සංක්‍රමණික ඉන්දු ආර්යය ජන කණ්ඩායම් විසින් පිහිටුවාගත් ප්‍රධාන ජනාවාස සහ ජනාවාස ව්‍යාප්තිය.

ඔයාලට මතක ඇති මම මීට කලින් ලිපියෙන් අපේ රටට පැමිණි ආර්යය කණ්ඩායම් මොනවාද කියල කීවා. එහෙම කතා කරපු ආර්යය කණ්ඩායම් අපේ රටට ඇවිත් පිහිටුවාගත්ත ජනාවාස මොනවද, ඒ ජනාවාස ව්‍යාප්ත වුෙණ් කොහොමද කියලා අපි අද බලමු. 

ලංකාවට සංක්‍රමණය වූ ඉන්දු  ආර්යය ජන කණ්ඩායම් අපේ රටේ ජනාවාස පිහිටුවාගද්දි විවිධ නිර්ණායකයන් කෙරෙහි අවධානය යොමු කර ඇති බව සඳහන් කළ යුතුයි. මෙරට  මුල්ම කාලයට අයත් බ්‍රාහ්මීය ලෙන් ලිපි රැසක් හමුවී තිබෙන අතර එම ලෙන් ලිපි මෙරට ආර්යය ජනාවාස ව්‍යාප්තිය සම්බන්ධයෙන් කරැණු හෙලිදරව් කරන ප්‍රධානතම මූලාශ්‍රය ලෙසට අප සඳහන් කළ යුතු වේ.

පූර්ව හා අපර බ්‍රාහ්මණ ලෙන් ලිපි වල ව්‍යාප්තිය පිළිබඳ කරැණු විමසා බැලීමේදී පැහැදිලි වන්නේ සංක්‍රමණික ඉන්දු ආර්යයයෝ ඒකාකාරී ලෙස මෙරට සමස්ථ භූමිප්‍රදේශයම සිය ජනාවාස පිහිටුවීම පිණිස භාවිතා කොට නොමැති බවයි.

ලෙන් ලිපි වල ව්‍යප්තිය පිළිබඳ නිරීක්ෂණයේදී ශ්‍රී ලංකාවේ උතුරැ පළාත,උතුරැමැද පළාත,වයඹ පළාත,නැගෙනහිර පළාත හා දකුණු පළාත් වල සංක්‍රමණික ඉන්දු ආර්යය ජනයා විසින් සිය ජනාවාස බහුලව පිහිටුවාගෙන ඇති බව පැහැදිලි වේ. නමුත් ඔවුන් බටහිර තැනිතලාවේ මද වශයෙන් ව්‍යාප්ත වී ඇති අතර මධ්‍යම කඳුකරය ආශ්‍රිතව ඉතා විරල වශයෙන් ජනාවාස පිහිටුවා ගෙන තිබෙන ඔවුන් දිවයිනේ නිරිතදිග තැනිතලා ප්‍රදේශය ජනාවාස ඉදිකිරීම සඳහා තෝරා ගෙන නොමැති බව පැහැදිලි වේ.

එලෙස සංක්‍රමණික ඉන්දු ආ්යයයෝ විශම ආකාරයෙන් මෙරට තැනින්තැන ව්‍යාප්ත වී ඇ්තේ ඔවුන් එලෙස ව්‍යාප්ත වීමේදී සිය ජීවනෝපාය මාර්ගයන් පහසුවෙන් සපුරා ගත හැකි වූ ප්‍රදේශ කෙරෙහි ප්‍රමුඛ අවදානය යොමු කර තිබීම නිසාය. ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය වී තිබුෙණ් කෘෂිකර්මික හා සත්ත්ව පාලන කටයුතු වේ. ඊට ගැලපුන

1.   තැනිතලා භූමි ප්‍රදේශයක්  වීම.

2.   වියළි කලාපීය දේශගුණයක් පැවතිම.

3.   ජලාශ්‍රිත ස්වාභාවයක්

ආදී සාධකයන් ගැලපුන ප්‍රදේශයන් හි ජනාවාස පිහිටුවා ගැනීමට ඔවුන් වැඩි නැඹුරැවක් දක්වා ඇත. ගිරි දුර්ග, වන දුර්ග හා ජල දුර්ග ආදී ස්වාභාවික දුෂ්කරතා හා බාධාවන්ගෙන් යුක්ත මධ්‍යම කඳුකර ප්‍රදේශය ඉන්දු ආර්යය  ජනාවාස කරණයේදී එතරම් වැදගත් වී නොතිබුණ  බව පැහැදිලි වේ. එමෙන්ම බෙෙහවින් තෙත් කලාපීය දේශගුණයක් සහිත නිරිතදිග තැනිතලාවද ඔවුන් සිය ජනාවාස ඉදිකිරීම සඳහා තෝරාගෙන නොතිබුණි. සංක්‍රමණික ඉන්දු ආර්යය ජන කණ්ඩායම් විසින් මෙරට ජනාවාස පිහිටුවාගනු ලැබූ ප්‍රධාන කලාප දෙකක් හඳුනාගත හැකි වේ.

1.   මහවැලි නදියෙන් උතුරැදිග තැනිතලාව.

