Error message

Notice: Undefined offset: 1 in counter_get_browser() (line 70 of /home/sannas3/public_html/sites/all/modules/counter/counter.lib.inc).

Home Page News 2

රාත්‍රිය ආපසු ගන්න......

දඩි බිඩි ගගා කරනා වැඩරට වටී

රට වෙඩි දමා කලු කගනා සැටියේ

මඩ යට තිබෙනන කලුගල් ගන්නා සැටියේ

උඩ වැඩ  කරන අයට දෙන්නේ අඩු  පඩියේ

මෙම ජන කවිය ඔබ අසා ඇතත් එහි අර්ථය පිළබදව   ඔබ කිසිදා නොසිතන්නට ඇතී.   මෙය අපගේ ඉපැරණි ජන සමාජයේ කාන්තා විමුක්තියේ ප්‍රකාශණයකි.  මිනිරන් පතලක වැඩ කරන කාන්තාවන්ගේ ශ්‍රම සූරා  කෑම පිළබද මතු වූ සියුම් ප්‍රකාශණයකි.  අද අපගේ කාන්තාවන්ගේ තත්ත්වය එදාට වඩා භයංකරය. ඇස් බැම සකසා වත්සුනු තවරා Three Quarter  එකකින් සැරසී  මේ දැන් දිව්‍යලෝකයෙන් බට සුරන්ගනාවියක් සේ අපගේ යුවතියන් පෙනී ගියද, ඇගේ තත්වය පෙරදාටත් වඩා බිහිසුනුය. යුවතියකට තනිවම මහමග යාමට නොහැකි අද සමාජයේ ස්ත්‍රී දූෂණය , ලමා අපචාර, කාන්තා හින්සනය ඉහ වහා ගොසින්ය. දරුවා පාසලට  ඇතුලත් කර ගැනීම  සදහා මව්වරැන්ට සිදුවී ඇත්තේ ලිංගික අල්ලස් දීමටය. අද අප ජීවත්වන විකෘති සමාජ පරිනාමයේ හද කම්පා කල ප්‍රකාශනය දිවුලපිටියේ  “සේයා”  දැරියගේ කේදවාචකයයි. එදා ජන කවියේ ප්‍රකාශිත අසාධාරණය කුමක්දැයි මේවා දකින විට සිහිවනු නොඅනුමානයි. එදාය වඩා අද සමාජයේ එක් වෙනසක් සිදු වී තිබේ. එනම් කාන්තාවට එරෙහිව හින්සනය පෙරදා නොවූ විරූ තරම් වැඩි වීමයි. කුඩා දරැවන් පැහැරගෙන ගොස් දූෂණය කර මරා දැමීම පිළිබදව ප්‍රවෘත්ති අපට අසන්නට ලැබේ. ආසන්නම සිද්ධිය දිවුලපිටියෙන්ය. ඊට දින කීපයකට පෙර පුත්තලමෙන්ද ඊටත් දින කීපයකට පෙර කිලිනොච්චියෙන්ද අසන්නට ලැබුණි . කාන්තාවන් ඝාතනය කිරීම පිළිබද සිද්ධිදාමයක් අසන්නට ලැබුනේ රත්තපුරේ කහවත්තෙනි. මෙබදු සිද්ධි දහස් ගණනක්   වුවද ඉදිරිපත් කළ හැකිය.  ඒ සියල්ල බීරි අලින්ට වීනා වාදන යකරන්නා මෙන්ය.

 

එදා කාන්තාව ජනකවිය තුලින් හෝ තමන් වෙත සිදුවන අසාධාරණය පිළීබද යම් ප්‍රකාශනයක් සිදු කළා උවද අද එබනන්දක්  හෝ දක්නට නොමැතිය. මාරෟතු 8 වනදාට පමණක් කාන්තා විමුක්තිය Celebrate කරන මධ්‍යම පන්තික කාන්තා ව්‍යාපාරවල නායිකාවන්ට මේවා ප්‍රවෘත්ති නෝවේ. තරු පහේ  හෝටල්වල කාන්තා විමුක්තිය  පිළිබද සම්මන්ත්‍රන වැඩමුලු පවත්වා ඔවුන්ට එම යථාර්තය  කිසිදා තේරැම් ගත නොහැක.

