සවුදි කුමරුන්ගේ රාජකීය කුඩු ජාවාරම 

පසුගිය සදුදා ලෙබනන් හි බේරූට්නගරයේ ඇති රෆික් හරිරි ගුවන් තොටුපලේ දී මෙතෙක් අත් අඩංගුවට ගෙන ඇති විශාලතම මත්ද්‍රව්‍ය තොගය පිළිබදව වාර්තා විය. එහි captagon pillsනමැති මත්ද්‍රව්‍ය බැග් 40 ක් විය .මෙම මත ද්‍රව්‍ය තොගය සමග අත්අඩංගුවට පත් වුයේ සවුදි අරාබියේ රාජකුමාරයකු සහ තවත් හතර දෙනෙකුය.රජ කුමාරයා සහ පිරිස පවුද්ගලික ජෙට් යානයකින් මේවා ප්‍රවාහනය කර ඇත. යානයේ තිබී මත්ද්‍රව්‍ය ටොන් දෙකක් අත්අඩංගුවට ගත් බව ලෙබනන් ජාතික ප්‍රවුර්ත්ති  ඒජන්සිය විසින් නිවේදනය කළේය .ලෙබනනයේ අබ්යන්තර කටයුතු පිළිබද අමාත්‍ය වරයාගේ මාද්‍ය ප්‍රකාශක වරයද මෙම පුවත තහවුර කල බව ජාත්‍යන්තර මද්‍ය විසින් වාර්තා කළේය.මෙම මත්ද්‍රව්‍ය තොගය තුල captagon pillවලට අමතරව කොකේන් නමැති මත්ද්‍රව්‍ය ද පවැති බව වාර්තා වේ.

          සවුදි කුමාරවරුන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවී සිටින බවට වාර්තා වූ පළමු අවස්ථාව මෙය නොවේ .වර්ෂ 1999 දී සව්දි කුමරකු වන නයිෆ් බින් ෆ්වෂල් ෂල්ලන් විසින් වෙනිසියුලාවේ සිට ප්‍රංශයට ටොන් දෙකක මත්ද්‍රව්‍ය ගෙනයාමේදී ප්‍රංශ නිලදාරීන් වෙත හසුවිය .2010දි විකිලික්ස් wikileaksweb අඩ විය විසින් සවුදි කුමාරයන්ගේ මත්ද්‍රව්‍ය ජාවාරමේතොරතුරු හෙළිකළේය .

                   සවුදි කුමාරයන් මත්ද්‍රව්‍ය ජාවාරම සදහා පමණක් නොව කාන්තා අපචාර සදහාද හසුවී තිබේ .ඇමරිකාවේ ලොස්ඇන්ජලීස් නුවරදී අසාමාන්‍ය හැසිරිම නිසා සවුදි කුමරෙකු අත්අඩංගුවට පත්විය.ඔහු විසින් කාන්තාවන් තුන්දෙනකුට මරණිය තර්ජන කලබව අදිකරණ විමර්ශන වලදී අනාවරනය විය.2010දි නසීර් අල් සවුද් නම් සවුදි කුමරා බ්‍රිතාන්‍ය අදිකරණයකින් සිරගත කළේය.ලන්ඩන් නුවර හෝටලයකදී තම සේවකයා ඝාතනය කිරීමේ වරදට ඔහු හසුවිය.

සවුදි රජ පවුලට සාමාජිකයන් 15000ක් පමණ අයත්ව සිටි.

සවුද්යේ සාමාන්‍ය මිනිසෙකු විසින් කරන ලද සුළු වරදකට වුවද දෙන දඩුවම් ඉතා බරපතලය.මැදපෙරදිග රටවල භාවිතා කරන ෂරියා shariya law නීතිය යටතේ ඉතා කෘර දඩුවම් පමුණුවයි .මෙරටවල සේවය කරන ශ්‍රී ලාංකිකයන් ඇතුළු විදේශිකයන් ගණනාවක්ම මර දමා ඇත.නමුත් දැන් මේ කුමාරට එම නිතිය ක්‍රියාත්මක  කරන්නේද යන්න ප්‍රශ්නයකි .ලන්ඩන් නුවර ප්‍රශ්නයට නම් සවුදි රජයට බලපෑම් කිරීමට නොහැකි විය.නමුත් ලෙබනනය සවුදියේ ඉතම හිතවත් රාජ්‍යයකි. එනිසා දඩුවම් කිරීමට මේ කුමාරා සවුදියට ඉල්ලා සිටීමට හැකිය . එවිට ලංකාවේදී මෙන් සිරදඩුවම් නියමකොට ඉන් පසුව කුමරා සුකොපභෝගී රෝහලකට ඇතුලත්කිරීමට හැකියව ලැබෙනු ඇත.

-පොලිටික්කා

Comments

niyamai

Thanks