ISIS භීතිකාව සහ    ත‍්‍රස්තවාදයේ යථාර්තය

ISISභීතිකාව දැන් දැන් ලංකාවේද යාන්තමින් පවතින බව සමාජ වෙබ් අඩවි පරීක්ශා කිරිමේ දී පෙනී යයි.මෙම භීතිකාවට කිසියම් පදනමක් සැපයෙන්නේ ශ්‍රී ලාංකිකයෙකු සිරියාවේ ISසටන් කාමින් සමඟ සටන් බිමේදී මිය යාමත් සමඟය. ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ ඒ පිළිබඳව කරණ ලද විමර්ශන වලදී අනාවරණය වි ඇත්තේ එම තැනැත්තා ගලේවෙල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකුව සිටි බවය.එමෙන්ම ඔහු පෞද්ගලික පාසලක විදුහල්පති වරයෙකු ලෙස කටයුතු කර තිබෙන බවය. තනතුර හැර දමා විදෙස් ගත වු ඔහු පිළිබඳව පසුව තොරතුරක් දැන ගන්නට ලැබි නොමැත. අවසානයේදී ඔහුගේ මිය යාමත් සමඟ මේ තොරතුරු අනාවරණය විය.

පසුගිය කාලයේදී  ශ්‍රී ලංකාවේ මුස්ලිම් වරුන්ට එරෙහිව පැවති ප‍්‍රචාරණ හා ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සමඟ සලකා බලන විට ලංකාවේ ජනයා අතර ISIS  භීතිකාවක් හට ගැනීම නොවැලැක්විය හැකි කරුණකි.එමෙන්ම ISISසංවිධානය  වඩාත් බලවත්ව පැතිර තිබෙන්නේ එතෙර මුස්ලිම් ප‍්‍රජාව අතරය.මුස්ලිම් ප‍්‍රජාව තුළ රැඩිකල් අදහස් දරන්නවුන් තුල 1980දශකයේ සිට නොයෙකුත් ත‍්‍රස්තවාදී ව්‍යාපාර පැන නැගිනි.ඒවා අතර වඩාත් ප‍්‍රචලිත ව්‍යාපාරය වුයේ ඔසාමා බින් ලාඩන්ගේ නායකත්වයෙන් පැවති අල්ඛයිඩා සංවිධානයයි.එය වඩාත් ප‍්‍රචලිත වුයේ ඹක්තෝබ්ර 11දී සිදුවූ දැවැන්ත ප‍්‍රහාරයෙන් පසුව යග ශ්‍රී ලාංකිකයන් අතර වඩාත් ප‍්‍රසිද්ධියට පත් වූයේ තලේබාන් සංවිධානයයි.ඊට හේතුව ඔවුන් විසින් ඇෆ්ගිස්ථානයේ  කන්දහාර් ප‍්‍රදේශයේ පැවති ලෝ සුපතල බාමියන් බුද්ධ ප‍්‍රතිමා විනාශ කර දැමීම හේතුවෙනි.එම අවස්ථාවේ දී ලංකාවේ බොහෝ තැන් වල තලේබාන් විරෝධී පෙළපාලි යනු දුටුවෙමිග අමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්ථමෙන්තුව විසින් ප‍්‍රකාශයට පත් කර ඇති ත‍්‍රස්තවාදී ලේඛණයේ ඇති සංඛ්‍යාව 100 කට අධිකය. ලෝකයේ ප‍්‍රචලිත ත‍්‍රස්තවාදී සංවිධාන අතර එතෙක් මෙතෙක් බිහිවු වඩාත් බිහිසුණුම හා සාහසික ව්‍යාපාරයී ISISය.

අල්ඛයිඩා , තලේබාන් , ISISඇතුළු සියළුම ආකාරයේ ත‍්‍රස්ත සංවිධාන වල කටයුතු පරීක්ෂා කරීමේදී ඉතා වැදගත් සාධක 4ක් අනාවරණය කර ගත හැකිය.

  1. බහුතරයක් මුස්ලිම් සටන්කාමීන් වීම.
  2. ඇමරිකානු හා බටහිර විරෝධයක් ප‍්‍රකාශිත වීම.
  3. මුස්ලිම් රාජ්‍යයන්හි දේශපාලන සමාජ, සංස්කෘතික උරුමයන් සහමුලින්ම විනාශ කර දැමීම.
  4. විශාල මූල්‍ය හා ධනය සතු  ව්‍යාපාරයන් වීම.