සුත්‍රී දූෂණ හා ලමා අපචාර පිළිබද ප්‍රවෘත්ති අසන අය ඒ පිළිබදව “අනේ අපොයි” කීවත් ඒවා වැපැක්වීමට ගත යුතු ක්‍රියා මාර්ග ගැන නොසිතති.   මෙමසියලු සිද්ධීවල වගකීම් රාජත්‍රන්තය  යටතට අයත් වේ. මෙබදු සිද්ධීන්ට සම්බන්ධ පුද්ගලයන්ට ගල්ගසා මැරිය යුතුයැයි ජනතාව ඒ මොහෝදී අවේගයෙන්  ප්‍රකාශ කලද මෙය ඒක පුද්ගලයෙකු වෙත දඩුවම් දීමෙන් වලක්වා ගත හැකි තත්වයක් නෝවේ. ඒ සමාජයේ ස්ත්‍රීය පිළීබද පවතින ආල්පයේම කොටසකි. මෙම තත්වයෙන්  මිදීමට නම් සමාජය පවතින ආකල්පවල වෙනසතක් සිදුවිය යුතුය.

කාන්තාවන් හා ලමයින් පිළීබදව සමාජයේ පවතින ආකල්ප ඉතා බලවත් ලෙස පුරුෂාධිපත්‍ය චින්තනයෙන් බල ගැනන්වී  ඇත. එය සමාජයෙන්  ඉවත් කරන තෙක් මෙම කෘෘරතර අකටයුතුකම් වැලැක්වීමට නොහැක්කේය. බොහෝ පිරිමින් කල්පනා කරන්නේ  “ස්ත්‍රීවාදය හා කාන්තා විමුක්තිය” වැනි දේවල් කාන්තාවන්ට පමණක් අයිති මාතෘකා ලෙසය. එය ඉතා  දෝස සහගත ආකල්පයකිත මාක්ස්වාදී චින්තකයන් විසින් කාන්තා විමුක්තියද පන්ති අරගලයේම කොටසක් ලෙස දැක්වීමෙන් මෙම ආකල්පය වෙනස් කරලීමට උත්සහ  කලේය. නමුත් අවාසනාවකට මෙන් මාක්ස්වාදය යල් පැනගිය සංකල්පයක් ලෙස සලකා එය බැහැර කිරීමට මාක්ස්වාදී ව්‍යාපාරයේ යෙදී සිටි අය පවා කටයුතුකරමින් සිටී. ඔවුන් සහේතුක අපේක්ෂා භංගත්වයට පත්ව සිටී.

බටහිර සමාජයේ මෙම ආකල්පය එනම් “කාන්තා විමුක්තිය කාන්තාවන්ට පමණක් සීමා වූවක් නොවන්නේය.”  මත වාදයක් ලෙස ගොඩ නැගීම සදහා   වැදගත් කෘති ගණනාවක්ම පලවී තිබේ. ඒවා අතරින් Femisism is for everybody”  නැමති කෘතිය වැදගත් තැනක් ගනී. මෙම කෘතිය මගින් මූලික වශයෙන්ම තර්ක කලේ ස්ත්‍රීවාදය කාන්තාවන්ට පමණක් සීමා වූවක් නොවන බවයි.

කාන්තාවන්ගේ විමුක්තිය පිළිබද ප්‍රශ්ණය සමාජයේ අන් හැම දෙනාගේම ප්‍රශ්ණයකි. එබැවින් ස්ත්‍රීවාදය අන් හැම දෙගේම විමුක්තියේ කොටසක් යන්න  එමගින් ප්‍රකාශ කලේය. බටහිර සමාජය වෙත මෙම කෘතිවලින් සැලකිය යුතු බලපෑමක් ඇතිකර තිබේ.

