එලලුම් ගහ
 

 මගේ ගෙලට තොන්ඩුව දාන්න.....

     සේයා දැරිය  කුරිරු ලෙස ඝාතනය කිරීමේ සිද්ධියත් සමග මේ  රටේ ජනතාව අතර එල්ලුම් ගහ හෙවත් මරණ දණ්ඩනය ක්‍රියාත්මක කළ යුතුයැයි  මතයක් පැණ නැගී තිබේ. එල්ලුම් ගහ යලි ක්‍රීයාත්මක කරන  ලෙස ඉල්ලා උද්ගොෂණය කිරීම, පාගමන් හා පෙළපාලි යාම දැන් සුලබව  දක්නට ලැබේ.

බඩු  මිල  අඩු  කරන ලෙස හෝ ඩැඩි වැටුප් ඉල්ලා ජනතාව පාරට බසින විට කදුලු ගෑස්, ජල ප්‍රහාර හා බැටන් ප්‍රහාර පමණක්  නොව ගල් මුල් වලින්  පහර දීමට  සලස්වන  පාලකයින්  එල්ලුම් ගහ ඉල්ලා සිටින  විට එය ලබා දීමට නොපැකිලිව ඉදිරිපත්  වේ. දැන්  ඒ සදහා පාර්ලිමේතුවට පනතක් පවා ඉදිරිපත් කොට තිබේ. පාලකයන්ගේ මේ යුහුසුලු  කැපවීමට හේතුව පැහැදිලිය. තොන්ඩුව වැටෙන්නේ  ඔවුන්ගේ බෙල්ලට නොව ජනතාවගේ බෙල්ලට බැවිණි. 

එල්ලුම් ගහ ඉල්ලා සිටින ජනතාව විසින් සලකා බැලිය යුතුව ඇති වැදලත්ම කාරණය නම් ඉතිහිාසය පුරාවටම මරණ දඩුවමට ලක් වී තිබෙනේ කවුරුන්ද යන්නයි. 

සූර්යාගේ ගිණිගෙන දිලිසෙන ෙභෟතික වස්තුවක්  යැයි ප්‍රකාශ කළ පුරාණ ග්‍රීසියේ ඇතැන්ස් නගරයේ වාසය කළ ඇනැක්සගෝරස් නැමැති දාර්ශනිකයාට මරණ දණ්ඩනය නියම විය. ඔහු රටෙන් පලා ගොස් දිවි බේරා ගත්තේය.

මෙම මිනිස් ඉතිහාසයේ නිකමට පොතක් පතක් කියවූ අය වෙත් ද ඔවුන්ගේ සිත් තුළ සදා සෝකාන්තයක් වූ සොක්‍රටීස්ගේ මරණය දෙස බලන්න. එය සිදු වූයේ ක්‍රි.පූ. 399 ග්‍රීසියේ ඇතැන්ස් නගරයේ විසූ සොක්‍රටීස් පන්සිය දෙකුගෙන් සමන්විත ජූරි සභාව වෙත ඉදිරිපත් කලේය.

  • පිළිගත් දෙවිවරුන් නොදැදහීම.
  • දෙවියන් නැතැයි කීම.
  • තරැණයන්ගේ සිත් දූෂණය කිරීම.

මෙම චෝදනාවන්ට වැරදිකරු වූ සොක්‍රටීස්ගේ අත්ල මත හලාහල විෂ බදුණ තැබීය.

තමන්ගේ දැඩි විස්වාසය වෙනුවෙන් හා අන්‍යන්ගේ විමුක්තිය වෙනුවෙන් මරණයට පත් වූ එකම තැනැත්තා සොක්‍රටීස් නොවේ. ඔබ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ  පිලිබදව අසා ඇතුවාට සැකයක් නැත. කෘෘරතර පාලකයන්ගේ  තලා පෙලීම්වලට එරෙහිව බදු ගෙවා ගත නොහැකි දිළින්දන්  වෙත ආරක්ෂක භටයන් පහර දෙන විට එය ඉවසා සිටීමට නොහැකි වූ  ජේසු තුමන් නිර්ධන පන්තියේ  විප්ලවය(කැරැල්ල) සූදානම් කලේය. ඔහුට අත්වූයේ කුමන ඉරනමක්ද?

