Error message

Notice: Undefined offset: 1 in counter_get_browser() (line 70 of /home/sannas3/public_html/sites/all/modules/counter/counter.lib.inc).

International Review

සෞදිඅරාබිය අරාබි එක්සත් එමීර් ,බහරේන් ,ඊජිප්තුව ඇතුළු අරාබි රටවල් කිහිපයක් විසින් කටාරයට පනවා ඇති සම්බාධක ඉවත් කිරීම සඳහා කොන්දේසි 13 ක් ඉදිරිපත් කර තිබේ .ඒ අතර කටාර් සිට ලොවපුරා විකාශනය කරන අල්ජසීරා රුපවාහිනිය ඇතුළු තවත් මාධ්යර කිහිපයක් වසාදමන ලෙස මේ රටවල් විසින් ඉල්ලා තිබේ .ඊට ප්රතතිචාර දැක්වූ අල්ජසීරා මාධ්යි පවසා ඇත්තේ තමන්ගේ මාධ්යත වසාදැමීමට සුධනම් නැති බවය .

වැඩිදු කියවන්න.......


ISIS ත්ර්ස්තවාදීන්ට උදව් කරන්නේය යන චෝදනාව මත අසල්වැසි කටාර් රාජ්ය ය හුදෙකලා කිරීමේ පිළිවෙතක් මැදපෙරදිග රටවල් කිහිපයක් විසින් ගෙනයමින් සිටි .ඊජිප්තුව ,අරාබි එක්සත් එමීර් ,බහරේන් ,සෞදි අරාබිය යන රටවල් මෙසේ කටාරය හුදෙකලා කිරීමට කටයුතු කර තිබේ .මින් රටවල් හතරක් විසින් කටාරයේ දේශ සිමා වසාදමා තිබේ .එම රටවල සිටින කටාර් වැසියන්ට රටින් පිටවීම සඳහා සතියක කල් දී සිටි .මේ අතර ඊජිප්තුව විසින් කටාර් ගුවන් යානා වලට තහනම් නියෝග පනවා තිබේ .මේ හේතුව නිසා කටාර් ගුවන් සමාගම් වලට බලවත් පහරක් වැදී තිබේ . තව   කියවන්න..........

ඇමරිකාව විසින් පිටපිටම සිරියාවේ හමුදා කඳවුරු වලට මිසයිල ප්‍රහාර එල්ල කරමින් සිටි .පසුගියදා සිරියාවේ ඉදිල්බි ප්‍රදේශයේ සෙයි ඛෝන් නගරයට රසායනික අවි ප්‍රහාරයක් එල්ල කිරීමත් සමග ඇමරිකාව මෙම පියවර ගෙන තිබේ .සිරියාව පවසන්නේ මෙම රසායනික අවි ප්‍රහාරය රජය විසින් සිදු කරන ලද්දක් නොවන බවයිත්‍රස්ත වාදීන්ගේ අවි ගබඩාවකින් පුපුරා යාමෙන් මෙය සිදුවන්නට ඇති බවය .කෙසේ නමුත් සිරියාවට හිතවත් රුසියාව විසින් මෙම ඇමරිකානු ප්‍රහාරය දිලෙස හෙලා දැක තිබේ .සිරියාවේ ප්‍රශ්නය මුලකරගෙන මෙතක් වර්ධනය වූ ටම්ප් - පුටින් සබැඳියාව බිඳවැටීමේ ලකුණු පහලවේ තිබේ  

වැඩිදුර කියවන්න


 

ට්‍රම්ප් ,ඇමරිකාවේ ජනාධිපති ධුරයට පත්වූවා පමණි .එකපිට එක තීන්දු ප්‍රකාශයට පත්විය .ඇමරිකවේ මුස්ලිම් තහනම ගැන කතාකළේය .සිරියාවේ සරණාගතයන් ඇමරිකාවට භාර නොගෙන ආපසු හරවා යැවීමට නියෝග කළේය .විදෙස් රටවල උපන් ඇමරිකාවේ පුරවැසියන්ට රටින් පිටවීම තහනම් කළේය .අසල්වැසි මෙක්සිකෝවට දේශසීමා තාප්ප්පයක් බැදීමට මුදල් යොදවන්නැයි කිවේය .චීනය සමග යුද්ධයකට සුදානම් වනබව පැවසිය. උතුරු කොරියාවට මිසයිල අත්හදාබැලීම් නවත්වන්නැයි නියෝග කළේය .මේ වගේ තව තවත් බොහෝදෙ කියා තිබේ

