Error message

Notice: Undefined offset: 1 in counter_get_browser() (line 70 of /home/sannas3/public_html/sites/all/modules/counter/counter.lib.inc).

ප්රේ්මය නම්

ඇත්ත වශයෙන්ම මිනිසා වනචාරි යුගයක් ගත කල අවධි වලදී ,කාන්තාවගේ සමාජ තත්වය ඉතා නිදහස් සහ ගෞරවනීය එකක් විය.
-පෙඩ්රික් එංගල්ස්
දැන් මිනිසා කැලයෙන් එලියට පැමිණ ශිෂ්ටාචාර ගතවී සිටි.ඔහුගේ හැසිරීම වනචාරි යුගයටත් අන්ත වී ඈත .කපටිය,කෘරතරය.ගැහැණිය මනුස්සයකු ලෙස නොසලකන තරම්ය.මෙම කරුණ පිලිබදව ඇති තරම් පුවත් ගෙනහැර දැක්වීමට හැකිය . මේ එබදු පුවතකි.මෙය පසුගිය දිනක මාධ්යලයේ පළවිය.

ප්රේැමයන් වෙලිසිටි යෞවන වියේ දෙදෙනෙකුඑකවිටම දිවිනසා ගැනීමට තීරණය කළේය .ඔවුන්ගේ සම්බන්ධයට පවුල් වලින් එල්ලවූ විරෝදය ඊට බලපෑ එක් හේතුවක් විය.අනික් හේතුව දෙමව්පියන්ට පිටුපාවිවාහවීමට තරම් ආර්ථික පදනමක් නොමැති වීමය.දැන් මේ දෙන්නා කළුතර පාලම ලගට පැමිණ ,කළුගගට පැනීමට තීරණය කර ගත්තේය.එකයි...දෙකයි... තුනයි.. කියා තුන්වන්නේදී පැනීමට කතා කරගත්තේය .පිරිමිළමයාවිසින් එසේ ගනන්කළේය .තුනයි කි විට ,ගැහැණු ළමයා දෑස්පියාගෙන ගඟට පැන්නේය.පිරිමි ළමයා ආපසු හැරි කිසිවක් නොවූ සෙයින් නිවස බලා පිටත්විය.

කථාව එතනින් නිමා නොවිය ......

ගඟට වැටුණු ළමයා ඉවුරේ තිබූ රොඩු ගොඩක් මතට පතිතවී ,දින කිහිපයක්මසිහි සුන්ව මුහුදේ පාවෙමින් සිටියදී,ධිවරටන්ට හමුවිය.මේ කරුණාවන්ත ධිවරයින් විසින් තරුණිය රෝහලට භාරදීමට කටයුතු කළේය.සිද්ධිය අනාවරනයවුයේ ඉන් පසුවය.

සුන්දර රිවර්ස්ටන් ප්රදදේශයේදී තවත් අසුන්දර පුවතක් වාර්තා විය .රිවර්ස්ටන් හි සුන්දරත්වය දැකබලා ගැනීමට තම පෙම්වතිය කැටුව ගිය පෙම්වතා විසින් එහි ඇති පුංචි ලෝකාන්තයෙන් පහලට පෙම්වතිය තල්ලු කරනු ලැබිය.සියදිවිනසගනිමක් ලෙස මාධ්යාය විසින් වාර්තා කලද, පසුව අනාවරනයවුයේ පෙම්වතා විසින් ඇය තල්ලුකර දමා ඇති බවය. 

දැන් ඉතින් ප්රේනමය පිලිබදව බරපතල විදිහට හිතන්න සිදුවන බව පැහැදිලිය .ප්රේනමයන් වෙලීසිටින අයට ඒ බදු කල්පනාවක් නැත.ප්රේැමය අන්ධය.


අද කාන්තාවට අත්වි ඇති ඉරණම පිළිබදව ගැබූරින් විශ්ලේෂණය කිරීමට පෙඩ්රික් එංගල්ස් ට හැකිවිය .