"කුරුසය මත තබා ඇණ ගසා රුදුරු මැණයේ උරුමකරුවා බවට පත්කරලීමයි."

සොක්‍රටීස් පිළිබද සිහිවටනයක් මිනිස් සමාජය තුළ දක්නට නොලැබෙන මුත් ජේසුස් පිළිබද සිහිවටනය අපඉදිරියේ  තබා ඇත. අප එම කුරුසය ඇද යාඤා කරමින් සිටී. එහෙත් මෙම කුරුසය වූ කලී අද භාවිතා කරන විදුලි පුටුව හෝ  එල්ලුම් ගහ වෙනුවට මිනිසුන් වෙත මරණ දඩුවම දෙන උපකරණය යැයි කල්පනා කරන කීපදෙෙණකු අද සතුටින්ද? අතලොස්සක් පමණි

මරණ දණ්ඩනය නැතහොත්  එල්ලුම් ගහ ඉල්ලා සිටිනුවන් අනිවාර්යෙන් කියවිය යුතු පොතකි,පෙඩ්රික් ඒන්ගල්ස් ගේ "පවුල පෞද්ගලික දේපළ හා රජයේ සම්බවය" 

නීති,උසාවි,දඩුවම්,යන මේ  සියල්ලම වහල් යුගයේ සිට අද දක්වා සමාජයේ දේපළ හිමි පන්තිය මර්ධනය කිරීම සදහා භාවිතා කළ උපකරණයක් පමණක් බව ඒන්ගල්ස් එහිදී පෙන්වා දී ඇත.

පාඩම් පොත් කටපාඩම් කිරීම හැර වෙනත් පොතක් දැකීමටවත් අකමැති පරපුරක් සිටින සමාජයක තමන් වෙත එල්ලුම් ගස ලබා දෙන්න යැයි පැවසීම, උද්ගෝශනය කිරීම අරුමයක් නොවන්නේය. මෙම ඉල්ලා සිටීම වූ කලී "මාගේ ගෙලට තොන්ඩුව දමන්නන" යැයි කීම හා සමානය.

නීතිය යුක්තියට අවනත වීමට වඩා තමන් ප්‍රකාශ කළ සත්‍යය වෙත හිස නැමූ සොක්‍රටීස් විෂ බදුන පානය කොට මිය ගිය නමුත් අපේ අය එල්ලුම් ගස ඉල්ලා සිටින්නේ කවර අර්ථයකින්ද? පැහැදිලි ලෙසම ඔවුන්ගේ මතය වී ඇත්තේ මරණ දඩුවම දීම තුලින් සමාජයේ  අපරාද, දූෂණ, වංචා, ස්ත්‍රී දූෂණ හා අපචාර අඩුවී තුරන්වී යනු  ඇත යන්නය.

මෙම මතය පාලකයින් විසින් ජනතාව වෙත ආරෝපණය කරන ලද්දකි. පව් කාරයාට ගල් ගසා මරා දැමීම මෙලෙස ජනතාව තුළ ප්‍රචලිත කරන ලද ඉපැරණි ක්‍රමවේදයකි.

මිනිසුන් වෙත මරණ දණ්ඩනය පැනවීම සදහා අතීතයේ සිටම විවිධ උපක්‍රම හා මෙවලම් භාවිතා කර තිබේ. 

  • සතුන් ආශ්‍රයෙන් මරණ දඩුවම පැනවීම.

පෙරදිග සමාජවල ඉතා ප්‍රචලිත ක්‍රමයක් වූයේ ඇතුන් ලවා පාගා මරා දැමීමයි. පැරණි භාරතයේ බෞද්ධ හා හින්දු කථාවල මෙලෙස බැදුක්‍රම පිළිබද  සදහන් වේ.

සිංහයන්,කොටියන්, කිඹුලන් වැනි සතුන්ගේ ආහාරයට දැමීම තවත් ක්‍රමයකි.  රෝමයේ සීසර්ගේ දඩුවම් අතරද  මේවා ප්‍රචලිත විය. පොළගුන් වැනි විෂගෝර සතුන් ලවා දෂ්ඨ කරවීම තවත් ක්‍රමයකි. ඊජිප්තු කතාවල එබදු සිද්ධි  දකින්නට ලැබේ. සතුන් ආශ්‍රයෙන් මරණ දඩුවම ලබාදෙන තවත්  ක්‍රමයක් වූයේ අත්-පා අශ්වයන් හතරදෙනෙකු ලවා ලණුවල ආධාරයෙන් හතර පැත්තට ඇද දැමීමයි.

