අලුත් ව්‍යවස්ථාවක්  හැදීම ........

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්  හැදීම සදහා මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවක් Parliament as Constitution Assembly බවට පත්කිරීමේ යෝජනාව පසුගියදා අගමැතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබිය.විධායක ජනාධිපති ක්‍රමය,මැතිවරණක්‍රමය ඇතුළු වෙනස්කම් රැසක් ඇතුලත් නව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්  හැදීම මෙහි අරමුණ වී තිබේ.නව ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ අනුමත කිරීමෙන් පසුව ජනමත විචාරණයක් මගින් අනුමත කරගැනීමට අදහස් කරනබව ප්‍රකාශ කොට ඇත.මේ කාරණය සම්බන්දයෙන් දැනටමත් දේශපාලන අංශ අතර විවිධ මත පැනනැගී තිබේ.ශ්‍රීලනිපය එසදහා වූ සිය යෝජනා අගමැතිවරයාට ඉදිරිපත් කොට ඇත.එහිම විකල්ප කන්ධායම වෙනත් යෝජනා ඉදිරිපත් කොට තිබේ.මේ පිලිබදව ඔවුන් අතර කඹ ඇදිල්ලක් පවතින බව පෙනේ.මෙම මත බේද තුල සබැ ජනතා අපේක්ෂාවෙන් කොතෙක් දුරට නියෝජනය වන්නේද යන්න සලකා බැලීම වැදගත්ය.1833 දී පිහිටවූ  ව්‍යවස්ථාවේ සිට මේ දක්වා පිහිටවූ සැම ප්‍රතිසංස්කරණයකින්ම සිදුවුයේ පාලකයන්ගේ  අවශ්‍යතා සපුරා ගැනීම පමණකි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්   නිර්මාණය කිරීම සදහා විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරයි.දැන් පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංසෝධනය කිරීම සදහා ඉතා අසීරු විධිවිධාන පවතී.ඇතැම් කොටස් සංශෝධනය කිරීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමතයක් අවශ්‍ය වේ.ඒකීයභාවය,වැනි වගන්ති වෙනස් කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය වේ,ඇතැම් වගන්ති වෙනස් කිරීමට අධිකරණයේ අනුමැතිය අනුමතයක් අවශ්‍ය වේ.දැන් ආණ්ඩුව සුදානම්වී සිටින්නේ ඒසදහා මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවක් Parliament as Constitution Assemblyබවට පත්කරගෙන අලුත් ව්‍යවස්ථාව සම්මත කරගැනීමටය.ඒ සදහා තමන්ට ජනවරමක් ලැබී ඇතැයි ජනාධිපති වරයා විසින් ප්‍රකාශකලේය.ඊට හේතුව ජනාධිපතිවරණයේදී මේ පිලිබදව පොරොන්දුදී තිබීමය . ව්‍යවස්ථා සංශෝධනය සදහා පවතින විධිවිධාන අනුව එය ප්‍රමාණවත් නොවන බව පෙනීයයි.එසේනම් ඒ සදහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර කැමැත්තත්,අධිකරණ අනුමැතිය සහ ජනමත විචාරණයකදී ජනතාවගේ අනුමැතියත් අවශ්‍ය වෙනු ඇත.

            නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සදහා ඉදිරිපත්කොට ඇති,කරුණුවල මුලික තේමාව වී ඇත්තේ ආයතනමය වෙනස්කිරිම්ය.

            -විධායක ජනධිපති ක්‍රමය අහෝසි කිරීම
            -මැතිවරණ  සංශෝදනය කිරීම.
            -මුලික අයිතිවසිකම් පිළිබද විධි විධාන     

යනාදිය මෙහි ප්‍රමුකත්වයෙහි  තබා ඇත.මෙම කරුණු සලකා බලනවිට අලුතෙන් හැදීමට යන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ස්වරුපය තේරුම් ගැනීමට හැකිවේ.එය අලුත් ව්‍යවස්ථාවකට වඩා පැරණි පාර්ලිමේන්තු ක්‍රමයට ගමන් කිරීමක් බව පෙනෙන්නට තිබේ.නාමික ජනාධිපති ධුරයක් ,පරමධිපති පාර්ලිමේන්තුවක් ,සරල බහුතර නියෝජන ක්‍රමය හෝ එයත් ඇතුලත් මිශ්‍ර ක්‍රමයක් යනාදිය නව ව්‍යවස්ථාවේ මුලික අංග වනු ඇත.මෙයට තවත් සැරසිලි එක්වෙනු ඇත.

