ලොව විශාලම සෙල් පිළිමය බලන්න යමු ..........

අකම්පිත ගල්කුළක් භාවත්මක නිර්මාණයක් බවට පත්කරලීමේ හැකියව අපේ කළා කරුවාට අතීතයේ සිටම පැවතුණි.එවැනි විශ්මිත නිර්මාණයක් සොයා සන්නස අපි මොනරාගලට ගියෙමු.මේ මොණරාගල පිහිටා  තිබෙන්නේ කුරුණෑගල දිස්ත්‍රක්කයේ.දොඩම්ගස්ලන්ද ආසනයේ රිදිගමට ආසන්නයේ මය.රම්බඩගල්ල  ප්‍රදේශයේ ඇති මොණරාගල පන්සල ආශ්‍රිතව ලොව විශාලම ශිලාමය බුද්ධ ප්‍රතිමාව නිමවා ඇත.

ආපේ  ගමන ආරම්බවුයේ කුරුණෑගල සිටයි.නුවර පාරේ මද දුරක් ගියවිට මල්ලවපිටිය හන්දිය හමුවෙනවා.එතෙනින් වමට හැරි කැප්පෙටිගල මාර්ගයේන්  රිදිගමට පැමිනිය යුතුයි.උතරු ,උතුරුමැද පළාත්වල අයට මාතලේ,දොඩන්ගස්ලන්ද හරහා රිදිගමට එන්න පුළුවන් .රිදීගම සිට කැප්පෙටිගල පාරේ මද දුරක් ගියවිට මොණරාගල විහාරයට පැමිණිය හැකියි.මෙය මනස්කාන්ත පරිසරයක් තුලින් යන ගමනක් .ඒ නිසා වටපිට සිරි නරබන්න අමතක කරන්න එපා.තවමත් නාගරීකරණයට හසුනොවූ සුන්දර ග්‍රාමීය පරිසරයක ආස්වාදය විදගාගන්න හැකියි.

වර්ෂ 2001 මාර්තු 16 වැනිදා  ලොව එතෙක් පැවති විශාලම සෙල් පිළිම විනාෂ  කරනු ලැබිය .ඒ ඇෆ්ගනිස්ථානයේ  කන්දහාර් ප්‍රදේශයේ පිහිටා තිබූ, සුපතල  බාමියන් ප්‍රතිමාවන්ය.ඉස්ලාම් මුලධර්ම වාදී තලේබාන් සංවිධානය ,විසින් සිදුකල මෙම විනාශයෙන් ලෝකයේ බෞද්ධ ,අබෞද්ධසියලු දෙනා කම්පාවට පත්විය.මේදිනවල  සිරියාවේ සිදුවන සංස්කෘතික විනාශය පිළිබද අපට ඇත්තේ ද එබදුම හැගිමකි.ප්‍රතිමා  වන්දනාව පිළිබද මුලදර්මවාදී මත කුමක් වූවද,මේවායෙහි ඇති  කළාත්මක වටිනාකම හා සංස්කෘතික වැදගත්කම කිසිම ශිස්ටසමපන්න මිනිසෙකුට බැහැරකිරීමට නොහැකිය.මොණරාගල මෙම මහා ප්‍රතිමාව නිර්මාණය වුයේ ,එම තලේබාන් ප්‍රහාරයෙන් ඇතිවූ කම්පනයේ ප්‍රතිපලයක් ලෙසය.

බුද්ධිය හීනවී ,මෝහයේන් මුලා වූවන් එකටෙක කරති.තලේබාන් ප්‍රහාරයෙන් ප්‍රකොපවූ අන්ධ  බක් තිකයන් ඒ මොහොතේ මුස්ලිම් පල්ලි කැදඩිමට ඉදිරිපත්විය. නමුත් සැබැ බෞද්ධයා  ඒ වෙනුවට අගනා නිර්මාණයක් කළේය.

මෙම පිළිමය තුලින් බුදුන් වහන්සේ ගේ සමාධි ගුණය ඉස්මතු වේ. උසින් අඩි 67.5 කි.දෑනට ලංකාවේ ඉතිරිවී ඇති සෙල් පිළිම අතරින් අවුකන පිළමය හා මාලිගාවිල පිළිමය දක්නට ඇත.අවුකන පිළිමය අඩි 37.10 ක්ද මාලිගාවිල පිළිමය අඩි 45 කින් ද යුක්තවේ .එම අර්ථයෙන්  සැලකිල්ලට ගත්විට මෙය ලොව විශාලම සමාධි ප්‍රතිමාව ලෙස සැලකිමට හැකිය . නිග්‍රෝධ පරිමණ්ඩල කය යන සංකල්පයට අනුව නිමවා ඇති මෙහි සමමිතිකත්වය මනාව නිරුපනය වේ . ග්‍රැනයිඩ් වර්ගයේ සුදු පැහැති පර්වතයක මෙම පිළිමය නෙළා ඇත.

පූජ්‍යඑ ගොඩමුල්ලේ  අමරමෝලි හිමියන්විසින් ප්‍රකාශයට පත්කර ඇති කෘතියෙහි මේ පිලිබදව අගනා තොරතුරු පළකර තබේ.ගමේ ,දහම්පාසලේ ,පාසලේ, හැමදෙනාම ඊට හැකි පමණින් දායකවූ බව පැවැසේ.පිළමය නෙළීම සදහා ශිල්පියකු සොයා  නුවරඑලිය ,රම්බොඩ ප්‍රදේශයේ  කොවිලකට ගියබවත් ,එහිදී ඉන්දියානු ජාතික ඩි.ස්ථපිත මහතා හමුවූ ආකාරයත් එම කෘතියේ සදහන්කර තිබේ. මධුරෙයී , වෙල්ලෝරා , කාංචිපුරම් යන ගම්මාන වලින් පැමිණි විශාල කණ්ඩායමක් උදැසනින් නා , ආගම අදහා , හිසේ ජටාවක් බැඳ මෙම ප්‍රතිමාව නිර්මාණය කලේ මහත් භක්තියකිනි .

මේ සංචාරයේ දී සන්නසේ  අපි අත්වින්ද සතුට භක්තිය හා දැනුම අපමණය . බෞද්ධ ප්‍රතිමාවක් ඉදිකිරීමට හින්දු බැතිමතුන් ගේ දායකත්වය ලැබීම ආගමික සන්හින්දියාවේ අනගි  සිහිවටනයකි . මේ ප්‍රතිමාව ලෝ වැසියන්ට අගනා පාඩමක් කියාදේ . එනම් , එකිනෙකා විනාශ කිරීමේන් මතවාද යටපත් කිරීම වෙනුවට  ස්වකීය මතය නිර්මාණ පෞර්ශත්වයෙන් ගොඩනැංවීමේ වැදගත්කමයී .

මෙම සංචාරයේදීම සුප්‍රකට රිදීවිහාරය බලීමට යන්නත් පුළුවන්.ඒ පිළිබද විස්තර සමගින් තවත්දවසකදී හමුවෙමු.

 

ජායාරුප හා සටහන-යසන්ත හේරත්

Comments

niyama lipiya.api innath oya paththa

;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;
;;;;;;;;;;;;;;;;;;;;;
;;;;;;;;;;;
;;;;;;
;;;

sadu .....
sadu.........
sadu..............