Error message

Notice: Undefined offset: 1 in counter_get_browser() (line 70 of /home/sannas3/public_html/sites/all/modules/counter/counter.lib.inc).

Nobedi Wiyaparaya

තුෂ්නි යුද්ධය හෙවත් සිතල යුද්ධය Cold Warපැවතිසමයේ ජාත්‍යන්තර සම්බන්ධතාවයන්හි දක්නට ලැබුන වැදගත් සංවිධානයක් හා ව්‍යාපාරයක් ලෙස නොබැඳි ජාතීන්ගේ සංවිධානය පෙන්වාදීමට හැකිය .ලෝකය දේශපාලන හා බල කඳවුරු දෙකකට බෙදී එම කඳවුරු ව්‍යාප්තකරලීමේ අරගලයක දී සිටින අතර අලුත නිදහස ලැබූ තුන්වන ලෝකයේ රටවල් සිය ස්වාධින පැවැත්ම තහවුරු කරගැනීමේ අරගලයක නියැළුණි .නොබැඳි ජාතීන්ගේ සංවිධානය එහි ප්‍රතිපලයකි .

කොළඹ කතාව 1954

සංවිධානයක් පිහිටුවා ගැනීමේ අදහස ප්‍රථම වතාවට ඉදිරිපත් කරනු ලැබුවේ ඉන්දීය අගමැති ජවහර්ලාල් නේරු විසින්ය .1954 වසරේදී කොළඹදී පැවැත්වූ සාකච්චාවකදී මේ අදහස ඉදරිපත් කරනු ලැබිය .ඇමරිකානු ගති පිළිවෙතක් අනුගමනය කල ශ්‍රී ලංකාවේ අගමැති ජෝන් කොතලාවල කොළඹ සමුළුව කඩාකප්පල් කලබවට චෝදනා ලෑබිය .

තුන්වන ලෝකයේ රටවලට ස්වාධින සංවිධානයක් පිහිටුවාගැනීමේ අදහස අත්නොහැර ඊට අනුකුලවූ රාජ්‍ය නායකයින් අතර සකාච්චා පවත්වනු ලැබිය

බෑන්ඩුන් සමුළුව 1955

ඉන්දුනීසියාවේ බැන්ඩුනං නුවරදී නොබැඳි ව්‍යාපාරයේ පුරෝගාමී නායකයන් වන ඉන්දුනීසියාවේ නායක සුඛර්නෝ ,ඊජිප්තුවේ නායක ගමාල් අබ්දුල් නසාර් ,යුගෝස්ලාවියාවේ නායක ජෝසප් බරෝස් ටිටෝ ,ඝානාවේ ක්වාමේ න්ක්රුමා ,ඉන්දියාවේ ක්‍රිෂ්ණ මෙන් ,වියට්නාමයේ හෝ චි මින්හ්,සහ චීනයේ ශව් එන් ලායි මේ සමුළුවට සහභාගී විය .ලෝක සාමය හා සහයෝගිතාවය සඳහා මේ සංවිධානය ක්‍රයාත්මක කිරීමේ අවශ්‍ය තාවය මෙහිදී තහවුරු කරනු ලැබිය .

බෙල්ග්‍රේඩ් සමුළුව 1961

නොබැඳි ව්‍යාපාරයේ ප්‍රථම රාජ්‍ය නායක සමුළුව පවත්වනු ලැබුවේ යුගෝස්ලාවියාවේ බෙල්ග්‍රේඩ් නුවරදීය .නේරු ,න්ක්රුමා ,ටිටෝ වැනි නායකයන් මේ සමුළුවේ පෙරමුණ ගනු ලැබිය .1976 දීපැවැත්වූ කොළඹ සමුළුවත් 1979 දීකියුබාවේ හවානා නුවරදී පැවැත්වූ සමුළුවත් ඉතා විශේෂිත වේ .ඊට හේතුව කොළඹ සමුළුවේදී අගමැති සිරිමාවෝ බණ්ඩාරනායකගේ මුලිකත්වයෙන් සංවිධානයට රැඩිකල් මුහුණුවරක් ලැබීමය .කියුබානු සමුළුව අදිරාජය විරෝදී යටත්විජිත විරෝදී නවයටත්විජිතවාදී විරෝධී අර්ථකතන ඉදිරිපත් කරනු ලැබිය .1961 බෙල්ග්‍රේඩ් වවල පැවැත්වූ පළමු සමුළුවේ සිට 2016 වෙනිසියුලාවේ පැවැත්වූ අවසන් සමුළුව දක්වා මේ වනවිට සමුළුවාර 17 ක් පවත්වා තිබේ .

