අපේ උරුමය .. කොළඹ ජාතික කෞතුකාගාරය... 

වර්ෂ 1877 ජනවාරි 1 වන දින ස්ථාපිත කල ජාතික කෞතුකාගාරය ශ්‍රී ලංකාවේ අතීත උරුමයන් මනාව විදහා දක්වයී. එවකට ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයා වූ සර් විලියම් හෙන්රි ග්‍රෙගරි විසින් ස්ථාපිත කරන ලද මෙය , ඉතාලි ගෘහනිර්මාණ ශිල්පයට අනුව නිමවා ඇත . වර්තමානය වන විට සිංහල , පාලි සංස්කෘත , තෙලිගු වැනි භාෂා වලින් යුත් සන්නස්  ද, බුද්ධාගම , සාහිත්‍යය , ඉතිහාසය ,වෛද්‍ය විද්‍යාව හා  තාරක ශාස්ත්‍රය පිලිබඳව ද තොරතුරු අඩංගු වේ. කොළඹ 7 ප්‍රදේශයේ පිහිටා ඇති මෙහි වසර 2500 ක් ඉපැරණි ඉතිහාසය කියාපයී . 

ශ්‍රී ලංකාවේ අවසන් රජු වූ ශ්‍රී  වික්‍රම රාජසිංහයන් භාවිතා කල සිංහාසනය සහ ඔටුන්න මෙහි දක්නට ලැබීම විශේෂත්වයකි . 

මීට අමතරව ඒ ඒ යුගයන් වලදී භාවිතා කල කාසි , පුස්කොලපොත් , සන්නස් , කඩු හා වෙනත් ආයුධ ද මෙහි දක්නට ලැබේ . 

වසර 11 ක් පුරාවට මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ කරඬුව වැඩම කරවූ හෙයීයන්තුඩුව රාජා ගේ ඇටසැකිල්ල  ද මෙම කෞතුකාගාරයේ ප්‍රදර්ශනය සඳහා තබා ඇත . විලියම් ගුණසේකර හා හෙන්රි ගුණසේකර දෙපලට උරුම වූ මෙම ඇත් රාජා 1924 දී හම්බන්තොට දිස්ත්‍රික්කයේ උපත ලබා 2002 වසරේ මහනුවර දී මිය ගිය ගොස් ඇත . හෙයීයන්තුඩුව රාජා ගේ  විශේෂත්වය වන්නේ අඩි 7 අඟල් 6 ක් පමණ දිගකින් යුතු දළ දෙකක් තිබීමයී . 

ඉපැරණි ශ්‍රී ලංකාව හා විදේශ රටවල් අතර පවතී සම්බන්දතා පිළිබඳව තොරතුරු රැසක් මෙහිදී හමුවේ .  ඒ අතරින් වඩා ප්‍රමුක වන්නේ මාලදිවයින් බුද්ධ ප්‍රතිමාවයී . ඊට අමතරව සුප්‍රකට තාරා  පිළිමයේ අනුරුවක් ද දක්නට ඇත . 

වර්ෂ 1939 සිට 1963 දක්වා ජාතික කෞතුකාගාරයේ අධ්‍යක්‍ෂකවරයා වූ පී . ඊ . පී . දැරනියගල මහතා යාපනය , මහනුවර , රත්නපුර ප්‍රදේශ වල ජාතික කෞතුකාගාර ශාකා ඇති කරමින් ලාංකික ඉතිහාසය රැකගනීමට සිදුකරන ලද්දේ මහත් සේවයකි .

අනෝමා ඒකනායක

Comments

Thank you

thank you

very very thank you

It's very impotent my,Thank you very much

It's very impotent me,Thank you very much

Today, I went to the beach front with my children. I found
a sea shell and gave it to my 4 year old daughter and said "You can hear the ocean if you put this to your ear." She placed the shell to her ear and screamed.
There was a hermit crab inside and it pinched her ear.
She never wants to go back! LoL I know this is completely off topic but I had to tell someone!

My web blog :: minecraft - http://tinyurl.com/ybnmu2xb

It's Very Importent,Thank You Very Much Sir

Thanks for visiting sannasa.

Great work.......

Thank you

Thanks.