මානව සංඛ්‍යාවේ වර්ධනය

The rapid growth of the world population is a recent  phenomenon in the history of the world.

United Nations

අතීත මිනිසා මිනිසා සම්පූර්ණයෙන්ම ස්වභාව ධර්මය මත යැපෙමින් සංක‍්‍රමණිකයන් වශයෙන් අජීවත් වූ බව ඉතිහාසය සාක්ෂි දරයි.ක‍්‍රි. පූ. 9000ටපමණ පෙර දඩයම් කරුවන් හා ද්‍රව්‍ය රැුස් කරන්නන් ලෙස මේ අයජීවත් විය. මොවූන් වනාන්තරයෙන් එක් රැුස් කර ගන්නා ලද ද්‍රව්‍යආහාරයට ගත් අතර කණ්ඩායම් වශයෙන් එකමුතුව දඩයම්කළේය. දඩයම් කිරීම ස`දහා ගල් පතුරු, කෝටු හා සතුන්ගේ ඇටකටු වලින් තනාගත් සරළ ආම්පන්න භාවිතා කර ඇත. ගස්වලපත‍්‍ර කෝටු ආදිය යොදා ගෙන ආවරණ තනා ගත්හ.

මේ කාලයේ උපත් අනුපාතිකය ඉතා පහළ  මට්ටමක පැවතියේය. වනද්‍රව්‍ය රැුස් කරන්නන් දරුවන් අතර  පරතරයක් තබා ගත්තේය. කාන්තාවන්ට කැලෑවල ඇවිදින විටඑක් දරුවෙකුට වඩා ඔසවා ගෙන යා නොහැකි විය. අවුරුදුතුනක් පමණ දරුවන් රැුක බලා ගැනීමටද සිදු විය. වර්තමානයේපවා කලහාරි කාන්තාරයේ දඩයම් හා වන ද්‍රව්‍ය රැුස් කරන බුෂ්මන්වරුන් පැසිපික් ¥පත් වල පොලිනීසියන් වරු දරුවන් අතරපරතරයක් තබා ගනී. දරුවන් වැඩි සංඛ්‍යාවක් ඉපදීම, වසංගතපැතිරයාම වැනි අවස්ථා වලදී දරුවන් මරා දැමීමද මෙවැනිගෝත‍්‍ර සමාජ වල සිදුවේ. එම නිසා උපත් අනුපාතිකය පහළමට්ටමක විය.

අනෙක් අතට, නොයෙක් ලෙඩ රෝග, වසංගතහා කටුක දේශගුණය නිසා මරණ සංඛ්‍යාව අධික වූ අතරආයුකාලය අවුරුදු 30ක් පමණ විය. මේ කාලයේදී ලෝකයේ  වාසය කළ මිනිසුන් සංඛ්‍යාව මිලියන 05ක් පමණ විය හැකිය. ජනසංඛ්‍යාවේ වර්ධනයක් සිදු වූයේ නැත.

ක‍්‍රි පූ 8000දී පමණ අදින් වසර 10 000ට පෙර ගෘහස්ථව  සතුන් ඇති කිරීම හා ධාන්‍ය වගා කිරීම ආරම්භ කරන ලදි.  දඩයක්කාර ද්‍රව්‍ය රැුස් කරන්නා පූර්ණ වශයෙන් හෝ අර්ධ  වශයෙන් එෙ`ඞ්රෙකු බවට පත් විය. වනයේ වැඩෙන ශාකවර්ගයන් ගෙන් අවශ්‍යතා අනුව තෝරාගත් ගස් වර්ග වාසස්ථානඅසල වගා කිරීමට පටන් ගත්තේය. සල ගොවිතැන ඇති වූයේ  මෙහි ප‍්‍රතිඵලයක් වශයෙනි.