ප්‍රතිපත්ති

පළමු සමුළුවට පෙර සිටම එනම් බෑන්ඩු න් සමුළුවේ සිටම නොබැඳි ප්‍රතිපත්තිය අර්ථ දක්වනු ලැබිය .මුලික ප්‍රතිපත්තිය නම් දේශපාලන කඳවුරු දෙකෙන් එකකටවත් නොබැඳි ස්වාදීනව සිටීමය .මේ හේතුව නිසා සාමාජික රටවලට කඳවුරු දෙකටම අයත් රටවල් සමග සම්බන්දකම් පැවැත්වීමේ හැකියාව පැවතුනි .ඉන්දියාවේ අගමැති නේරු ගේ මුලිකත්වයෙන් නොබැඳි ප්‍රතිපත්තිය හදුන්වාදෙනු ලැබිය .ඒ අනුව

-එකිනෙකාගේ ස්වාධිපත්තිය හා භූමික අඛණ්ඩ තාවට ගරු කිරීම .

-එකිනෙකා ආක්‍රමණය නොකිරීම

-එකිනෙකාගේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම

-සමාන අවස්ථා හිමිකර ගැනීම

-සාමකාමී සහජීවනය

යනාදියයි ..

මෙම සංවිධානය විසින් වැදගත් යෝජනා ගණනාවක්ම සම්මත කරගෙන තිබේ .

            -ඉන්දියානු සාගර සාමකලාප යෝජනාව

            -අධිරාජ්‍යවාදීන්ගේ  යුධ කඳවුරු ඉවත්කරලිම

            -ජාතික විමුක්ති ව්‍යාපාරවලට උදව් කිරීම

-නවරාජය්යන්  පිළිගනිම

යටත් විජිතවාදය හා නව යටත් විජිතවාදය ට එරෙහිවීම ....

යනාදිය එවා ආතර වේ . 

2012 වර්ෂය වනවිට නොබැඳි සංවිධානයේ සාමාජික රටවල් සංඛ්‍යාව 120 ක් විය .එය එක්සත් ජාතීන්ගේ සාමාජිකයින්ගෙන් 2/3 කි .ලෝක ජනගහනයෙන් සියට 55 ක් දෙනා මේ රටවලට අයත්ය .

බලය

නොබැඳි ව්‍යාපාරය වඩාත් බලවත් සේ ක්‍රියාත්මක්වුයේ තුෂ්නි යුද්ධය පවතී කාලයේදීය .සෝවියට් රුසියාව හා මහජන චීනයේ සෙවනැල්ල මේ සංවිධානයට ලැබුණි .තුන්වන ලෝකයේ රටවල් සමාජවාධි කඳවුරට ඇතුලත් නොවුවත් ඔවුන් ඇමරිකානු කදවුරට ඇතුලත් නොවී සිටීම ම සෝවියට් දේශය ලැබූ ජයග්‍රහණයක් විය .ඔපෙක් සංවිධානය ,අරාබි බාත් ව්‍යාපාරය ,වැනි සංවිධාන මෙයත් සමග අත්වැල් බැදගෙන සිටීම මෙහි බලය තවදුරටත් වර්ධනය කළේය .

-ඛනිජ තෙල් මිල ඉහල දැමීම

-සුවස් ඇළජනසතු කිරීම

-රන්පවුම් වතු හා කොම්පැනි ජනසතු කිරීම ...වැනි ක්‍රියාමාර්ග කැපිපෙනෙන අධිරාජ විරෝධී කටයුතු ලෙස සැලකේ .

බිඳ වැටීම

සෝවියට් දේශය බිඳවැටීමත් සමගම න්‍යායාත්මකව නොබැඳි සංකල්පයේ ව්‍යවහාරික වටිනාකම පහව ගියේය .සංවිධානයේ ආරක්ෂාවට පවතී සෙවනැල්ල ඉවත්වීමෙන් පසුව එය ක්‍රමයන් දුර්වල සංවිධානයක් බවට පත්විය .යුගොස්ලාවියව කැඩීබිඳී  යාම ,ඉන්දියාව හා ඉන්දුනීසියාව වඩාත් ඇමරිකානු කදවුරට සමීපවීම ,කැම්ප්ඩේවිඩ් ගිවිසුම යටතේ සුවස් ඇළ යලි ඇරීම යනාදී කරුණු රැසක් සිදුවිය .ක්‍රමක් ක්‍රමයෙන් දුර්වලවූ මේ සංවිධානය අද රාජ්‍ය නායක හමුවකට පමණක් සීමාවී ඇති සෙයක් පෙන්වයි ..

-ලක්ෂ්මන් කුමාර කීර්ති