 වැඩිදුර කියවන්න


 

පිලිපීනයේ අලුත් ජනාධිපති රුද්‍රිගෝ ඩටරේ විසින්  පසුගියදා අමුතු ප්‍රකාශයක් කළා .නීතිවිරෝධී මත්ද්‍රව්‍ය වලට එරෙහිව යුද්ධයක් ප්‍රකාශකොට ඇති ඔහු මෙහිදී ප්‍රකාශකලේ ,තමන් ඒ සඳහා Marshal Law හමුදානිතිය පැනවීමට පසුබට නොවන බවයි .කිසිවෙකුටත් එය වැලක්වීමට නොහැකි බවද ඔහුවිසින් පවසනු ලැබිය .මත්ද්‍රව්‍යජාවාරම් කරුවන් මරාදැමීම හැර ඊට වෙන විකල්පයක් නොමැති බව ඔහු පවසා තිබේ .බැලුබැල්මට සිතදගන්නා අකාර්ශනිය පාඨයක් වුවද මෙතුල යලිත් පිලිපීනයේ ඒකාධිපතිත්වයක් පනනගිමේ අවදානම් පෙන්නුම් කරයි .තමා දවාඕනගරයේ පාලකයා වි සිටි අවදියේ මත්ද්‍රව්‍යපිටුදැකීම සිදුකලේ මේ ආකාරයට තමාගේ පෞගලික මැදිහත්වීමෙන් බවද පවසා ඇත .මෙය වූකලී ඉතා භයානක ප්‍රකාශයකි .නිතිය ක්‍රියාත්මක් කිරීමත් යුක්තිය පසදලිමත් පාලකයා අතට පත්වූ විට අත්වන ඉරණම පිලිපීනයේ ජනතාව අත්දක තිබේ ඒ හිටපු එකාධිපති පාලකයා වූ ෆ්ර්දිනඩ් මාකෝස් ගේ කෘර පාලනය යටතේය 

වැඩිදුර කියවන්න


 

 

අප්‍රිකානු රාජ්‍යක් වන ගම්බියව  හදිසියේම දේශපාලන අර්බුදයකට මුහුනපා සිටි .ඊට හේතුවුයේ හදිස්සියෙන්ම අසල්වැසි සෙනගල් රාජයේ හමුදාව ගමබියා දේශසීමාව අසලට පැමිණීමයි .වාර්තාවෙන අන්දමට 2o, 000 ක පමණ හමුදාවක් දේශසීමාව අසලට පැමිණ තිබේ .මේ හේතුව නිසා ගමබියව හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කොට තිබේ .ඒ අතර රටට පැමිණ සිටින විදේශිකයන් රටින් පිටවීම සඳහා ගුවන්තොටුපලට පැමිණ ඇත එහි විශාල තදබදයක් පවතින බවයි පැවසෙන්නේ .

වැඩිදුර කියවන්න


 

ඇමරිකාවේ ජනාධිපති වශයෙන් ඩොනල්ඩ් ටම්ප් දිවුරුම් දීමට ඇත්තේ තවත් දින දෙකක් පමණි ...ඔහු තනතුරට තේරී පත්වූ දා සිටම විදේශ සම්බන්ධතා පිලිබඳ අර්බුධ මතුවිය .ජර්මනිය ට්‍රම්ප්ගේ තේරී පත්වීමෙන් මවිතයට පත්විය .උවුන් අපේක්ෂා කලේ ඔබාමා යලි පත්වෙනු ඇති බවයි .කෙසේ නමුත් මේ දෙරටේ සම්බන්දතා පිලිබඳ අර්බුධය මතු පිටට පැමිණියේ පෙරේදා ජනපති ට්‍රම්ප් විසින් සරණාගතයන් පිළිබඳව අදහස් දකිවිමෙන් පසුවය .ජර්මනිය සරණාගතයන් භාර ගැනීම ප්‍රත්ක්ෂේප කර තිබේ 

වැඩිදුර කියවන්න.........