කෘෂිකාර්මික විප්ලවය

ක‍්‍රිපූ 6000දි පමණ එනම් අදින් වසර 8000කට පමණ ඉහතස්ථිර කෘෂිකර්මය ආරම්භ වී ඇත. මුලින්ම ඇනටෝලියාවේආරම්භ වී පසුව බටහිර ආසියාව පුරා ව්‍යාප්ත වී පසුව චීනය,  ඉන්දියාව ආදි ප‍්‍රදේශ වලට පැතිරී ගියේය. බෝගවගා කරන ප‍්‍රදේශ  ආශ‍්‍රිතව ස්ථිර ජනාවාස නිර්මාණය විය. එෙ`ඞ්ර අවධියේ භාවිතාකළ කූඩාරම් පැල්පත් වෙනුවට ගඩොල් හෝ මැටි භාවිතාකරමින් වාසස්ථාන ඉදි විය. මේ වන විට ලෝහමය නගුල, ගෘහස්ථමය ලෙස ඇති කරන සතුන්, කෘෂිකාර්මික කටයුතු ස`දහායොදා ගැනුණි. දිය පහරවල් යොදා ගෙන ජලය ලබා ගැනීමටහුරු විය. නිශ්පාදන අඩු වූ අවස්ථාවල ප‍්‍රයෝජනයට ගැනීම ස`දහාඅතිරික්තය ගබඩා කිරීමක්ද සිදු විය.

කෘෂිකර්මය ආරම්භකළාට පසු දරුවන් අතර පරතරයක්අවශ්‍ය නොවීය. උපත් සංඛ්‍යාව ඉහළ ගියේය. මෙයට මූලිකහේතුව වූයේ, මෙවැනි සමාජ වලට දරුවන් වැඩියෙන් සිටිමකෘෂිකර්මයට ‘අතිරේක අත්’ එකතු වීමක් වූ නිසාය. නමුත්කෘෂිකාර්මික විප්ලවයත් සමග වේගයෙන් ජන සංඛ්‍යාව ඉහළගියේ නැත. ඊට හේතු වූයේ ස්වභාවික විපත්, දේශගුණිකවෙනස්කම් නිසා ඇතිවූ නියග ගංවතුර හා වසංගත ආදිය නිසාමරණ සංඛ්‍යාව ද ඉහළ මට්ටමක පැවතීමයි. මේ කාලය තුළ උපත්මරණ විචලනය වුවද ඊට පෙර කාලයට වඩා ජන සංඛ්‍යාවේ සුළුවර්ධනයක් සිදුු විය. මේ කාලය මන්දගාමි වර්ධනයක් සහිත කාලපරිච්ෙඡ්දයක් ලෙස හ`දුන්වන්නේ ඒ නිසාය.

කෘෂිකර්මය පදනම් කර ගත් නාගරික ජන සමාජ බිහි විම ද ඉන්  පසු කාලයේ දක්නට ලැබේ. කෘෂි නිශ්පාදන ඉහළ යාම, මැටිකර්මාන්තය වඩු කර්මාන්තය, රෙදි විවීම ආයුධ නිශ්පාදනය වැනි  අංශ වල නිරත වන අයද දක්නට ලැබේ. මේ නිශ්පාදන අලෙවිකිරීම ස`දහා වෙළ`ද පළවල් ඇති විය. ඒ අනුව මුල් කාලීන නාගරික  මධ්‍යස්ථාන ඇති වීමත්, නාගරිකරණයේ ආරම්භයත් සිදු විය.කලක් ගත වන විට කුඩා ගම් නගර බවටත් නගර මහා නගරබවටත් පරිවර්තනය විය. ගංගා නිම්න ආශ‍්‍රිතව බොහෝ ජනයාඒක රාශි වී තිබේ. ජල පහසුව, සරුපස, හිතකර දේශගුණය යනසාධක අනුව ලෝකයේ ශිෂ්ටාචාර 04ක් බිහි වී තිබේ.

