Error message

Notice: Undefined offset: 1 in counter_get_browser() (line 70 of /home/sannas3/public_html/sites/all/modules/counter/counter.lib.inc).

පෙඩරල්

ද්‍රවිඩ ජාතික සන්ධානයේ TNA පාර්ලිමේන්තු මන්ත්‍රී එම් .සුමන්තිරන් මහතා ඉතා වැදගත් ප්‍රකාශයක් සිදුකරනු ලැබිය .එනම් තම පක්ෂය පෙඩරල් ඉල්ලීම අත් හැර දමන බවය .ඒ වගේම තමන්ගේ දේශපාලන මතය සිංහල ජනතාවට කියන්නත් ලැහැස්තියි කියලත් සුමන්තිරන් පවසනවා .සත්‍ය වශයෙන්ම මෙය සිදුවේනම් TNA වාර්ගික පක්ෂයක් නොවී ජාතික පක්ෂයක් හැටියට මතුවෙන්න පුළුවන් .පෙඩරල් ක්‍රමය දියුණු රටවල ඉතා හොඳ පරිපාලන යාන්ත්‍රණයක් වශයෙන් පවතිනවා ,ඇතැම් රටවල් ජනවාර්ගික ප්‍රශ්නය වගේ ගැටළු නිරාකරණය කරගැනීම සඳහා මේ ක්‍රමය සාර්ථකව අත්හදාබැලීම්කර තිබෙනවා .නමුත් ලංකාවේ තත්වය ඊට වඩා වෙනස් .පෙඩරල් අදහස සමග රටේ ඒකීය භාවය පිලිබදවප්‍රශ්නය පැටලී තිබේ .එතුලින් දේශපාලන අර්බුධ නිර්මාණය විය .මෙම තත්වය තේරුම් ගෙන ජනවාර්ගික ප්‍රශ්නයට විසදුම් සෙවීමටTNA ඉදිරිපත් වීම ඉතාම වැදගත්ය 

පෙඩරල් ඉල්ලීමට ලංකාවේ දේශපාලනයේ දිගු ඉතිහාසයක් තිබෙනවා .ජනවාර්ගික ප්‍රශ්නය ලොකු පරිනාමයෙන් නොපවතී කාලයක ලංකාවේ පෙඩරල් පක්ෂයක් ගොඩ නැගුනා එදා එස්.ජේ.වී.ජෙල්වනායගම් ගේ නායකත්වයෙන් පෙඩරල් පක්ෂය බිහිවුනේ .විශේසයෙන්ම භාෂා ප්‍රශ්නය පදනම් කරගෙන එම යෝජනාවට කිසියම් ප්‍රයෝගිකත්වයක් පැවතුනා .ඔවුන්ට බණ්ඩාරනායකරජය සමගත් පසුව ඩඩ්ලි සේනානායක රජය සමගත් කේවල් කිරීමටත් ,රට සභා ,දිස්ත්‍රික් සභා ,වගේ එකගතාවන්ට එලබෙන්නත් ඉන් හැකියාවක් ලැබුනා .නමුත් අවසානයේදී එය නතර වුනේ ඊලාම් නමින් වෙනම රාජ්‍යයක් සදහා ව්‍යාපාරයකින් .එම ව්‍යාපාරය ද්‍රවිඩ සංගමය TC,පෙඩරල් පක්ෂය FP,සහin අනතුරුව ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ TULF යන සාම්ප්‍රදායක ද්‍රවිඩ පක්ෂවලින් ඉටුනොවන බව දැනගත් රැඩිකල් හා අන්තවාදී තරුණ සංවිධාන අතට පත්වුනා .එය මේ රටේ තිස් අවුරුදු යුද්ධය දක්වාම ගමන් කොට මහවිනාශයක් කැන්දාගනු ලැබිය 

TULFසහ වත්මන් TNA අතර සැලකිය යුතු සමානකම් පෙන්නුම් කරයි .ඒවගේම මේ දෙක අතර ලොකු ගැලපිමක්දතිබේ .TULF පක්ෂය 1977 මැතිවරණයෙන් ජය ලබා පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂය බවට පත්විය .දැන් TNAසිටිනේ එතැනමය .TULFපක්ෂය කොලබට වී ජාතික දේශපාලනය කලමුත් ද්‍රවිඩ ජනතාවගේ අපේක්ෂා ඉටුකිරීමට අපොහොසත් විය .එහි ප්‍රතිපලයක් ලෙස ද්‍රවිඩ තරුණයන් ආයුධ අතටගත්විට පළමුවෙන්ම ඝාතනයට ලක්වීමට TULF නායකයන්ට සිදුවිය . TNA පක්ෂය පෙඩරල් ඉල්ලීම අතහැරීම තුල මෙම සත්‍ය වටහාගනිනම් වැදගත්ය .නොඑසේනම් ජාතික දේශපාලනය තුල ද්‍රවිඩ ජනතා අපේක්ෂා බිදවැටීම සිදුවෙනු ඇත . ජනකොට්ටාශ දෙක අතර කාලයක් තිස්සේ පවතී අසමගිය ,හා අනවභාධය දුරුකර සහජීවනය ඇතිකරලීමට සමත්වෙනම් TNAපක්ෂයට දෙමලජනතාවගේ පමණක් නොවsinhala ජනයාගේද ශය ලැබෙනු ඇත .එත් අපේ ප්‍රධාන දෙශපාලන පක්ෂ වල පවතින තුට්ටුදෙකේ දෙස්පාලනය ඔවුන් ආදර්ශයට නොගත් යුතුය