Error message

Notice: Undefined offset: 1 in counter_get_browser() (line 70 of /home/sannas3/public_html/sites/all/modules/counter/counter.lib.inc).

බහු පාර්ශවීය ගිවිසුම්

බහු පාර්ශවීය ගිවිසුම්

GATT (GeneralAgreement on Tariffs and Trade)

නිදහස් තීරු බදු වෙළෙඳ ගිවිසුම්

නූතන ජාත්‍යන්තර ක‍්‍රමය තුළ පවතින බහු පාර්ශවීය ගිවිසුම් අතර GATTහෙවත් නිදහස් තීරු බදු වෙළෙ`ද සම්මුතිය රාජ්‍යයන් කෙරෙහි බෙහෙවින්ම බලපෑම් සහගත වූවෙකි.බොහෝ රාජ්‍යයන්ගේ ආනයන - අපනයන ප‍්‍රතිපත්ති කෙරෙහි මෙම ගිවිසුම බලපෑම් සහගත වී ඇත.මෙම ගිවිසුම ආරම්භ වූයේ 1947ඔක්තෝබර් මස 30වැනිදාය.ආරම්භයේදි මෙම සම්මුතියට රාජ්‍යයන් 23ක් එක් විය.පසුව ඊට අත්සන් තබා ඇති රාජ්‍යයන් සංඛ්‍යාව 123දක්වා ඉහළ ගොස් තිබේ.ගැට් සම්මුතියේ මූලික අරමුණ වී තිබෙන්නේ රාජ්‍යයන් අතර වෙළෙ`ද ගණුදෙණු වලදී සිදුවන තීරුබදු හා වෙනත් සීමාවන් අවම කර ගැනීමය.එනම් රටකින් රටකට භාණ්ඩ හා සේවාවන් ආනයනය හෝ අපනයනය කිරිමේදී රාජ්‍යයන් විසින් අය කරන තීරු බදු ඉවත් කිරීම හෝ අවම කිරීමත්, තහනම් කිරීම, සීමා කිරීම වැනි වෙනත් කොන්දේසි අවම කර ගැනීමත්ය.එනම් ජාත්‍යන්තර වෙළෙ`දාම ස`දහා රටවල් විවෘත කර ගැනීමය.

1950 - 1970දශක වලදී ලෝකයේ බොහෝ රටවල් ජාත්‍යන්තර වෙළෙ`ද කටයුතු වලදී විශාල පරිමාණයේ පාලනයක් දියත් කළේය.විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවත්නා රටවල් විසින් අනුගමනය කරන ලද ‘සංවෘත ආර්ථික ප‍්‍රතිපත්තිය‘හේතුවෙන් ආනයනය හා අපනයනය තම රාජ්‍යයන්ගේ ආර්ථික ප‍්‍රතිපත්ති වලට අනුකූලව හැඩගස්වනු ලැබීය.යටත්විජිත භාවයෙන් නිදහස් වූ ආසියා, අප‍්‍රිකා හා ලතින් ඇමෙරිකාවේ බොහෝ රාජ්‍යයන් විසින් අනුගමනය කරන ලද සංවර්ධන උපාය මාර්ගය වූයේ සංවෘත ආර්ථික ප‍්‍රතිපත්තියයි.එම ප‍්‍රතිපත්තිය යටතේ ආනයනය සීමා කොට අපනයනය දිරිගැන්වීමේ ක‍්‍රියා පිළිවෙත අනුගමනය කළේය.භාණ්ඩ ආනයනය කිරීම වැළැක්වීමෙන් අපේක්ෂා කරන ලද්දේ විදේශීය රට වලට ඇදීයාම වැළැක්විමත්, දේශීය නිෂ්පාදන ආරක්ෂා කර ගැනීමත්ය.අපනයනය දිරිගැන්වීමෙන් විදේශීය ආදායම් උපයා ගැනීමත් දේශීය නිෂ්පාදන ධෛර්යමත් කිරීමත් අපේක්ෂා කළේය.මෙය රටකට ස්වාධීන ආර්ථික සංවර්ධනයක් ළ`ගා කර ගත හැකි වන හිතකර පිළිවෙතක් ලෙස සැලකේ.ශ‍්‍රී ලංකාව ද 1956සිට ක‍්‍රමානුකූලව මෙම පිළිවෙත භාවිතයට ගනු ලැබීය.1970දශකය තුළ එම පිළිවෙත අන්තවාදී ලෙස ක‍්‍රියාත්මක කිරීමෙන් දේශපාලන, සමාජ, ආර්ථික අපහසුතාවයන් ඇතිවිය.මෙය ආර්ථික හා වෙළෙ`ද කටයුතු වලදී ජාත්‍යන්තරයෙන් හුදෙකලා වී (Isolated)සිටීමේ පිළිවෙත ලෙස සැලකේ.අද සංවර්ධිත රටවල් ලෙස සැලකෙන ඇමෙරිකා එක්සත් ජනපදය, ජපානය, ජර්මනිය වැනි බොහෝ රාජ්‍යයන් ඔවුන්ගේ සංවර්ධනයේ එක් අවධියක් මෙම හුදෙකලා වීමේ ප‍්‍රතිපත්තියෙහි නියැලි සිට ඇත.