  • පිලිස්සීම

රත් කරන ලද තැටියක වාඩි කරවා මිය යැමට සැලැස්වීම පැරණි මොංගෝලියාවේ පැවති ක්‍රමයයි. පැසුණු තෙල් තාච්චියට දැමීමද තවත් ක්‍රමයකි. ජර්මනියේ හිට්ලර් ගේ නාසි මිනිසුන් දර සෑයන් වල පිලිස්සූ අතර "ටයර් සෑය"  ලංකාවේ මෑත කාලයේ  ප්‍රචලිත වූවකි.

  • ජලයේ ගිල්වීම

ඉපැරණි ලංකාවේ මේ ක්‍රමය භාවිතා කර ඇත. ඇහැලේපොල කුමාරිහාමි බෝගම්බර වැවේ ගිල්වා මැරීය. රත් කරන ලද ජලයේ ගිල්වා මැරීමද තවත් ක්‍රමයකි.

  • පනපිටින් වැලලීම

මෙයද අතීතයේ භාවිතා කරන ලද ක්‍රමයකි.

  • කුරුසයේ ඇනගැසීම

මරණ දණ්ඩනය සදහා භාවිතා කළ පැරණිම උපකරණ අතර කුරුසය වේ. ක්‍රිස්තුස් වහන්සේ  කුරුසයේ තබා ඇණ ගසා මරා දැමීය.

  • හම ගැසීම

මිනිසෙකුගේ හම ගලවා  ඉවත් කිරීම  අතීතයේ භාවිතා කළ  අන් ක්‍රමයකි. ඒ සදහා උපකරණ ද භාවිතා කර ඇත.

  • හිස ගසා දැමීම

හිස ගසා දැමීම ලෝකයේ සෑම තැනකම භාවිතා වූ ක්‍රමයකි. ලංකාවේදී දංගෙඩිය නැමති ලී කොටයක් මතට හිස තබා කඩු පහරින් හිස වෙන් කිරීම සිදු කලේය.එය සිදු කරන තැනැත්තා අලුගෝසුවා නම් විය. හිස ගසා දැමීම සදහා පසු කාලයේදී තියුණු උපකරණ නිර්මාණය විය.ප්‍රංශ විප්ලවයෙන් පසුව ජනතා ආණ්ඩුවට එරෙහිව කැරලිගැසූවන් මරණයට පත් කිරීම සදහා මහාචාර්ය ගිලට් විසින් නිර්මාණය කල යන්ත්‍රය "ගිලට්නය" නම් වේ.

  • විෂ වායු භාවිතය

මරණ දඩුවම සදහා විෂ  වායු භාවිතය අතීතයේ  සිටම දක්නට ලැබේ. එය වඩාත් බහුල ලෙස  භාවිතා කරේ හිට්ලර් ය. ජර්මනියේ අවුට්ස්වින්  වධකාගාරයේ ඒ සදහා භාවිතා කළ විශාල  ශාලා දැනටත් ප්‍රදර්ශනයට  තබා ඇත. එකවර දෙතුන් දාහක්  එම ශාලා තුල විෂ වායු දමා  මරා දැමීය. මෑත කාලයේ විෂ වායු මගින් මරා දැමීමක් සිදු වූයේ සිරියාවේදීය.

  • එල්ලා මරා දැමීම

බොහෝ රටවල භාවිතා කළ තොන්ඩුව ඒ සදහා භාවිතා විය. මෙය එල්ලුම් ගහ ලෙස හැදින්වේ. දෙපයින් එල්ලා ගැට ගසා පහර දීම තවත් ක්‍රමයකි.

  • උරචක්‍ර මාලය

කැරකෙන තියුණු තලයක් සහිත තහඩුවලින් තැනූ උපකරණයක් ගෙලට දැමීමෙන් ගෙල කපා මරා දැමීම සිදු කරයි.

