මහින්ද -රනිල් හමුවීමේ ප්‍රසිද්ධ රහස ........

සු ගිය දිනක හිටපු ජනාදිපති මහින්ද රාජපක්ෂ මහතා ,අගමැතිරනිල් වික්‍රමසිංහ මහතාව රහසිගතව හමුවීමේ පුවත දැන්  ප්‍රසිද්ධ රහසක් බවට පත්ව තිබේ.මෙම හමුවීමත් ,රගර් ක්‍රීඩක  තාජුඩින්ගේ මරණය පිළිබද  පරික්ෂණ  වාර්තාව එළිදැක්වීමත් අතර සම්බන්ද තාවයක් පවතින බවට බොහෝ දෙනා විශ්වාස කරයි.ප්‍රසිද්ධ රගර් ක්‍රීඩක තාජුඩින් මියයාම වාර්තා වූයේ රිය අනතුරකින් සිදුවූවක් බවය.නමුත් පසුව අනාවරණය වුයේ එය ඝාතනයක් බවය.මෙම ඝාතන සිද්ධියට මහිද රාජපක්ෂ පුත් යෝසිත රාජපක්ෂ සම්බන්ධ බවට තොරතරු අනාවරණය වී ඇති බව වාර්තා පළවිය.එය එසේම විනම් ,යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට පත්වනු ඇත. මහින්ද රාජපක්ෂ මහතාගේ මෙම හමුවීමේ තේරුම වන්නේ ,අගමැති ලවා එම අත්අඩංගුවට ගැනීම වලක්වා ගැනීමය.ඒ සදහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට අධිකරණ ක්‍රියාදාමය කෙරෙහි බලපෑම් කිරීමට සිදුවනු ඇත.එවැන්නක් සිදුකරයි නම් එසදහා රාජපක්ෂ මහතා වෙත බරපතල කොන්දේසි ඉදිරිපත් කරනු අත. එය රාජපක්ෂ මහතා දේශපාලනයෙන් සමුගැන්විම දක්වා එකක් විය

හැකිය.

බැසිල් රාජපක්ෂ මහතා දේශපාලනයෙන් සමුගන්නා බවට මේදිනවල පැතිරයන කතා ද මෙම පුවත හා මනාවට ගැලපේ. අනික් අතට ඇවන්ගාර්ඩ් සිද්ධිය යට ගැසීම සදහා රජයේ මැති ඇමතිවරු එම සමාගමෙන් මුදල් ,අල්ලස් වශයෙන් ලබාගන්නා බවට පැවසෙන කතාද ඒසමගම ගලපා ගත විට මෙම ආරංචිය සැබෑවක් වීමට ඇති ඉඩකඩ බොහෝය.පෙරේදා පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර මහතා ප්‍රකාශකළ ආකාරයට රජයේ මැති ඇමතිවරු පමණක් නොව ජනමාධ්‍යවේදීන්,මෙන්මඇතැම් web අඩවි විසින්ද ඇවන්ගාර්ඩ් සමාගමෙන් මුදල් ,අල්ලස් වශයෙන් ලබාගෙන තිබේ.අල්ලස් ගැනීම පමණක් නොව අල්ලස් දීමද වරදකි.නමුත් දෙන අය මෙන්ම ගන්න අයද යෙහෙන් වැජබිසිටින විට මෙබදු කටකතා වලට ලැබෙන වටිනාකම අධිකය.

අගමැතිවරයා විසින් මහින්ද රාජපක්ෂ මහතාට එකගවී, එබදු ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන්නේනම් එය අධිකරණයේ ස්වාධිනත්වය පිලිබදව පමණක් නොව යහ පාලනය පිළිබදවද  බරපතල ප්‍රශ්නයක් වනු නොඅනුමානය. එබදු ක්‍රියාමාර්ගයක් පිළබදව බොහෝ දෙනෙකුට දැනටමත් සැකයක් දැනී ඇති බවක් පෙනෙන්නට තිබේ.

රගර් ක්‍රීඩක තාජුඩින්මියගියේ, ඔහු ගමන්ගත් රිය අනතුරකට ලක්වීමෙන් අනතුරුව ගිනිගැනීමෙන් රථය තුලදීම පිලිස්සීමෙන් බව එවකට වාර්තාකරනු ලැබිය. නමුත් ඉකුත් ජනවාරි මාසයේ සිදුවූ ආණ්ඩු පෙරළියෙන් පසුව ,වෙනත් දෙයක් හෙළිවිය. එනම් ,ඔහු ඝාතනය කොට රථයට දමා ගිනිතබා ඇති බවය.මෙම සැකය මතු වුයේ ,තාජුඩින්ගේ මුදල් පසුම්බිය වෙනත් ස්ථානයකින් හමුවීමත් සමගය. ඔහුගේ සිරුරේ තදබල ලෙස පහර දිමවල ලකුණුද,කැපුම ලකුණුද දක්නට ලැබුණු බව ,සිරුර නැවත ගොඩගැනීමෙන් පසුව හෙළිවිය.

 මියගිය රගර් ක්‍රීඩක තාජුඩින් , යෝසිත රාජපක්ෂගේ සමීපතම මිතුරෙකු වූබව ප්‍රකට කරුණකි.කිසියම් කරුණක් පිලිබදව ඔවුන් අතර ආරවුලක් පවතී බවද ප්‍රකටය.ඉදින් මෙම ඝාතනයට ඔහු සම්බන්ධද යන්න දැනගැනීම කවුරුත් කැමැත්තෙන් සිටි.ඒ සම්බන්දයෙන් ගත හැකි හොදම ක්‍රියා මාර්ගය වන්නේ ස්වාදධින පරීක්ෂණයක් පවත්වා සත්‍ය අනාවරණයකිරීමය.එය රාජපක්ෂ පවුලේඅයට මෙන්ම ආණ්ඩුවටත් හොදය.

තත්වය එසේ තිබියදී , මහින්ද රාජපක්ෂ මහතා ,අගමැතිරනිල් වික්‍රමසිංහ මහතාව රහසිගතව හමුවීම ,බොහෝ දෙනා තුල ගැටළු රැසක් ඇතිකරයි.විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ මහතාව අදහන ඔහුගේ අනුගාමිකයන්  මෙම ක්‍රියාමාර්ගයෙන් දැඩි අසිරු තාවයකට පත් වනු ඇත. ඒකාබද්ධ විපක්ෂය අවුලෙන් අවුලට පත්වෙනු ඇත. එමෙන්ම යහපාලනයට උරදුන් අයද අවුලෙන් අවුලටම පත්වෙනු ඇත.

Man unknown-

Comments

meka supiri liyawillak elas

Sir godak wadagath lipiyak.

mahidage nihadathawaya ,ranilge dubal gemath pahadiliyi

මහින්ද ගේ කටේ පිට්ටු හිරවෙලා තියෙන්නේ එකයි. මම මේ ලිපියට එකයි.හොරෝ අල්ලිලි බොරු ,රනිල් ඉන්නේ දිල් දාගෙන වගෙයි.