අපේ සමාජවලට සාපේක්ෂව සැලකිල්ලට ගත්විට බටහිර යුරෝපා රටවල කාන්තාවන්ට විශාල පරිමාණයේ නිදහසක් හා ස්වාධීනත්වයක් හිමි වී තිබේ. විලාසිතා , ඇදුම්පැලදුම්, සමාජයේ හැසිරීම, පවුල් සංස්තාව ආදියෙහ්  ඇය බුක්ති විදින නිදහස අපගේ සමාජවලට සාපේකෂව පුදුමය දනවන සුලුය. ඊටත් වඩා පුදුමය දනවන දෙය නම් කාන්තාවන්ට පිරිමින් හා විවාහය ප්‍රතික්සේප කොට   ස්වාධීණව සිතීමේ හෝ ඇතැම් විට කාන්තාවන්ට කාන්තාවක් සමග විවාහ වීමේ නිදහස පවා එම සමාජවලදී හිමිවී තිබේ. දැන් අපේ සමාජවල එතරම් දුරට නිදහසක් පිළිබදව සිතීමට ඉඩක් නොමැත. අඩුම තරමේ රැකියා අවස්ථා හා වැටුප් ප්‍රශ්නය පිළිබදව කතා කිරීමට ඉඩක් නොමැත. ඊට වඩා අත්‍යවශ්‍ය බරපතල තත්වයේ ගැටලු කාන්තාව ඉදිරියේ පැවතීමය.

ගැහැණු ළමයෙකුට තම නිවස පවා අනාරක්ෂිත තැනක් බවට පත් වී ඇත. තම පියා හෝ ඥාතීන් පිළීබදව පවා අවිශ්වාසයෙන් හා සැකයෙන් යුතුව බැලීමට සිදුවී තිබීමය. මෙය  අපගේ සාම්ප්‍රධායික පවුල් සංස්ථාව දරුණු ආකාරයේ කඩා වැටීමකට ලක්වීමකි. “පවුල” තුළ ඇති පුරුෂාධිපත්‍ය නිමිත්ත යක්ෂාවේෂයෙන් මතුපිටට පැමිණිමින් මෙම කේදවාචකය නිර්මාණය වී තිබේ.

අද සමාජය කාන්තාව හා දරුවන් පිළිබදව  පවතින අවිනිශ්චිතතාවය   ආරක්ෂාවපිළිබදව බිය හා සැකය “කාලකන්නි පුරුෂයන් කීපදෙකු” හෝ ජඩයන් කීපදෙකු මත පමණක් පටවා තමන් සුදනුන් බවට පත්වීම සිරිතය. නමුත් මෙම කේදවාචකය පිළිබදව වගකීමෙන් මගහැරීමට කිසිම කෙනෙකුට හොහැකිය මන්ද මේ සමාජය තුල පවතින විවිධ අධිපතිවාදී තන්ත්‍රයන්ගේ ක්‍රියාවල්ියක් බැවිනි. මෙම සියලුම අධිපතිවාදයන් තුළ සැගවී ගත් යක්ෂයෙකු සිටී. එනම්,

