Error message

Notice: Undefined offset: 1 in counter_get_browser() (line 70 of /home/sannas3/public_html/sites/all/modules/counter/counter.lib.inc).

කෝනේෂ්වරම් කෝවිල

කෝනේෂ්වරම් කෝවිල පිහිටා තිබෙන්නේ නැගෙනහිර පළාතේ ත්රිෂකුණාමලයේ දිස්ත්රිේක්කයේය.එසේම දකුණු ආසියාවේ විශාලතම ස්වභාවික වරාය පිහිටා තිබෙන්නේ ත්රිකකුණාමලයේ. එසේම
නිලාවේලි මුහුදු තීරය
පරෙවි දූපත,
කින්නියා උණු දිය ළිං
වැනි දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය දිනා ගත්තු තැන් බොහෝමයක් ත්රිනකුණාමලයේ තිබෙනවා.ඒ අතර ත්රිොකුණාමලයේ ශිව දෙවියන් හට කැපවූ කෝනෙෂ්වරම් කෝවිල බොහෝ වැදගත් තැනක් ගනී.කෝනේෂ්වරමි කෝවිල පිහිටා ඇති කන්ද අතීතයේ දෙවියන් අතර හට ගැනුණ ගැටුමක ප්රිතිඵලයක් ලෙස බිහිවී තිබෙන බව සදහන් වෙනවා.
කෝවිලට යාමට කලින් අවශ්යස පූජා භාණ්ඩ මිලට ගැනීමට ඒ ආසන්නයේ ඉදිකර ඇති කඩවල් පේළියෙන් හැකිවෙනවා.මෙම කෝවිල දකුණු පැත්තෙන් පිළිරූ පෙළක් හමුවෙනවා.එම පිළිරූ පෙළෙහි ඇත්තේ එදා ශිව දෙවියන්ගේ, පාර්වතී දේවියගේ සහ මුරුගන්, ගණපති යන දරු දෙදෙනාගේ පිළරූන්ය.එසේම කෝවිලට ඇතු_ වීමට ප්ර,ථම අත් පා සෝදා ඇතු_ වීමට ස්ථානයක් කෝවිලට ඇතුල් වන ආසන්නයේ පඩිපෙල පාමුල ස්ථාන ගත කර ඇත.මෙම අත් පා සෝදා ඇතුල්වීම හින්දු චාරිත්රමයකි.

කෝවිලට ඇතුල් වන ප්රථධාන දොරේ උඩින්ම තිබෙන්නේ ශිව දෙවියන් , පාර්වති දේවියගේ හා රාවණා රජුගේ මූර්තීන්ය.

 කෝනේෂ්වරම් කෝවිල 1622/04 මස දිනකදී පෘතුගීසී සෙනෙවියකු වූ කොන්ස්තන්තිනෝ ද ෂා ඇතු_ පෘතුගීසී හමුදාව විසින් විනාශ කරන ලදී.එසේම ඒ අසල පිහිටා තිබූ ගෝකණ්න විහාරයද විනාශ කරන ලදී.ගෝකණ්ණ විහාරය මහසෙන් රජතුමා විසින් ක්රිර.ව. 275 දී කරවන ලද්දකි.ඉන්පසු මෙම කෝවිල අද දක්නට ඇති ආකාරයට අලුත්වැඩියා කරන ලද්දේ 1963 දීය.මෙහි පෞරාණික බව ඉස්මතු වී පෙනෙන්නේ කැටයම් කණු, ශිව ලිංගය හා දේව ප්රදතිමා වලය.

මෙම කෝවිල තුළ පූජා කටයුතු සිදු කෙරෙන්නේ උදේ 6.30, දහවල් 11.30 හා සවස 4.30 යන වේලාවන් තුළදීය.පූජා කටයුතු නිසා කෝවිල වැදීමට යන බැතිමතුන්ට තම වැඳුම් පිදුම් කිරීමට කිසිදු බාධාවක් සිදු නොවේ.එසේම පූජා වට්ටි දී තම බාරයන් වැනි කාරණා සියල්ල ඉටුකර ගැනීමට හැකිවේ.අතීතයේ සිටම ඇති පිළිගැනීමක් වන්නේ මෙම කෝවිලේ දී වන භරෙයන් ඉටු වන බවයි.ඒ සදහා නිර්මාංශ වී පැමිණීම ඉතා යහපත් වන බව පිළිගන්නා කරුණකි.හිතින් සමාධිගත වෙලා ශිව දෙවියන්ගෙන් තම කාරණාව ඉටුකර දෙන ලෙස ඉල්ලා සිටිය යුතුයි.

