වෛද්‍ය වෘත්තීකයන්  අමතක කල දෙය....

මේ දිනවල වර්ජන හා වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරතවී සිටින ආකාර කාටත් දැකගන්න ලැබී තිබේ.ඔවූනට වසර 5 කට වරක් හිමිව තිබූ තීරුබදු රහිත වාහන බලපත්රය අහිමි වීම මෙම ක්‍රියාමාර්ගයට හේතුවී තිබේ .පෞද්ගලික විශව විද්‍යාල වලට එරෙහිව සටන් වදින වෛද්‍ය ශිෂ්‍යයන් පෞද්ගලික රෝහල්වලට එරෙහිව සටන් නොකරන්නා සේ මොවුන්ද රටේ ජනතාවගේ පොදු ප්‍රශ්නවලදී මුනිවත් රැක තමන්ගේ කාර් එක සදහා සටන්කිරිම තේරුම් ගැනීමට හැකිය.මේවා නොලැබුනොත් උගතුන් රට හැර යාම සිදුවන බව පවසන රජයේ වෛද්‍ය වරුන්ගේ සංගමයේ සභාපති වරයාටත් සෙසු දොස්තර වරුන්ටත් තමන් මෙමඅධ්‍යාපනය ලැබුවේ රටේ දුප්පත් ජනතාවගේ මුදලෙන් බව මතක් කර දිය යුතුව අැත.

වැඩිදුර කියවන්න.......


මදක් සිතන්න

 

දුගී බවේ ඉරණම මරණය හෝ අමිහිරි කදුලින් පිරි ජීවිතයක්ද? ඔබට හෝ මට කෙදිනක හෝ ඒවන් තත්වයකට මුහුණ දීමට සිදු වෙතොත්, ඒවන් ජීවිතයක අසුන්දර බව,කටුක බව ඔබට,මට දරාගත හැකි වේවිද?  මදක් සිතන්න

සමස්ත ලාංකීය සමාජය තුල දුගි  බොහෝ පිරිසක් ජිවත් වෙති. ඔවුන් තම වේල සරි කර ගන්නේ එම දිනයේ ලද සුළු මුදලනි. තම ජිවීතයේ කටුක බව ඔවුන් හොදාකාරවම හදුනති.තමාගේ ජීවීතය පමණක් නොව තම පවුලේ බර තමා පිට තබා ගනිමින් දවසේ අදායම උපාය ගනිමේ  අබිමතාර්ත්ය සපල කර ගනිමට ඇයට හෝ ඔහුට මහ මගට බැසීමට සිදුවෙයි.

සමාජය තුල දුගියා යනු කුණු දුවිලි තවරාගත් ඉරි ගිය වස්ත්ර  හැදී පිරිසක් පමණක් මා නොවේ . තම ජිවිතයේ අමිහිරි බව ඔවූනට  හිමි යැයි දානපති පන්තිය පවසති.  සමාජය තුල බොහෝ දනන් ඔවුන්ගේ අමිහිරි කටුක ජීවිතය වවේචනය කල නමුදු ඔවුන්ගේ දුගී බව තුරන් කිරීමට ඔවුන් වහෙස නොවෙති. 

වැඩිදුර කියවන්න...........