Error message

Notice: Undefined offset: 1 in counter_get_browser() (line 70 of /home/sannas3/public_html/sites/all/modules/counter/counter.lib.inc).

පිලිපීනයේ

පිලිපීනයේ අලුත් ජනාධිපති රුද්‍රිගෝ ඩටරේ විසින්  පසුගියදා අමුතු ප්‍රකාශයක් කළා .නීතිවිරෝධී මත්ද්‍රව්‍ය වලට එරෙහිව යුද්ධයක් ප්‍රකාශකොට ඇති ඔහු මෙහිදී ප්‍රකාශකලේ ,තමන් ඒ සඳහා Marshal Law හමුදානිතිය පැනවීමට පසුබට නොවන බවයි .කිසිවෙකුටත් එය වැලක්වීමට නොහැකි බවද ඔහුවිසින් පවසනු ලැබිය .මත්ද්‍රව්‍යජාවාරම් කරුවන් මරාදැමීම හැර ඊට වෙන විකල්පයක් නොමැති බව ඔහු පවසා තිබේ .බැලුබැල්මට සිතදගන්නා අකාර්ශනිය පාඨයක් වුවද මෙතුල යලිත් පිලිපීනයේ ඒකාධිපතිත්වයක් පනනගිමේ අවදානම් පෙන්නුම් කරයි .තමා දවාඕනගරයේ පාලකයා වි සිටි අවදියේ මත්ද්‍රව්‍යපිටුදැකීම සිදුකලේ මේ ආකාරයට තමාගේ පෞගලික මැදිහත්වීමෙන් බවද පවසා ඇත .මෙය වූකලී ඉතා භයානක ප්‍රකාශයකි .නිතිය ක්‍රියාත්මක් කිරීමත් යුක්තිය පසදලිමත් පාලකයා අතට පත්වූ විට අත්වන ඉරණම පිලිපීනයේ ජනතාව අත්දක තිබේ ඒ හිටපු එකාධිපති පාලකයා වූ ෆ්ර්දිනඩ් මාකෝස් ගේ කෘර පාලනය යටතේය 

ඩටරේ බලයට පැමිණි විගසම ඉතා ජනප්‍රිය පාලකයෙකු බවට පත්විය .ඔහු ඇමරිකාවට විරුද්ධව එකදිගට එල්ලකළ විවේචන ඊට හේතුවිය .ඔහුගේ ඊළඟ ජනප්‍රිය ක්‍රියාමාර්ගය වුයේ ,මත්ද්‍රව්‍ය ව්‍යාපාරයට එරෙහිව යුද්ධය ප්‍රකාශකිරීමයි .ක්‍රමයෙන් ජනප්‍රියත්වයට පත්වීමත් සමග ඔහුගේ ඒකාධිපති ආකල්ප ක්‍රමයෙන් හිස ඔසවා තිබේ .ඩටරේගේ මෙම ක්‍රියාමාර්ගය පසුපස චීනය සිටින බව දැන් දැන් පැහැදිලි වෙමින් තිබේ .එබඳු පසුබිමක් නොමැතිව පාලකයෙකුට එකාධිපතිත්වයට පත්වීමට නොහැකිය .මිට පෙර සිටි ඒකාධිපති පාලකයා වූ මාකෝස් පසුපස සිටියේ ඇමරිකාව බව ඉතා පැහැදිලි විය .

ඩටරේ ගේ පාලනය ආරම්භවීමත් සමග එරටේ ඝාතනයට ලක්වූ පුද්ගල සංඛ්‍යාව 6000 ට ආසන්නවිය .CNN මාධ්‍ය ඒ බව අනාවරණය කරතිබේ .

මේ වාර්තාවට අනුව පොලිස් මෙහෙයුම් වලදී මියගිය සංඛ්‍යාව 2,086 කි .අධිකරණ නඩු විභාගයකින් තොරව මරාදමා ඇති සංඛ්‍යාව  3,841 කි .ජුලි මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා මරාදමා ඇති සම්පුර්ණ සංඛ්‍යාව 5,927 කි .දැන් ඒකාධිපති සෙවනැල්ල පිලිපීනයට යලිත් වතාවක් වැටෙමින් තිබේ .රටේ  තැන තැන විලාප නැගීම දකින්නට ලැබේ 

ඝාතනය කරනලද සැමියෙකු තුරුළු කරගෙන හඩාවැටෙන බිරිඳකගේ සේයාරුවක් CNN නාලිකාවේ පෙන්වනු ලැබිය .මෙබඳු දසුන් සුළබවීමෙන් පැහැදිලිවන්නේ දැන් පිලිපීනය වැරදි පැත්තට හරි ඇති බවය .

පිලිපීන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පුද්ගලයෙකුට ජනාධිපතිදුරය දිය හැක්කේ එක වතාවක් පමණි .නමුත් ඒකාධිපති මාකෝස් එය පිටපිටම තුන් වතාවක් දරනු ලැබිය.දැන් ඩටරේ ගේ මේ ජනප්‍රිය වාදී කෘර සෙල්ලම තවත් මාකෝස් කෙනෙකු බිහිවෙමේ අවධානම් මතුකර තිබේ