Error message

Notice: Undefined offset: 1 in counter_get_browser() (line 70 of /home/sannas3/public_html/sites/all/modules/counter/counter.lib.inc).

Punjab Women

ඔහු කේ .පි.එස් .ගිල් ,ඉන්දියවේ පන්ජාබ් ප්‍රාන්තයේ හිටපු පොලිස්පති .ඉතාම බලසම්පන්න පුද්ගලයෙක් .ටිකක්හරි පෙනුමක් ඇති ගැහැනුන්ට ඔහුගෙන් බේරිලා යන්න හම්ම්බවුනෙත් නෑ ..ඒ වගේම ඔහුගේ අතවරයට ලක්වූ කාටවත් ඔහුට විරුද්ධව ඇඟිල්ලක් වත් උස්සන්න ඉඩ තිබ්බෙත් නෑ මුහුණ පුරා රැවුල වැවුණු පන්ජාබ් තාලෙට තලප්පාවක් බැදගත් ඔහු සීක් ජාතිකයෙක් .එත් ස්ත්‍රී දුෂකයාට වරදින තැනක් එනවාමයි .කොට්ටෝරුවා හැමගටම කොටලා අන්තිමේට කෙහෙල් ගහට කෙටුදා හොට අනාගන්නවානේ .ගිල් ගේ අන්තිම දඩයම වුයේ ..රුපන් දියෝල බජාජ් . 

 

ඇය ,පන්ජාබ් පරිපාලන සේවයේ ඉහලම තනතුරක් දැරූ කාන්තාවක් .ගිල්ට මේ තනතුරු එතරම් ලොකු නෑ .අන්තිමේදී ඔහු මේ කාන්තාව දුෂණය කළා .උසස් සිවිල් නිලධාරිනියක් වූ ඇය පොලිසයට පැමිණිලි කරන්න ගියා එක භාරගන්න පොලිසිය සුධානම් වුනේ නෑ .ගිල් ඒ තරම් බලවත් .ඔහු රටේම වැදගත් පුද්ගලයෙක් සමස්ත ඉන්දියානු හොකි සම්මේලනේ ප්‍රධානියා හැටියටත් කටයුතු කළා .නමුත් බජාජ් සටන ඇත හැරියේ නෑ .ඇය අධිකරණයට යන්න තීරණය කළා .


ස්ත්‍රී දුෂණ ඉන්දියාවේ හරියට සිද්ධ වෙනවා .මේක ඉන්දියාවට ලැජ්ජාවක් බව මේ ලඟදි ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝඩි ප්‍රකාශ කළා .අරුන්දතී රෝයි වගේ ජාත්‍යන්තර මට්ටමේ කළා කරුවන් මේ ස්ත්‍රී දුෂණ ක්‍රියාවලිය තදින්ම විවේචනය කරලා තියෙනවා .ඒ වගේම ස්ත්‍රීවාදී සංවිධාන කීපයකුත් පන නැගිලා තියෙනවා .කොහොම වුනත් දේශපාලන බලය ,නිළ බලය තියෙන අය නීතියේ රැහනට හසු කරගැනීම අසීරු කටයුත්තක් වෙලා තියෙනවා .කොහොම වුනත් රුපන් බජාජ් සටන දිගටම ගෙනියව්වා .අධිකරණයට මේ නඩුව විභාග කරන්න අවුරුදු 17 ක් විතර ගියා .නමුත් අන්තිමේදී තීරණය ප්‍රකාශයට පත් කළා .ගිල් නීතියේ රැහැනට කොටුවුනා .කවදාවත් ,කාටවත් ඇත තියන්න බැරි පොලිස්පති හිරේට නියමවුනා .කොයි තරාතිරමේ ස්ත්‍රියක් වුවද බලහත් කාරයෙන් දුෂණය කලේනම් ,නිහඩව එය සඟවාගෙන ඉන්න එපා ,පරක්කුවෙලා හරි දුෂකයාට දඩුවම් ලබාදෙන්න පුළුවන් ..කියල අන්තිමේදී රුපන් කිව්වා .