1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය

ශ්‍රී ලංකාවේ දැන් ක්‍රියාත්මකව පවතින 1978 ව්‍යවස්ථාව  සම්බන්ධයෙන් මේ වනවිට සංශෝධන19 යක් සිදුකොට තිබේ.මෙයින් 19 වැන්න 18 සහ 17 වැනි සංශෝධන සමග බද්ධ වී තිබේ.මෙම සංශෝධන තුනෙහිම මුලික තේමාව වී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පිළිබද අදහසය.ඊට අමතරව තවත් කරුණු කිහිපයක් ඊට ඇතුලත්ය.

ව්‍යවස්ථා සභාව පිළිබද අදහස මුලින්ම එළිදැක්වෙන්නේ 17 වැනි සංශෝධනය සමගය.2001 වර්ෂයේදී මෙය සිදු කළේය.විධායක ජනාදධිපති ධුරය සතුව පවතින අසහාය තත්වය පාලනය කිරීමත්,  රාජ්‍ය සේවය හා අධිකරණ සේවය දේශපාලනයෙන් වෙන් කොට ස්වාදධිනව පවත්වා ගැනීමට අවශ්‍ය මාර්ගයක් ලෙස එය හදුන්වනු ලැබිය. විධායක ජනාධිපති ක්‍රමයට එරෙහි මතවාදය මෙම ව්‍යවස්ථාව  හදුන්වාදුන් අවස්ථාවේ සිටම පැවතුනි.

ඒ පිලිබදව ඉද්රිපත්වූ විවේචන අතර,

* 78 ව්‍යවස්ථාව වූකලී පාර්ලි‌‌මේන්තු ප්‍රජාත්‍රන්තවාදයේ  සළු- පිලි හැද පැලදගත් ව්‍යවස්ථානුකූල එකාධිපති ක්‍රමයක් ...............

                        -ආචාර්ය කොල්වින් ආර්  ද සිල්වා

* 78 ව්‍යවස්ථාව තුළ,පාර්ලි‌‌මේන්තු ප්‍රජාතන්ත්‍රවාදී සීමාව තුළ හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා රාමුව තුළ නොවිසදෙන ,අබයන්තර සිවිල් යුද්ධයක් දක්වා ඇදී යාමට හැකි ගැටුමකට තුඩුදෙන අබ්යන්තර ප්‍රතිවිරෝදතාවක් පවතී ..

                        -ආචාර්ය  එන්.එම .පෙරේරා

මෙබදු විවේචන මෙන්ම මෙම ආණ්ඩුක්‍රමයට එරෙහිව බලවත් විරෝධතා හා උද්ගෝෂණ ආරම්භයේ පටන්ම පැවතුනි.තමන් බලයට පත්වූ පසුව , විධායක ජනාදධිපති ක්‍රමය අහෝසි කරන බවට මැතිවරණ පොරොන්දු ඉදිරිපත් කරනු ලැබිය. නමුත් බලයට පමිණිපසුව එය අමතක කිරීම සිරිත් විය.කෙසේ නමුත් 2001දි එය ඉටු කර ගැනීමට හැකිවිය.

17 වැනි සංශෝධනය ,

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව

17 වැනි සංශෝධනයමගීන්  පිහිටුවීමට නියමිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ  අරමුණ වන්නේ රාජ්‍ය සේවය හා අධිකරණයේ නිලධාරීන් පත්කිරීම හා ඉවත්කිරීම ඇතුළු කටයුතු ජනාධිපතිගෙන් ඉවත්කර ස්වාධින කොමිෂන් සභා වෙත පැවරීමය.මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ   සාමාජික සංක්‍යාව 10 කි .එහි සංයුතිය මෙසේය .

-අග්‍රාමාත්‍යවරයා

-කතානායකවරයා

-පාර්ලිමේන්තුවේ විපක්ෂනායකවරයා

-ජනාධිපතිවිසින් පත්කරන සාමාජිකයා

-අගමැති හා විපක්ෂ  නායක යන දෙදෙනාගේ නාමකරණයෙන් ජනාධිපති විසින් පත්කරන සාමාජිකයන්  පස්දෙනා

-සෙසු පක්ෂවල එකගතාවයෙන් පත්කරන නියෝජිතයා

ආදිවශයෙනි.කතානායකවරයා මෙහි සභාපතිත්වය දරයි.මේඅනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ස්වාධින කොමිෂන් සභා පහක් පත්කල යුතුය එනම්-

                        -මැතිවරණ කොමිෂන් සභාව

                        -රාජ්‍ය සේවා කොමිෂන් සභාව

                        -ජාතික පොලිස්  කොමිෂන් සභාව

                        -ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව

                        -අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව

                        -මුදල් කොමිෂන් සභාව

                        -සිමා නිර්ණය කොමිෂන් සභාව

යනාදියයි .

