කවුද හොරු ..............?

පසුගිය මැතිවරණ වලදී යහපාලන ආණ්ඩුව බලයට ගෙන ඒමට උනන්දුවූ බොහෝ දෙනෙකු දෑන්අසතුටට පත්වී ඇති ආකාරයක් දක්නට ලැබේ .අති පුජ්‍ය මාදුළුවාවේ සොබිත හිමි ඒ අතර පෙරමුණේ සිටි .උන්වහන්සේ ගිලන්වී ඇති බවද දැනගන්නට ලැබි ඇත .ප්‍රවින කළා කරු ඩර්මසිර බණ්ඩාරනායක  මහතා ද ඒ අතර සිටි .ජනමාද්‍ය තුලින් ඒ අය දෑක්වූ අදහස් තුලින් ඒ බව සනාථ  වේ .මැතිවරණ යේ දී උණුසුම් සටන් පාඨ වූ හොරු ඇල්ලීම ,දුෂිතයන් ඇල්ලීම,කුඩු රජවරු ඇල්ලීම වැනි දේවල් බලාපොරොත්තු වූ ආකාරයට ඉටු නොවනා බව වැටහියාම ඊට හේතුවී ඇති බව දක්නට ලැබේ .මෙම ආකල්පය වර්දනය වීම කෙරෙහි ප්‍රබලව බලපා ඇති හේතුවක් නම් එකී නෙකාට  එරෙහිව පවරා තිබු නඩු සිරු මාරු ක්‍රමයට ඉවත්කර ගැණිමය .දාන්පෙතේ ඉත්තෝ කැපී යන්නක් මෙන් එකින් එක කපා දානබවක් පෙනෙන්ට තිබේ.මහබැන්කු සිද්දීයට ඇවන්ගාර්ඩ් කැපී යනාක් සේය. එදා අල්ලස් හා දුෂණ කොමිසම වෙත චෝදනා ගෙනගිය හැටි සිහි ගැන්වෙන විට එදා ආණ්ඩුවේ සිටි අය අද කොහි සිටිය යුතු වන්නේද යන්න මේ අයට සිහි වනවා ඇත .

          පසුගිය පාර්ලිමේන්තු මහා මැතිවරණ යේදී ,පැවති ආණ්ඩුව ට එරෙහිව නැගු චෝදනා ඉතා බරපතල  ඒවා විය .පාටලී චාම්පික ඇමතිවරයා විසින් ප්‍රබලචෝදනා  ඉදිරිපත් කළේය .නොරොච්චෝලේ තාප බලාගාරය සම්බන්දයෙන් සිදුවී ඇති දුෂණ පිලිබදව එතුමා විසින් හෙළිදරව් කරනු ලැබිය. දක්ෂිණ අදිවේගී මාර්ගයේදී සිදුවුවා යැයි පැවසූ දේවල් විශ්මය ජනකය .රාජිත සේනාරත්න අමාතවරයා විසින් පෙන්වාදුන් චෝදනා ඊටත් වඩා බරපතල ඒවා විය.පොර්ට් සිටි ගිවිසුම නිසා රටේ ඒකීය බාවයට හනි සිදුවෙන අකාරය එතුමා විසින් අපුරුවට පෙන්වා දෙනු ලැබිය .මැතවරණ ව්‍යපාරයේදී ඔහුගේ ජනප්‍රියතාවය ඉතා ඉහලටම නැග තිබීමට ඒවා හේතු විය .ඖෂධ  ජාවාරම්කාරයන් මෙල්ල කරන ආකාරය මැවී පෙනෙන්නට විය. අතුරලියේ රතන හිමියන් ගේ ආසනික් කථා ද එබදුම විය.අර්ජුන රණතුංග මහතාගේ විසින් කියූ පව්ලක් වෙතධනය ඒකරාශී වීමේ කථාවද එබදුම විය.තවත් බොහෝ දෙනා කියූ කතා තවමත් අමතකවී නොමැත .ජනතා විමුක්ති පෙරමුණේ අයද සිටින්නේ එතනමය .

          මෙම ප්‍රශ්නය සම්බන්දයෙන් ආණ්ඩුවවේ  අය ඒ දවස්වල ප්‍රකාශ කලේ අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම ඇතුළු බොහෝ රාජ්‍ය ආයතන වල සිටිනා පැරනි ආණ්ඩුව විසින් පත්කළ නිලදාරීන් විසින් පරීක්ෂණ යට ගැසිම හා මන්නදගාමිව සිදු කරන බවය .ඒ නිසා 19 වැ නි ව්‍යවස්ථා සංසෝදනය ගෙන ඒම අත්‍යවශ්‍ය බවය .ඒ යටතේ ස්වාදීන කොමිෂන් සභා  පිහිටුවිය යුතු බවය.එවිට සියලු ගැටළු නිරාකරණය වන බවය.දැන් එම කාලපරිච්චේදයද පසුවී තිබේ.නමුත් ප්‍රශ්නය තවමත් එතැනමය.