  • මෙසපොටේමියානු ශිෂ්ටාචාරය - අවු 5000ටපෙර යුප‍්‍රටීස් ටයිග‍්‍රිස් දෙගම්මැදි නිම්නය ආශී‍්‍රතවබිහි වී තිබුණි.
  • පෙරෝ රාජ්‍ය - අවු. 5000ට පමණ පෙර අප‍්‍රිකාවේනයිල් නිම්නය ආශ‍්‍රිතව
  • ඉන්දු නිම්න ශිෂ්ටාචාරය - වසර 3500ට පමණපෙර ඉන්දියාවේ ඉන්දු ගංගාව ආශ‍්‍රිතව
  • හොවැංහෝ ශිෂ්ටාචාරය - චීනයේ හොවැංහෝගංගාව ආශ‍්‍රය කර ගනිමින් වසර 3500ට පමණපෙර බිහිවී තිබුණි.

පසු කළෙක මෙම ශිෂ්ටාචාර යම් යම් හේතු නිසා බි`ද වැටෙන්නට  ඇතැයි කල්පනා කෙරේ.

මධ්‍යතන යුගය වන විට වෙළ`දාම හා වාණිජ කටයුතු  සම්බන්ධව වැඩි අවධානයක් යොමු විය. නගර හා මහ නගර බිහි  වන්නට එය හේතුවක් විය. එය පාරිභෝගික භාණඩ ස`දහා ඉල්ලූමඉහළ යාමට හේතු විය. ඉඩම් හිමියන් වැඩියෙන් වගා කටයුතු වලනිරත වීමට පෙළඹුණි. ක‍්‍රමයෙන් යුරෝපයේ කෘෂිකර්මයවාණිජකරණයට ලක් විය.

ක‍්‍රිව 1000පමණ වන විට විශාල නගර හා නාගරික  මධ්‍යස්ථාන පුළුල් කාර්යයන් සහිතව වර්ධනය විය. තඹ හායකඩභාවිතය රෝදය හා රුවල යොදාගනිමින් ගොඩබිමහා ජලපරිවහනය පෙරට වඩා දියුණු විය.

ග‍්‍රික රෝම අධිරාජ්‍ය යුරෝපය තුළ බිහි වීම ඊළගට සිදුවේ. රෝමය,ඇතන්ස්,,ට්‍රෝයි වැනි නගර ක‍්‍රි පූ 600දී පමණ බිහි වී ඇත. ක‍්‍රි.ව. 05  දී පමණ රෝම අධිරාජ්‍ය බිහි වීමත් සමග රෝම නගරය හා රෝම  අධිරාජ්‍යයේ තිබූ තවත් නගර පරිහානියට පත් විය. ඉන් පසුව  එළඹෙන අ`දුරු සමයේදී යුරෝපයේ නගර වර්ධනයට එතරම් හිතකර කාල පරිච්ෙඡ්දයක් නොවීය.

නැවතයුරෝපයේ නගර බිහි වන්නේ 14සහ 15සියවස්  වලදී ඇති වන මහා ගවේෂණ යුගයත් සමගයි. යුරෝපීයන් විසින්  යටත් විජිත පිහිටුවීමත්, විදේශ වෙළ`දාම දියුණු කිරීමත් සමග ආසියාව අප‍්‍රිකා සහ ලතින් ඇමරිකානු යටත් යටත් විජිත වලත් යුරෝපා ඇමරිකානු මව් රට වලත් නගර බිහි විය. මේ කාලය වන විට ලෝක ජන සංඛ්‍යාව මිලියන 500කට ආසන්න වී යැයි කල්පනා  කෙරේ. 

නමුත් මේ කාලය වන විටත් ආයු අපේක්ෂාව අවු 35කට  වඩා පහළ මට්ටමක පැවතුණි. මේ කාලයේ ලෝක ජන සංඛ්‍යාව  දෙගුණ වීමට වසර දහසක් පමණ ගත විය. කෘෂිකාර්මික විප්ලවයට  පෙර, ලෝක ජන සංඛ්‍යාවේ ලක්ෂණ තීරණය වූයේ

