Error message

Notice: Undefined offset: 1 in counter_get_browser() (line 70 of /home/sannas3/public_html/sites/all/modules/counter/counter.lib.inc).

යුරෝප්

ජාත්‍යන්තර සංවිධාන   

     European Union - යුරෝපා සංගමය

           මෑත කාලයේදී වඩාත් බලවත් හා සකි‍්‍රය වූ සංවිධානයක් ලෙස යුරෝපා සංගමය පෙන්වා දීමට හැකිය.සාමාජික රාජ්‍යයන් 6කින් ආරම්ිභ වූ එය පසුකාලීනව රාජ්‍යයන් 28ක සාමාජිකත්වයක් දක්වා වර්ධනය විය.

                      මෙම සංවිධානයේ විශේෂිත වැදගත්කම නම්ි නැවත භූගෝලීය කලාපයට අයත් රාජ්‍යයන් එකම රාජ්‍යයක් බවට පත්වීමේි ආසන්න තත්ත්වයට පැමිණීමය.‘යුරෝ’  Euro නමින් එකම මුදල් වර්ගයක් භාවිතා කිරීමට ඔවුන් එක`ග වී තිබේ.ජර්මනියේ ‘ඩොයිෂ් මාක්’ ඉතාලියේ ‘ලීරා’ ප‍්‍රංශයේ ‘ෆ‍්‍රෑන්ක්’ ආදී වශයෙන් වෙනත් මුදල් භාවිතා කළ අය දැන් මෙම සෑම රටකම එකම මුදල් වර්ගයක් භාවිතා කරයි.මෙම සංගමයේ කැපී පෙනෙන තවත් විශේෂත්වයක් වන්නේ සංගමයට අයත් රටවල පුරවැසියන්ට සංගමයේ සෙසු රාජ්‍යයන් තුළ නිදහසේ සැරිසැරිමේ හා ජීවත් වීමේ අයිතිය හිමිවීමය.මීට පෙර දී නම් වෙනත් රටවල මෙන්ම මෙම රටවල ජනතාවට ද තවත් යුරෝපා රටකට යෑම ස`දහා ‘වීසා’ බලපත් ලබා ගැනීමට සිදුවිය.නමුත් දැන් එබ`දු වීසා බලපත‍්‍රයක් අවශ්‍ය නොවේ.යුරෝපා රාජ්‍යයකට පැමිණෙන යුරෝපා නොවන විදේශිකයෙකුට ද මෙම වරප‍්‍රසාදය හිමිවේ.

                     යුරෝපා සංගමයට අයත් සියලුම සාමාජික රාජ්‍යයන්ගේ ජනතා ඡුන්දයෙන් ‘පාර්ලිමේන්තුවක්’(යුරෝපා පාර්ලිමේන්තුව)පිහිටුවාගෙන තිබෙන අතර සංගමයේ රාජ්‍යයන් අතර පොදු ප‍්‍රතිපත්ති තීරණ ගනු ලබන්නේ මෙම පාර්ලිමේන්තුුව විසින්ය.යුරෝපා රටවල් අතර වෙළෙ`ද ගණුදෙණු හා ආනයන අපනයන කටයුතුු වලදී කිසිදු සීමාවක් බාධකයක් නොමැත.එම අර්ථයෙන් සැලකිල්ලට ගත්විට යුරෝපය එක රටක් බවට පත්වී ඇති බවක් දක්නට ලැබේ.එසේ වුවද සංගමයට අයත් රාජ්‍යයන් වෙන වෙනම අභ්‍යන්තර කටයුතු තමන්ගේම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා හා ආණ්ඩු යටතේ පාලනය කරයි.