(යනාදියයි.මේ පිළිබඳව වෙනම විස්තර කෙරේ           

මුස්ලිම් නොවන ත‍්‍රස්තවාදී ව්‍යාපාර අතර වඩාත් බලවත් ව්‍යාපාර ලෙස සැලකෙන්නේ උතුරු අයර්ලන්තය කේන්ද්‍ර කරගෙන කි‍්‍රයාත්මක වු  I.R.A.  සංවිධානයයි.  එමෙන්ම ලංකාවේ කි‍්‍රයාත්මක වූ L.T.T.E.  සංවිධානයද ලොව බලවත්ම ත‍්‍රස්ත සංවිධාන අතර විය.ඊට අමතරව මුස්ලිම් නොවන තවත් ත‍්‍රස්තවාදී සංවිධාන ගණනාවක් පැවතුනි.මේවායින් බොහෝමයක් අද නිෂ්ක‍්‍රීය වි හෝ අඩපන වී ගොස් තිබේ.ව්රථමානයේදී වඩාත් බලවත්ව පවතින්නේ මුස්ලිම් ජන කොටස් වල සහභාගිත්වයෙන් පවතින ත‍්‍රස්තවාදී සංවිධානයන්යග ත‍්‍රස්තවාදී ව්‍යාපාර පැන නැගීම කෙරෙහි බලපා ඇති හේතු කීපයක් හදුනා ගත හැකිය.ඒවා අතර

  • ස්ව රාජ්‍ය හෝ වෙනම රාජ්‍යයක් පිහිටුවා ගැනීම සඳහා ක‍්‍රියාත්මක වන බෙදුම්වාදී සංවිධාන.
  • ආ්රථික හෝ දේශපාලන ඉල්ලීම් පදනම් කර ගත් ත‍්‍රස්තවාදී සංවිධාන
  • ආගමික අන්තවාදී සංවිධාන,
  • ආගමික නිකායවාදී සංවිධාන.
  • අධිරාජ්‍ය විරෝධී සංවිධාන
  • විමුක්තිකාමි සංවිධාන.

යනාදී වශයෙනි.

මහාචාර්ය ඇලෙක්ස් පීග ස්මිඞ් ගේ Conflict Glossary and Thesaurus කෘතියෙහි දැක්වෙන ආකාරයට ත‍්‍රස්තවාදය Terrorism යන්න සඳහා එක් පොදු නි්රවචනයක් සොයා ගත නොහැකිය.ඊට හේතුව මෙම වචනය පිළිබඳව විවිධ මත පැවතීමයග නමුත් ශාස්ති‍්‍රය කටයුතු වලදී අවධානයට ලක් වූ නිර්වචන කිහිපයක් පවතී.එනම්,

·         ත‍්‍රස්තවාදය යනු තමන්ට විශේෂ වූ චිත්ත ස්වභාවයක් ඇති අපරාධකාර හෝ දේශපාලන හේතු අනුව කාංසාවට තුඩු දෙන පරිදි (අ්රධ)රහසිගත පුද්ගල කණ්ඩායම් හෝ රාජ්‍ය කි‍්‍රයාකාරීන් විසින් විටින් විට සිදු කරනු ලබන ප‍්‍රචණ්ඩ ක‍්‍රියා පිළිවෙතකිග එහිදී ඝාතනයන්හිදී මෙන් නොව ප‍්‍රචණ්ඩත්වයේ සෘජු ඉලක්ක එහි ප‍්‍රධාන ඉලක්ක නෙවේ.

·         කෙලින්ම ප‍්‍රචණ්ඩත්වයට ගොදුරු වන අය ඉලක්ක ජන පිරිසක් තුළින් තෝරා ගැනෙනුයේ ආකාස්මිකව (අවස්ථානුකූල ඉලක්කක)හෝ සුවිශේෂ (නියෝජිතව හෝ සංකේතාත්මක)පරිදිය.එය පණිවුඩ යැවීමක් ලෙස සලකනු ලැබේ.ත‍්‍රස්තවාදී (සංවිධාන),  තර්ජනයට භාජය වන්නන් හා ප‍්‍රධාන ඉලක්ක අතර සිදුවන තර්ජනයත් , ප‍්‍රචණ්ඩත්වය පාධක කොට ගත් සන්නිවේදනයන් මගින් අපේක්ෂා කරන්නේ ප‍්‍රධාන ඉලක්ක කෙරෙහි බලපෑම් කොට බියට පත් කර ගැනීමේ ඉලක්කයක්, ඉල්ලීම් ලබා ගැනීමේ ඉලක්කයක් , අවධානය යොමු කර ගැනීමේ ඉලක්කයක් බවට පත් කර ගැනීමය.

