ඉන්දු- නිම්න ශිෂ්ටාචාරය

ලෝකයේ යහි ශ්‍රේෂ්ඨතම හා පැරණිම ශිෂ්ටාචාරවලින් එකක් ලෙස ඉන්දු- නිම්න ශිෂ්ටාචාරය සැලකේ .3300-1300 BCE එයට අයත් කාල වකවානුව ලෙස සැලකේ.මොහෙන්දෝ ජාරෝ -හරප්පා ශිෂ්ටාචාරය ලෙස එය ප්‍රචලිත වුවත් , මොහෙන්දෝ ජාරෝ ,හරප්පා,කුල්ලි ,ශෝහාබ්,රාජස්ථාන්යන ප්‍රධාන නගර පහක් සහ තවත් කුඩා නගර කීපයකින් එය සමන්විතවේ ඇත.මෙම කාලපරිච්චේදය පුරාවිද්‍යා නිර්ණයන් අනුව නැවත අවධි කීපයකට බෙදා තිබේ.ඉතා දියුණු නගර නිර්මාණ,දෙමහල් නිවාස,නානකාමර ආහාර පිසගැනීම ,කෘෂිකර්මාන්තය ,විසිතුරු නිර්මාණ ඇතුලත් මැටි කරමාන්තය ...ආදීවශයෙන් වූ එහි දියුණුව  විශ්මය ජනකය.

 

වත්මන් ඉන්දියාව ,පකිස්තානය,ඇෆ්ගනිස්තානය යන විශාල ප්‍රදේශයක ඉන්දු ගංගා නිම්නයේ මෙම ශිෂ්ටාචාරය පැතිර තිබේ.වර්ෂ 1861 දී මෙම ශිෂ්ටාචාරය පිලිබදව මුලින්ම අනාවරණය කරගනු ලැබිය.චාල්ස් මේසන් Charles masson හා ඇලෙක්සැන්ඩර් කනින්හම්alexander Cunningham යන දෙදෙනාට මෙය අනාවරණය කරලීමේ ගෞරවය හිමිවේ.

 

ඇතුල් පුර ,පිට පුර යනාදි වශයෙන් ඔවුන්ගේ නගර නිමවා ඇත.පුලුස්සන ලද ගඩොල් හා ටෙරාකොටා ගෘහනිර්මාණ සදහා යොදාගෙන ඇත.ජගන් මාතාව ,හා වෙනත් වන්දනාමාන ඔවුන් අතර පැවතුනි.

 

මෙම ජගන් මාතා සංකල්පය නිසා මෙය මාතෘමුලික ශිෂ්ටාචාරයක් ලෙස සලකන අතර පසුව සිදුවූ ආර්ය බලපෑම් මත පුරුෂ දෙවිවර ඔවුන් අතරට පැමිණ තිබේ.මැටි කර්මාන්තය ඉතෛහලින් මෙහි වර්ධනයවී තිබුණි.

 

පුරා විද්‍යාත්මක කැනීම් වලින් සොයාගෙන ඇති දේවලින් ඔවුන්ගේ සමාජ ජීවිතය අනාවරණයවේ.ක්‍රිඩාව,.කළාව දරු නැලවිලි ඒ අතර වේ.

ආයුධ ,අබරණ ,ක්‍රීඩා උපකරණ ,සෙල්ලම්බඩු ආදිය ඔවුන්ගේ උසස් බව පෙන්නුම් කරයි.මෙහි කැනීම් හා ගවේශන තවමත් සිදු කෙරේ.

 

-සන්නසගවේෂක 

 

Comments

This is very important. Thanks sannasa.