ඉහළ උපත් අනුපාතිකය

කෙටි ආයු පේක්ෂාව

ඍතුගතව ඇතිවන සාගත වසංගත

මරණ සංඛ්‍යාව නිතර උච්චාවචනය වීම

ආදි කරුණු මගිනි. ඒ නිසා මේ කාලයේ ඉතා තියුණු ආකාරයට  ජන සංඛ්‍යා වර්ධනය පහළ යන කාල පරිච්ෙඡ්ද, නැවතත් නැවතත්  සෙමින් වර්ධනය වීම වැනි වෙනස් වීම නිතර නිතර සිදු විය. මෙහි  ප‍්‍රථිඵලය වූයේ, ලෝක ජන සංඛ්‍යාව ඉතා සෙමෙන් දීර්ඝ කාලයක්  තිස්සේ වර්ධනය වීමයි.  කාර්මික විප්ලවය  ලෝක ජන සංඛ්‍යා වර්ධනයේ ඊළග හැරවුම් ලක්ෂය  වන්නේකාර්මික විප්ලවයයි. කාර්මික විප්ලවය තුළ සිදු වන්නේ  බලශක්තියෙන් ධාවනය වන යන්ත‍්‍ර නිපදවීම තුළන්  නිශ්පාදනය විධිමත් කිරීමයි. මෙවැනි යන්ත‍්‍ර බිහි කිරීම ස`දහාත්  පවත්වාගෙන යාම ස`දහාත්, විද්‍යාත්මක හා තාක්ෂණික දැනුම  අවශ්‍ය විය. නිශ්පාදන විධිමත් වීමත් සමග, යුරෝපයේ හා  ඇමරිකාවේ ඒක පුද්ගල නිශ්පාදනය වේගයෙන් ඉහළ යාම තුළින්  ධනය ඒකරාශි වීම සිදු විය. ඊට හේතු වූයේ ප‍්‍රාදේශිය, ජාතික හා  ජාත්‍යන්තර වෙළ`දපල ස`දහා නිශ්පාදන පටන් ගැනීමයි.

කාර්මික විප්ලවයේ තවත් ලක්ෂණයක් වූයේ, පොසිල  ඉන්ධන විශේෂයෙන්ම ගල් අගුරු භාවිතයයි. සත්ව ශ‍්‍රමය මිනිස්  ශ‍්‍රමය සුළ`ග ජලය වැනි බලශක්ති අභිබවා ගල් අ`ගරු ඉදිරියට  පැමිණියේය. යුරෝපය හා ඇමරිකාව කාර්මික විප්ලවය තුළින්   ප‍්‍රාථමික ආර්ථික කටයුතු මූලික වූ ආර්ථිකයක සිට ද්වීතික තෘතීක  ආර්ථික කටයුතු මුල්වූ ආර්ථිකයක් නිර්මාණය කරමින් නව සමාජ  ක‍්‍රමයක් නිර්මාණය කළේය.

ක‍්‍රි.ව. ආරම්භ වන විට ලෝක ජන සංඛ්‍යාව වූයේ  මිලියන 250ක් පමණි. එම සංඛ්‍යාව දෙගුණ වී ඇත්තේ ක‍්‍රි.ව. 1650 දීය. සංඛ්‍යාව දෙගුණ වීමට වසර 1650ක් තරම් දීර්ඝ කාලයක් ගත  විය. මේ කාලයේ වර්ෂයකට උපදින ළමුන් සංඛ්‍යාව ඉතා ඉහළ මට්ටමක පැවතුනත් මරණ සංඛ්‍යාවද ඒ තරමටම ඉහළ මට්ටමක  පැවති නිසා ලෝක ජන සංඛ්‍යාවේ වර්ධනයක් සිදු වූයේ ඉතා  සෙමින් බව පැහැදිළිය.