·         ජාත්‍යන්තර නීතිය අනුව ත‍්‍රස්තවාදී කි‍්‍රයා හදුනා ගත යුතු හොඳම විධිය නම් ‘‘සාමකාලීන කාලයන්හි සිදුවන යුධ අපරාධයන්ට සමාන ක‍්‍රියා’’ යන්නය.

     -Conflict.
වචන මාලාව හා අ්රථ නිරූපණ

මහාචා්රය කේ.එන්.ඩි. ධට්මදාස

මෙම අ්රථ නිරූපන පරික්ෂා කිරිමේ දී පැහැදිලි වන කාරුණක් වන්නේ කෲර ප‍්‍රචණ්ඩ බිය වැද්දීම් වළින් ඉල්ලීම් ලබා ගැනීම සඳහා ත‍්‍රස්තවාදී සංවිධානක‍්‍රියා කරන බවය.අද අප දකින සාහසික මිනිස් ඝාතන (ත‍්‍රස්තවාදීන් විසින් සිදු කරන* ඔවුන්ගේ සන්නිවේදන ක‍්‍රමවේදයේ  ප‍්‍රකාශණයක් බව පැහැදිලිය.

මෙම අ්රත කථන ඔස්සේ විම්රශනය කර විට,

  • වීරත්වය
  • විප්ලව වාදී විමුක්තිවාදී බව
  • බියගුලු ස්වභාවය
  • ආත්ම පරිත්‍යාගය
  • බොළඳ ස්වභාවය

යනාදී ලක්ෂණ මිශව පවතින බව පෙනී යයි.

                                                                                 

යම් අරමුණක් වෙනුවෙන් තමන්ගේ ජීවිතය පරදුවට තබන උදාර ගති ලක්ෂණ සමඟ තවත් ජීවිත සාහසික ලෙස ඝාතනය කරන විනාශකාරි ලක්ෂණ වලින් ද යුක්ත වන බවය.මේ නිසා ත‍්‍රස්තවාදය සංකීීර්ණ සංසිද්ධියක් බවට පත්වේ.

ත‍්‍රස්තවාදය ලෝක ව්‍යාප්ත ව්‍යාපාර බවට පත් වන්නේත් බලවත් ව්‍යාපාර ලෙස ව්රධනය වන්නේත් සෝවියට් දේශය කඩා වැටීමෙන් පසු කාලය තුළ දී බව පැහැදීලි කරුණකි. එමෙන්ම තුෂ්ණි යුධ ක්‍දකා අ්ර සමය හා දෙවන ලෝක යුද්ධයේ පසු කාලයේදී  බවද පැහැදිලි කරුණකි.

මෙම සාධක දෙකම එනම්

  • තුෂ්ණි යුධ සමයේ සිදුවිම්.
  • සෝවියට් සංගමයේ බිඳ වැටීම                                                                                                                                                                                                       යන සාදක දෙකම ජාත්‍යන්තර දේශපාලනයට අයත් සාධකයන්ය.එයින් නිගමනය කළ හැකි වන්නේ ත‍්‍රස්තවාදය වූ කලී හුදෙකලා සිද්ධි දාමයක් නොව ජාත්‍යන්තර දේශපාලනයේම කොටසක් බවය.