  • රාජ්‍ය තන්ත්‍රයේ ආධිපත්‍යය
  • වාර්ගික ආධිපත්‍යය
  • කුල ආධිපත්‍යය
  • පුරුෂ ආධිපත්‍යය
    • රාජ්‍ය තන්ත්‍රය තුළ බලවත්ම අධිපතිවාදී යක්ෂයා සිටී. එම තන්ත්‍රය යක්ෂාවේශ වූ විට තමන්ගේම පුරවැසියන් වෙත කෘෘරතර  හින්සනය යොදවයි. ආණ්ඩුවේ Shower එකෙන් පටන්ගෙන T-56  ආයුධවලින් පහර දී තම දරුවන් හිංසනයට හා ඝාතනයට ලක්කරයි.
    • අධිපතිවාදී ජනවර්ගවල හෙවත් වර්ගතන්ත්‍රය යක්ෂාවේශ වූ විට පීඩිත නැතහොත් සුලු ජාතීන් වූ තම සහෝදර ජනයා සමූල ඝාතනය කරයි. උතුරේ මිනිසුන් මරද්දී දකුණින් මිනිස්සුන්ට කිරිබත් කෑමට හැකි වූයේ එම ආවේශය තුළය.
    • කුල නත්ත්‍රය සැගවී සිටින්නේ ඉතා රහසිගතවය යක්ෂාවේශය නොපෙනෙන සුලුය. ගෙන එන පීඩනය සියුම්ය.
    • පුරුෂතන්ත්‍රය වූ කලී මෙම තන්ත්‍රයේම නිවුන් සහෝදරයෙකි. එය සෙසු තන්ත්‍ර සමග ඉතා දැඩි සහ සම්බන්ධතාවයක් පෙන්නුම් කරයිත අද අප දකින්නේ පුරුෂතන්ත්‍රයේ යක්ෂාවේශයයි. 

අද අප දකින අසන හද කකියවන පුවත් රෑපවාහිනී තිරය ඉදිරියේ දිස්වන විට දෑස් වසා ගන්නා අය මනසින් විමසිය යුතුවන්නේ තමන් විසින් දැණුවත්ව හෝ නොදැණුවත්ව අනුමත කරමින් අනුලබ දෙන්නේ  මින් කුමන ආධිපතිවාදයට යන්නේය. එම සෑම තන්ත්‍රයක්ම මෙමසමාජ ව්‍යසනයේ කොටස්කරුවන්වය. ඉදින් පුත්තලමේ කලාක් මෙන් අතට හසු වූ පාපතරයාට ගමක් එක් වී මුගුරෙන් හා අත්පාවලින් පහරදීමෙන් හෝ නැතහොත් මෙවැනි සිද්ධියක් දුටුවිට මිනිසුන් කියන ආකාරයට මරණ දණ්ඩනය නීතිගත කොට පාපාතරයන් එල්ලුම්ගස් යැවීමෙන් හෝ මෙම ක්‍රියාදාමය  වැලැක්වීමට නොහැකිය. මුලු සමාජය තුලම පවතින අධිපති තන්ත්‍රයන් අතුගා දැමීමෙන් පමණක් අස්වැසිල්ලක් ලැබිය හැකිය. ඒ සදහා පෙරමුණ ගත යුත්තේ කාන්තාවන් පමණක් නොවනබව දැන් හොදටම පැහැදිලිය. ‍

බවහිර යුරෝපාරටවල මෙම කාර්යයට අත් තැබුවේ කාන්තාවන් පමණක් නොවේ. පිරිමි පක්ෂයද එහි පෙරමුණ ගත්තේය. ඔවුන් අතර ලිබරල්වාදී චින්තකයන් මෙන්ම මාක්ස්වාදී චින්තකයන්ද විය. ‍

ප්‍රකට ලිබරල්වාදී චින්තකයෙකු වූ ජෝන් ස්ටුවට් මිල්(Johon Stuat  Mill) විසින් 1869 දී The  Subjection Of  Women නැමති කෘතිය රචනා කෙලේය. “ස්ත්‍රී හා පුරුෂ”  යන දෙපාර්ශවය අතර  සමානාත්මතාව පිළිබද අදහස ඔහු විසින් ඉදිරිපත් කරණු ලැබීය. අද ලෝකයේ බොහෝ දෙනා  බුක්තිවිදින සර්වජන චන්දබලය අයිතියද ජෝන් ස්ටුවට් මිල්(Johon Stuat  Mill) ගේ මතවාදී උද්ගෝසන ව්‍යාපාරයේ ප්‍රතිඵලයකි  “සර්වජන ජන්දය” යන සංකල්පය මතු වූයේ එංගලන්තයේ කාන්තාවට ජන්ද බලය හිමි නොවූ පසුබිමක් තුලදීය.

