සංක්‍රමණික ඉන්දු ආර්යය ජන කණ්ඩායම් විසින් පිහිටුවාගත් ප්‍රධාන ජනාවාස සහ ජනාවාස ව්‍යාප්තිය.

ඔයාලට මතක ඇති මම මීට කලින් ලිපියෙන් අපේ රටට පැමිණි ආර්යය කණ්ඩායම් මොනවාද කියල කීවා. එහෙම කතා කරපු ආර්යය කණ්ඩායම් අපේ රටට ඇවිත් පිහිටුවාගත්ත ජනාවාස මොනවද, ඒ ජනාවාස ව්‍යාප්ත වුෙණ් කොහොමද කියලා අපි අද බලමු. 

ලංකාවට සංක්‍රමණය වූ ඉන්දු  ආර්යය ජන කණ්ඩායම් අපේ රටේ ජනාවාස පිහිටුවාගද්දි විවිධ නිර්ණායකයන් කෙරෙහි අවධානය යොමු කර ඇති බව සඳහන් කළ යුතුයි. මෙරට  මුල්ම කාලයට අයත් බ්‍රාහ්මීය ලෙන් ලිපි රැසක් හමුවී තිබෙන අතර එම ලෙන් ලිපි මෙරට ආර්යය ජනාවාස ව්‍යාප්තිය සම්බන්ධයෙන් කරැණු හෙලිදරව් කරන ප්‍රධානතම මූලාශ්‍රය ලෙසට අප සඳහන් කළ යුතු වේ.

වැඩිදුර  කියවන්න.........


මානව සංඛ්‍යාවේ වර්ධනය

The rapid growth of the world population is a recent  phenomenon in the history of the world.

United Nations

අතීත මිනිසා මිනිසා සම්පූර්ණයෙන්ම ස්වභාව ධර්මය මත යැපෙමින් සංක‍්‍රමණිකයන් වශයෙන් අජීවත් වූ බව ඉතිහාසය සාක්ෂි දරයි. ක‍්‍රි. පූ. 9000ටපමණ පෙර දඩයම් කරුවන් හා ද්‍රව්‍ය රැුස් කරන්නන් ලෙස මේ අයජීවත් විය. මොවූන් වනාන්තරයෙන් එක් රැුස් කර ගන්නා ලද ද්‍රව්‍යආහාරයට ගත් අතර කණ්ඩායම් වශයෙන් එකමුතුව දඩයම්කළේය. දඩයම් කිරීම ස`දහා ගල් පතුරු, කෝටු හා සතුන්ගේ ඇටකටු වලින් තනාගත් සරළ ආම්පන්න භාවිතා කර ඇත. ගස්වලපත‍්‍ර කෝටු ආදිය යොදා ගෙන ආවරණ තනා ගත්හ.

මේ කාලයේ උපත් අනුපාතිකය ඉතා පහළ  මට්ටමක පැවතියේය. වනද්‍රව්‍ය රැුස් කරන්නන් දරුවන් අතර  පරතරයක් තබා ගත්තේය. කාන්තාවන්ට කැලෑවල ඇවිදින විටඑක් දරුවෙකුට වඩා ඔසවා ගෙන යා නොහැකි විය. අවුරුදුතුනක් පමණ දරුවන් රැුක බලා ගැනීමටද සිදු විය. වර්තමානයේපවා කලහාරි කාන්තාරයේ දඩයම් හා වන ද්‍රව්‍ය රැුස් කරන බුෂ්මන්වරුන් පැසිපික් ¥පත් වල පොලිනීසියන් වරු දරුවන් අතරපරතරයක් තබා ගනී. දරුවන් වැඩි සංඛ්‍යාවක් ඉපදීම, වසංගතපැතිරයාම වැනි අවස්ථා වලදී දරුවන් මරා දැමීමද මෙවැනිගෝත‍්‍ර සමාජ වල සිදුවේ. එම නිසා උපත් අනුපාතිකය පහළමට්ටමක විය.

වැඩිදුර කියවන්න..........

