Error message

Notice: Undefined offset: 1 in counter_get_browser() (line 70 of /home/sannas3/public_html/sites/all/modules/counter/counter.lib.inc).

Education Article 1

මහින්දාගමනයට පෙරත් අපට අපේම සංස්කෘතියක් තිබුණා.

අද අපේ රටේ ඉන්න සමහර අයට අපේ ඉතිහාසය අමතක වෙලා බව පේනවා “ඉතිහාසයක් නැති ජාතියකට අනාගතයකුත් නෑ” කියල කියනවා නේ. ඒ නිසා මෙම ලිපිය ඉදිරිපත් කරන්නේ O/L , A/L  විභාග කරන අයට විතරක් නෙවේ.

මහින්දාගමනයට පෙර එහෙමත් නැතිනම් බුදුදහම සංවිධානාත්මකව හා නිලවශයෙන් හදුන්වා දෙන්නට පෙර කාලයේ මේ රටේ ජනයා අතර පැවති ආගමික ඇදහිලි වගේම විශ්වාස පිළිබද තොරතුරැ රැසක් තායෙනවා කියල ඔයාලා දන්නවද?  ඒ තොරතුරු අපට දැනගන්න පුලුවන් මූලාශ්‍ර ගණනාවක් තියෙනවා. මෙන්න බලන්න මොනවද  ඒ මූලාශ්‍ර කියල

  • දීපවංශය
  • මහාවංශය
  • සත්තප්පකාසිනිය
  • නිකාය සංග්‍රහය
  • බෝධි වංශය
  • දාතු වංශය

මෙන්න මේ කියන සාහිත්‍ය මූලාශ්‍රවලින් වගේම මුල් කාලයේදී ලියවිලා තිබුණ බ්‍රාහ්මීය   ලෙන් ලිපි රැසකින්ද අපිට මේ තොරතුරු දැනගන්න පුලුවන් වෙනවා.

ඔන්න දැන් අපි යන්නේ මේ මූලාශ්‍රවලින් හෙලිදරව් කෙරෙන  විදියට ප්‍රාග් බෞද්ධ යුගයේදී මේ රටේ ජනතාවඅතර ප්‍රකටව පැවති ආගමික  සංකල්ප මොනවද කියල බලන්න, ඔයාලා මේ ගැන දන්නවා ද කියල  මම ඔයාල  ගැන හිතල මතක තියා ගන්න පහසු වෙන්න කරුණු විදියට ඉදිරිපත් කරන්නම්.

  • යක්ෂ වන්දනය
  • මලවුන් වන්දනය
  • වෘක්ෂ වන්දනය
  • තාරකා  වන්දනය
  • ලිංග වන්දනය
  • ශිව දෙව වන්දනය
  • බ්‍රාහ්මන ආගම
  • ජෛන හෙවත් නිගණ්ඩ ආගම
  • ආජීවක හා පරිභ්‍රාජක ආගම
  • පාෂාණ්ඩ හා ශ්‍රමන

කියන ආගමික පිළිවෙත් වගේම,

  • දේව වන්දනය
  • උදක පරිශුද්ධිය හෙවත් ජල වන්දනය
  • පර්වත වන්දනය
  • සූර්ය දේව වන්දනය
  •  

නැමති ස්වභාවික වස්තූන් නැමදීම ආදි සංකල්ප මේ අතර සදහන් කරන්න පුලුවන්.

ඉතින් මේ කියන ආගමික සංකල්පය අනාදිමත් කාලයක පටන්ම මේ රටේ ජනයා අතර පැවතුනත් තවත් සමහර සංකල්ප ඉන්දියාවෙන් අපේ රටට සංක්‍රමණය වූ ඒවා විදියට හදුන්වන්න  පුලුවනි.