                    යුරෝපා රාජ්‍යයන් අතර දීර්ඝ කාලයක් තිස්සේ පැවති යුධ ගැටුම් නිසා සමාජය තුුළ මුල්බැසගෙන පැවති ‘යුධ මානසිකත්වය’ ඉවත් කිරීම මෙලෙස සංවිධානගත වීමේ අරමුණු ලෙස ප‍්‍රකාශ කොට තිබේ.එහෙත් වෙනත් හේතුුවක් එ් කෙරෙහි බලපා ඇති බව දක්නට ලැබේ.එනම් දෙවන ලෝක යුද්ධයෙන් පසුව යුරෝපා රාජ්‍යයන්ගේ බල පරාක‍්‍රමය බි`දවැටී නව ලෝක බලවතෙකුු ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය බිහිවීමත්, ඇමෙරිකාවේ ආධිපත්‍ය යුරෝපය වෙත පැවැත්වීමේත් ක‍්‍රියාමාර්ගය ඊට හේතුු වී ඇති බවය.දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ඇමෙරිකා එක්සත් ජනපදය හා සෝව්යට් රුසියාව යන බල ක`දවුරු ව්‍යාප්තවාදයේ ප‍්‍රතිඵලයක් ලෙස ඇමෙරිකානු සෙවනැල්ල බටහිර යුරෝපය වෙතත් සෝවියට් සෙවනැල්ල නැගෙනහිර යුරෝපය වෙතත් පතිත විය.ඇමෙරිකාවේ ‘මාෂල් සැලැස්ම’ යටතේ යුදධයේ බි`ද වැටුණු යුරෝපා රාජ්‍යයන් වෙත ප‍්‍රතිසංවිධානය ස`දහා ආධාර කිරිමේ ව්‍යාපෘතියක් දියත් කළේය.මෙම ආධාර එක් එක් රාජ්‍යයන් වෙත වෙන වෙනම ලබා දීම ප‍්‍රතික්ෂේප කළ ඇමෙරිකාව යුරෝපා ජාතීන් එක්වී සංවිධානයක් පිහිටුවා ගන්නා ලෙස නිර්දේශ කළේය.‘එක්සත් යුරෝපය’ මුල්වූ පූර්වගාමී සංවිධානය වන යුරෝපා පොදු ආර්ථික හවුල බිහිවූයේ එම පසුබිම තුුළය.කෙසේ වුවද ‘යුධ මානසිකත්වය’ පි`ළිබ`ද සාධකයද පහසුවෙන් බැහැර කිරීමට නොහැකිය. රෝම අධිරාජ්‍යය බි`ද වැටී යුරෝපයේ ජාතික රාජ්‍යයන් බිහිවීමේ අවධියේ සිටම එකිනෙක අතර යුධ ගැටුම් බොහෝමයක් ඇතිවිය.

       තිස් අවුරුදු යුද්ධය

       සියක් අවුරුදු යුද්ධය

       පළමුවැනි ලෝක යුද්ධය

       දෙවන ලෝක යුද්ධය

                       ඒවා අතර ප‍්‍රමුඛ වේ.ලෝක මහා සංග‍්‍රාම දෙක අතර ජර්මනිය,ඉතාලිය හා ස්පාඤ්ඤය ඇතු`ථ යුරෝපා රටවල පැතිර ගිය ෆැසිස්ට්වාදී හා නාසිවාදී කුරිරු සංග‍්‍රාමයන්හි වේදනාකාරී අත්දැකීම් දෝංකාරය තවමත් යුරෝපා වැසියන් අතර පවතී.එසේ වුවද ඇමෙරිකානු සාධකයද මෙහිදී වඩාත් බලවත් සාධකයක් වූ බව පැහැදිලි වේ.යුරෝපය සංවිධානයක් බවට පත්කොට එයට ඇමෙරිකන් ආධාර ලබාදීම තුුළින් මු`ථ යුරෝපයම ඇමරිකාවේ සෙවණැල්ල යටතට ගැනීමට උපායමාර්ගය මෙහිදී ක‍්‍රියාත්මක වූ බව පැහැදිලිය.

