මදක් සිතන්න !  

 

දුගී බවේ ඉරණම මරණය හෝ අමිහිරි කදුලින් පිරි ජීවිතයක්ද? ඔබට හෝ මට කෙදිනක හෝ ඒවන් තත්වයකට මුහුණ දීමට සිදු වෙතොත්, ඒවන් ජීවිතයක අසුන්දර බව,කටුක බව ඔබට,මට දරාගත හැකි වේවිද?  මදක් සිතන්න

සමස්ත ලාංකීය සමාජය තුල දුගි  බොහෝ පිරිසක් ජිවත් වෙති. ඔවුන් තම වේල සරි කර ගන්නේ එම දිනයේ ලද සුළු මුදලනි. තම ජිවීතයේ කටුක බව ඔවුන් හොදාකාරවම හදුනති.තමාගේ ජීවීතය පමණක් නොව තම පවුලේ බර තමා පිට තබා ගනිමින් දවසේ අදායම උපාය ගනිමේ  අබිමතාර්ත්ය සපල කර ගනිමට ඇයට හෝ ඔහුට මහ මගට බැසීමට සිදුවෙයි.

සමාජය තුල දුගියා යනු කුණු දුවිලි තවරාගත් ඉරි ගිය වස්ත්ර  හැදී පිරිසක් පමණක් මා නොවේ . තම ජිවිතයේ අමිහිරි බව ඔවූනට  හිමි යැයි දානපති පන්තිය පවසති.  සමාජය තුල බොහෝ දනන් ඔවුන්ගේ අමිහිරි කටුක ජීවිතය වවේචනය කල නමුදු ඔවුන්ගේ දුගී බව තුරන් කිරීමට ඔවුන් වහෙස නොවෙති.

                   සමාජය තුල ජීවත් වීමට තම ජීවිතය ,තම පවුල් ජිවිතය රැක ගැනීමට ඔචුන් ගන්නා අපමණ වෙහෙස සමහර පුද්ගලයන්ට උපහාසයට තුඩු දෙන අවස්ථා අප්ර්මාණය. දුගී බව හා ඔහුගේ රැකියව හේතු කොට මිනිසුන්ට නිගා කිරීම සුදුසු යැයි නොසිතමි. 

                මෑතකදී පාසල් දියණියක් පාසල් ඉගනුමට මුදල් සෙවීමට ගොස් ජල රකුසාට බිලිවන්නේද මේම දුගී බවය නිසා නොවේද? තම දරුවන් මෙසේ අකාලය මියැදීමට පාර විවර කරනු ලබන්නේ මේ හේතුව නිසා නොවේද?  මෙවැනි කොතරම් සිදුවීම් සමාජය තුල සිදුවෙත්ද  යම් සිදුවීමක් සිදු වූ පමණින් එම සිදුවීම අලලා සංවාද ගොඩනැගීමත් එම සංවාද දින කීපයකට පමණක් සිමා වීම කොතරම් කණගාටුවට කරුණකි.

             සමාජය විසින් කල යුතු වන්නේ දුගී බව වේනුවන් ඉස්තිර සාර විසදුම් සොයා දුගී බව තුරන් කිරීමට කටයුතු කිරීමයි. පළමුවෙන් ඔවුන් දුගියන් ලෙස නොසලකා රටේ ඔවුනුත් අනිත් මිනිසුන් සම සේ සැලකීමට සමාජ වට පිටාව සැකසිය යුතුව ඇත.මේ සදහා රාජ්යස අනුග්ර හය ඉතා වැදගත් වේ.දුගියකු වීමට ප්රසදාන සංදිස්ථානයක වන්නේ ඔහුට හෝ ඇයට නිසි රැකියාවක් අහිමි වෙමයි.මේ සදහා ඔවුනට තමාගේ හැකියාව අනුව රැකියා අවස්ථා හිමි කර දීමට රජයේ හා පුද්ගලික අංශයද අවදානය යොමු වේනම් කොතරම් අගනේද.එසේම ස්වරැකියා සදහා පොලි රහිත බැංකු ණය ලබාදීමත් දුගී බවෙන් පෙලෙන නිවාස අහිමි පවුල් සදහා නිවාස ඉදිකර දීමත් දුගී බව මදකට හෝ තුරන් කිරීමට හැකිවේ යැයි සිතමි.

 සුරංග සමරකෝන්