ඇය,වහලියක් ,පිරිමි මිනිසුන්ගේ රාගික අවශ්යයතා පිරිමසාලිමටත් ,දරුවන් බෝකරලිමේත් භාන්ඩයක් බවට පත්ව තිබීම හාස්ය ජනකය.
            -පෙඩ්රික් එංගල්ස්
ඔහුගේ මෙම කියමන අද තරුණ පරපුර ගැහැණු ළමයින් සදහා භාවිතා කරන ආමන්ත්රතණ යෙදුම් තුලින් මොනවට පැහැදිලිව්.කෑල්ල ,භාණඩය,බඩුව ........ යනාදිය තරුණයන් අතර පවතින සුලබ යෙදුම්ය.ගමේ ගැහැණු ළමයට ගංකෑල්ල ලෙසත් නාගරීක තරුණියට පොෂ් කෑල්ල ලෙසත් කියති.

 ඉදින් මේ ආකල්පයේ සිටිනතාක් කල් ඔවුන්ගෙන් ලබාගත හැකිවන ආදරය කුමක්ද නුතන ගෝලීය වාණිජ ධනේස්වර ක්රතමය තුළ ස්ත්රිැය පැහැදිලි ලෙසම භාන්ඩයක් හෝ කෑල්ලක් බවට පත්වී සිටි.ඇත්ත වශයෙන්ම මෙම තත්වය හාස්යමජනක අත්දැකීමක් ලෙසට එංගල්ස් විසින් පෙන්වා දෙයි .මෙම තත්වය බරපතල ලෙස උද්ගත වන්නේ 18 වැනි සියවසේ සිට බව එංගල්ස් පෙන්වා දෙයි .මෙහි ඇති හාස්ය්ජනක දෙය නම් කාන්තාව මිනිස් සමාජයේ මුල් අවධියේ සිටම පිරිමියාගේ වහලියක් බවට පත්ව සිටියායි පැවසීමය.පැරණි සමාජවල කාන්තාව වෙත පැවරී තිබූවැඩකොටස ඉතාබරපතලවුවද ,කාන්තාව බොහෝසෙයින් මහන්සිවී වැඩ කරනු ලැබුවා වුවද ,ඇයට වඩාත් ගෞරවනීය තත්වයක් හිමිවී තිබුණි .අදත් කාන්තාවෝ ඉතාමත් වෙහෙස මහන්සිවී වැඩ කරති.නමුත් අයගේ තත්වය බරපතලය.ඇයට නිසි ඇගයීමක් නොමැත.රැකියාවකට නොයා නිවසේ අපමණ වැඩකොටසක් ඉටුකරන කාන්තාව සම්බන්ධයෙන් පවතින සමාජ ආකල්පය කුමක්ද, මවගේ රැකියාව කුමක්දැයි යමෙකු ඇසුවහොත් ඊට ලැබෙන පිළිතුර නම් ,නිකංගෙදරට්වෙලා ඉන්නවා යන්නයි.

18 වැනි සියවසෙන් පසුව සමාජයේ ආර්ථික තත්වය වෙනස් විය .පෞද්ගලික දේපල ක්ර්මය ප්රනබල ලෙස ස්ථාපිත විය. දේපල උරුමය හා මිලමුදල් වල වටිනාකම වැඩිවිය .ඒවායෙහි උරුමය පිතෘ පර්ෂයට හිමිකරගනු ලැබිය.මාතෘ උරුමයේ පරාජය කාන්තාවගේ පරාජයේ ඓතිහාසික අවස්තාව විය යැයි එංගල්ස්ලීවේය .ප්රේකමය පුද්ගලිකකරණය විය .එය ආත්මාර්තකාමයේ සංකේතය බවට පත්විය.දැන් ඉතින් ප්රේයමය නම් දිරවාගත නොහැකි ලණුවකි.ඒක පතිවුර්තා පවුල් සංස්ථාව නමින් එංගල්ස්රචනාවක් කළේය.ස්ත්රිමයගේ හිස මතට නීති,රීති,කොන්දේසි,ඇගයීම් ,ආකල්ප තොගයක්ම පැටවිය.ඇය ක්රේමයෙන් පිරිමියාගේ වහලියක් බවට පත්විය.ඉදින් මෙම වහල් ප්රේතමයෙන් ගැලවීමෙ මගක් නොමැත . 