එක්සත් යුරෝපය පිළිබ`ද අදහස යුරෝපා රාජ්‍යයන් අතර කාලාන්තරයක් තිස්සේ පැවතුණි.එහි එක් ස්වරූපයක් වූයේ අධිරාජ්‍යවාදී අභිලාෂයයි.මධ්‍යකාලීන යුගයේදී මු`ථ යුරෝපයම පැවතියේ එක් රාජ්‍යයක් ලෙසය.එනම් ‘රෝම අධිරාජ්‍යය’ වශයෙනි.ජුලියර් සීසර් හා 

ඔගස්ටස් සීසර් එහි බලවත්ම අධිරාජ්‍යයන් විය.1945ට පෙර කාලපරිච්ඡේදය සැලකිල්ලට ගත්විට යුරෝපය එක් රාජ්‍යයක් ලෙස පැවති හෝ පවත්වා ගැනීමට උත්සාහ කළ අවස්ථා කීපයක් දක්නට ලැබේ.එනම්,

  •  රෝම අධිරාජ්‍යය (Rome Empire)
  • බයිසැන්තියම් අධිරාජ්‍යය (Byzantine Empire)
  • ශුද්ධ රෝම අධිරාජ්‍යය (Holy Rome Empire)
  • ඔටෝමාන්  අධිරාජ්‍යය (Ottoman Empire)
  • පළමු ප‍්‍රංශ අධිරාජ්‍යය (First French Empire)
  • නාසි ජර්මනිය (Nazi German), ආදී වශයෙනි.    මීට අමතරව
  • පෝලන්ත - ලිතුවේනියා පොදුරාජ්‍ය මණ්ඩලය
    (Polish Lithuanian Commonwealth)
  • ඔක්ටෝ - හංගේරියානු අධිරාජ්‍යය
    (Austro Hungarian Empire)

යනාදිය ද යුරෝපය එක යටතේ තබා ගැනීමට ගත් උත්සාහයක් ලෙස පෙන්වාදීමට හැකිය.

                     පළමු වන ලොක යුද්ධයෙන් පසුව ඇතිවූ යුධ විනාශය හේතුවෙන් යුරෝපීය උගතුන් හා පාලකයන් එක්සත් යුරෝපයක්(Pan- Europa Movement)පිළිබ`ද අදහස ගෙන ආවේය.විශේෂයෙන්ම ගුසෙප් මැසිනි හා වික්ටර් හසුගේ වැනි අය ඒ අතර ප‍්‍රමුඛයන්ය.මෙලෙස එක්සත් යුරෝපයක් පිළිබ`දව මතය ඉදිරිපත් කළ අය නම්

  • විලියම් පෙන් (William Penn)
  • ඇබොට් චාර්ල්ස් ඞී.සෙන් පියරේ (Abbot Charles de SaintPierre)
  • වික්ටර් හියුගෝ ( Victor Hugo)
  • රිචර්ඞ් ක්ලර්න් (Richard Coudenhove - Kalergi)
  • ගුසෙප් මැසිනි (Giuseppe Mazzini)

යනාදින්ය.

                    1818 දී රුසියාවේ සාර් (Tsar)රජුAlexander Congress of Aix-La Chapelle නම් වූ සමු`ථවේදී යුරෝපා සංගමයක් :(European Union)යෝජනා කළා.එහි අරමුණු වූයේ එකිනෙකට එරෙහිව පවතින ප‍්‍රචණ්ඩත්වය බැහැර කිරීමය.නමුත් එක්සත් යුරෝපයක් පිළිබ`ද අදහස වඩාත් බලවත් ලෙස නැ`ගී ආවේ දෙවන ලෝක යුද්ධයෙන් පසුවය.1939සිට 1945දක්වා පැවති මෙම යුද්ධයේ විනාශය ඉතා බිහිසුණු විය.යුරෝපා ආර්ථිකයේ හැ`දිවත එම`ගින් විනාශ විය.

