීලනිප ආණ්ඩුවක් පිහිටුවීමට නොහැකිය .ඒ සඳහා එජාපයේ කොටසකගේ සහය අවශ්‍යවනු ඇත .එම කොන්දේසිය සපුරාදීමට ඇමති සජිත් ප්‍රේමදාස සුදානම් බවට කතා පැතිර යමින් තිබේ .එබන්දක් බැහැර කිරීමට ද නොහැකිය. ඇමති සජිත් එජාපයෙන් ලොකු කණ්ඩායමක් සමග පැමිණෙන්නේ නම් අගමැති ධූරය ඔහු විසින් ඉල්ලා සිටිනු ඇත .එම කොන්දේසියට රාජපක්ෂ පාර්ශවය කැමැත්තක් දක්වයිද යන්න ගැටලුවකි .ජනපති මෛත්‍රී ට තනිශ්‍රීලනිප ආණ්ඩුවක් පිහිටුවීම මහ මැති වරනයකින් මෙහා නම් සිදුකිරීමට නොහැකි වනු ඇත .මන්ද මෙම පාර්ලිමේන්තු වේ පක්ෂ සංයුතිය තුල කුමන හෝ හවුලකින් තොරව කිසිවෙකුටත් පැහැදිලි බහුතරයක් ලබාගැනීමට නොහැකි වන නිසාය .එසේනම් සිදුවිය හැකි පෙරලිය එක්කෝ ජාජපක්ෂ කෙනෙකු සමග හෝ නැතිනම් එජාපයේ ප්‍රබලයෙකු සමග තවත් හවුලකට යෑම පමණි .එයින් අගමැති රනිල් ඉවත් කිරීම හැර වෙනත් කිසිදු වෙනසක් අපේක්ෂා කිරීමට නොහැකිවනු ඇත .