දැන් යෞවනවියේ පසුවන සෑමයුවතියක්ම තරුණයෙකුගේ ප්රේීමය දිනාගැනීම සදහා තම රූප-කාය පිලිබදව බොහෝ සිතයී.සමාජය තුල කාන්තාව ඇන්දවීම සිදුකරන්නේ මෙලෙසින්ය.ඒ සදහා සාහිත්යක කරුවන් සිය නිර්මාණ කෞශල්යපය නිර්ලොබිව වැය කර තිබේ .

පුලා සුවද මලවුල් කැරැ වරල් බැද
දුලා රන් පතින් සරසා සවන් සෝද
නිලා දිගු නුවන් රසදුන් තනා ඇද
බල සිටු රගන රගමඩල කල් බඳ
-සැළලිහිණිසංදේශය

පුන් මදාරා මල්දමින් මුදු දිගු සුරල් වරලස ගොතා
මන් මදා කිතුලිය ලෙසින් උරතුර සර දිලි මුතු ලතා
-ගුත්තිලය

පැරණි සාහිත්යියේ මෙබදු අපූරුනිර්මාණ රැසකින් කාන්තාව වර්ණනා කොට තිබේ .ඒ තරම් ප්රරතිභාවයක් නොමැති වුවද නුතන ගීත සාහිත්යුයේ මෙබදු වර්ණනා දක්නට ලැබේ.මේ එබදු ගීතකීපයක මුල් පද කොටස්ය.

• ගෙලවට බැන්දාවූ මුතුපොටේ
දිස්නෙට රුපෙහි ඔප වටේ ....

• දිගු දෑස දුටුවම
හැගෙනවා පෙර සේම ........

• තියාගන්න සින්නක්කර
දෙනවද මට ඔය අස් දෙක ....

• මෙවලම් මොකටද මෙතරම්
පැළදුවේ සමනලියේ ..........

කාන්තා විමුක්තිය පිලිබදව1792 දී පමණ කතාකල මේරි වෝල්ස්ටන් ක්රාකf පට් (Marry Wolston Craft) ගැන අප මෙහි පළමු ලිපියෙන් සදහන් කළේය.ඇය විසින් ලියු වැකි තුල අපගේ මෙම කාරණය සනාථ කෙරෙන ප්රමකාශන ඇතුලත්ය.


   කාන්තාවගේ වටිනාම ගුණය රුපකාය බව ඇයට ළදරු වියේ සිටම උගන්වනු ලබයි.අය ක්රුමයෙන් වැඩෙත්ම තම රුප සෞන්දර්ය පිළිබද අවදානය යොමු කරයි.ඉන් පසුව අය විසින්ම තනාගත් සිර මැදිරිය අලංකාර කර ගනී.
    - මේරි වෝල්ස්ටන් ක්රාිf පට්


කාන්තාව ස්වඋත්සාහයෙන්ම පුරුශාධිපති වාදයේ ගොදුරක් බවට පත්වන ආකාරය ඇයගේ කෘතියෙන් විස්තර කෙරේ. ඉදින් ප්රේුමවන්තයන් විසින් සිය ආදර බර වස්තුව, කෑල්ල බපට පත්කිරීමේ අරුමය වටහාගත හැකිය. ප්රේතමය පිලිබදව පෙඩ්රික් නිට්ස්ශේ විසන් තැබූ සටහනකින් මෙම ලිපියේ විරාමය සටහන් කරමි.


එහෙත් මේ කොන්දේසි පිළියෙළ වන්නේ ,සමාජයේ යහපත සහාය.මෙබදු ගිවිසුම් මගින් දෙපාර්ශවය අතර යම් අවබෝදයක් හා ශික්ෂණයක් ලැබෙන නමුත් ,ආදරය යන වදනෙහි පරිසමාප්ත අර්ථය රාගයෙන් තොර වූවෙකි.
    -පෙඩ්රික් නිට්ෂෙ.


මතු සම්බන්දයී ....

ලක්ෂ්මන් කුමාර කීර්ති --