ඔයාල දන්නවද මේ කියන ප්‍රාග් බෞද්ධ යුගයේදිත් මේ රටේ ජනතාව අතර ප්‍රකටව පැවතුණු විවිධ ඇදහිලි හා විශ්වාස පිළිබදව වැදගත් තොරතුරු රැසක් ම අපේ පණ්ඩුකාභය රාජ්‍ය සමය සම්බන්ධයෙන් මහා වංශයේ සදහන් විස්තරවලින් දැන ගන්න පුලුවන් කියල?  ඔයාල දන්නවද මහා වංශයට අනුව මේ කාලයේ පැවතුණ ප්‍රධාන ආගමික විශ්වාසයක් තමයි යක්ෂ වන්දනය කියන්නේ. පණ්ඩුකාභය රජතුමා නගරයේ නැගෙනහිර දිශාවෙන් දේවාලයක් සෑද වූ බවත්, කාලවේල නම් යක්ෂයා  ඒ දේලයේ වාසය කෙරූ බවත් සදහන් වෙනවා. ඒ වගේම චිත්‍රරාජ නම් යක්ෂයා අභය වැවට පහළ ප්‍රදේශයේ වාසය කෙරූ බවත් කියනවා. වලවාමුඛී කියන යක්ෂණිය  රාජ මාලිගාවේ  උයන ඇතුලේ විසූ බවද මහා වංශයේ සදහන් වෙනවා.  මේ යකුන්ට වගේම අනෙකුත් යකුන්ට ද අවුරුදු පතා බිලිදාන දුන්නු බවටත්  නැකත් දවස්හි පණ්ඩුකාභය රජතුමා චිත්‍රරාජ කියන යක්ෂයා එක්ක එකට වාඩිවෙලා දෙව් මිනිසුන්ගේ නැටුම් නැරබූ බවත් මහාවංශයේ සදහන් වෙනවා. 

මීට අමතරව හෙන්රි පාකර් කියන විද්වතා ප්‍රකාශ කරන්නේ මෙන්න මේ වගේ අදහසක් මෙම යක්ෂයින්ට මෙතරම් උසස් ආකාරයට  පණ්ඩුකාභය රජතුමා විසින් සැලකුම් දක්වා ඇත්තේ  ඔවුන් එවකටමෙරට සිටි ප්‍රධානයින් වීම නිසා රාජ්‍ය පාලනය පිණිස ඔවුන්ගේ සහයෝගය ලබා ගැනීමට විය හැකි බවයි.

නමුත් මේ කියන විදියේ වාසියක් ඒ යක්ෂයින්ගෙන් පණ්ඩුකාභය රජතුමාට ලැබී නැති  බව මහාවංශයේ තොරතුරු  හා සසදන මහාචාර්ය පරණවිතාන මහතා ප්‍රකාශ කරනවා.

චිත්තරාජ හා කාලවේල කියන යක්ෂයින් වර්ථමාන මිනිසුන්ගේ සිත්වල මවාගෙන ඇති භූතයන් වගේ එදා සමාජයේ මිනිසුන්ගේ හිතේ පැවතුණු ඇදහීමක් මිස ඔවුන් මේ රටේ මුල් වැසියන්ගේ ප්‍රධානීන් විය නොහැකි බව මහාචාර්ය වල්පොල රාහුල හිමියන් උන්වහන්සේගේ ලක්දිව බුදු සමයේ ඉතිහාසය කෘතියෙන් සදහන් කරනවා.

 

ඔයාල දන්නවාද  පණ්ඩුකාභය රාජ්‍ය සමයේ මේ යක්ෂයින්ට අමතරව වෙනත් යක්ෂ යක්ෂණීන් රැසක් ගැන තොරතුරු සදහන් වෙනවා. ඒ අතර චේතියා, මහේජ හා වෛශවන යන යක්ෂණීන් හැදින්විය හැකය. මහේජ යක්ෂයා ථූපාරාමයට බටහිරින් පිහිටි මහේජගරයෙහි වාසය කරවූ බවක් මහාවංශයේ සදහන් වූවද සමන්ත පාසාදිකාවේ මහේජගරය යක්ෂ ආශ්‍රමයක්  විදියට දක්වයි. වෛශවනගේ නිවහන වී ඇත්තේ අනුරාධපුර නගරයේ බටහිර දොරටුව අසල පිහිටි නුග ගසක් බව කියවෙයි. මේ තොරතුරැවලට අනුව එකල පැවති ඇදහිලි හා විශ්වාස අතර යක්ෂ වන්දනය ප්‍රධාන ආගමික පිළිවෙතක් වූ බව පැහැදිලි  වෙයි.

