Error message

Notice: Undefined offset: 1 in counter_get_browser() (line 70 of /home/sannas3/public_html/sites/all/modules/counter/counter.lib.inc).

German and USA

ඇමරිකාවේ ජනාධිපති වශයෙන් ඩොනල්ඩ් ටම්ප් දිවුරුම් දීමට ඇත්තේ තවත් දින දෙකක් පමණි ...ඔහු තනතුරට තේරී පත්වූ දා සිටම විදේශ සම්බන්ධතා පිලිබඳ අර්බුධ මතුවිය .ජර්මනිය ට්‍රම්ප්ගේ තේරී පත්වීමෙන් මවිතයට පත්විය .උවුන් අපේක්ෂා කලේ ඔබාමා යලි පත්වෙනු ඇති බවයි .කෙසේ නමුත් මේ දෙරටේ සම්බන්දතා පිලිබඳ අර්බුධය මතු පිටට පැමිණියේ පෙරේදා ජනපති ට්‍රම්ප් විසින් සරණාගතයන් පිළිබඳව අදහස් දකිවිමෙන් පසුවය .ජර්මනිය සරණාගතයන් භාර ගැනීම ප්‍රත්ක්ෂේප කර තිබේ 

නමුත් ටම්ප් ප්‍රකාශකලේ ජර්මනිය මේ පිළිවෙත වෙනස කර සරණාගතයන් පිලිබඳ නව පිළිවෙතක් ඇතිකර ගත් යුතු බවයි .ට්‍රම්ප් ගේ මෙම ප්‍රකාශයට ජර්මනියේ ජනතාව විසින් සිය විරෝධය පළකළේය .ඇතමුන් මහමගට බැස ට්‍රම්ප් විරෝධී සටන්පාඨ කියමින් උද්ගෝෂණය කළේය .ජර්මන් රජයද ඊට විරෝද්ධත්වය පෑවේය .

අර්භුදය තවදුරටත් වර්ධනය වුයේ ජර්මන් මෝටර් රථ ආනයනය සම්බන්ධයෙන් සිය නව පිළිවෙත ප්‍රකාශ කිරීමත් සමගය .BMW,PERJO,WOKSWAGAN වැනි මෝටර් රථ ඇමරිකාවේ අලෙවි කෙරේ . එඅතරින් BMW ඉතා ජනප්‍රිය රථයකි .ට්‍රම්ප් පවසා ඇත්තේ ,ජර්මන් car සඳහා අයකරන බදු ඉහල දමන බවය .”ඔබ කාර් ඇමරිකාවට එවන්න ..අපිට සියට 35 ක් බදු ගෙඅන්න ‘’ යනුවෙන් ටම්ප් පැවසිය .මෙය වූ  කලි ජර්මන් ආර්ථිකයට ඔහු විසින් කරන ලද අණතුරු අන්ගවිමකි .මේ වනවිට ඇමරිකාව හා යුරෝපා රටවල් ආර්ථික අර්බුදයකට මුහුණපා සිටි යුරෝපා රටවල් අතරින් තරමක් ශක්තිමත් ආර්ථිකයක් ඇත්තේ ජර්මනියටය .ජර්මන් ආර්ථිකයට අණතුරු අනාගවිම තුලින් ට්‍රමප් ගේ විදේශ පිළිවෙතේ ඒකාධිපති ලක්ෂණ කැපිපෙනෙන බව විශාරකයන් විසින් පෙන්වාදී තිබේ .ටම්ප් ගේ මේ හඬ බලයට පත්වීමට පෙරය 20 වැනිදා ඔහු ජනපති ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතය .ඉතිරි වැඩකොටස බලාගන්නට හැකි වන්නේ ඉන් පසුවය .

-                                                                          -ලකිති