Error message

Notice: Undefined offset: 1 in counter_get_browser() (line 70 of /home/sannas3/public_html/sites/all/modules/counter/counter.lib.inc).

පුංචි ජන්දයේ ශේෂ පත්රොය

මේ මැතිවරණයේදී ශ්රීපලනිපයට මේ වගේ ප්රලතිපලයක් ලැබෙන බව ජනාධිපති වරයා දැනසිටි බව පැවසේ ,නමුත් පොහොට්ටුව ට මෙතරම් ජන්ද ලැබෙන බව එතුමා නොදැන සිටි බව පැහැදිලිය .එහෙම වැටහීමක් තිබුනානම් පසුගිය ජනපතිවරණයේදී මහින්ද රාජපක්ෂට විරුද්ධව ජන්දය දුන් ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න ප්රයමාණවත් කාලයක් පැවතුනි .බලයට පත්වී අවුරුදු තුනක් යනු හොරෝ සියල්ල අල්ලා නඩුපවරා දඬුවම් දීමට තරම් කාලයකි .ඒ වනුවට එජාපයේ හොරු ගැන ක්රිගයාත්මක වීම සිදුවිය .ජනතාවගේ මනසට කලින් හොරුන්ට වඩා බරපතල හොරු හැටියට මේ ආණ්ඩුවේ හොරුගන කල්පනාවූ බව පැහැදිලිය .ජන්ද දායකයා විසින් අලුත් හොරු ඉවත්කිරීම සඳහා පරණහොරු බලයට ගෙන ඒමට කටයුතු කර තිබේ .
යහපාලන ආණ්ඩුව විසින් ගෙන ආ ආණ්ඩුක්රසම ව්යයවස්ථා සභාව ,ස්වාධින කොමිෂන් සභා ,ප්රදචන්ධත්වය වැලැක්වීම ජනමාධ්ය නිදහස වැනි කරුණු ගැන ජනතාව වැඩි සැලකිල්ලක් දක්වා නොමැත .ඔවුන්ට යහපාලන ලක්ෂණවල වටිනාකම තේරුම් ගැනීමට තරම හැකියාවක් නොලැබුණේ ආර්ථික වශයෙන් සිදුවූ කදාවටීම් නිසාය .ජීවන් වියදම ඉහල නැගීම ,විරැකියාව වර්ධනයවීම ,නිදහස් අධ්යාවපන අවකාශ ඇහිරීයාම වැනි තාවයන් මේ ආණ්ඩුව යටතේ ලැබුන නිදහසට වඩා බලවත් වූබව පැහැදිලිය .
පොහොට්ටුව මේ ලද ජය පදනම් කරගෙන ඊළඟ මැතිවරණවලදී මිට වඩා බලවත් අභි යෝගයක් එල්ල කරනු නොඅනුමානය .එය ඊළඟට එන ජනපතිවරණය හා පළාත් සභා මැතිවරණ කෙරෙහි ඉලක්ක වෙනු ඇත .මේ අභියෝගයෙන් මිදීම පිණිස ජනපතිවරයා විසින් ගනලබනු ඇත්තේ කේබඳු පිවරයන් විය හැකිද යන්න විමසීම වැදගත්ය .අගමැති ධුරය වෙනස් කිරීමෙන් ජනාධිපති වරයා කිසියම් වාසියක් සලසා ගැනීමට උත්සාහ කරනු ඇතයි විශ්වාස කිරීමට හැකිය .යහපාලන ආණ්ඩුවට එරෙහිව ප්රධකාශවූ විරෝධය සමනය කරගැනීමට ඉන් හැකිවෙනු ඇතයි මේ වනවිටත් ශ්රී ලනිපයේ අයවිසින් පෙන්වාදී තිබේ .එය වූකලී සිපරාජයේ සියලු වගකීම් රනිල් වික්ක්රනමසිංහ මත පටවා අත සොදා ගැනීමේ ප්රයයත්නයකි .එසේවුවද පරාජයේ වගකීමෙන් ජනපතිට හෝ ශ්රී ලනිපයට ගැලවීමට නොහැකිය .බොහෝ ජන්ද මධ්යාස්ථානවල ප්රරථිපල ලේකනයේ 3,හෝ 4 වැනි ස්ථානය ශ්රීිලනිපයට ලැබී තිබීමෙන් පැහැදිලිවන්නේ මේ මැතිවරණයේ දරුණුම පරාජය ලබා ඇත්තේ එජාපය නොව ශ්රීයලනිපය බවයි .එවගකිම භාරගත යුතුවන්නේ ජනපතිය.