නිමල් සජිත් එකම මගක ..............

නිමල් සිරිපාල ද සිල්වා සහ සජිත් ප්‍රේමදාස යන අමාත්‍යවරු මේ දිනවල ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කිරීමට පටන්ගෙන තිබේ.පසු ගියදා බදුල්ලේ, හාලිඇල ප්‍රදේශයේ පැවතී ජනහමුවකදී අමාත්‍ය සිරිපාල මහතා විසන් යහපාලන ආණ්ඩුව දැඩිලෙස විවේචනය කලෙය. යහපාලනය ගෙනඒමට ක්‍රියාකළ Face bookවල කැලිත්  නැතැයි, ඒ මහතා පැවසිය.මේ ආණ්ඩුව යහපාලනයේ කිසිවක් ඉටුකර නැති බව පැවසු ඔහු අපේම ආණ්ඩුවක් පිහිටුවා ගැනිමේ අවශ්‍යතාවය පෙන්වා දෙනු ලැබීය.පසුගියදා හම්බන්තොට දී පවතී ජනහමුවකදී අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් ද ආණ්ඩුව විවේචනය කළේය.හොරුන් තවමත් නිදැල්ලේ සිටින බව පැවසු ඔහු හොරුන් ආරක්ශා කරන්නේ ඔව්න්ගෙන් මුදල් ලබාගත් අය යැයි ද ප්‍රකාශ කළේය.නියොජ අමාත්‍ය රන්ජන් රාමනායක මතතා  ද මෙබදු ප්‍රකාශයක් කළේය.අමාත්‍ය විජේදාස රාජපක්ෂ ඇවන්ගර්ඩ් ගාරඩ් කරනවා යැයි කිව්වේය.

තවත් ඇමතිවරු කීපදෙනෙක්ම මෙබදු ප්‍රකාශ කළේය,මේ ප්‍රකාශ තුළ ආණ්ඩුවට සම්බන්ධ  කොටසකගේ වේනත් ගමනක ලකුණු පෙන්නුම් කරයි.සජිත් ප්‍රේමදාස සහ නිමල් සිරිපාල යන අමාත්‍යවරු දෙදෙනා විසින්  එ.ජා.ප .සහ සන්ධනයේ කොටස් එකතු කරගෙන අලුත් ආණ්ඩුවක් හැදීමට යන බවට මෙදිනවල පැතිරයන  කතා සමග මෙම ප්‍රකාශ ගැලපේ.

අමාත්‍ය රාජිත සේනාරත්න සහ අමාත්‍ය පාටලී චම්පික යන දෙදෙනා ද මේ දිනවල ආණ්ඩුව විවේචනය කරනු දක්නට ලැබේ.නිමල් සිරපාල  ද සිල්වා  හිටපු විපක්ෂ නායකවරයාය . ඔහුට අගමැති අපේෂක කම නොලැබිම ගැන ද  ඒ දිනවල කතා කළේය . අනික් අතට සජිත් ප්‍රේමදාස මහතා ද නායකත්වය සදහා අරගලයක යේ  යේදී සිටිනෙකි.සන්ධාන ආණ්ඩුවෙන් ඔහුට සමුර්ධිඇමති ධුරය නොදීම පිලිබදව කනස්සල්ලෙන් පසුවූ බව ද වාරතා විය.මෙබදු පසුබිමක් තුළ සජිත් සහ සිරපාල මහත්වරු විසින් අලුත් ගමනක් ආරම්භ කිරිම පිළිබද පුවතට යම් පිළිගැනීමක් ලැබේ.ඔවුන්ට පාර්ලිමේන්තුවේ  බහුතරයක් පෙන්වීමට හැකි වුවහොත්  ආණ්ඩු පෙරලියක් අපේක්ෂා කලහැකිය.

එලෙබේන පළාත් පාලන මැතිවරණයේදී සන්දානයේ ජයග්‍රහණය සදහා ජනාදධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වය හිමි වීමත් ,ශ්‍රීලනිප මහලේකම්වරයාවිසින් පකෂයේ මන්ත්‍රීවරුනට යැවු ලිපියත්  මෙම ආණ්ඩු පෙරලිය හා සම්බන්ධ කථාව සමග ගැලපේ.මේම නිවේදනය ගැලපෙන්නේ වෙනත් දෙයක් සමගය.එනම් සන්ධානයේ කොටසක් එක්සත් සන්ධානය නමින් වෙනම ම පක්ෂයක් හැදීමේ කථාව සමගය.වසු විමල් ඇතුළු පිරිස එළබෙන පලාත්පාලන මැතිවරණයට වෙනම සන්ධානයකින් තරග කිරීමේ සුදානම පිළිබධව අදහස  ප්‍රකාශයට පත කළේය.මෙලෙස සන්දානය දෙකට බෙදී ගියහොත් නිමල් හා සජිත් අමාත්‍යවරුන්ගේ ප්‍රයත්නය බිදවටෙනු අත.තමන්ගේ ආණ්ඩුව ආරක්ෂා කරගැනීම සදහා අගමැති රනිල්වික්‍රමසිංහ  මහාතා නිතැතින්ම යොමුවන්නේ මේ දිශාවටය.විමල් වීරවංස මහතාගේ පාස්පොර්ට් සිද්දියේදී අගමැතිවරයාගේ මැදිහත්වීම විසින් පෙන්නුම්කරන්නේ එයයි.බෙදීම පවත්වා ගෙන යාමට අගමැතිවරයා විසින් උත්සාහදරනු අත.එය වැලක්වීමට ගත් පියවරක් ලෙස ශ්‍රී .ල. නි .ප. ලේකම්වරයාගේ නිවේදනය සැලකිල්ලට ගත හැකිය.ආණ්ඩුව ඇතුලේ ආණ්ඩු අරගලයක් ආරම්බවී ඇති බව නම් පැහැදිලිය.

Man Unknown--