මෙම කොමිෂන් සභා නියම ආකාරයෙන් ක්‍රියාත්මක වූයේනම්  ස්වාධීන,කාර්යක්ෂම පරිපාලනයක් අපේක්ශා කල හැකිව තිබුණි.නමුත් ඉන් පසුව සිදුවූ ආණ්ඩු පෙරළියත් සමග තත්වය වෙනස් විය .නව ජනාධිපතිවරයා විසින්  කොමිෂන් සභා වල සාමාජිකයන් පත්කිරීම අතපසු කරනු ලැබිය. ඉන් අනතුරුව 18 වැනි සංශෝදනය ගෙන ආවේය.

18 වැනි සංශෝධනය ,

18 වන සංශෝධනයෙහි කරුණු කීපයක් ඇතුලත්ය.

            -ජනාධිපති ධුරය දැරීමට පැවත් වාර සිමාව ඉවත් කිරීම

-ජනාදිපති මාස තුනකට වරක් පාර්ලි‌‌මේන්තුවට සහභාගිවීම හා එහිදී ජන්දය හැර සියලු මන්ත්‍රී වරප්‍රසාදහිමිවීම.

-පාර්ලිමේන්තු සභාව පිහිටුවීම.

යනාදිය ඊට ඇතුලත්ය .

පාර්ලිමේන්තු සභාව

එතෙක් ව්‍යවස්ථාවෙන් පිහිටුවා තිබූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙනුවට පාර්ලිමේන්තු සභාව පිහිටුවීමට නිය මිතවිය.කොමිසන් සභාවල සභාපතිවරු හාසමාජිකයන් පත්කිරීමේ බලය ජනාදිපතිට ලබාදී  ඇත.ඒඅනුව පාර්ලිමේන්තු සභාවේ සංයුතිය පහත දැක්වේ.

                        -අගමැති

                        -කථානායක

                        -විපක්ෂ නායක

                        -පාර්ලිමේන්තුමන්ත්‍රීවරයෙකු -අගමැති ,නාමකරණයෙන්

                        - පාර්ලිමේන්තුමන්ත්‍රීවරයෙකු- විපක්ෂ නායක ,නාමකරණයෙන්

මෙම පාර්ලිමේන්තු සභාව විසින් කොමිසන් සභා හතක් පිහිටුවිය යුතුය. එනම් -

                        -මැතිවරණ කොමිෂන් සභාව

                        -රාජ්‍ය සේවා කොමිෂන් සභාව

                        -ජාතික පොලිස්  කොමිෂන් සභාව

                        -ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව

                        -අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව

                        -මුදල් කොමිෂන් සභාව

                        -සිමා නිර්ණය කොමිෂන් සභාව ...යනාදියයි.

17 වැනි සංශෝදනය ට  සාපේක්ෂව 18 වැනි සංශෝදනය තුලින් ජනාධිපතිගේ ආදිපත්‍යය  වැඩිකර තිබේ.ජනාදිපතිතනතුර දැරිය හැකි වාර සීමාව ඉවත් කිරීම නිසාත් ,ජනාදිපතිපාර්ලිමේන්තු සාමාජිකයකු බවට පත්කිරීමත් ,නිසා රාජ්‍යසේවය පමණක් නොව ,පාර්ලිමේන්තුවද ජනාධිපතිගේ ආදිපත්‍යය යටතට පත්වේ.එම හෙය්හුව නිසා 18 වැනි සංශෝදනය ට  මෙන්ම වීධායක ජනාධිපති ක්‍රමයට එරෙහිවද මතවාද පැනනැගුණි.පසුගිය ජනාධිපති මැතිවරණ සමයේදී එය ප්‍රබලත්වයට පත්විය .දේශපාලනයේ බලපෙරලියක් සිදුවිය.ඒ අනුව නව රජය වෙත වියවස්තා සංශෝදනය ගෙනෙමේ වගකීම අනිවාර්යයෙන් මා පැවරී තිබුණි.19 වැනි සංශෝධනය  පැමිණෙන්නේ එම පසුබිම තුළය.