තුෂ්ණි යුධ සමයේ ලෝක දේශපාලනයෙහි සුවිශේෂි කි‍්‍රයාදාමය වූයේ ඇමරිකා එක්සත් ජනපදය සහ සෝවියට් රුසියාව යන දේශපාලන හා බලකඳවුරු දෙක සිය කඳවුරු ව්‍යාප්ත වාදයෙහි  නියැලීම යග ආසියා, අපි‍්‍රකා සහා මැද පෙරදිග රාජ්‍යයන් බොහෝමයක්ම සෝවියට් හිතවාදින් බවට පත් වූයේ මෙම කාලපරිච්ෙඡ්දය තුළදීය.එම සබඳතාවයන් ගේ ප‍්‍රතිඵලයක් ලෙස ඇමරිකා එක්සත් ජනපදය ප‍්‍රමුඛ අධිරාජ්‍යවාදී කඳවුරට එරෙහිව ලෝක බලවේගයන් නැගී ආවේයග නොබැදි සංවිධානය ඉතා බලවත් ව්‍යාපාරයක් වූයේ මෙම කාලයේදීය.OPEC හෙවත් ඛණිජ තෙල් අපනයනය කරන රාජ්‍යයන්ගේ සංවිධාය බටහිර ධනවාදී රාජ්‍යයන් වෙත ප‍්‍රබල අභියෝගයක් වූයේ  එම පසුබිම තුළය.අරාබි බාත් ව්‍යාපාරය Arabian Bath Socialismපැණනැගුනේද එහි කොටස් කරුවකු වූ ඊජිප්තුවේ ගමාල් අබ්දුල් නසා්ර විසින් සූවස් ඇළ ජනසතු කොට බටහිර රාජ්‍යයන් වෙත අභියෝග කළේද මෙම තුෂ්ණ යුධ Past cold warසමයන්හිදීය.අමරිකාවේ අතකොළුවක් වූ ඊශ‍්‍රායලයට එරෙහිව පලස්තීන විමුක්ති ව්‍යාපාරයද මෙම කාලයේදී නැගී ආවේය.මෙම සියළුම ව්‍යාපාර වලට සෙවනැල්ල වූයේ සෝවියට් රුසියාවයිග සෝවියට් දේශයේ වැටීමත් සමඟ වඩාත් අපේක්ෂා භංගත්වයට පත් වූයේ මැද පෙරදිග හා උතුරු අප‍්‍රිකානු මුස්ලිම් රාජ්‍යයන්හි සමාජවාදය පිළිබඳව බලාපොරොත්තු සහගත වූ පිරිස්ය.මාක්ස්වාදය පිළිබඳව නිවැරදි න්‍යායාත්මක දැනුමක් නොමැතිව විප්ලව වාදී උන්මාදයෙන් පෙළුන අය පහසුවෙන්ම තල්ලු වූයේ ත‍්‍රස්තවාදය දෙසටය.

චීන හා කියුබානු විප්ලවයේ ආද්රශයෙන් ආසියාවේ පැතිර ගිය විප්ලවවාදී රැුල්ලට අයත් ව්‍යාපාර (ලංකාවේ J.V.Pය) ද ඇතුළුව නිවැරදි විප්ලව වාදී න්‍යායන්ගෙන් පීලි පැන ත‍්‍රස්තවාදය මුසුවූ විප්ලව වාදයන් වෙත ගමන් කළේය.                                                                                               

‘‘විප්ලවවාදියා තුවක්කු අතට ගත යුත්තේ විප්ලවයේ අවසාන මොහොතේ දී මිස ආරම්භක අවස්ථාවේදී නොවේ’’.

යනුවෙන් ලියෝන් ට්‍රොට්ස්කි ඉගැන්වූ පාඩම ඔවුහු පහසුවෙන්ම අමතක කර දැමුවේ ් ණ 47  රැුල්ලේ ආක්රශනය නිසාය.1989දී J.V.P.ය T.56 ගෙන ආවේ එම මගේ තවත් ඉදරියට ගමන් කරමින්ය.මෙම මගේ බොහෝ දුර ගමන් කළ නේපාලයේ මා ඕ වාදී කැරලි කරුවන් ඉතා ප‍්‍රචණ්ඩ අවසානයකට ලඟා වියග මෙලෙස සමාජවාදී විප්ලවය පිළිබඳ බලාපොරොත්තු කඩ කරගත් ඇතැමුන් සමාජ සාධාරණය හා යුක්තිය ඉටු නොකරන ධනේශ්වර සමාජයට අභියෝග කිරීම සඳහා ත‍්‍රස්තවාදය වෙත පහසුවෙන්ම ගමන් කර තිබේ.

 තුෂ්ණ යුධ සමයේත් පශ්චාත් තුෂ්ණ යුධ සමයෙන් සිදු වු ඇතැම් කි‍්‍රයා ත‍්‍රස්තවාදය පහසුවෙන් කැඳවාලනු ලැබූ බවත් ඇතැම් බලවත් රාජ්‍යයන් ජාත්‍යන්තර දේශපාලන අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ත‍්‍රස්තවාදය නි්රමාණය කළ බව පෙනී යයි.

ශ්‍රී ලංකාවේ L.T.T.E සංවිධානය ගොඩ නැන්විම සඳහා මුල් අවස්ථාවේ දී ඉංදීය රජය හා තමිල්නාඩු රජයන් දැක්වූ අනුග‍්‍රහය පසුකාලීනව අනාවරණය විය.මුදල් හා අවි ආයුධ සැපයීමෙන්ද තමිල්නාඩුවේ පුහුණු කඳවුරු පිහිටුබ්මට ඉඩසළසා දීමෙන්ද ඔවුන් දැක්වූ අනුග‍්‍රහය නොවන්නට L.T.T.E   සංවිධානයට එතරම් බලවත් ව්‍යාපාරයක් සේ නැගී සිධ්මට නොහැකි වනු ඇත.

