දෙගම්මැදි රාජ්‍යය.......

Mesopotamia

සන්නස අපි අද ඔබව ඉපැරණි අබිමානවත් ශිෂ්ටාචාරයක්  වෙත රැගෙන යන්නයි ,මේ සුදානම.ඒ තමා මෙසපොතෙමියාව .අපේ පැරණි පොත පතේ සදහන් වෙන්නේ දෙගම්මැදි රාජ්‍යය කියල. Mesopotamiaමෙම ඉංග්‍රීසි වචනය ග්‍රීක හාවිතයෙන් පැමිණ ඇත.ග්‍රීකයන් මෙයින් අදහස් කර තිබෙන්නේ ,ගංගා දෙක අතර භුමිය යන්නයි.අපේ දෙගම්මැදි රාජ්‍යය යන භාවිතය ඊට වඩා පොහොසත් බව පෙනේ . ලිඛිච්ත ඉතිහාසය 3100 බැ.BC සිට 539 BC දක්වා විහිද යයි.වර්තමාන  ඉරාකය ,සිරියාව ,ක්වේට් හා තුර්කියෙන් කොටසක්ද මෙයට අයත්වේ.ඉකුත් දශක කිහිපය තිස්සේ නොයෙකුත් හේතු හදා  ඇමරිකාව ඇතුළු බටහිර ජාතින් විසින් යුද්ධය මුවාවෙන් සහාසික ලෙස විනාශ කරන්නේ මෙම ශ්‍රේෂ්ඨ ඉතිහාසයයි.

මෙසපොතෙමියාව හෙවත්  දෙගම්මැදි රාජ්‍යය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පිහිටා තිබෙන්නේ ,ගංගා දෙකකට මැදිවය. එනම් යුප්‍රටීස් හා ටයිග්රිස්  Tigris-Euphrates අතරය.

            සුමේරියන් ,ආකෙඩියන්,බැබිලෝනියන් ,ඇසිරියන් යන ශිෂ්ටාචාර මෙයට අයත් වෙනවා.පාලනය කල රාජවංශ අනුවයි මෙසේ නම්කර තිබෙන්නේ.ගණිතය ,තාරකාවේදය,කෘෂිකර්මාන්තය ,ඔවූන් විසින් ලෝකයට දායාද කර තිබෙනවා.Neolithic Revolution නමින් හැදින්වෙන 10.000 BC කාලයේදී ලෝකයේ මුලින්ම සංවර්ධනයවූ ජාතියක් ලෙස මෙය හැදින්වේ.

Bronze age,වශයෙන් සලකන කාලයට Neo-Assyrian සහ neo-Babylonianයන යුග අයත්වේ.ගංගා ආශ්‍රිතව කෘෂිකර්මාන්තය මුල්කරගෙන මෙම ශිෂ්ටාචාර ගොඩ නාග තිබේ.

පළමු බැබිලෝනියන් රාජ වංශය ට අයත් කාන්තා රුපය හා වන්දනා කරුවෙකුගේ රූ දැක්වෙන පුරා විද්‍යාත්මක සොයාගැනීම් මෙහි උසස් බව පෙන්නුම් කරයි.

මේසපොතෙමියාව ඉතා බලවත් රාජ්‍යයක්ව පැවතී බව සදහන්වේ.තුසිඩිඩිස් ගේ සටහන්වලින් ඒබව තහවුරුවේ.මේ සා දියුණුවූ ශිෂ්ටාචාරය බිදවෙටිමට හේතුව එය යුධ් ආක්‍රමණ වලට ගොදුරු වීමය.මෙම  ශිෂ්ටාචාර.332 BC කාලයේදී  ග්‍රීසියේ මහා ඇලෙක්සැන්ඩර් ගේ ආක්‍රමණවලට ගොදුරුවිය .

150 BC කාලයේදී මේසපොතෙමියාව පර්තින් අඩිරාජයාගේ පාලනය යටතේ පැවතුනි.රෝමවරුන් හා පර්තින් වරුන් අතර දරුණු ගනයේ යුද සටන් පැවතුනි .ඉන් එය රෝඅමයට යටත් කරගනු ලැබිය .AD226 කාලයේදී , මේසපොතෙමියාව සස්සනිඩ් යටතේ පර්සියානු පාලනයට අයත් කරගනු ලැබිය .එතැන් සිට 7 වන සියවස දක්වාම මුස්ලිම් පාලනය ස්ථාපිත විය.

 

            -සච්ත් ඒකනායක

Comments

meka apita hariyata watinawa ,sannasa demawpiyan wage

mama gaq karanawa, rathnapure clz yanne melipi ithaama wedagath thanks for sannasa

purawiddyawa epawela hitiye meliyana widiya lassanyi,asahithenawa