අපගේ රටවල කාන්තාවන්ට හා දරුවන්ට එරෙහිව සිදුවන විවිධ හින්සනයන් පිළිබද බලවත් එමෙන්ම සක්‍රීය කථිකාවතක් නොමැති වුවද වෙනත් රටවල ඒ පිළීබදව බලවත් මතවාදයන් හා දේශපාලන ව්‍යාපාරයන් පවතී.

1960 දශකය තුළ යුරෝ් මතු වූ බලවත් මතවාදී ව්‍යාපාරයක් විසින් කාන්තා විමුක්තිය පිළීබද ප්‍රබල හඩක් ගොඩනැංවිය. Redical Political  Expression ක්‍රමය නම් වූ මෙම ව්‍යාපාරය සෘජු ලෙසම ප්‍රකාශකල අදහස වූයේ “රාත්‍රිය ආපසු ගන්න” යන්නයි. එය වූ කලී ස්ත්‍රීවාදය ප්‍රබල හඩකි. කාන්තාව ලිංගික සූරාකැමකට ලක්වන්නේ රාත්‍රිය තුළදීය.  ගණිකා ව්‍යාපාරය තුළ පමණක් නොව පවුල් සංස්ථාව තුලදී මෙම සූරාකෑම සිදුවන බව ඔවුන්ගේ අදහස විය. ශ්‍රම සූරාකෑම, අසම සැලකිල් හෙවත් ලිංගික විෙභ්දනය  මත Gender  Base පදනම්ව සැලකීම හා වෙනත් ආාරයේ සියලුම අසාධාරණයන්  ඉක්මවා ගිය මෙම මතවාදය  ස්ත්‍රීවාදී Feminism  මතවාදය දේශපාලන හා සමාජ දෘෂ්ඨියකින් ඉදිරිපත් කරයි.

ස්ත්‍රීවාදය මතවාදයක් ලෙස පැන නැගීම 1960  දශකයෙන් ඔබ්බට දිව යයි. 1972 දී මේරි වෝල්ස්ටන් ක්‍රාf පට් (Marry Wolston Craft) විසින්  A Vindi Cation of the Right of Women  නැමති කෘතිය රචනා කලේය. මෙම කෘතියෙන් කාන්තාවගේ අයිතිවාසිකම් පිළිබද ප්‍රශ්නය මතු කලේය.   

අද යුරෝපා රටවල කාන්තාවට හිමි තැන එදා සමාජවල එදා නොපැවතිනි.   මේරි වෝල්ස්ටන් ක්‍රාf පට්ගේ මෙම කෘතිය යුරෝපයේ උගතුන් අතර ස්ත්‍රීවාදය පිළිබදව බලවත් උද්යොගයක් ඇති කෙලේය. එමගින් “ස්තී වාදය”  නව දේශපාලන සංකල්පයක් ලෙස ගොඩනැංවීමේ මූලික අඩිතාලම   සකස් විය. ඇයගේ කෘතිය ස්ත්‍රීවාදය පිළිබද ප්‍රථම ශාස්ත්‍රීය කෘතිය  ලෙස පිළිගැනේ.

බටහිර සමාජයේ ස්ත්‍රීවාදය  දේශපාලන මතවාදයක් ලෙස ගොඩනැංවීමෙහිලා උත්සුක වූ කාන්තාවක් ලෙස බෙටී fප්‍රයිඩන්  (Betty Friedam) පෙන්වා දිය හැකිය. ඇය 1963 දී The  Feminine Mystique නැමති කෘතිය රචනා  කලේය.  ඇය විසින් එමගින් ඇමරිකා එක්සත් ජනපදයේ ස්ත්‍රීවාදී යුද්ධයක්   පිළිබද කතා කලේය.