  මෙහිදී සැලකිල්ලට ගත යුතු වැදගත්ම කාරණය වනුයේ ,වත්මන් ආණ්ඩුක්‍රමයේ පවතින සියලු දෝෂ පාර්ලිමේන්තු ක්‍රමයෙන් මගහැරී යනු ඇත්ද යන්නයි.1970-77 අතර පවතී එම ක්‍රමය යටතේද මෙම දුර්වලතාවන් පැවතුනි.1975 දී ආණ්ඩුවේ ධුර කාලය අවසන් විමට නියමිත වුවද ,1977 දක්වා අවුරුදු දෙකක් පාලන කාලය දීර්ග කරගනු ලැබුවේ එම පාර්ලිමේන්තු ක්‍රමයෙන් මය.ඊට විරුද්ධවූ අමාත්‍ය වරු නෙරපා දැමුවේද එම පාර්ලිමේන්තු ක්‍රමයෙන් මය.පුවත්පත් මණ්ඩල පනත ගෙන අවෙත්, ඊට එරෙහිව ඉදිරිපත්වූ පෙත්සම් සලකා බැලීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය කැදවිම නොකර සිටියේත් එම පාර්ලිමේන්තු ක්‍රමයෙන් මය.මෙබදු නිදසුන් රැසක්ම ඊට පැවති ආණ්ඩු විසින්ද සපයා තිබේ.එබැවින් ප්‍රශ්නය වන්නේ මෙබදු ව්‍යවස්ථා සංශෝධනයකින් ජනතාවගේ අපේක්ෂා සපුරා ගත හැකිවන්නේ කෙසේද යන්නය.

දැන්දේශපාලනයේ පවතින සෑම අර්බුදයකටම හේතුව ලෙස ජනාධිපති ක්‍රමයත් ,සමානුපාතික නියෝජන ක්‍රමයත් පෙන්වාදී තිබීම සාධාරණනොවේ. විධායක ජනධිපති ක්‍රමය ඉතා හොදින් ප්‍රජාතන්ත්‍රවාදිව ඇතැම් රටවල ක්‍රියාත්මකවේ.සමානුපාතික නියෝජන ක්‍රමය වඩාත් ප්‍රසස්ථ නියෝජන ක්‍රමයකි.ප්‍රශ්නය වී  තිබෙන්නේ ,මේවා අපේරටේ ක්‍රියාත්මක වන ආකාරයයි.පසුගිය මැතිවරණයේදී ජනතාව බුද්ධිමත්ව ජන්දය ප්‍රකාශ කොට සමබර ආන්දුපක්ෂයක් හා විපක්ෂයක් තැනිය,නමුත් සිදුවුයේ කුමක්ද දෙපක්ෂය එක්වීමය. පරාජිතයන් පාර්ලිමේන්තුවට ගෙනවිත් ඇමති ධුර පිරිනමිමය.ඊට පෙර රජයටද ජනතාව තුනෙන් දෙකේ බහුතර බලයක් ලබාදුන්නේ නැත.නමුත් සිදුවුයේ කුමක්ද එජාප එය අය ආණ්ඩුවට ගෙන ඇමතිකම් දී පාර්ලිමේන්තුවේ  අතිවිශාල බහුතරයක් හදා ගැනීමය.ඉන් පසුව තමන්ට අබිමත ආකාරයට බලය හැසිරවීමය.එබැවින් වැදගත්ම ප්‍රශ්නය වන්නේ මෙම දුෂිත දේශපාලන ක්‍රමය වෙනස් කරන්නේ කෙසේද යන්නය .ඒ සදහා ජනතාවට මැදිහත්විය හැක්කේ කෙසේද යන්නය.

-මතු සම්බන්ධයි

මෑන්unkwon