Error message

Notice: Undefined offset: 1 in counter_get_browser() (line 70 of /home/sannas3/public_html/sites/all/modules/counter/counter.lib.inc).

Star War

ශ්රී ලංකා ක්රි කට් කණ්ඩායම අන්තයටම පරාජය වෙමින් සිටින මේ අවස්ථාවේ හිටපු ක්රිසකට් තරු අතර යුද්ධය මතු පිටට පැමිණ තිබේ .මෙම තාරකා යුද්ධයේ අරුත පැහැදිලිය .ධන නිධානය බෙදා ගැනීමට එකෙනේකාගේ බල අධිකාරය හෙවත් තරු රශ්මිය එකිනෙකාට එරෙහිව භාවිතා කිරීමය .දැන් එකිනෙකාට කරගන්නා චෝදනා හේතුවෙන් ලංකාවේ ක්රිතකට් ක්රීිඩාවේ යතාර්ථය එලියට පැමිණ තිබේ .මුලින්ම කරලියට පැමිණියේ චාලි ඔස්ටින් පිලිබඳ සාදකයයි ..සංගක්කාර සහ මහේල ගේ කළමනාකරුවන් ලෙස ආරම්භවී කන්ධායමේ බහුතරයකගේ කළමනාකරු බවට චලි පත්ව සිටි ..ඔහු විසින් මේ ක්රීසඩකයන්ට ධන උල්පත් පාදා දෙනබව දැන් පැහැදිලිය .ඒ විදෙස් තරගාවලි සොයාදිමෙනි .රට වෙනුවෙන් ක්රීනඩා කරනවා යයි පැවසෙන ජාතික වීරයන් බවට පත්ව සිටින මේ තරු රට පසෙකලා මුදල් පසුපස හබායන අයුරු අපුරුය .චලි ගේ චෝදනාවෙන් මිදෙන්න සංගා සහ මහේල කෙස් පැලන තර්ක ඉදිරිපත් කලද මෙහි යතාර්ථය පොඩි ළමයෙකුට වුවද තේරුම් ගැනීමට අපහසු නැත .
කල දුටු කල වල ඉහගනිමට බලාසිටින සමහරු චාලිගේ භූමිකාව පතුරවන්න ගොසිප් වෙබ් පිටු යොදාගත් බව සංගක්කාර පවසයි එහිද සත්යටයක් තිබේ .බොහෝ පේස්බුක් පිටිවල අවිචාරවත් ප්රාචාර තුලින් ඒ බව පැහැදිලිවේ .ප්රරචාර කෙසේ වුවද චාලි හා ක්රිලකට් තරුවල මුදල් තන්හාව අතිශයින් භයානකය .සාමාන්ය රජයේ සේවකයෙකු ජිවිතකාලයටම උපයනමුදල මේ තරුවක් එක තරඟයකින් උපයනබව බොහෝදෙනාට නොවැටහෙන කරුණකි .ඒ වුනත් සංගක්කාර BBC සමග මාධ්යෝ සකාච්චාවකදී පවසා ඇත්තේ ක්රි්කට් සෙල්ලම් කරන්නේ වයස 35 ක් 40 ක් වෙනකන් පණක් බවත් ඉතිරි කාලය ජීවත්වීමට මුදල් සෙවිය යුතුව ඇති බවයි .එක තරගාවලියකට කොටි ගණනක් හොයන මිනිස්සුන්ගේ අනාගතයට ඇත්තේ මොන අවදානමක්ද ..?.අනේ අපොයි කියල කියවෙන්නේ මේ වෙලාවයි .
අර්ජුන පවසන්නේ 2011 ලෝක කුසලාන අවසන් තරඟයේදී ශ්රීේලංකා තරඟය පරාජයවීම සොයා බැලියයුතු බවයි .එයින් අපට පැහැදිලිවන්නේ තරඟය පාවාදුන් බව හෝ විකුනුබවය .එබඳු කටකතා ඒ දවස්වල පැවතුනි .එට ප්රනතිචාර වශයෙන් සංගක්කාර පවසන්නේ , අර්ජුන සභාති වැ සිටියදී කන්ධායම පකිස්තාන් සංචාරයට යැව්වේ අපේ ක්රීනඩකයන් මරාදමන්නට මෙන් බවය .ඒගැනත් පරීක්ෂණ පැවැත්විය යුතු බවයි .
කගේ කාගේත් කිල්ලොටවල හුණු ටිකටික නොව ගොඩ ගොඩ තිබෙන බව දැන් හොදටම පැහැදිලිය .
අපේ ක්රිතකට් කන්ධායමේ වෘත්තීය ලක්ෂණ නොමැති බව හොදටම පැහැදිලිය .ඒ වෙනුවට ඇත්තේ කලින් කලට බිහිවෙන තාරකාවන් ය .මේ තාරකා විසින් ජයග්ර හණ ලබාදී කන්ධායමේත් .පරිපාලනයේත්,ඇතැම්විට දේශපාලනයේත් ආදිපත්ය් ලබාගනී .එතැන් සීට නිධානය හැරිම ට පටන්ගනී .දැන් වහාම අවශ්යය වී තිබෙන්නේ තරු නැති වෘත්තීය කන්ධායමක් හදාගැනීම පිලිබදවය .

                                                                           

  මාලක ද සිල්වා