තුෂ්නි යුද්ධය හෙවත් සිතල යුද්ධය Cold Warපැවතිසමයේ ජාත්‍යන්තර සම්බන්ධතාවයන්හි දක්නට ලැබුන වැදගත් සංවිධානයක් හා ව්‍යාපාරයක් ලෙස නොබැඳි ජාතීන්ගේ සංවිධානය පෙන්වාදීමට හැකිය .ලෝකය දේශපාලන හා බල කඳවුරු දෙකකට බෙදී එම කඳවුරු ව්‍යාප්තකරලීමේ අරගලයක දී සිටින අතර අලුත නිදහස ලැබූ තුන්වන ලෝකයේ රටවල් සිය ස්වාධින පැවැත්ම තහවුරු කරගැනීමේ අරගලයක නියැළුණි .නොබැඳි ජාතීන්ගේ සංවිධානය එහි ප්‍රතිපලයකි .

කොළඹ කතාව 1954

සංවිධානයක් පිහිටුවා ගැනීමේ අදහස ප්‍රථම වතාවට ඉදිරිපත් කරනු ලැබුවේ ඉන්දීය අගමැති ජවහර්ලාල් නේරු විසින්ය .1954 වසරේදී කොළඹදී පැවැත්වූ සාකච්චාවකදී මේ අදහස ඉදරිපත් කරනු ලැබිය .ඇමරිකානු ගති පිළිවෙතක් අනුගමනය කල ශ්‍රී ලංකාවේ අගමැති ජෝන් කොතලාවල කොළඹ සමුළුව කඩාකප්පල් කලබවට චෝදනා ලෑබිය .

වැඩිදුර කියවන්න...............


 




Saranagathain

සරණාගතයෝ

Refugees

ජාත්‍ය්‍යන්තර  සරණාගතයින් පිළිබඳ ප්‍රශ්නය අද වෙනදාටත්  වඩා  ජනතාව  අතර කතා බහට   ලක්වෙමින් පවතී. දෙවන ලෝක යුදුධයෙන් පසුව මතුවී තිබෙන විශාලතම සරණාගත ප්‍රශ්ණය මෙයයි. හංගේරියානු දේශසීමාව හරහා සංක්‍රමණය වීමට උත්සහ කළ ජන කණ්ඩායම්වලට එරෙහිව එම රාජ්‍යයන්හි පොලීසිය ක්‍රියා කළ ආකාරය දැඩි විවේචනයට ලක්ව තිබේ.   මාධ්‍යවේකු විසින් එල්ල කරන ලද පා පහරකින් සරණාගතයෙකු බිම ඇද හැලෙන  ආකාරය ජාත්‍යන්තර මාධ්‍ය විසින් වාර්ථා කලේය. ඊටත් වඩා සංවේදී සිද්ධිය වූයේ මෙස සරණාගතයින් ලෙස පැමිණි අයෙකුගේ දරුවෙකු මිය යාමය.  ඒ පිළීබඳව දර්ශනරූපවාහිනී තිරයන්හිදී දිස්විය. මෙම සිද්ධිය සරනාගතයින් තම රටවලට වද්දා නොගැනීමේ දැඩි තීරණයක පසු වූ දේශපාලන නායකයන් ගේ සිත් වෙනස් කරලීමට හේතු විය. හංගේරියාව චෙකොස්ලෝවනියාව වැනි රටවලට ඇතුල්වන මෙම දහස් සංඛ්‍යාත වූ සරනාගතයින්ගේ  අවසාන ඉලක්කය වී තිබේ ජර්මනියයි. 

වැඩිදුර කියවන්න............


