සුදුවෑන් සහ කළු ඩිපෙන්ඩර් 

පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර  ගේ  ආරක්ෂක භටයන් සිව් දේනෙකු විසින් කොළඹ දෙමටගොඩ ප්‍රදේශයේ තරුණයෙකු පැහැරගෙන ගොස් පහර දීමේ සිද්ධිය දැන් ජනතාව අතර යහපාලනය පිළිබදව කුකුසක් ඇතිකරලීමට හේතුවී තිබේ.සුදුවෑන් සංස්කෘතියෙන් නිදහස්වූ  ජනතාවට කළු ඩිපෙන්ධර් සංස්කෘතියක් පිළිබදව ඉන් බියක් ඇතිවිම නොවලක්විය හැකි දෙයකි.ආරක්ෂක අංශ විසින් ඇයගේ ආරක්ෂක භටයන් අත් අඩංගුවට ගෙන ,අධිකරණයට ඉදරිපත් කර තිබීම පමණක් මෙම භිතිය පහව යාමට ප්‍රමාණවත් නොවේ.මෙම සිද්ධියට  මන්ත්‍රීවරියගේ සම්බන්දයක් පවතින්නේද යන්නත් වහාම පරික්ෂාවට බදුන්කළ යුතුම වේ.

හිරුනිකා ප්‍රේමචන්ද්‍ර  මහත්මිය විසින්   පසුගිය රජය පෙරලා දැමීමේ  භුමිකාවේ සැලකියයුතු කාර්යභාරයයක් ඉටුකරනු ලැබිය.රූපවාහිනි  නාලිකාවල දී ඇය ජනතාව ඉදිරියේ හෙලු කදුළු දැන් කිබුල්  කදුළු බවට පත්වෙමින් තිබෙන ආකාරයක් දිස්වෙමින් පවතී.ඇයගේ මෙම ක්‍රියාවට එරෙහි මතයක් ජනතාව අතර පැතිර යමින් තිබේ.

පසුගිය රජය පෙරළාදැමීමට ජනතාව විසින් තීරණය කිරීමේදී ,සලකාබලන්නට ඇති එක ප්‍රබල සාධකයක් වන්නේ සුදුවෑන් භිතිකාවය.එය එම මැතිවරණ වේදිකාවල ප්‍රධාන සටන්පාඨය ක්  විය .අද මෙම ආණ්ඩුවේ ඇමතිකම් දරණ බලවත් සියලු දෙනාගේම මුලික සටන්පාඨය ක්  විය.මෙහිදී ඇයගේ හඩ වඩාත් ප්‍රබලවුයේ ,ඇයගේ පියා වූ භාරත ලක්ෂ්මන් ඝාතනයට ලක්වීමේ පුවතේ දෝංකාරයත් සමගම ඇය පැමිණි නිසාය.මෙබදු අයුක්තියට එරෙහිවූ අය බලයට එමෙන් සමාජයට සාධාරණය ඉටුවෙතැයි ජනතාවසිතුවා නොඅනුමානය.ඉදින් මෙම පැහර ගැනීම ඇයගේ අනුදැනුමෙන් තොරව සිදුවිය හැකි දෙයක් යැයි තර්ක කිරීමට නොහැකිය.හිරුනිකා මහත්මිය විසින් ජනමාධ්‍ය වෙත දැක්වූ අදහස් තුලින්ද ඒබව තහවුරුවේ.ඒහිදී ඇය විසින් ප්‍රකාශකලේ ,මෙම පහරකෑමට ලක්වූ පුද්ගලයා විසින් සිදුකලා යයි පැවසෙන දෙයකි.පවුල් ප්‍රශ්නයක් පිලිබදව කතාවක් ඊට සම්බන්දය .දැන් මතුවන ප්‍රශ්නය නම් ඇයට අධිකරණ බලයක් ලැබී තිබෙන්නේ කාගෙන්ද යන්නයි.පවුල් ප්‍රශ්න නිරාකරණයට හා දඩුවම් පැමිණවීම මේ ආකාරයට මන්ත්‍රීන් විසින් ඉටු කරයි නම් ඊට යහපාලන යැයි කිවහැකි වන්නේද ? .මෙය ඉතා බරපතල ප්‍රවනතාවයක ආරම්භයකි. එයට එතැනින්ම තිත තැබිය යුතුවේ.අපරාධ ,දුෂණ ,අකටයුතු  ආදිය වැලැක්වීම සදහා මෙම රජය විසින් ආයතන ගනනාවක්ම පිහිටුවා අත.දැන්මම මෙම ප්‍රශ්නය එම ආයතන වෙත ගෙනගොස් වැරදිකරුවන්ට නියමිත දඩුවම් දීම අත්‍යාවශ්‍ය කරුණකි.එසේ නොවුව හොත් ජනතාව තවදුරටත් බියට පත්වීම නොවැලක්විය හැකි කරුණක් වනු ඇත.

 

-පොලිටික්කා

Comments

sannasa nirbhithyi kelin katha karanawa niyamayi,