Error message

Notice: Undefined offset: 1 in counter_get_browser() (line 70 of /home/sannas3/public_html/sites/all/modules/counter/counter.lib.inc).

ඒකාබද්ධය ඉටුකළේ කාගේ උවමනාවද ...?

ලංකාවේ පාර්ලිමේන්තුව ලෝකයේ පවතින අශිලාචාර සත්තු වෙසෙන තැනක් බව රටේ කවුරුත් දන්නා දෙයක් ඒ නිසා පෙරේද ඇතිවූ ගැටුම ගැන අමුතුවෙන් විස්තර කථන අවශ්‍ය වන්නේ නෑ .එසේ නමුත් මේ ගැටුමේ ගැබුරු දේශපාලන අන්තර්ගතයක් පවතිනබව බොහෝ දෙනෙකුට පෙනෙන්නේ නැහැ .ලංකා ව්‍යවස්තාදායක් සභාවේ මෙවැනි රංගන නොයෙකුත් දැක තිබේ .ඒ හැමෙකක්ම කිසියම් දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව සිදුකෙරුණු දේවල් බව පැහැදිලි කරුණකි .
මේ රංග භුමියේ වඩාත් ප්‍රභල නළුවන් වුයේ ඒකාබද්ධ විපක්ෂයට අයත් මන්ත්‍රීවරුන් ය .හදිසි පාර්ලිමේන්තු සැසියක් පවත්වන ලෙස ඉල්ලාසිටියේද ඔවුන් විසින්මය .ඊට හේතුව මහබැංකු බැදුම්කරය පිලිබඳ වාර්තාව ජනපති අතට පත්වීමයි .ඒ පිලිබඳ විවාදයක් ඔවුන් විසින් ඉල්ලා සිටියේය .වාර්තාවේ පිටපත් පාර්ලිමේන්තුවේ මන්ත්රින්ට් ලබාදීමට සාධාරණ කාලය ලබාදිය යුතුව තිබියදී හදිසි විවාදයක් ඉල්ලා සිටියේ කාගේ උවමනාවටද යන්න සොයාබැලිය යුතු කරුණකි .මේ වාර්තාව පිළිබඳව ජනාධිපති වරාය විසින් සිදුකල ප්‍රකාශය තුළ මෙය වංචාවක් බවත් ,සැලසුම් සහගතව සිදුකල මංකොල්ලයක් බවත් පැහැදිලිවේ .හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍ර සහ ඔහුගේ බෑණා ගේ ප්ර්පචුවල් සමාගමත් එහි වැරදිකරුවන් බව තහවුරු කොට තිබේ .
අර්ජුන් මහේන්ද්‍රන් හට මේ තනතුර පැවරීමත් ,ඔහු ආරක්ෂා කිරීමත් ,ඔහුට උපදෙස් සැපයීමත් යන සාමකරුනකින්ම පැහැදිලිවන්නේ මේ සිද්ධියට අගමැතිවරයාගේ සම්බන්ධයක් පවතින බවය .පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමෙන් අපේක්ශාකලදෙයනම් අගමැති වරයා කොටුකර ගැනීමය .ඒ සදහා ප්රික්ෂන් වාර්තාව මතිසභයට පැමිණ තිබිය යුතුය .ඊටපෙර හදිසියේම මතිස්භය කැදවීමට අගමැති වරයා කටයුතු කළේය .ඒ වාර්තාව නොමැතිව පවත්වන විවාදයකදී තමන්ට අවශ්‍ය පරිදි ලිස්සා යාම සඳහාය .අගමැතිගේ එම උවමනාව හිතුවටත් වඩා හොදින් සිදුවුයේ මෙලෙස එකාබද්ඩ් විපක්ෂයේ මන්ත්‍රීන් විසින් සිදුකල ගලාගොට්ටිය නිසාය .ඔවුන් පැහැදිලිවම අගමැතිගේ උවමනාව ඉටුකරතිබේ .විපක්ෂයේ අයට යම් ඉවසිඉමක් තිබුනේ නම් වාර්තාව මැතිසභයට ගෙන්වාගැනීම සඳහා දින නියම කර එය අධ්‍යනය කර නියමාකාර විවාදයකදී වැරදිකරුවන් කොටුකරගැනීම සිදුකල හැකිව තිබිණි .දැන් මේ චන්ඩි පාර්ට් දැමීමෙන් එම අවස්ථාවෙන් අගමැතිට ලිස්ස යාමේ අවස්තාව සලසා දී ඇත .