 නිකරගුවාවේ ඩැනියෙල් ඔටිගාගේ නායකත්වයෙන් පැවති ‘‘සැන්ඞ්නිස්ටා’’ ව්‍යාපාරය විසින් දියත් කර ලද ආයුධ සන්නද්ධ විප්ලවය ජයග‍්‍රහණය කළේ සෝවියට් රජයේ පූ්රණ ආශි්රවාදය යටතේය.ලතින් අමරිකානු රාජ්‍යයක් වූ නිකරගුවාවේ මෙම විප්ලවය අමරිකා එක්සත් ජනපදයේ දකුණු අමරිකානු ආධිපත්‍ය සහගත විදේශ ප‍්‍රතිපත්තියට බලවත් අභියෝගයක් විය.ඒ නිසාම ‘‘සැන්ඩිනිස්ටා ’’ ව්‍යාපාරයට එරෙහිව නිකරගුවාවේ කි‍්‍රයාත්මක වූ ‘‘කන්ට‍්‍රාස්’’ ගරිල්ලා ව්‍යාපාරය අමරිකා එක්සත් ජනපදයේ අනුග‍්‍රහයෙන් නිමාණය වූ ත‍්‍රස්තවාදී ව්‍යාපාරයක්ය යන්න බොහෝ දෙනෙකුගේ මතය විය.

ඇෆ්ගනිස්ථානය පශ්චාත් තුෂ්ණ යුධ සමයේ දී සෝවියට් දේශයේ වක‍්‍ර ආක‍්‍රමණයට ගොදුරු විය.එහි සෝවියට් හිතවාදී රූකඩ ආණ්ඩුවක් පිහිටුවනු ලැබිය.එය දකුණු ආසියාව් ඇමරිකානු විදේශ ප‍්‍රතිපත්තියට අභියෝග කිරීමක් වියග තලේබාන් සංවිධානය හා අල්ඛයිඩා සංවිධාන ඇෆ්ගනිස්ථානය තුළ දී ඉටු කරන ලද්දේ එම අමරිකානු අවශ්‍යතාවයයි.සෝවිවට් දේශයේ බිදවැටීමෙන් පසුව අල්ඛයිඩා හා තලේබාන් සංවිධාන වෙත නරක කල දසාව උදා විය.මෙසේ සෝවියට් හිතවාදී කලාපීය බලවතා වූ ඉංදියාව අමරිකානු හිතවාදී ගෝලීය ධනවාදී කඳවුරට එක් විමත් සමඟ , අමරිකාවට මෙම කලාපයේ සෝවියට් විරෝධීන්ගේ කටයුතු නඩත්තු කිරීමේ අවශ්‍යතාවය පහව ගියේය.අල්කයිඩා හා තලේබාන්වරු හුදෙකලා බාවයට පත් විය.ඉන් උරණ වූ අල්ඛයිඩා සංවිධානය වඩාත් ප‍්‍රචණ්ඩ ත‍්‍රස්තවාදී කි‍්‍රයාවලියකට මුල පිරුවේය.සැප්තැම්බ්ර 11ප‍්‍රහාරය තුළින් ඇමරිකාවේ හදවතට ප‍්‍රහාර එල්ල කළේ ඔවුනට වඩාත් වේදනාකාරී ප‍්‍රතික‍්‍රියාවක් අත් විදීමට සැළැස්වීම සඳහාය.

ත‍්‍රස්තවාදී මානසිකත්වය ජාත්‍යන්තරකරණයට ලක් වූ පසුව රාජ්‍යයන් වෙත බලපෑම් කිරීම හා රිදවීම සඳහා ත‍්‍රස්තවාදී කි‍්‍රයාවලියට යොමු වේ.එවිට ඔවුනට අමතක වී යන කාරණය නම් පීඩයට ගොදුරු වන අහිංසක පුරවැසියාට එම රාජ්‍ය නාමය වෙනුවෙන් වන්දි ගෙවීමට සිදුවීම කොතෙක් දුරට සාධාරණද යන්නයි.