කාර්මික විප්ලවය නිසා ශ‍්‍රම විභජනයක්ද ඇති විය. මේ තුළ පුහුණු  ශ‍්‍රමිකයන්ට හා උගත් පුදගලයන්ට ඉහළ වැටුප් ලබා ගැනීමට හැකි  විය. මේ නිසා කාර්මිකරණය පුද්ගලයන්ට අධ්‍යාපනය ලබා ගැනීම  ස`දහා හො`ද පෙළඹවීමක් ඇති කළේය. තාක්ෂණයේ දියුණුවත්  සමග කෘෂික්ෂේත‍්‍රයේ නිශ්පාදන ඉහළ ගිය අතර, එය මිනිසුන්ගේ  පෝෂණය වැඩි දියුණු කිරීමට හේතුවක් විය. සමබල ආහාර වේලක් ලැබීම සෞඛ්‍ය තත්ත්වය උසස් කිරීමට හේතුවක් විය. සෞඛ්‍ය හා වෛද්‍ය ක්ෂේත‍්‍ර වල නව තාක්ෂණික ක‍්‍රම භාවිතා වීමත් සමග මරණ අනුපාතිකය අඩු වීමට එය හේතුවක් විය.  මෙලෙස ආයු අපේක්ෂාව ක‍්‍රමයෙන් ඉහළ ගිය අතර උපතේදී

ළදරුවන් ජීවත් වන සංඛ්‍යාවද ඉහළ ගියේය. ශ‍්‍රම විභජනය නිසා  පුද්ගලයෙක් ශ‍්‍රම හමුදාවට එකතු වන වයස ඉහළ ගියේය. ඒ නිසා  දෙමාපියන් දරුවෙක් වෙනුවෙන් දරන වියදම ඉහළ යාම, අඩු  දරුවන් සංඛ්‍යාවක් ලබා ගැනීමට හේතුවක් විය. කුඩා පවුල්  වර්ධනය වීමේ නැඹුරුවක් මේ කාලයේදී දැක ගැනීමට හැකි විය.  එහෙත් මරණ අනුපාතිකය පහළ ගිය වේගයට සාපේක්ෂව උපත්   අනුපාතිකය පහළ ගියේ නැත. උපත් දහසකට 35ක් තරම් ඉහළ මට්ටමක පැවති අතර, මරණ දහසකට 20ක් පමණ වන තුරු පහළ ගියේය.

ඉහත ප‍්‍රස්තාර සටහනේ දැක්වෙන්නේ එක්සත් රාජ ධානියේ උපත් හා මරණ අනුපාතිකයන් වෙනස් වූ ආකාරයයි. 1750න් පසු මරණ  ඉතා වේගයෙන් පහළ යන බව එහි නිරීක්ෂණය කළ හැකිය.  ක‍්‍රි.ව.1750ට පෙර 1000 : 40 පමණ වූ මරණ අනුපාතිකය ක‍්‍රිව. 1925  පමණ විට 1000 : 20 දක්වා පහළ ගොස් තිබේ. උපත් පහළ යන  වේගයට වඩා මරණ පහළ යන වේගය ඉහළ ගොස් තිබේ. එය ජන  සංඛ්‍යාව වර්ධනයට හේතුවක් විය. පහත ලේඛනය පරික්ෂා කිරීමේදී පැහැදිළි වන්නේ, ක‍්‍රිව. 1700 එම රටේ වාසය කළ සංඛ්‍යාව එනම් මිලියන 8ක ජන සංඛ්‍යාව ක‍්‍රිව. 1800 වෙද්දී මිලියන 21 දක්වා  එනම් දෙගුණයකට වඩා වැඞීවී ඇති බවයි. 1800 සිටි සංඛ්‍යාව නැවතත් 1900 වන විට දෙගුණ වෙයි. එහෙත් ඊට පෙර  වකවානුවල එවැන්නක් සිදුවී නැති බව නිරික්ෂණය කරන්න. එමනිසා එංගලන්තය තුළ කාර්මික විප්ලවයත් සමග ජන සංඛ්‍යා ස්ඵෝටනයක් සිදු වන බව ඉතා පැහැදිළිය. එනම් කෙටි කාලයක් තුළ සිදුවන් වේගවත් වර්ධනයයි.

