Error message

Notice: Undefined offset: 1 in counter_get_browser() (line 70 of /home/sannas3/public_html/sites/all/modules/counter/counter.lib.inc).

ආණ්ඩුව පෙරලන කතා

ආණ්ඩුව පෙරලන කතාව දැන් ජයටම යනවා .2017 පටන්ගත්තේම ආණ්ඩුවපෙරලන බවට කල රාජපක්ෂමහතාගේ ප්‍රකාශයෙන් .ඊට පිළිතුරු දුන් අගමැති වරයා කියාහිටියේ තමන් පිටරට යන වෙලාවේ ආණ්ඩුව පෙරලන්න කියාය ..කොහොම වුනත් ආණ්ඩුව තවමත් තිබේ .තිබෙන බව ජනතාවට හොදින් දැනේ .බදු වැටෙන හැටියට එක පෙනෙනවා ..කොහොමින් හරි ආණ්ඩුව පෙරලන්න පුළුවන් විදිහ පෙරේදා ජනාධිපති විසින් පෙන්වාදෙනු ලැබිය .එහිදී එතුමා කියාහිටියේ ,ජනාධිපති හා කතානායක එක්වුනොත් විතරයි ආණ්ඩුව පෙරලන්න පුළුවන්නේ කියල .ප්‍රේමදාස ජනාධිපති ට එරෙහිව දෝෂාභියෝගය ඉදිරිපත්වුන වෙලාවේ ජනපතියි ,කථානායක යි එකතුවෙලා එක කනපිට ගහපු හැටි මතක් කරලා තිබුනා . ඒ  කියන්නේ මේ දෙන්න ආණ්ඩුව පෙරලන්න ඉඩක් දෙන්නේ නෑ කියන එකයි .හැබැයි ඒ වෙලාවේ දෝෂාභියෝගය ට පාර්ලිමේන්තුවේ 2/3 ක බහුතරයකගේ අත්සන් තිබුනේ නෑ .තිබුනේ ½ක අත්සන් පමණි .ඒ නිසා ප්‍රේමදාස ජනපතිට ඒ ක කණපිට පෙරලන්න පුළුවන් වුනා .හැබැයි 2/3 ක් තිබුනොත් නම් වැඩේ හිතන තරම් ලේසි නෑ .මොකද එහෙම වුනොත් ව්‍යවස්ථාවේ හැටියට කතානායක අනිවාර්යයෙන්ම එක පිළිගෙන පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට දාන්නම ඕනි .දැන් රාජපක්ෂ මහත්තය කියනවා ඇත්තේ ඒවගේ තත්වයක් උදාකර ගන්න පුළුවන් වෙයි කියල වෙන්න ඕනි .ඒ වගේ දෙයක් බැහැයි කියලම කියන්න බැහැ .මොකද රාජපක්ෂලාට ඇති තරම් මුදල් තිබෙන නිසා මන්ත්‍රීවරු මිලදී ගන්න පුළුවන් කියල හිතන්න පුළුවන් .අපේ මන්ත්‍රීලා විකිනෙන හැටි දැක්කම ඒ වගේ දෙයක් විශ්වාස කරන්න බැරි නැහැ .එහෙම නැතුව ඊළඟ මැතිවරනේදී ආණ්ඩු බලය ගන්නවා කියන එක අමාරු වැඩක් .මොකද විපක්ෂය දෙකට බෙදී  තරංග කලොත් එකේ වාසිය unp එකට යනවා .මේ කොයි ක්‍රමයකින් ආණ්ඩු පෙරලුවත්  එකෙන් ජනතාවට ඇති සෙතේ මොකක්ද කියන එක තමා වැඩියෙන්ම කල්පනා කරන්න වෙන්නේ .