බහු පාර්ශවීය ගිවිසුම්

GATT (GeneralAgreement on Tariffs and Trade)

නිදහස් තීරු බදු වෙළෙද ගිවිසුම්

නූතන ජාත්‍යන්තර ක‍්‍රමය තුළ පවතින බහු පාර්ශවීය ගිවිසුම් අතර GATTහෙවත් නිදහස් තීරු බදු වෙළෙ`ද සම්මුතිය රාජ්‍යයන් කෙරෙහි බෙහෙවින්ම බලපෑම් සහගත වූවෙකි.බොහෝ රාජ්‍යයන්ගේ ආනයන - අපනයන ප‍්‍රතිපත්ති කෙරෙහි මෙම ගිවිසුම බලපෑම් සහගත වී ඇත.මෙම ගිවිසුම ආරම්භ වූයේ 1947ඔක්තෝබර් මස 30වැනිදාය.ආරම්භයේදි මෙම සම්මුතියට රාජ්‍යයන් 23ක් එක් විය.පසුව ඊට අත්සන් තබා ඇති රාජ්‍යයන් සංඛ්‍යාව 123දක්වා ඉහළ ගොස් තිබේ.ගැට් සම්මුතියේ මූලික අරමුණ වී තිබෙන්නේ රාජ්‍යයන් අතර වෙළෙ`ද ගණුදෙණු වලදී සිදුවන තීරුබදු හා වෙනත් සීමාවන් අවම කර ගැනීමය.එනම් රටකින් රටකට භාණ්ඩ හා සේවාවන් ආනයනය හෝ අපනයනය කිරිමේදී රාජ්‍යයන් විසින් අය කරන තීරු බදු ඉවත් කිරීම හෝ අවම කිරීමත්, තහනම් කිරීම, සීමා කිරීම වැනි වෙනත් කොන්දේසි අවම කර ගැනීමත්ය.එනම් ජාත්‍යන්තර වෙළෙ`දාම ස`දහා රටවල් විවෘත කර ගැනීමය.

වැඩිදුර කියවන්න............


ජාත්‍යන්තර සංවිධාන   

     European Union

යුරෝපා සංගමය

           මෑත කාලයේදී වඩාත් බලවත් හා සකි‍්‍රය වූ සංවිධානයක් ලෙස යුරෝපා සංගමය පෙන්වා දීමට හැකිය.සාමාජික රාජ්‍යයන් 6කින් ආරම්ිභ වූ එය පසුකාලීනව රාජ්‍යයන් 28ක සාමාජිකත්වයක් දක්වා වර්ධනය විය.

                      මෙම සංවිධානයේ විශේෂිත වැදගත්කම නම්ි නැවත භූගෝලීය කලාපයට අයත් රාජ්‍යයන් එකම රාජ්‍යයක් බවට පත්වීමේි ආසන්න තත්ත්වයට පැමිණීමය.‘යුරෝ’  Euro නමින් එකම මුදල් වර්ගයක් භාවිතා කිරීමට ඔවුන් එක`ග වී තිබේ.ජර්මනියේ ‘ඩොයිෂ් මාක්’ ඉතාලියේ ‘ලීරා’ ප‍්‍රංශයේ ‘ෆ‍්‍රෑන්ක්’ ආදී වශයෙන් වෙනත් මුදල් භාවිතා කළ අය දැන් මෙම සෑම රටකම එකම මුදල් වර්ගයක් භාවිතා කරයි.මෙම සංගමයේ කැපී පෙනෙන තවත් විශේෂත්වයක් වන්නේ සංගමයට අයත් රටවල පුරවැසියන්ට සංගමයේ සෙසු රාජ්‍යයන් තුළ නිදහසේ සැරිසැරිමේ හා ජීවත් වීමේ අයිතිය හිමිවීමය.මීට පෙර දී නම් වෙනත් රටවල මෙන්ම මෙම රටවල ජනතාවට ද තවත් යුරෝපා රටකට යෑම ස`දහා ‘වීසා’ බලපත් ලබා ගැනීමට සිදුවිය.නමුත් දැන් එබ`දු වීසා බලපත‍්‍රයක් අවශ්‍ය නොවේ.යුරෝපා රාජ්‍යයකට පැමිණෙන යුරෝපා නොවන විදේශිකයෙකුට ද මෙම වරප‍්‍රසාදය හිමිවේ.

වැඩිදුර කියවන්න.............