  • වස දීම

වස දීම ඉපැරණි ක්‍රමයකි. ග්‍රීසියේ සොක්‍රටීස් නම් දාර්ශනිකයා මරා දැමුයේ  හලාහල විස බදුන අත තබා එය පානය කිරීමට සැලැස්වීමෙනි. 

  • ගල් ගසා මරා දැමීම

අරාබි රාජ්‍ය බොහෝමයක එය අදත් භාවිතා කරයි. පවුකාරයාට ගල් ගසා මරා දැමීම මෙහි අපේක්ෂාවයි. 

උල තැබීම, ගස් දෙකක් එක්කර එයට මිනිසා බැද ලණුව කපා දැමීමෙන් දෙපලු කිරීම,වංගෙයේ දමා කෙටීම වැනි කෘෘරතර ක්‍රම ලංකාවේද භාවිතා කර ඇත.

මරණ දඩුවම සදහා මෙමවිදිමත් ක්‍රමවලට අමතරව නීත්‍යානුකූල නොවන ක්‍රමද භාවිතා කරණු ලැබේ. සුදුවෑන් සංස්කෘතිය එබන්දකි. පසුගිය කාලයේ ප්‍රචලිත ක්‍රමයකි.  අපරාධකරු විසින් සගවා ඇති ආයුධ පෙන්වීම සදහා පොලිස් නිලධාරීන් කැටුව යාම එහිදීඅපරාධකරු එම ආයුධවලින් පොලීසියට පහරදීමට උත්සහ කිරීෆම්දී පොලිස් වෙඩි පහරින් මිය යාමට සිදු වේ. අපරාධකරැවන් ඝාතනය කිරීම, කුරිරු මද හින්සාවලට භාජනය කිරීම යනාදිය අතීතයේ සිටම භාවිතා කළ මුත් අපරාධවල අඩුවක් දක්නට නොමැත.  එබැවින් එල්ලුම් ගහ ඉල්ලා සිටින ඉල්ලා සිටින  අය විසින්  යලි යලිත් සලකා බැලිය යුත්තේ අපරාධ සිදුවන්නේ කුමක් නිසාද  යන්නයි. 

 

මරණ දණ්ඩනයට ලක් වූවන් පිළිබධව සිදු කරන පරීක්ෂණ වාර්ථාවක්  පසුගිය දිනක ප්‍රසිද්ධියට පත් කරන ලදී. එම වාර්ථාවට අනුව ලංකාවේ මරණ දණ්ඩනය නියමිත වූ අයගෙන් 80% ක්ම දිලින්දන් හා නිසි  අධ්‍යාපනයක් නොලැබූවන් ය. 

ඉදින් එල්ලුම් ගහ ඉල්ලා සිටිය හොත් තොන්ඩුව වැටෙන්නේ කාගේ ගෙලටද යන්න පැහැදිලිය.

 

 

-----ලකිති-------

 

Comments

I appreciate this great work. Because this is a main issue in current politics. Thanks for giving us true knowledge. All the best !

Thanks.

its very rare articl i like it usfull to commen peopales

den thamai terune etha meka kalayakatapasuwa kiyawanna lebuna niyama lipiyak

mola padana artical ekeak niyami

meka nam niyama lipiyak thamai me wage ewa thamiapita one karala thiyenne

God worak ......!!!!

Ilaga article aka anakal mama balan innawa .
Good one

Me article series ake palaweni eka. Issarahata me wagema wadagath ewa kiyawanna obata labenawa..

Godak wedagath article ekak. nugath ayata kiyawanda denna puluwannam godak watinawa. samajaya gena anawabodayen inna minissunta me article eka a tharanma wedagath nisa..All the best

thanks

thanks

nice

ෂරියා නිතිය යටතේ මිනිසුන් ගල්ගසා මරාදෙමිම අපි හෙළාදැකිය යුතුයි .අද ලාංකික කතක් මෙවිදිහට අරාබියේදී මෙරුම් කනවා.උගත් මුස්ලිම්වරු සිටිනවා නම් ඔවුන් මෙනිතියට විරුධව නගිසිට්‍ය යුතුයි.

ellum gasa gana kiyala thiyena wadagath dewal godak thiyenawa.mama godak dewal iganagaththa