Error message

Notice: Undefined offset: 1 in counter_get_browser() (line 70 of /home/sannas3/public_html/sites/all/modules/counter/counter.lib.inc).

අල්ජසීරා

සෞදිඅරාබිය අරාබි එක්සත් එමීර් ,බහරේන් ,ඊජිප්තුව ඇතුළු අරාබි රටවල් කිහිපයක් විසින් කටාරයට පනවා ඇති සම්බාධක ඉවත් කිරීම සඳහා කොන්දේසි 13 ක් ඉදිරිපත් කර තිබේ .ඒ අතර කටාර් සිට ලොවපුරා විකාශනය කරන අල්ජසීරා රුපවාහිනිය ඇතුළු තවත් මාධ්යර කිහිපයක් වසාදමන ලෙස මේ රටවල් විසින් ඉල්ලා තිබේ .ඊට ප්රතතිචාර දැක්වූ අල්ජසීරා මාධ්යි පවසා ඇත්තේ තමන්ගේ මාධ්යත වසාදැමීමට සුධනම් නැති බවය .
අරාබි රටවල් විසින් ඉදිරිපත් කර තිබෙන කොන්දේසි අතර ..මුස්ලිම් සහෝදරත්වයෙන් ඉවත්වීම ,තමරටවල් වැසියන්ට කටාරයේ පුරවැසිකම් නොදීම ,ත්ර්ස්තවාදීන්ට අනුබල නොදීම , තුර්කිය හා ඉරානය සමග පවත්වන සම්බන්දතා අත්හිටුවීම, ඇමරිකා එක්සත් ජනපදය විසින් නම්කළ ත්රරස්තවාදී සංවිධානවලට අනුබල නොදීම ,අල්ජසීරා ඇතුළු මාධ්යඅ කීපයක් වසාදැමීම ,අතම රටවලට වන්දි මුදල් ගෙවීම යනාදිය ඊට ඇතුලත් වෙයි .
මෙම ඉලෛම් පිළිබඳව මෙතක් කටාරයවිසින් ප්ර තිචාර දක්වා නොමැත .කටාරය විසින් මිට පෙර පැවසු ආකාරයට සම්බාධක ඉවත් කරනතෙක් ඔවුන් සමග කිසිදු කතාවක් නොමැති බවයි .කටාරය වෙත ඉදිරිපත් කල කොන්දේසි විවරණය කිරීමේදී පෙනීයන්නේ අරාබි ටරවල් කටාරය එළිපිටම මන්කොල්ලකෑමකට සැරසෙන බවය .මෙතක් සාමකාමී රටක් ලෙස පවතී කටාරය බලහත් කාරයෙනම ව්යෙසනයට ඇදදැමීමට අමරිකානි ගැති අරාබි රටවල් ක්රිීයාකරමින් සිටින බවය .