මේ ආකාරයෙන්ම සෙසු යුරෝපා රට වලත් ඇමරිකා එක්සත් ජනපදයේත් කාර්මික විප්ලවයට පසුව ජන සංඛ්‍යාව වේගයෙන්  වර්ධනය වූ බව පැහැදිළිය. ඉහත ලේඛනයට අනුව ක‍්‍රි.ව. 01  බටහිර යුරෝපයේ සිටි ජන සංඛ්‍යාව (මිලියන 27) ආසන්න වශයෙන් දෙගුණ වීමට (මිලියන76) වසර 1650 ආසන්න  කාලයක් ගත වූ බවයි. ඒ ප‍්‍රමාණය නැවත දෙගුණ වීමට ගත වූයේ වර්ෂ 200ක් පමණි. 1850 සිටි මිලියන 140 ක ජන සංඛ්‍යාව 1930 වන  විට 280ක් දක්වා දෙගුණයකින් ඉහළ ගොස් තිබේ. ඒ ස`දහා ගතවී ඇත්තේ වසර 80ක් පමණි. එමනිසා කාර්මික විප්ලවයත් සමග යුරෝපයේත් ජන සංඛ්‍යා ස්ඵෝටනයක් සිදු වන බව ඉතා  පැහැදිළිය. උතුරු ඇරිකාවේ ඇති වූ තත්ත්වයද මීට බොහෝ සෙයින් සමානය.

මීට සමකාලීනව ආසියා අප‍්‍රිකා සහ ලතින් ඇමරිකානු රටවල ඇතිවූ තත්ත්වය ද විමසා බැලීම වැදගත් වේ.

1750 දී ලෝක ජන සංඛ්‍යාවෙන් ආසියා මහද්වීපයේ වාසය කළ  ප‍්‍රමාණය 63%කි. නමුත් 1950 වෙද්දී ඒ ප‍්‍රමාණය 55%ක් දක්වා අඩු විය.  නමුත් යුරෝපයේ වාසය කළ සංඛ්‍යාව 20%සිට 25% පමණ දක්වා  ඉහළ ගොස් තිබේ. මෙය යුරෝපා ස්ඵෝටනයේ ප‍්‍රතිඵලයකි. 

පහත ලේඛනයේ දැක්වෙන්නේ මහද්විප කීපයක ජන  සංඛ්‍යාව වර්ධනය වූ ආකාරයයි. යුරෝපා මහද්වීපයේ ජන සංඛ්‍යාව  සමග අප‍්‍රිකාවේ ජන සංඛ්‍යාව සංසදනය කිෙරීමේදී 1800 සහ 1850 කාලයේ එම මහද්වීපයේ ජන සංඛ්‍යාව වර්ධනය වී ඇත්තේ මිලියන 04කින් වුවත් එම කාලය තුළ යුරෝපයේ ජන සංඛ්‍යාව මිලියන 70කටත් වඩා ඉහළ ගොස් ඇත.

ඊළ`ග වසර 50 ඇතුළත  මිලියන 20කින් පමණ ඉහළ ගියත් යුරෝපයේ මිලියන 140කින්  පමණ ජන සංඛ්‍යාව ඉහළ ගියේය.

මේ සියළු කරුණු අනුව පැහැදිළි වන්නේ ආසන්න වශයෙන් 1900 - 1950 පමණ වන තෙක් යුරෝපා ඇමරිකානු ප‍්‍රදේශ වල ජන සංඛ්‍යාව වර්ධනය වූ වේගය අනෙක් ප‍්‍රදේශ වලට  වඩා වැඩි බවයි. මේ තත්ත්වය කෙරේ බලපෑවේ ඉහත විස්තර කළ ආකාරයට කාර්මික විප්ලවයත් සමග යුරෝපා ඇමරිකානු ප‍්‍රදේශ  වල මරණු අනුපාතිකය පහළ යාම සහ ජීවන තත්ත්වය ඉහළ යාමයි.

