Error message

Notice: Undefined offset: 1 in counter_get_browser() (line 70 of /home/sannas3/public_html/sites/all/modules/counter/counter.lib.inc).

Kalusudu

ඒ නිසා ඔවුන් අරුණැල්ල , මද්දහන, රාත්‍රිය දුටුවා ...... 

සිතිවිලි පුදුමකරයී . සිතිවිලි මනසට එන්න තැනක් , වෙලාවක් නොමැති උනත් ඔබ ජිවිතේ මෙතෙක් ලබපු අත්දැකීම් , දුටු දර්ශනයක් හෝ සිදුවීමක් ඊට පාදක වෙන්න පලුවන්. කටුක අත්දැකීමක් උනත් සිතිවිලි බවට පෙරලුනම හරිම රසවත්. සෞන්දර්යත්මකයි. බොහෝ දෙන ඊට ප්‍රිය කරාවී.

සිතිවිලි වලට මනෙසේ රජ කරන්නට ඉඩ දෙමින් සිතීමෙන් ඔබ්බට ගිය අපේම මිනිසුන් දාර්ශනිකයෝ ය. පැරණි  ග්‍රීකයෝ එළිමහනේ ජීවත්වන්නට දැක්වුයේ මහත් රුචියක් .ඒ නිසා ඔවුන් අරුනෙල්ල ,මද්දහන ,රාත්‍රිය දුටුවා. ඒ ගැන  කල්පනා කලා .කල්පනා කරනකොට චින්තනය පහලවුනා .පෛතගරස් ගේ මතයක් එවකට සම්මත මතයක් නොවූ නිසා තමන්ගේ දිවි බේරාගැනීම සඳහා ඔහුට රටින් පලායාමට පවා සිදු උනා . ජේසුස් වහන්සේ එවකට විප්ලවකාරී මත දැරූ නිසා එතුමන්ට අත් වූ ඉරණම ඔබ දන්නවා ඇති. බුදුරජාණන් වහන්සේ ධර්මය අවබෝධ  කරන් දේශනා කල මුල් අවධියේ ත් බොහෝ දෙනා  බුදුන් වහන්සේට අපහස කළා.   වර්තමානේ , අපි වෙනස්ම විදිහේ වැඩක් කරන්න ගත්තොත් හුගක් අය එකට විරුද්ද මත ඉදිරිපත් කරනවා . ප්‍රජාතන්ත්‍රවාදී වත්මන් සමාජයක් තුල මෙහෙම සිද්ද වෙන එකත් අපිට  සාමාන්‍ය වෙලා. මේ කොයී දාර්ශනිකයා , ආගමික නයකයීන් වහන්සේලා විවිද මත ඉදිරිපත් කලත් , අතීතයේ සිටම සමාජය ඊට ප්‍රත්චර දක්වන ආකාරය  නොවෙනස් බව මින් පෙනී යනවා.

මම  සිතෙන්නේ  ලෝකේ වඩාත්ම අමාරු දේ , මිනිස්සුන්ට සත්‍යය අවබෝධ කරවීමයී. මොකද හුගක් අය පවතින දේ සත්‍යයි සිතා ඉන් සැනසෙනවා. එවිට සිදුවන්නේ යථාර්තය ගිලිහී යාමයී. ඒ අය හිතන් ඉන්නේ අපිට එක එක කෝණ වලින් බලන්න පලුවන්. ඒ හැම එකම ඇත්ත වෙන්න ඇති කියලයි. ප්‍රයෝගික ජිවිතයේ දී , හොඳින් හිරු එලිය වැටෙන ස්ථානයක කාලය සමග සීග්‍රයෙන් වෙනස් නොවන , දැඩි  වස්තුවක් තබා බොහෝ වෙලා බලා  සිටින විට එම වස්තුවේ ස්වරුපය වෙනස් වෙලා පෙනෙන්න පලුවන්. රාත්‍රිය වන විට නොපෙනීම යාවි.එයත් එක් ආකාරයක වෙනස්වීමක් තමා .වෙනස්වීමේ තවත් ස්වරූප තිබෙනවා. මගේ විශ්වාසය , ලෝකේ තිබෙන්නේ එක සත්‍යයක් පමණක් බවයී. සුදු කඩදාසියක් මත පාට කියක් තැවරුවත්, ඒ හැම පාටක්ම ක්ෂ්යවූ  පසු ඉතිරි වන්නේ සුදු පාට පමණයී.

ඇතමුන් සමාජය ඉදිරියේ පෙනී සිටින්නේ ලොවේ ඇත්තේ කළු-සුදු වර්ණ පමණක් යයි සිතමිනි.තවත් අය හිතන්නේ වර්ණ බොහොමයක් ඇති බවය .නමුත් ඒ සියල්ල ඇත්තේ මතුපිට බව කිසිවෙකුටත් කල්පනා වන්නේ නැත. එවැන්නන් විසින් අවබෝධ කරගත යුතු වන්නේ ඒ අතර තවත් බොහෝ වර්ණ පරාසයන් තිබෙන බවය. එක අන්තයකින් පමණක් නොව , විවිධ කොණ වලින් ලෝකය දෙස බැලීමට ඔබ පුරුදු වන්නේ නම් එය ඔබේ ඇසට තවත් ඇස් කන්නාඩියක් යොමුකලා හා  සමනය.

එකිනෙකා  පරයා  යමින් දියුණුව  පසුපස හඹා යන ඔබට එසේ සිතන්නට ඉඩක් නොමැති බව සත්‍යය. නමුත් එය සාධාරණ කාරණාවක් නොවේ. ප්‍රජාතන්ත්‍රවාදය , නීතිය, සම්ප්‍රධාය ආදී සංකල්පයන්ගේ නිර්මාණකරුවෝ අපි වෙමු. ඉන් එහා සිතුවාට වරදක් නැත. නිදහස් චින්තනය අවධි කරන්නට කිසිවෙකුත් ඔබට ඉඩ ප්‍රස්ථාව ලබදෙනකල් ඔබ බලා සිටින්නේ නම් ඔබට කිසි දා එය නොලෑබෙනු ඇත. මන්ද, වත්මන් සමාජ සංස්කෘතිය මෙන්ම දේශපාලනය මගින් මිනිසාට එල්ල කරනු ලබන බලපෑම් තුල , නව අදහස් යටපත් වනවා සත්තය. ඉතින් , ඔබේ අබිමතය පරිදි ඊට අවකාශය ලබාගන්නේනම්  නම් ඔබ සොයන නිදහස කවර දා හෝ ඔබට ලැබෙනු ඇත. යම් දාක එය මෙතෙකක් මිනිසා සෙවූ විමුක්තිය විය හැක.  

අපි හමුවෙමු තවත් දවසක .

 

  •  තාරකී හෙට්ටිආරච්චි--