          ඇවන්ගාරඩ් සිද්දියට මැතිවරණ සමයේ ලැබුණේ ඉතා ඉහල ප්‍රසිද්දියකි .ගෝටාභය  රාජපක්ෂ මහතා විටින් විට අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම වෙත කැදවනු ලැබිය.සිද්ධිය අදිකරණය වෙතද ගෙන ගියේය .නමුත් අවසනදී සිදුවුයේ කුමක්ද ?නීති පති වරයා විසන් අදිකරණය ට දන්වා ඇත්තේ ,නඩු පැවරීමට තරම් දෙයක් විමර්ශන වලදී සොයාගැනීමට නොහෙකිවූ බවය .විමර්ශන කටයුතු ජනාදිපති කොමිසම වෙත පවරාගෙන ඇත්තේ මෙබදු පරිසරයක් යටතේය .

අද රටේ ආණ්ඩුකරණය තුල දිත්ව පාලන ස්වබාවයක් ඇති බව ඉන් හැගියානු ඇත . එනම් ජනාදිපතිතුමා ගේ පාලනය හා අගමැති තුමාගේ පාලනය වශයෙනි.මෙම සිද්දියෙන් තවත් දෙයක් පැහැදිලිවේ .හොරු ,දුෂිතයන් ,පිලිබදව කටයුතු කිරීමට එක පාර්ශවයක් සුදානම් නැති බවය .නැතිනම් පාර්ශ්ව දෙකම් සුදානම් නැති බවය.අගමැති වික්‍රමසිංහ මහතාට  එබදු උවමනාවක් දේශපාලන වශයෙන් පැවිතීමට නොහැකිය.මන්ද, සන්දානය හා ශ්‍රී.ල .නි.ප.යේ බෙදීම පවත්වා ගෙන යැමට නම් හිටපු ජනාදිපති රාජපක්ෂ මහතා ඇතුළු පිරිස වෙත වක්‍ර අනුග්‍රහයක් සැලසිය යුතුවේ.එය එන මතිවරණ වලදී ඒ.ජ.ප.යේ ජයග්‍රහණ සදහා වැදගත්වේ .අනික් අතට කල්පනා කළහැකි  දෙයනම් ජනාදිපතිතුමාට උවමනාව පවැතියද ,එය ඉටු කිරීමේ නොහැ කියාවක් පවතින බවය.එබදු සිතුවිල්ලකටද හේතු තිබේ.ඒක අතකින් ව්‍යවස්ථමය ගැටළු පැවිතීමට හැකිය. 19 වන සංශෝධනය  යටතේ අගමැතිවරයාට ආණ්ඩුව ගෙනයාමේ බලය ලැබි ඇත.වසර හතර හමාරක් යනතෙක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නොහැකිය.අනික් අතට ආණ්ඩුවට සම්බන්ධ  වී  සිටින බොහෝ දෙනා පැරණි  ආණ්ඩුවේම කොටස් කාරයන් ය.දුෂණ චෝදනා ලැබුවන් ද ඒ අතර සිටී .කුඩු ව්‍යාපාරවලට සම්බන්ද යැ යි චෝදනා ලැබූ වන් ද සිටි .ඇතැමුන් අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම වෙත කැදවනු ලැබූවන්ය.මැතිවරණ කාලයේදී ඒකිනෙකාට චෝදනා කරගත් අය දැන් එකම ආණ්ඩුවකය .හොරුන්ට හොරුන් එකතුවී යැයි ඇතැමුන් පවසන්නේ ඒ නිසාය. අද මහා ජනයාට ඇති ප්‍රශ්නය හොරු කවුරුන්ද යන්න නොව හොරු අල්ලන්නේ කවදද යන්නයි.එම කාර්යයට ජනතාව ඉද්රිපත්වුවහොත් ඇතිවිය හැ කි තත්වය කුමක් විය හැ කිද ? ඊට සාක්ෂියක් මහනුවරදී දුටුවෙමි .මෙහි ඉහත දක්වා ඇති චා යා රුපයෙන් එය පැ හැ දිලිවේ.ඒබැවින් සැබැ  හොරු හදුනාගැ නීමට ආණ්ඩුව ව උත්සුක විය යුතුය.

         

රාජපක්ෂ රජය කාලයේ දී පොලව යට ඉදිකළ බංකර් මාලිගාව ගැන ඉමහත් ප්‍රසිද්දී යක් ජනමාද්‍ය මගින් ලබාදෙමින් සිටි .හිටපු ජනාදිපති වරයා ඊට ප්‍රතිචර දක්වා තිබේ.යුද්දය පැවති කාලයේදී ආරක්ෂක හේතු මත බංකර් ඉදිකිරීමට සිදුවුබවය.හෙට අනිද්දට මෙබදු තවත් සොයා ගැනීම් එළිදක්වෙනු ඇත .ඒ තවත් මැතිවරණයක් ලග එන නිසාය.මෙම මතිවරණයට පරණ සටන් පාඨ කොතෙක් දුරට වලන්ගු වනේ ද යන්නත් සලකා බැලීම වැදගත් වෙනු ඇත .

Man Unknown… 

Comments

hada lipiyak.

thanks

ගොඩක් හොඳ ලිපියක්

thanks