රාවණා රජ්ජුරුවන්ගෙ මෑණියන්ට ශිව වන්දනාවෙ යෙදෙන්න ශිව ලිංගයක් අවශ්ය වී තිබූ බැවින් රාවණා රජු ශිව දෙවියන් වැඩ විසූ කෛලාශකූට පර්වතයට ගියා. එතනදී රාවණා රජතුමාට දැකගන්න ලැබුණා බ්රාවහ්මණයෙක්. මෙහිදී බ්රාගහ්මණයෙක් විදියට වෙස් වළාගෙන හිටියේ මහා ශිව දෙවියන්. උන්වහන්සෙ එතැනදි රාවණා රජ්ජුරුවන්ට කිව්වා කෝනේශ්වරම් කන්දේ ශිව ලිංගයක් තිබෙන බව. ඉන්පසු රාවණා රජ්ජුරුවෝ කෝනේශ්වරම් කෝවිල තියෙන තැනට ගිය අතර එතැනදී රාවණයන් හට ශිව දෙවියන් හමුවුණා. රාවණා රජ්ජුරුවෝ ශිව ලිංගය නොලැබුණු නිසා රාවණයන් කල්පනා කළා ශිව ලිංගය තියෙන කන්ද කපාගෙන රජ මාලිගාවට අරං යන්න. මහා බලසම්පන්න රාවණා රජ්ජුරුවෝ ඒ වෙනුවෙන් තමන්ගෙ කඩුවෙන් ශිව ලිංගය තිබ්බ තැන ගල කැපුවා. ඒ තමයි අද "රාවණ කැපුම" කියලා හඳුන්වන්නේ. රාවණ රජ්ජුරුවෝ කරපු වැඩේට ශිව දෙවියෝ කෝප වුණා. ඊට පස්සෙ ශිව දෙවියෝ සහ පාර්වතී දේවිය කකුල උස්සලා රාවණගේ හිස මත මෘදු ලෙස තැබුවා. ශිව දෙවියන් හා දේවිය මෙලෙස කළ නිසා රාවණා රජ්ජුරුවන්ට එතැනින් ශිව ලිංගය ගෙනියන්න ලැබුණෙ නෑ.ඉන්පසු රාවණා රජු විසින් ශිව දෙවියෝ සහ පාර්වතී දේවියගෙන් සමාව ගෙන එම ස්ථානායේ විශාල කෝවිලක් ඉදි කරන ලදී.

කෝනේෂ්වරම් කෝවිල තුළ රාවණා කැපුම යන ස්ථානයක් පවති.එය රාවණා රජු විසින් තම කඩුවෙන් ශිව ලිංගය තිබෙන තැන ගල කපන ලදී.එය රාවණා කැපුම ලෙස හදුන්වයි.එසේම මෙම රාවණා කැපුම යන ස්ථානයට තවත් නමක් කියනු ලැබේ.එනම් ලවර්ස් ලීප් යන නමයි.එම නම ඇතිවීමට හේතුව ලෙස සැලකෙන්නේ සුදු ජාතික කාන්තාවක් මෙතැනින් පැන දිවි නසාගැනීමයි.

 අතීතයේදී රාවණා රජු ඇතු_ පිරිස මෙම කෝනේෂ්වරම් කෝවිල අසල භාවනා කළ බවක් සදහන් වේ. එය අදටද මෙම ස්ථානයේදී කළ හැකියි.එනම් කෝවිලට ඇතු_ වෙන පඩිපෙල ළඟ, රාවණා කැපුම ළඟ ඇති බිම් කොටස සාදවා තිබෙන්නේ භාවනා කරන්න කැමති අයට භාවනා කිරීමටයි.

මෙම කෝවිල ඉතා ජනප්රි ය වීමට තවත් හේතුවක් තිබේ.එය නම් දරුවන් නොමැති කාන්තාවන්ට මෙහි භාර වීමෙන් සාර්ථක ප්රේතිඵල අත්වන බව පවසනවා.එය සිදු කරන්නේ තොටිල්ලක් සාදා භාරය ඔප්පු කිරීමෙනි.කෝවිලට යන එන ඕනෑම අයෙකුට මෙහි ඇති තොටිල්ලක් සාදා භාර ඔප්පු කර ඇති අවස්ථා විශාල ප්ර මාණයක් දැක ගත හැකියි.දරුවන් නොමැති වීම පමණක් නොව තවත් කාරණා ගණනාවකට බැතිමතුන් භාරහාර වන බව දැකගත හැකියි.එනම් ග්රකහ අපල නැති කර ගැනීමට, ඇස්වහ කටවහ දුරු කර ගැනීමට, රැකියාවන් ලබා ගැනීමට, ලෙඩදුක් වලින් ආරක්ෂා වීමට, ව්යා පාර දියුණු කර ගැනීමට, ධනය ලබා ගැනීමට වැනි කාරණා රැසකට භාරහාර වේ.