 


A/L ඉතිහාසය-1

මහින්දාගමනයට පෙරත් අපට අපේම සංස්කෘතියක් තිබුණා.

අද අපේ රටේ ඉන්න සමහර අයට අපේ ඉතිහාසය අමතක වෙලා බව පේනවා “ඉතිහාසයක් නැති ජාතියකට අනාගතයකුත් නෑ” කියල කියනවා නේ. ඒ නිසා මෙම ලිපිය ඉදිරිපත් කරන්නේ O/L , A/L  විභාග කරන අයට විතරක් නෙවේ.

මහින්දාගමනයට පෙර එහෙමත් නැතිනම් බුදුදහම සංවිධානාත්මකව හා නිලවශයෙන් හදුන්වා දෙන්නට පෙර කාලයේ මේ රටේ ජනයා අතර පැවති ආගමික ඇදහිලි වගේම විශ්වාස පිළිබද තොරතුරැ රැසක් තායෙනවා කියල ඔයාලා දන්නවද?  ඒ තොරතුරු අපට දැනගන්න පුලුවන් මූලාශ්‍ර ගණනාවක් තියෙනවා. මෙන්න බලන්න මොනවද  ඒ මූලාශ්‍ර කියල ·      

  • දීපවංශය
  • මහාවංශය
  • වංසත්තප්පකාසිනිය
  • නිකාය සංග්‍රහය
  • බෝධි වංශය
  • දාතු වංශය

වැඩිදුර කියවන්න..........


A/L ඉතිහාසය-2

අපේ රටට මුලින් ආව ඉන්දු ආර්යයන්

ඔන්න ඉතිං පොරොන්දු වුණ විදිහටම මම ඔයාලට වැදගත් මාතෘකාවක් අරන් ආවා. අපි  බලමු අපේ රටට මුලින්ම ආපු ආර්යය කණ්ඩායම් ගැන අපි දන්න තොරතුරු මොනාද කියලා. වංශකථාවේ සඳහන් වෙලා තියෙන තොරතුරු  විමර්ශනය කරද්දින් (මහාවංශය 6වැනි පරිච්ඡේදය 7,8 වැනි ‌පරිච්ඡේද)  අපේ රටට සංක්‍රමණය වුණ ප්‍රධාන ඉන්දු  ආර්යය ජන කණ්ඩායම් කිහිපයක්ම හඳුනාගන්න පු‌ළුවන්. ඒ අතර ප්‍රථම  ආර්යය ජන කණ්ඩායම ලෙසට සඳහන් වෙන්නේ විජය කුමාරයා ඇතු‌ළු පිරිසගේ කණ්ඩායමයි. විජය කුමාරයා ඉන්දියාවේ රාජ පෙළපතකින් පැවත එන බවත් ඔහු ඇතු‌ළු ඔහුගේ සහචරයන් පිරිසක් ලාට රට සිංහපුර  රාජධානිය තුළ නොහික්මුණු විලාශයෙන් හැසිරුණ බවත් කෝපයට පත් ජනයා විජයගේ පියා වුණු සිංහපුර පාලක සිංහබාහු රජුගෙන් කළ ඉල්ලීමකට අනුව මොවුන් රටින් පිටුවහල් කර තිබූ බවත් බුද්ධ පරිනිර්වානය සිදු වූ දින මෙම පිරිස ලංකාවට පැමිණි බවත් සඳහන් වෙනවා. ලංකාවට පැමිණි  ප්‍රථම ආර්යය ජන කණ්ඩායම විජය කුමාරයා ඇතු‌ළු ආර්යය පිරිස වන බව මහාවංශයේ සඳහන් තොරතුරු ඒ ආකාරයෙන්ම පිළිනොගන්නා මහාචාර්චාර්යය පරනවිතාරණ මහතා පෙන්වා දෙන්නේ වංශකථාවේ සඳහන් වී ඇති ආකාරයට සංවිධානාත්මක ආකාරයේ ක්‍රියාවලියකින් මේ රට ජනාවාස වූවා යැයි පිළිගත නොහැකි බවයි.

වැඩිදුර කියවන්න.........