Error message

Notice: Undefined offset: 1 in counter_get_browser() (line 70 of /home/sannas3/public_html/sites/all/modules/counter/counter.lib.inc).

එල්ලුම් ගහට පෙර

එල්ලුම් ගසට පෙර........

ඉතිහාසයේ එක් දවසක අනාචාරයේ හැසිරුණු කාන්තාවක් පසුපස ගල් මුල් රැගෙන  හබාගිය පිරිස දැක ජේසුස් වහන්සේ දකින කාන්තාව එතුමා පාමුල වැදවටි ජීවිතය ඉල්ලා සිටියහ.ගල් මුල් රැගෙන පැමිනි පිරිස අමතා

“ජීවිතය පුරාවටම වරදක් නොකළ කනෙකු වේ නම් පළමු ගල කාන්තාවට ගසන ලෙස පැවසිය. පැමිනි පිරිස ආපසු හැරී යන්නට විය.

බුදුන් වහන්සේගේ කාලයේ ගුරු පඩුරු වෙනුවන්  ජිවිත නැති කර දැමු අංගුලිමාල බුදුන් ඉදිරියේ රහත් බව ලැබිය.බෞද්ධයන් බහුතරයක් වෙසෙන ලංකාවේ එල්ලුම් ගස ඉල්ලන මහා සඟරුවනද, බෞද්ධ ජනයාටද,අප වැනි සිසුන්ටද, මේවා  මතක් කර දීමට සිදුවීම කාගේ අවාසනාවද  යන්න සිතීම ඔබේ චින්තනයෙන් සිතා බලන්න.

එල්ලුම් ගස ගෙන ඒමට නීති සකස් කිරීම වෙනුවට ඉරිදා දිනයේදී සෑම ළමයෙකුටම දහම් පාසල් අනිවාර්ය කිරීමට නීති දැඩි කල යුතුය.එයම පමණක් නොව පංසල,ක්‍රිස්තියානි පල්ලිය,මුස්ලිම් පල්ලිය මුලික කර ගනිමින් අවුරුදු 16සිට 23පමණ වන තෙක් සියලුම තරුණ තරුණියන්ට ඉරිදා දිනයේදී වැඩ සටහන් ක්‍රියාත්මක කල යුතුය.

මේ සදහා සදාචාරාත්මක වටිනාකම්,සැලසුම් සහගත විවාහයන්,මුදල් කළමනාකාරිත්වය,මනෝ ප්‍රතිකර්ම  ආදිය පිළිබද උපදෙස් ලබාදීම සිදුවිය යුතු වේ.

මෙලෙස සදාචාර සම්පන්න පුද්ගලයන් බිගි කිරිමට කටයුතු කිරීමයි.මරණ දඩුවම ලබා දී සමාජය අසහනයට පත් කිරීම නොව නැවත එම අපරාද ඇති නොවීමට සමාජය තුලින් කටයුතු සම්පාදනය කිරීමය. “හේතුව” නැති කල යුතුමය.එවිට “පළයද” අහෝසි වනු ඇත.

අයී.කේ.බණ්ඩාර