ගැට් සම්මුතිය ස`දහා මුල්පිරීම සිදුවූයේ බටහිර සංවර්ධිත ජාතීන් වෙතය.ඔවුන් ආර්ථික සංවර්ධනයේ ස්ථායී තත්ත්වයක් අත්කර ගනු ලැබූවන්ය.ඔවුනුගේ ගෝලීය ධනවාදී අවශ්‍යතාවයේ මුල් බිජයන් මෙම සම්මුතියේ අන්තර්ගතය තුළ දක්නට ලැබේ.නිදහස් තීරු බදු වෙළෙ`දාමෙහි අවශ්‍යතාවය නම් ඔවුන්ගේ බහුජාතික සමාගම් වල ගෝලීය ව්‍යාප්තිය ස`දහා පවතින සීමා බාධක ඉවත් කර ගැනීමය.

                   1947ඔක්තෝබර් 30වැනිදා රාජ්‍යයන් 23ක් විසින් අත්සන් කළ සම්මුතියේ මූලික වගන්ති වලට පසුකාලීනව තව දුරටත් සංශෝධන එක් කරනු ලැබීය.

                   ගැට් සම්මුතියේ අන්තර්ගත වන ප‍්‍රධානතම අංගය වන්නේ ආනයන - අපනයන කටයුතු ස`දහා පවතින සිය`ථම ආකාරයේ බදු හා සීමා අවම කිරීමය.

"Prohibition, restrictions, other than duties, taxes or other charges, import or export licences or other measures"

යනාදී වශයෙන් එම සම්මුති පත‍්‍රයෙහි දැක්වේ.ඒ අනුව තහනම් කිරීම්, සීමා කිරීම්ි, භාණ්ඩ ප‍්‍රවාහන ගාස්තු, බදු, ආනයන - අපනයන බලපත‍්‍ර නියම කිරීම හෝ වෙනත් මිණුම් භාවිතා කිරීම ආදී සිය`ථම සීමා බාධක අවම කිරීම හෝ ඉවත් කිරීම මෙම සම්මුතියේ අරමුණු වේ.මෙම සම්මුතිය තුළ තවත් බොහෝ කොන්දේසි ඇතත් වඩා ප‍්‍රධාන හා වැදගත් අංගය වන්නේ ආනයන - අපනයනය ස`දහා පවතින සිය`ථම ආකාරයේ සීමා බාධක ඉවතට දැමීමය.

1947ඔක්තෝබර් මාසයේ පැවැත්වූ ප‍්‍රථම සාකාච්ඡුාවෙන් පසුව ගැට් සාකච්ඡුා වට ගණනාවක්ම පවත්වා ඇත.මෙම සාකච්ඡුා වට නම් කොට තිබෙන්නේ එය පැවැත්වූ නගරයේ හෝ මුල් වූ පුද්ගලයෙකුගේ නමින්ය.නිදර්ශනයක් ලෙස උරුගුවේ හි පැවති සාකච්ඡුා වටය ‘උරුගුවේ වටය’ ලෙසද ඇමෙරිකාවේ ජනාධිපති ජෝන් එෆ් කෙනඞ්ගේ නායකත්වයෙන් පැවති සාකච්ඡුා වටය ලෙසද නම්කර තිබේ.එලෙස පැවැත්වූ මූලික සාකච්ඡුා වට 7කි.

1.    1949 - Annecy

2.    1951 -Torquay

3.    1955/1959 -Geneva

4.    1960/1962-Dillon

5.    1962/1967-Kenndy

6.    1973/1979-Tokyo

7.    1986/1994-Uruguay

යනාදී වශයෙනි.

මෙම සෑම සාකච්ඡුා වටයකම මූලික තේමාව වූයේ නිදහස් වෙළෙ`දාමයි.ගැට් සම්මුතිය ලෝක වෙළෙ`ද සංවිධානය (WTO)සම`ග සම්බන්ධ විය.