 

19 වැනි සංශෝධනය ,

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව

පෙර සංශෝධනයෙන්  පාර්ලිමේන්තු සභාව ලෙස නම් කර තිබූ ආයතනය යලිත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලෙස මෙම සංශෝධනයෙන් නම්කර තිබේ.එය ඇතුළු තවත් සංශෝධන කිහිපයක්ම 19 වැනි සංශෝධනයෙන් සිදුකර තිබේ .එනම් -

                        -ජනාධිපති ධුරකාලය අවුරුදු 6 සිට 5 දක්වා අඩුකිරීම .

                        -ජනාධිපති ධුරය දෙවතාවකට වඩා දැරීමට නොහැකි වීම.

                        - ජනාධිපති ධුරය සතිව පවතී පාර්ලි‌‌මේන්තු වරප්‍රසාද ඉවත් කිරීම.

-පාර්ලි‌‌මේන්තුව පිහිටුවා වසර හතර හමාරක් යනතෙක් විසුරුවාහැරීමට ජනාධිපතිට නොහැකිවීම.

-ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පිහිටුවීම ...යනාදියඒවා අතර වැදගත්වේ .

 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සංයුතිය -

සාමාජිකයන් සංක්‍යාව 9 කි .ඔවුන් පත්කල යුතු වන්නේ පහත දැක්වෙන පිළිවෙලටය.

                        -අගමැති

                        -කථානායක

                        -විපක්ෂ නායක

                        -ජනාධිපතිවිසින් එක්පාර්ලි‌‌මේන්තු මන්ත්‍රීවරයකු

-අගමැති හා විපක්ෂ නායක විසින් 5 ස් දෙනෙකු ,ඉන් දෙදෙනෙකු පාර්ලි‌‌මේන්තුව මන්ත්‍රීවරු විය යුතුය

                        -සෙසු පක්ෂවල එකගතාවයෙන් පත්කරන නියෝජිතයා  ආදී වශයෙනි .

මෙම ව්‍යවස්ථා සභාව විසින් ස්වාධිනකොමිසන් සභා 9ක්  පිහිටුවිය යුතුය. එනම් ,

                                   

-මැතිවරණ කොමිෂන් සභාව

                        -රාජ්‍ය සේවා කොමිෂන් සභාව

                        -ජාතික පොලිස්  කොමිෂන් සභාව

                        විගණන සේවා කොමිෂන් සභාව

-ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව

                        -අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව

                        -මුදල් කොමිෂන් සභාව

                        -සිමා නිර්ණය කොමිෂන් සභාව

                        -ජාතක ප්‍රසම්පාදන කොමිෂන් සභාව   යනාදියයි ......

මෙම කොමිෂන් සභා මේවනවිට පිහිටුවා තිබේ.ජනාධිපති  ධුරයේ බලතල යාම ප්‍රමාණයකට සීමා කර තිබේ.

මේ පිලිබදව විශ්ලේෂණය මීලග ලිපියෙන් බලාපොරොත්තුවන්න.

 

                        ලක්ෂ්මන් කුමාර කීර්ති -

Comments

Godak wedagath lipiyak sir

Tank you sir. ape exam eka laga nisa mema lipiyen godak torathuru ganna puluwan.

hemadenatama wedagath lipiyak thnks for sannasa

ව්‍ය්වස්තාව කොතරම් කියෙව්වත් මේක තේරුම් ගන්න බැරුව හිටියේ දැන් නම් හොදටම තේරෙනවා සන්නස බැබලේවා

AL political කස්ටියට නියමයි කියවපල්ලා

Ape exam ekata godak wedagath lipiyak sir thak,

ව්‍ය්වස්තාව කොතරම් කියෙව්වත් මේක තේරුම් ගන්න බැරුව හිටියේ දැන් නම් හොදටම තේරෙනවා

Its a pleasure to know that you all enjoyed the article. Thanks for visiting Sannasa.

Godak wadagath lipiyak .niyamai.

godak wadagath lipiyak thanks sir

Thank you sir

ane budu sir mmewidihata kiyadenna katawath be sirta sthuthi apamana

exam ekata godak wadagat lipiyak