Error message

Notice: Undefined offset: 1 in counter_get_browser() (line 70 of /home/sannas3/public_html/sites/all/modules/counter/counter.lib.inc).

හොම්බට දෙකක් ඇන්නම හරියනවද

රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමති දිවුලපිටියේ   රාජ්‍ය නිලධාරියෙකුට බැනවැදුණු සිද්ධිය ගැන බොහෝ දෙනා කතාවෙනව .ඇමති කෙනෙකු මෙවිදිහට කතාකරන එක වැරදියි කියනඑක බොහෝදෙනෙකු විසින් දරන මතයක් .නමුත් මෙසිද්ධියේ තවත් පැත්තක් මතුකරලා තියෙනවා .එක තමයි නිලධාරින් ගේ හැසිරීම .ඇමති කෙනෙකුට මෙහෙම කතා කලානම් සාමාන්‍ය මිනිසුන්ට මේ නිලධාරින් කොහොම සලකනවාද යන්න . නිලධාරීන්ගේ හොම්ඹට දෙකක් අනින්න අපිටත් හිතුන වාර අනන්තයි .එත් එක සාමාන්‍ය මිනිසෙකු කලානම් අත්වෙන ඉරණම ඇමති කෙනෙකුට අත්වෙන ඉරණමට් වඩා භයානකයි .නමුත් හිත යටින් බැන බන් එන මිනිසුන් ඕනෑතරම් කාර්යාල ලඟදි දකින්න පුළුවන් .

යල්පැනගියපු නිලධාරිවාදය අපේ පරිපාලන සේවයේ මුල් බැසගෙන තිබෙන බව පැහැදිලියි  මෙ නිලධාරින් ටAdministration යන වචනයේ තේරුමවත් දන්නා බවක් පෙනෙන්නේ නැ .ලතින් වචනයක් වන මෙහි තේරුම ජනතාවට සේවය කිරීම යන්නයි ,එක තබා මේ අය වැටුප් ගන්නේ ජනතාවගේ මුදලින් බව පවා අමතක වී තිබේ .ඔවුහු ජනතාවට ඉහලින් ඉන්න වරප්‍රසාද ලැබී අමුතු සතුන් කොට්ටාශය ලෙස සිතන බව පෙනේ . ඒගැන නම් කතා දෙකක් නෑ අපේ රටේ රාජ්‍ය සේවයේ ඉන්න නිලධාරින් තවමත් ජීවත් වෙන්නේ බමුණු කුලයක .සාමාන්‍ය කෙනෙකුට කාර්යාලයකට ගහින් වැඩක් කරගන්න බැරි තරම් .නිලධාරීන්ගේ උද්ධච්ච පිළිවෙත් නිසා සාමාන්‍ය මිනිසා අමාරුවේ වැටෙනවා .එනිසා කාර්යාල ළඟ ගැවසෙන තැරව් කරුවන්ගේ පිහිට පතන්න ඔවුන්ට සිදු වෙනවා .මුළු රාජ්‍ය සේවයක අකාර්යක්ෂම තත්වයට හා දුෂිත බවට පත්වීමට මේක හේතු වෙනවා .එහෙමෙයි කියල මේ නිලධාරීන්ට ප්‍රසිද්ධියේ බැනවැදීම අමාත්‍යවරයාගේ කාර්ය වෙන්න බෑ මේක එක නිලධාරියෙකුගේ ප්‍රශ්නයක් නොවෙයි සමස්ත රාජ්‍ය සේවයේම ප්‍රශනයක් .ලෝකයේ දියුණු රටවල් තමන්ගේ පරිපාලන ක්‍රම නවීන ලෝකයට ගැලපෙන ආකාරයට වෙනස් කරගෙන තිබෙනවා .අල්ලස, නාස්තිය ,දුෂණය ,දේශපාලන අනුග්‍රහය වගේ දේවල් එක්ක ගත්තම අපේ පරිපාලන සේවය තියෙන්න 1880 ගණන්වල බ්‍රිතාන්‍යයේ තිබණු තැන .ඔවුන් විද්‍යාත්මක මට්ටමේ පරිපාලන ප්‍රතිසංස්කරණ මගින් තත්වය වෙනස් කරගෙන තිබෙනවා .ඇමති කෙනෙකු විසින් කල යුතු වන්නේ දුර්වල නිලධාරියෙකුට ප්‍රසිද්ධියේ බැනවැදි මාධ්‍ය සංදර්ශන පැවැත්වීම නොවෙයි .මේ පිළුණු වී තබෙන පරිපාලන ක්‍රමය ප්‍රතිසන්ස්කරණය කිරීමට මුලිකත්වය ගැනීමයි .ඒ සඳහා දියුණු රටවල අත්දැකීම් ප්‍රයෝජනයට ගැනීමයි වැදගත් වෙන්නේ