2.   මහවැලි නදියෙන් දකුණු තැනිතලාව.

ආදි වශයෙනි. මහවැලි නදියෙන් උතුරැ දිග තැනිතලාවේ සිය ජනාවාස පිහිටුවාගත් ආර්යය ජන කණ්ඩායම් අතර විජය කුමාරයා ඇතුලු පිරිස, විජයායි කුමරිය ඇතුලු පිරිස ආදිය සඳහන් කළ හැකි වේ. ඔවුන් විසින් පිහටුවාගත් ප්‍රධාන ජනාවාස අතර තම්බපණ්ණිය, උපතිස්සගාම, උරැවෙලගාම, අනුරාධගාම හා විජිතගාම ආදිය සඳහන් කළ හැකි වේ.

මහවැලි නදියෙන් දකුණු දිග තැනිතලාවේ සිය ජනාවාස පිහිටුවා ගැනීමේදී වැඩි අවදානයක් යොමු කර තිබුෙණ් නැගෙනහිර ඉන්දීය ප්‍රදේශයෙන් සංක්‍රමණය වූ ආර්යය ජනයාය. ඒ අනුව ඔවුන් විසින් නැගෙනහිර හා දකුණු දිග තැනිතලාවන් ජනාවාස කර තිබෙනු දැකිය හැකි වේ. දීඝ,රාම, ගෝණ,රෝහණ ආදී භද්දකච්චායනා කුමරියගේ සහෝදර කණ්ඩායම ඒ අතර ප්‍රමුඛ වේ. ඔවුන් විසින් පිහිටුවා ගන්නා ලද ආර්යය ජනාවාස අතර දීඝගාම, රෝහන ගාම, ගෝණ ගාම, රාම ගාම ආදිය සඳහන් කල හැකි වේ. මේ හැරැණු විට දකුණු දිග තැනිතලාවේ  ඉදි වී තිබූ ඉපැරණි ආර්යය ජනාවසයක් ලෙසට කාචරග්‍රාමය සඳහන් කළ හැකි වේ. ඒ වගේම බටහිර තැනිතලාවේ කැලණි මිටියාවත තුළ ගොඩනැගුණු තවත් ප්‍රධාන ජනපදයක් ලෙසට කල්‍යාණි ජනපදය සඳහන් කළ හැකි වේ.පහත සඳහන් ජනාවාස ව්‍යාප්තිය දැක්වෙන සිතියමෙන්ද ඒ පිළිබද ඔබට අවබෝධ කර ගත හැකි වේ.

මෙරට ආර්යය ජනාවාස ව්‍යාප්තිය සම්බන්ධයෙන් අවසන් වැදගත් කාල පරිච්ෙඡ්දය ලෙසට පණ්ඩුකාභය රාජ්‍යය සමය දැක්විය හැකි වේ. පණ්ඩුකාභය රාජ්‍ය සමය සම්බන්ධයෙන් වංශකතාවේ සඳහන් තොරතුරැ ඒ ආකාරයෙන්ම පිළි නොගෙන ඒවාට අර්ථ නිරෑපන සපයන වියොතුන් විසින් පෙන්වා දෙනු ලබන්නේ පණ්ඩුකාභය කුමාරයා සහ ඔහුගේ මාමාවරැන් අතර ඇති වී තිබූ සටන් මාලාව ආර්යය ජනාවාස ව්‍යාප්තිය සම්බන්ධයෙන් සිදු වීඇති ගැටුම් මාලාවක් ලෙසට දැක්විය හැකි බවයි. ඒ අනුව  පණ්ඩුකාභය මහවැලි නදියෙන් දකුණු තැනිතලාවේ ආර්යය හා අනාර්යය යන සියලු ජනයාගේ පිළිගත් නායකයා වූ අතර ඔහු සිය ජන අවශ්‍යතා දකුෙණ් ජනාවාස උතුරට ව්‍යාප්ත කිරීමට යෑම තුලින් උතුරැ තැනිතලාවේ ජනපද නායකයන් සමූහයක් සමග සටන් වැදීමට සිදු වී තිබේ. එම සටන් අවසන් වන්නේ ආර්යය හා අනාර්යය යන  සියලු ජනයාගේ පක්ෂ පාතීත්වය දිනා ගත් පණ්ඩුකාභය කුමාරයාට ජයග්‍රහනය හිමි වීමෙනි. ඒ අනුව ඔහු මහවැලි නදියෙන් උතුරැ තැනිතලාවේද ජනතාවගේ  පිළිගත් නායකයා බවට පත් වන අතර ඔහුගේ නායකත්වය යටතේ ආර්යය හා අනාර්යය යන සියලු ජනයා මිශ්‍ර වී යෑමෙන් එකම ජන සමාජයක්  ලෙසට සංවිධානය වීමට අවස්ථාව උදාවී තිබේ. එය මෙරට ඉන්දු ආර්යය ජනාවාසකරණයේ උපරිම අවස්ථාව ලෙසට සඳහන් කළ හැකි වේ.

එහෙනම් ඉතින් අදට මම යනවා. තවත් ලිපියකින් හමු වෙමු. සුබ දවසක් ඔයාලට.

 

නදීෂා මැදවත්ත.