  • The Holocaust
  • හිරෝෂිමා - නාගසාකි වලට හෙථෑ පරමාණු බෝම්බ
    (Atomic bombings of Hiroshima and Nagasaki)

යනාදී විනාශයන් නැවතත් මානව වර්ගයා වෙත සිදුනොවිය යුතුය යන්න සිය`ථම මිනිසුන්ගේ ප‍්‍රාර්ථනය විය.දෙවැනි ලෝක යුද්ධය ලෝවැසියන් වෙත සදාකාලික බියක් දායාද කළේය.එනම් න්‍යෂ්ටික ආයුධ (nuclear weapons)ය.මෙම පරමාණුක බලය ඇමෙරිකාවත්,සෝවියට් රුසියාවත් සතුකර ගන්නා විට යුරෝපා රාජ්‍යයන් වෙත එතෙක් ඔවුන් සතුව පැවති ‘මහා බලවතුන්’ (Great Power)තත්ත්වය අහිමි විය.ඒ තුළින් එකිනෙකා සටන් කිරීම වෙනුවට එක්සත් වීමේ තැනට ඔවුන් තල්ලූ විය.

                1946දී බි‍්‍රතාන්‍ය අගමැති වින්ස්ටන් චර්ච්ල් විසින් එක්සත් ‘යුරෝපා රාජ්‍යයක්’ (State of Europe) කළේය.1949 දී ‘යුරෝපා කවුන්සිලය’ (Council of Europe) පිහිටුවීය.1951දී ‘පැරිස් ගිවිසුම’ට යුරෝපා ජාතීන් විසින් අත්සන් තැබීය.ප‍්‍රංශයේ විදේශ ඇමති රොබට් ෂුමන්(Robert Schuman) විසින් යුරෝපයේ ගල් අ`ගුරු හා වානේ කර්මාන්තකරුවන්ගේ ප‍්‍රජාව(Community of coal and steel Industries of Europe) සමු`ථවේදී විශේෂ ප‍්‍රකාශනයක් ඉදිරිපත් කළේය.‘ෂුමන් ප‍්‍රකාශනය’ (Schuman Declaration) නමින් එය හැ`දින්වේ.මෙම ප‍්‍රකාශනය මත

  • ප‍්‍රංශය
  • ඉතාලිය
  • බෙල්ජියම
  • නෙදර්ලන්තය
  • ලක්ස්ම්බර්ග්
  • බටහිර ජර්මනිය

යන රාජ්‍යයන් 1951දී පැරිස් ගිවිසුමට අත්සන් තැබීය. (Treaty of Paris)

පැරිස් ගිවිසුම යටතේ පිහිටුවාගත් ‘යුරෝපා ගල් අ`ගුරු හා වානේ ප‍්‍රජාව’ (European Coal and Steel Community / ECSC ) යුරෝපා සංගමය බිහිවීමේ වඩාත් ප‍්‍රබල සංවිධානයක් බවට පත්විය.මෙමECSCසංවිධානය යටතේ යුරෝපා කොමිසම  (European Commission) බිහිවිය.ඒ තුළින් පොදු සභාවක්(Common European) පිහිටුවාගත් අතර එය පසුව ‘යුරෝපා පාර්ලිමේන්තුව’ (European Parliament) බවට පරිවර්ථනය විය.යුරෝපා සංගමයේ වර්ධනය තව දුරටත් සිදුවූයේ ඉන්පසුව පැවැත්වූ සමුලුව හා සම්මුති තුළින්ය.