රාජ්‍ය ත‍්‍රස්තවාදයත් , පුද්ගල හා සංවිධානමය ත‍්‍රස්තවාදයත් වඩාත් ප‍්‍රභල ලෙස කැපී පෙනෙනුයේ 2000වර්ශයෙන් පසුව මැද පෙරදිග කලාපය කේන්ද්‍ර කර ගෙනය ඉරාකය විසින් අසල්වැසි කුවේටය ආක‍්‍රමණය කළේ මෙම සියවස ආරම්භයට පෙර සිටය සදාම් හුසේන්ගේ මෙම ක‍්‍රියාමා්රගය අමරිකාව හා බටහිර බලවතුන්ට සිය මැදපෙරදිග ප‍්‍රතිපත්තිය ක‍්‍රියාවට නැන්විමට පාර කපා දෙනු ලැබිය. ඒ ආකාරයටම කුවේටය නිදහස් කර ගැනීම සඳහා ඇමරිකාව ප‍්‍රමුඛ බටහිර රාජ්‍යයන් ඉදිරිපත් විය. එහි අතුරු ප‍්‍රතිඵලය වූයේ ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉරාකය ආක‍්‍රමණය කරීමය. මෙම ආක‍්‍රමණයේදී ඇමරිකානු ගුවන් ප‍්‍රහාර වල ප‍්‍රධාන ඉලක්කයක් වූයේ ඉරාකයේ තෙල් ළිං ය. ඉන් බොහෝමයක් වනසා දැමිමෙන් පෙන්නුම් කළේ මැද පෙරදිග සම්බන්ධ ඇමරිකානු විදේශ ප‍්‍රතිපත්තිය මැද පෙරදිග ඛණිජ තෙල් ආකර අත්පත් කර ගනැනීම කේන්ද්‍ර කොට ගත් බවය. ඇමරිකානු උවමනාවට අටවාගත් Gulf Federationමඟින් මැද පෙරදිග රටවල් කිහිපයකටම (සව්දි අරාබිය, ක්වේට් වැනි ඇමරිකානු හිතවාදී බවට පත් කර ගනු ලැබුවද , ඉරාකය, ඊජිප්තුව හා සිරියාව ඇතුළත් අරාබි බාත් සංගමයද, එයින් පිටත වූ ඉරානය වැනි රටවල්ද  තව දුරටත් බලවත්ව සිටියේය.‍  ඒවා විනාශ කර දැමිම සඳහා සියුම් උපක‍්‍රම දියත් කරනු ලැබිය. ‘‘අරාබි වසන්තය’’Arabic spring.නමින් ප‍්‍රචලිත වූ පසුගිය කාලයේ සිදු වූ විප්ලව රැල්ල මෙතෙක් බලවත්ව සිටි ලිබියාව හා ඊජිප්තුව බිද හෙලන්නට සමත් වියග එහෙත් තවමත් බිද හෙලීමට නොහැකි වූ මැද පෙරදිග කලාපයේ  අවසන් රුසියන් මිතුරා වන ‘‘සිරියාව’’ වසන්තයේ විප්ලවයට යටපත් නොවි දරුණු ප‍්‍රහාර එල්ල කරමින් සමූලඝාතක යුද්ධයකට අවතී්රණ විය ISISසටන්කාමින් නමි ත‍්‍රස්ත ව්‍යාපාරයක් හදිසියේම පැන පැගී තිබෙන්නේ එම පසුබිම තුළය ග ඔවුනන්ගේ කි‍්‍රයාකාරකම් පරීක්ෂා කළ විට ඔවුන් විසින් ඉටු කරන්නේ කාගේ උවමනාවද යන්න වටහා ගැනීම අපහසු නොවේ. ඔවුන් විසින් සිරියාවේ රාජ්‍ය හමුදාවන්ට පහර දෙනු ලැබේ. රජයට පක්ෂපාතී ප‍්‍රදේශ අත්පත් කරගනු ලැබේ. සිරියාවට අයත් ඉතා පැරණි ශිෂ්ටාචාර හා උරුමයන් වනසා දමමින් ඔවුන්ගේ අතීත ශ්‍රී විභූතිය මකා දැමිමෙහි නියැලෙමින් සිටි.

                                මතු සම්බන්ධයි...........

Comments

Ich parkplatzsex fotos hätte es sowieso nicht mehr aufhalten können.
<a href="https://amateursex.privat-sex20.com/sitemap27.php" >pop ueber zu dieser web-seite</a> [url=https://amateursex.privat-sex20.com/sitemap27.php]pop ueber zu dieser web-seite[/url]