රුසියා -ISIS ගැටුම.......

 

රුසියාව සහ isis සටන්කාමින් අතර ගැටුම මේවන විට ප්‍රබල මට්ටමකට පැමිණ තිබේ .පසුගිය මාසය තුල රුසියානුගුවන් යානා මගින් සිරියාවේ සටන් බිමේ සිටින අයි. එස් .සටන් කාමීන්ට එරෙහිව ප්‍රහාර එල්ලකරන ආකාරය ජාත්‍යන්තර රුපවාහිනී මාධ්‍යයන් විසින් විකාශය කරනු ලැබීය.මෙය වුකලී ඇමරිකාව හා රුසියව අතර සීතල යුද්දයක් බව බොහෝ විචාරකයන් විසින් පෙන්වා දෙනු ලැබීය.ඊට හේතුව අයි .එස්. අයි .එස් .සටන් කාමීන් සිරියාව වෙත යොදවා ඇත්තේ ඇමරිකාව විසින් යන මතයයි. ඒ බව රුසියානු හිතවාදීන් විසන් ප්‍රකාශයට පත්කර ඇත.

 

ISISසටන් කමින් විසින් රුසියාවට එරෙහිව එල්ලකළ ප්‍රහාරයක් ලෙසට ,රුසියානු ගුවන් යානය ට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්දිය බටහිර මාධ්‍යයන්විසින් ප්‍රචාරයකරමින් සිටි.පසුගිය සෙනසුරාදා ඊජිප්තුවට අයත් සිනායි කාන්තාරයේ ප්‍රදේශයකදී  AIR BUS ගණයට අයත් රුසියානු  ගුවන් යානයක් අනතුරට ලක්විය .මගින් ඇතුළු 224 දෙනකු ඉන් ජිවිතක්ෂයට පත්විය.මෙය වුකලි සිරියාවේ දී රුසියාව IS සටන්කාමීන්ට එරෙහිව සිදුකරන මෙහෙයුම් වෙනුවෙන් වන්දි ගෙවීමක් ලෙස ජාත්‍යන්තර  මාධ්‍යයන්විසින් පෙන්වාදෙනු ලැබීය.අමරිකාවේ සහ බ්‍රිතාන්‍ය ප්‍රකාශකයන් විසින්ද මෙම අනතුර බෝම්බ ප්‍රහාර නිසා සිදුවූවක් බව පෙන්වා දී තිබේ .අගමැති පුටින් විසින් එම මතය බැහැර කර තිබේ. ඒසේ වුවද CNN,foxNews, DailyExpressයනාදී මාධ්‍යයන්විසින් දක්වා ඇත්තේ ,අයි එස් අයි එස්  සංවිදානය එහි වගකීම භාරගෙන ඇති බවය. සිරයානු අර්බුධය පදනම් කොටගෙන ඇමරිකාව සහ රුසියාව අතර සීතල යුද්දයක් පවතින බව මෙම සිදුවීම් වලින් සනාතවේ.

 

රුසියාව විසින් සිරයාවේ හමුදා මෙහෙයුම් දියත් කර තිබෙන්නේ ,සිරියාවට එරෙහිව ඇමරිකාව ප්‍රමුක බටහිර ජාතින් විසින් දියත්කොට ඇති යුද්දයෙන් සිරයාව බේරාගැනීම සදහාය.එම අර්ථයෙන් සැලකිල්ලට ගත්විට මෙය ඇමරිකානු- රුසියානු සිතල යුද්දයක් ලෙස සැලකිමට හැකිවනු ඇත. රුසියාව විසින් එල්ලකරන ගුවන් හමුදා ප්‍රහාර වලට සිරියානු පුරවැ සියන්ගේද සහය ලෙබෙන බව ජාත්‍යන්තර මාධ්‍යයන්විසින් වාරතා කරනු ලැබීය.මේ අතර රුසියානු නාවුක හමුදාව සිරයාවේ සටන් කාමීන් ඉලක්කකොට බෝම්බ ප්‍රහාර එල්ලකරන බව CNN රුපවාහිනිය වාර්තා කළේය.සිරියානු ගුවන් හමුදා ප්‍රහාරවලින් සිරයාවේ ඇමරිකානු හිතවාදී කැරලිකරුවන් දහස්ගනනක් මියගිය බවද වාර්තා විය.රුසියාවේ අගමැති පුටින් ඇමරිකානු විරෝදින් අතර වීරයකු බවට පත්ව සිටි .නමුත් පසුගියදා පවැතිවියනා සාකච්චා සැලකිල්ලට ගත්විට ප්‍රශ්නය වෙනස් මගක් ගෙන ඇති බව පෙන්නුම් කරයි .වියනා සාකච්චා වලට ඇමරිකාවේ සහ රුසියාවේ නියෝජිතයන් සහභාගිවිය. ඊට අමතරව සව්දි අරාබිය හා ඉරානයේ නියෝජිතයන් ද සහභාගි විය.සිරියාවේ ප්‍රශ්නයට දේශපාලන විසදුමක් ලබාගැනීම මෙහි අරමුන විය.සිරියාවේ ජනාදිපති බෂාර් අල්අසාද් බලයෙන් ඉවත් කිරිමට ඇමරිකාව එහිදී යෝජනා  කල අතර රුසියානු හා ඉරාන නියෝජිතයන් ඊට විරුද්ධ විය .රුසියානු අදහස වුයේ සිරියානු ජනාදිපති අසාද් පිළිබද තීරණය සිරියාවේ පවත්වන ජන්දයකින් ලබාගත යුතු බවය.

            මෙම සාකච්චා සම්බන්දයෙන් isis සටන්කාමීන් ගේ අසතුට පලවී ඇත. ඔවුන් විසින් පසුගියදා ඉරාකයේ පිහිටි Ein al asadනමැති ඇමරිකානු  හමුදා කදවුරට ප්‍රහාරයක් එල්ලකරනු ලැබීය.මෙය වූ කලී අල් ඛයිඩා සන්විධානයට  අත්වූ ඉරණම ම isis ටද අත්වීමේ පෙරනිමිත්තක් ලෙස ජාත්‍යන්තර සම්බන්දතා විශාරදයන් විසින් අර්ථ දක්වාතිබේ.

 

-ලකිති ---

Comments

Thanks for letting us know such things.