Error message

Notice: Undefined offset: 1 in counter_get_browser() (line 70 of /home/sannas3/public_html/sites/all/modules/counter/counter.lib.inc).

සිපිරිගෙය

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මහඇමති අපේක්ෂිකා ශෂිකලා නටරාජන් වෙත වසර හතරක සිර දඬුවමක් එරට අධිකරණය විසින් නියම කරනු ලැබිය .එසේම වසර 10 ක් යනතෙක් ඇයට දේශපාලනය තහනම් කර තිබෙනවා .මේ අනුව ශෂීකලාගේ මහඇමති සිහිනය බොඳවයාමට පටන්ගෙන තිබේ .ශෂිකලා හිටපු මහා ඇමති ජයලලිතා ජෙයරාම්ගේ යාවත්කාලින යෙහෙළියයි .ජයලලිතාගේ අභාවයෙන් පසුව ශෂිකලා AIDMK පක්ෂයේ ලේකම් ධුරයට පත්කරගනු ලැබිය .ඒඅනුව ඇය මහඇමති ධුරයේ දිවුරුම් දීමට නියමිතව සිටියේය .මේ සියල්ල සිදුවෙමින් පවතින අතර වාරයේදී ඇයට විරුද්ධව දුෂණ චෝදනා පිලිබඳ අධිකරණ ක්‍රියාමාර්ග කඩිනමින් ගෙනයනු ලැබිය

 

ඇයට විරුද්ධ බලවේගය තමිල්නාඩුවේ දේශපාලන බලය අත්පත් කරගැනීමට කටයුතු සුදානම් කරමින් සිටින අතරවාරයේ මෙම අධිකරණ තින්න්දුව ලැබුණි .අධිකරණ තීරණය බලාපොරොත්තුවෙන් සිටි ශෂිකලා තමන්ට හිතවත් මන්ත්‍රීවරු හෝටලයකට කැදවාගෙන එහි රැදී සිටියේය .අධිකරණය මගහැර විරෝධතා දක්වා බලය ලබාගැනීමේ මෙහෙයුමක් ඇය විසින් දියත් කළේය .නමුත් අධිකරණය නියෝගකලේ ඇයට පොලිසිය්ටට භාරවී අධිකරණ තීරණයට අවනත්වන ලෙසය ඇය ව අත්අඩංගුවට ගැනීමේ නියෝගයද නිකුත් කළේය .දැන් ශෂිකලා මහඇමති පුටුව වෙනුවට සිපිරිගෙය බලා යාමට සිද්වී තිබේ .

ඉන්දීය අධිකරණය විසින් ලබාදුන් මෙම තීන්දුව ඓතිහාසික එකක් ලෙස දේශාපාලන විචාරකයෝ පෙන්වාදෙති .ඊට හේතුව එය දේශපාලන බලපුළුවන්කාරකම්මත සිදුවන දුෂණයට එරෙහිව තැබූ යෝධ පියවරක් වීමයි .මහා ඇමති ජයලලිතාගේ පොලිස් රාජ්‍යයේ සෙවනැල්ල යට සිට ශිකලා විසින් යුතු ලෙස රැස්කළ ධනය අතිවිශාලය .අල්ලස් හා දුෂිත ලෙස උපයාගත් මෙම වත්කම් තහවුරු කිරීමට ඇය අපොහොසත් විය .

ශෂිකලා මෙන්ම ජයලලිතාද දකුණු ආසියාවේ දුෂිත දේශපාලයේ ප්‍රතිමුර්තින්ය .ජනතාවගේ බදු මුදල් ,විදේශ ණය ආධාර ,හොරකම් කර ,කොමිස් ගසා ධනය උපයාගෙන එම ධනයෙන් අධිකරණ විනිසුරුවන් මිලදීගන්නා දේශපාලකයන් මෙරටවල බහුලවශයෙන් දකින්නට ලැබේ .ආණ්ඩුපක්ෂයේ සිටියත් විපක්ෂයේ සිටියත් ඔවුන් සුරක්ෂිතය .ඒ සඳහා දමාගන්නා ධීල් ගැන සාමාන්‍ය ජනතාව දනී .නමුත් පුදුමයට කරුණ නම් ජනතාව ඒකරාශිවී සිටින්නේ මේ හොරු සමග වීමය .දැන් ශෂිකලා නිදහස් කරන්නැයි ඉල්ලා තමිල්නාඩු ජනයා පෙළපාලි යනු ඇත .ඇතැමුන් දිවි නසාගන්නවා ඇත .ඒ අතර ශෂිකලා ගේ රූකඩයක් මහා ඇමති ඩුරයට පත්කිරීමට ක්‍රියාකරනු ඇත .දැනටමත් එබඳු රූකඩයක් සොයාගෙන තිබේ .ඔහුට ප්‍රාන්ත සභාවේ බහුතරය තිබෙන බව පෙන්වීමෙන් මහා ඇමති දුරය ලබාගැනීමේ සැලැස්ම දැනටමත් ක්‍රියාත්මකය