ස්ත්‍රීවාදය සාහිත්‍ය තුළ බලවත් ප්‍රකාශනයක් ලෙස මතුකළ අය අතර වර්ජිනියා  වුලිfප්  (Verginia Woolf )  නම් කළ හැකිය. 1924 ඔක්තෝම්බර් 24 ඇය විසින් රචනා කළ A Room of One’s Own නැමති කෘතිය ප්‍රකාශයට පත් කෙළ්ය. නව කතා ගණයට අයත් මෙම කෘතිය ස්ත්‍රියකගේ ස්වාධීනත්වය පිළිබද හැගීම ප්‍රකාශයට පත් කෙළය.  ඉතාම යහපත් ස්වාමි පුරුෂයෙකු වුවද හැරදමා ගොස් ස්වාදීනව ජීවත් වීමට කාන්තාවක් විසින් ගන්නා උත්සාහය මේ නවකතාවේ මූලික තේමාවයි. එමගින් ස්ත්‍රීවාදයේ චින්තනයට බලවත් ශක්තියක් සපයනු ලැබීය.

මෙම සාහිත්‍ය කෘතිවලට අමතරව තවත් ස්ත්‍රීවාදී ග්‍රන්ථ රැසක් ප්‍රකාශයට පත්වී තිබේ. 1998 දී ඉන්ගා මස්කියෝ (Inga  Mascio) විසින් රචනා කරන ලද A  Declaration of Indipendens නැමති කෘතිය ගෘහස්ථ  ස්ත්‍රියකගේ නිදහස කෙරෙහි පවතින සීමාවන් පිළිබද සාකච්චා කලේය. 1999දී ලැනී සිගල් (Lanne Segal) විසින් රචනා කරන ලද Why  Feminism කෘතිය මගින් “අනාගත පවුල” වත්මන් සංස්කෘතිය බැදීම්වලින් වෙනස් වන්නේ කෙසේද යන්න විග්‍රහ කලේය. The  Book  Of the City of Ladies නැමති කෘතිය ක්‍රිස්ටීන් ඩී මාර්ටීන් විසින් රචනා කරන ලැබූවකි. ස්ත්‍රීවාදයේ රැඩිකල් ප්‍රවනතාවය වූ පුරුෂයන් හා විවාහය ප්‍රතික්ෙෂ්ප කිරීමේ මතවාදී ප්‍රවනතාවය එමගින් ගොඩනංවා ඇත. කේට් මිල්ටි (Kate  Millet)   විසින් රචනා කළ Sexual  Politics  නැමති කෘතිය ලිංග විෙභ්දනය මත පදනම් වූ දේශපාලන ව්‍යාපාර පිළිබද අදහස ඉදිරිපත් කරයි. මෙබදු කෘති රාශියක් මෙන්ම කාන්තා විමුක්තිය සදහා වෙන් වූ දේශපාලන ව්‍යාපාර රැසක් බටහිර සමාජය තුළ දක්නට ලැබේ. නම්ත් ගටලුව වී ඇත්තේ අපේ සමාජය තුළ ස්ත්‍රී වාදයේ අරුණැල්ල දකින්නට ලැබෙන්නේ  කවදාද යන්නයි.

“උඩ වැඩ කරන අයට දෙනේ අඩු පඩියේ” වැනි හීන් හඩක්වත් නොනැගෙන්නේ මන්ද යන්න.

 

----ලක්ෂ්මන් කුමාර කීර්ති---------

 

--------මතු සම්බන්ධයි-------

Comments

Interesting

mek niyamalipiyak primi ayth kiyawanna one kalina mathrukawa

Thanks. Thawa lipi idiriyata balaporottuwen inna..

nice

hemotama wedagath lipiyak