  1955 දී ‘මෙසිනා සමුලුව (Messina Conference) පැවැත්වූ අතර එහිදී “ස්පාක් ”කොමිටිය’  (Spaak)පත් කළේය.මෙම ස්පාක් වාර්තාව 1956 දී පැවති “වැනිස් සමු`ථව”(Venice Conference)විසින් අනුමත කළේය.ඔවුන් විසින් ‘අන්තර් ආණ්ඩු සමු`ථවක්’ යෝජනා කළේය.එලෙස 1957 දී පැවැත්වූ පොදු වෙළෙ`ද හායුරෝපා පරමාණු වල සමු`ථව (Inter governmental conference on the common market and Euratom)විසින් ‘රෝම සම්මුතිය’ (Rome Treaties)අත්සන් කළේය.1957දී යුරෝපා පොදු ආර්ථික හවුල (European Economic Community / EEC) සහ යුරෝපා පරමාණු ප‍්‍රජාව (European Atomic Community / Euratom)  පිහිටුවාගනු ලැබීය.    

එක්සත් යුරෝපය හෙවත් යුරෝපා ප‍්‍රජාව බිහවීිමත් ඔවුන්ගේ ප‍්‍රධාන සංවිධානය වන යුරෝපා සංගමය (EU) පිහිටුවා ගැනීමත් ස`දහා දීර්ඝ කාලයක් තිස්සේ සාකච්ඡුාමය ක‍්‍රියාමාර්ග අනුගමනය කළ බව පැහැදිලි කරුණකි.1937 න් පසු කාලය තුළ යුරෝපා සංගමය සෙසු යුරෝපා ජාතීන් අතර ප‍්‍රචලිත වන්නට විය.1973 - 1993 අතර  කාලයේදී ඩෙන්මාර්කය, අයර්ලන්තය සහ එක්සත් රාජධානිය ජිබ්බෝල්ට් (Gibraltar) සම`ග යුරෝපා සංගමයට එක්විය.1979 දී යුරෝපා පාර්ලිමේන්තුවට නියෝජිතයන් 410 දෙනෙකු ඡුන්දයෙන් තෝරා ගනු ලැබීය.ග‍්‍රිසිය, ග‍්‍රින්ලන්තය, ස්පාඤ්ඤය, පෘතුගාලය 1985 සිට 1987 දක්වා කාලය තුළදී එක්විය.

එක්සත් යුරෝපයක් පිළිබ`ද ක‍්‍රියාවලියේදී ඉතා වැදගත්ම අවස්ථාව වූයේ 1986දී ‘එක් යුරෝපයක් පිළිබද පනත’(Single European Act) සම්මත කරගනු ලැබීය.1992 දී ‘යුරෝපා සංගමය’ (European Union) ස්ථාවර ආයතනයක් ලෙස පිහිටුවීය.පසුකාලීනව ඇති කරන ලද ගිවිසුම් හා සම්මුති යටතේ

  • තනි යුරෝපා වෙළෙදපොළ
    Single European Market
  • යුරෝපා මූල්‍ය ආයතනය
    European Monetery Institute
  • යුරෝපා මධ්‍යම බැංකුව
    European Central Bank

 යනාදී ආයතන ඇතුළත් ආයතන ව්‍යුහයක් ස්ථාපිත කරනු ලැබීය.

යුරෝපා සංගමයත් ඊට අනුබද්ධ ආයතන ව්‍යුහයත් ඔවුන්ගේ නෛතික බල ව්‍යුහයත් විමර්ශනය කළ විට පෙනී යන්නේ යුරෝපය බලවත් තනි රාජ්‍යයක් බවට පත්වෙමින් පවතින බවයි.ජාත්‍යන්තර ප‍්‍රශ්න වලදී ද අභ්‍යන්තර ප‍්‍රශ්න වලදී මෙන්ම යුරෝපය ශක්තිමත්ව කටයුතු කර ඇති ආකාරය දක්නට ලැබේ.එසේ වුවද යුරෝපයේ 

නැ`ගී එම සුපිරි ලෝක බලවතා වන ඇමෙරිකා එක්සත් ජනපදයේ ආධිපත්‍යයෙන් නිදහස් වීමට තරම් ශක්තිමත් බලවේගයක් බවට පත්වන්නේ යන්න ගැට`ථවක් ලෙස පවතී.

 

                                            - මතු සම්බන්ධයි -