පහත ප‍්‍රස්තාර සටහනේ දැක්වෙන ආකාරයට ක‍්‍රි ව 1500 සිට තාක්ෂණයේ ඇතිවූ විපරිනාමය ලෝක ජන සංඛ්‍යාව ඉහළ යැවීමට හේතු වී තිබේ. කාර්මික විප්ලවය, ප‍්‍රවාහන ක්ෂේත‍්‍රවල  ඇතිවූ වෙනස්කම්, සනීපාරක්ෂක පහසුකම් වල දියුණුව, ජෛව තාක්ෂණය වැනි අංශ වල වර්ධනය සමග ලෝක ජන සංඛ්‍යාවට බිලියනයක් එකතු වීමට ගතවූ කාලය අඩු වී ගියේය. අප‍්‍රිකාවේ ජන සංඛ්‍යාව පළමු බිලියනයට තවත් බිලියනයක් එකතු වීමට ගතවූ කාලය වසර සියයකි. තවත් බිලියනයක් එකතු වූයේ වසර 30 කදීය.

තවත් වසර 15කින් බිලියනයක් එකතු වෙයි. වර්තමානයේ වසර  12ක් තරම් කෙටි කලකින් ලෝක ජන සංඛ්‍යාවට බිලියනයක් එකතු වේ. ඒ අනුව විසිවන සියවසෙන් පසුව ජන සංඛ්‍යාව වර්ධනය වන වේගය ඉහළ ගොස් ඇත. බිලියනයක් එකතු වීමට ගතවන කාලය අඩු වීමෙන් එය මනාව පැහැදිළි වේ.

වෛද්‍ය විද්‍යාවේ විප්ලවය

1950න් පසුව ඇතිවූ මෙම වර්ධනයට හේතු වන්නේ ආසියා අප‍්‍රිකා ලතින් ඇමරිකානු රටවල සිදු වන වේගවත් වර්ධනයයි. ආසියා මහද්වීපයේ 1950 සිටි ජන සංඛ්‍යාව 2000 වන විට තුන් ගුණයකින් වර්ධනය වී තිබේ. මේ කාලය තුළ අප‍්‍රිකා මහද්වීපයේ ද ජන සංඛ්‍යාව තුන් ගණයකින් වර්ධනය වී තිබේ.

අපි‍්‍රකාව විසින් ක‍්‍රිව.2000 න් පසු යුරෝපයේ ජන සංඛ්‍යාවද ඉක්මවා ගියේය. ලතින් ඇමරිකාවේද මේ කාලය තුළ තුන් ගුණයකින් ජන සංඛ්‍යාව වර්ධනය විය. 2025වන විට දකුණු ඇමරිකාවේ ජන සංඛ්‍යාව යුරෝපා ජන සංඛ්‍යාව ඉක්මවා යයි. මෙලෙස 1950න්පසුව සංවර්ධනය වන රටවල ඇතිවූ සීග‍්‍ර ජන සංඛ්‍යා වර්ධනය ආසියා ස්ඵෝටනය ලෙස හ`දුන්වනු ලැබීය.

මේ අකාරයට බලන විට ක‍්‍රිපූ 8000පමණ වන තෙක් ලෝක ජන සංඛ්‍යාවේ කිසිදු වර්ධනයක් සිදු වූයේ නැත. එය නිශ්චලන අවධියයි.නමුත් ඉන් පසුව කෘෂිකර්මයට හුරු වීමත් සමග ලෝක ජන සංඛ්‍යාව මන්දගාමි ලෙසවර්ධනය වී තිබේ. එම තත්ත්වය කාර්මික විප්ලවය වන තෙක්ම පැවතුණි. 1750 ඇතිවූ කාර්මික විප්ලවය නිසා යුරෝපා ඇමරිකානු ප‍්‍රදේශ වල ජන සංඛ්‍යාව ඉහළ ගිය බව පැහැදිළි විය. එය යුරෝපා ස්ඵෝටනයයි. 1950න් පසු ආසියා ස්ඵෝටනයක් හට ගත් අතර, එතැන් සිට මානව ඉතිහාසයේ අන් කවර දාකවත් නොවූ ආකාරයට ලෝක ජන සංඛ්‍යාව ඉහළ යමින් පවති.

Comments

මේ පාඩම් මාලාව ඉතාම ගුනාත්මකයී , සරලයී . මට හරිම ප්‍රයෝජනවත් . අනික් විෂයන්ට ත් පාඩම් එකතු කරන්න . සන්නස ට ස්තුතියී .