Pages..>>  1 

  

පුංචි ඡන්දෙටත් තුන්කොන් සටනක්.

 
එස්.බි.දිස්සනයක ඇමති තුමා යලිත් සිය හඩ අවදිකරනු ලැබඇත. පසුගිය දවසක මහනුවර පැත්තේ පැවති ජනහමුවකදී එතුමා ප්‍රකාශ කලේ ඉදිරි පළාත්පාලන මැතිවරණයේ දී හිටපු  ජනාදිපති මහින්ද රාජපක්ෂ මහතා දේශපාලනයේන් ඉවත්වී සිටිය යුතු බවය .එය එක්සත් ජනතා නිදහස් සන්දානයේ ජයග්‍රහණයසදහා අත්‍යාවශ්‍ය බවය .පසුගිය පාර්ලිමේන්තු මහමැතිවරන්යේ දී සන්දානයට ජයග්‍රහණයකිරීමට නොහැකිවුවේ මහින්දරාජපක්ෂ මහතගේ ඉදිරිපත්වීම නිසා යැය්ද ඒ මහතා ඒහිදී ප්‍රකාශකර සිටියේය .

                 දිසානායක මහතා ගේ තර්කය ඉතා පැහැදිලිය . පසුගිය මැතිවරණයේ දී මෙන්ම ,එලබෙන පළාත්පාලන ආයතන මැතිවරණයේදී ද සන්ධානය දෙකට බෙදී තරග කළහොත් ඒ .ජ.ප .යට වැඩි වැසි අත්වන බව පැහැදිලිය .

වැඩිදුර කියවන්න.........

හයිබ්‍රිඩ් උසාවිය

ජිනීවා යෝජනා පිළිබඳ උණුසුම දැන් කා අතරත් වර්ධනය වෙමින් පවතී.  ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම්  කවුන්සිලය ඉදිරිපත් කළ වාර්තාව ඇසුරෙන් මෙම උණුසුම් කතාබහ ගොඩනැ‌ගී තිබේ.  පසුගිය යුධ සමයේදී  සිදු වූවායැයි පැවසෙන  යුධ අපරාධ ආශ්‍රීතව මෙම යෝජනා සකස් වී ඇත.  පසුගිය මහින්ද රාජපක්ෂ රජය සමයේ දී මෙම යෝජනා   ශ්‍රී ලංකාවට එරෙහිව බරපතල මට්ටමෙන් ඉදිරිපත් වී තිබුණි. ජනාධිපතිවරයා “විදුලි පුටුවට” ගෙන යෑම පිළිබඳ මතවාදයක් හා නීතියක් රටේ ජනතාව තුළ ප්‍රබලව පැවතුණි.  ‌විශේෂයෙන්ම මැතිවරණ  සමයේදී  එය වඩාත් ප්‍රබලව ප්‍රචලිත විය.  එසේම රාජ්‍ය මාධ්‍ය හා රජයේ දේශපාලඥයින් විසින් එය පතුරුවා හරිනු ලැබීය. මෙම යෝජනාවලට එරෙහිව ඇමතිවරයකු විසින් හාස්‍යජනක උපවාසයක් ද පැවැත්වීය. 

වැඩිදුර කියවන්න........