පැරිස් ප්‍රහාරය සහ isis අර්බුදය......

පසුගිය 13 වෙනිදා ප්‍රන්සයේ පැරිස් නුවරට එල්ලවූ බෝම්බ ප්‍රහාරය සම්බන්ද වගකීම isis සංවිදානය විසින් භාර ගැනිමත් ,ඉරාකය කේන්ද්‍ර කරගත් Levent හෙවත් ISIL සංවිධානය වෙත මෙම වගකීම පැවරිම්ත් සමග ම isis පිළිබද සාකච්චාව යලිත් කරලියට පැ මිණ තිබේ. ISIL සවිධානය isisi සමග සමීපව කටයුතු කරයි.

ප්‍රංස  ජනාධිපති Francois  Hollandeමෙම සිද්ධි යෙන් පසුව ප්‍රකාශ කලේ ,මෙය ප්‍රන්සයෙන් පිටතදී සංවිධානය කර එල්ල කළ ප්‍රහාරයක් බවයි.එසේ පැවැසීමට හේතුව ,ඒ වනවිටත් ප්‍රන්සයේ ආරක්ෂාව තරකර තිබීමයි.නොවැම්බර් මස 30 වෙනිදා සිට දෙසැම්බර් 11 දින දක්වා ,එක්සත් ජාතීන්ගේ කාලගුණවිපර්යාස සමුළුව Climate change conference ප්‍රන්සයේ පැවත්වීමට නියමිතය.ඒ වෙනුවෙන් ආරක්ෂාව දැඩිකර තබුණි. විශේෂයෙන්ම දේශ සීමා වල දැඩි සෝදිසි මෙහෙයුම් දියත්කර තිබුණි.නමුත් ඒ කිසිවකට මෙම ප්‍රහාරය වලක්වාලීමට නොහැකි වුයේ එය ප්‍රන්සයෙන් පිටතදී සැලසුම්කර ක්‍රියාත්මක කල මෙහෙයුමක් නිසා  විය හැකිය .

මෙම ප්‍රහාරය දියත්වුයේ පැරිස් නුවර අසල ජාත්‍යන්තර ක්‍රීඩා පිටියක, ප්‍රංස හා ජර්මන් කණ්ඩායම්අතර තරගයක් පවෙත්වෙමින් තිබියදීය .Batacian theatre ,කෞතුකාගාරයක් ,ඇතුළු ස්ථාන හතක බෝම්බපිපුරුම් ක්‍රියාත්මක් විය.ඉන් මියගිය සංක්‍යාව 150ක් පමන විය.352 ක්පමණ තුවාල ලබා ඇති අතර ඉන් 99 දෙනෙකුගේ තත්වය බරපතල බව cnn රුපවාහිනිය වාර්තා කළේය.

මෙය ප්‍රන්සයට එල්ළ වූ පළමු ත්‍රස්ත ප්‍රහාරය නොවේ.ඉකුත් ජනවාරි මාසයේ දීද මෙවැන්නක් සිදුවිය. එනම් charli hebdoපහරදිම ය .එතැන් සිට ප්‍රන්සය ත්‍රස්තවාදී තර්ජනයට ලක්වී සිටි.ඔවුන් මෙලෙස තර්ජනයට ලක්ව සිටින්නේ ,සිරියාවේ සිදුකරන ඇමරිකානු ගුවන් ප්‍රහාරවලට සහය දැක්විම නිසාය.ප්‍රංස ප්‍රහාරක යානා ද සිරියාවේ ගුවන් ප්‍රහාර වල නිරතවී සිටි.ආරම්භයේදී ඇමරිකාව හා මිත්‍ර හමුදාවනුත් ,isis සටන්කමිනුත් එකම සතුරෙකුට එරෙහිව ,එකම ස්ථාවරයක සිටියේය.එනම් සිරියාවේ ජනාදිපති බසාර් අල් අසාද් ට එරෙහිවය.ඔවුන්ගේ  ගුවන් ප්‍රහාර වලින් isis සෙබළුන්ට රැකවරණය ලැබුණි .එහෙත් දැන් මිතුරන් සතුරන්වී සිටින බවක් දක්නට ලැබේ.ඊට හේතුව ලෙස පෙනීයන්නේ ,රෝම සාකච්චා ය.

පසුගියදා රෝමයේදී රුසියානු හා ඇමරිකානු නියෝජිත යන් අතර සිරියාව සම්බන්දයෙන් සාකච්චාවක් පැවැත්විය. ඊට ජෝර්දානය හා සෞදී අරාබිය එක්විය.එහිදී දෙපාර්ශ්වයම දේශපාලන විසදුමකට එකගවිය.ඊයේ  ඇමරිකාවේ රාජ්‍ය ලේකම් ජෝන් කෙරී නිවෙදනය කලේ,විසදුමක් සදහා සිරියාවේ ජනාධිපති අල් අසාද් සමග ලගදීම සාකච්චා ආරම්භවිමට් නියමිත බවය.ඇමරිකාව මුලින් උත්සාහ කළේ,අරාබි වසන්තයේම  කොටසක් ලෙස සිරයාවේ පාලනයද පෙරලා දැමීමටය.නමුත් එය අසාර්ථක වුයේ අල් අසාද් සටන් කාමීන්ට එරෙහිව කෘර ලෙස පහරදිම නිසාය. දෙවනුව උත්සහ කළේ , ගුවන් ප්‍රහාර මගින් සටන් කාමීන්ට සහයදී පාලනය පෙරලදමිමටය.එවිට රුසියාව සිය අරාබි මිතුරා වෙනුවන් ඉදිරිපත්විය.isis සංවිධානය අසාද්ගේ පාලනයට එරෙහිව ක්‍රියාත්මක වන්නේ  මේම පසුබිම තුලය ඔවුන් ඇමරිකානු හිතවාදීන් බව ප්‍රකට විය. රුසියාව එම චෝදනාව ඍජුවම  ඉදරිපත් කළේය.රුසියාව isis සටන්කාමීන්ට එරෙහිව දරුණු  ගුවන් ප්‍රහාර එල්ල කළේ  එම පසුබිම තුලය. ඇමරිකාව හා රුසියාව අතර සීතල යුද්ධයක් ඇතිවන ලකුණු පහළවිය.රෝම සාකච්චා ආරම්භ වන්නේ එබදු ගැටුමක් ඇතිවීම වැලැක්වීම සදහාය.දැන් ප්‍රශ්නය සාමකාමිව විසදෙන්නේ නම් isis ට සිදුවන්නේ කුමන ඉරණමක්ද යන්න පැහැදිලිය .ත්‍රස්තවාදීන්ගේ සන්නිවේදන මාද්ධ්‍ය  බෝම්බ පිපිරවීම් තුළින් බලවත් වේදනාවන් ඇති කිරීමයි.පැරිස් ප්‍රහාරය එබදු බලවත් කම්පාවක් ඇති කළේය.ඉන් සිදුකල සන්නිවේදනය කුමක්ද යන්න පැහැදිලිය.සිරියව සම්බන්ධයෙන් සාමකාමී විසදුමකට තමන් විරුද්ධ  බවය.

 

ලකිති..............