මහින්දාගමනයට පෙර කාලයේ මෙරට පැවති තවත් ආගමික සංකල්පයක් තමයි මලවුන් පිදීම කියන්නේ. ඉහතින් අපි සදහන් කල යක්ෂ වන්දනය තුළ එම ජනතාව විසින් ඇදහීමට ලක් කළ ඇතැම් සතුන් එම යක්ෂ වන්දනය තුලට ඇතැම් ජනයා විසින් මලවුන් වන්දනය සිදු කර ඇති බව මහාචාර්ය වල්පොලරාහුල හිමි පවසා ඇත. එකල තමාට ලැදිව ළගින් සිටි මුතුන්මිත්තන් මිය  යෑමෙන් පසු යක්ෂයන් ලෙස නැවත ඉපිද ආරක්ෂකයන් ලෙස පෙනී සිටින බව විශ්වාසයකි. චිත්තරාජ හා කාලවේලද එසේමය. ඒ වගේම වල්පොළ රාහුල හිමියන් ප්‍රකාශ කරන්නේ මිහිදු හිමි මෙරටට වැඩම කොට  ධර්මාවබෝධය ජනතාව වෙත ලබා දීමේදී ජේතවත්තු සූත්‍ර දේශනාව කර තිබුනේ මෙස මලවුන් වන්දනයේ යෙදී සිටි වැසියන්ගේ සිත්සතන් දිනා ගැනීම සදහා විය හැකි බවයි. 

මොවුන් අතර තිබූ තවත් සංකල්පයක් තමයි මමමුලින් සදහන් කළ වෘක්ෂ  වන්දනය  මේ සංකල්පය ඉපැරණි ශිෂ්ඨාචාරවාසී ජනයා දසිදුකළ ආගමික පිළිවෙතක් බව ඉන්දු නිම්න ශිෂ්ටාචාර වැනි ශිෂ්ටාචාරයක ජනයා ඇසතු හෙවත් බෝ ගස වැනි වෘක්ෂ පූජනීයත්වයෙන් සලකා වැදුම් පිදුම් කළ බවද තොරතුරුවලින් හෙලිදරව් වේ. ඒ වගේම තමයි පණ්ඩුකාභය රජතුමා වෛශවන සදහා නගරයේ ඉටහිර දොරටුව අසල පිහිටි නුග ගසක් වෙන් කර දුන් බවත්, ව්‍යාද දේව නම් යක්ෂයාට තල් ගසක් වෙන් කර දුන් බවත් වංශකතාවේ සදහන් කරල තියෙනවා. ඒ නිසාම මේ විදියට ජනයා අතරද මේ වෘක්ෂ පිලිගැනීමට ප්‍රාත්‍ර වෙලා තියෙනවා. ඒ වගේම තමයි මහින්දාගමනය සිදු වූ කාලෙදිත් මේ රටේ ජනයාගෙන් විශාල පිරිසක් වෘක්ෂ වන්දනාවේ යෙදුණු බවද ඒ බව පැළිගැනීමට හැකි කාරණාවක් හැකි කාරණාවක් තමයි සංඝමිත්තා තෙරණිය වැඩමවීමට ගිය දූත පිරිස  අත ශ්‍රී මහා බොධි ශාඛාවක් මෙරටට වැඩම වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට මිහිදු   හිමි දැණුම් දී තිබීම. මෙන්න මේ කියන කාරනා  එක්ක ඔයාලට පැහැදිලි වෙනවා ඇති බුදු දහම මෙරටට ගෙන ඒමට කලින්ම මෙරට ජනයා වෘක්ෂ වන්දනයේ යෙදුණු බව.

දැන් අපි බලමු  අපි ඉහතින් සදහන් කරපු තවත් ආගමික සංකල්පයක් ගැන. ඒ තමයි බ්‍රාහ්මණ ආගම කියන්නේ. මේ කියන බ්‍රාහ්මණ ආගමටත් මෙරට සමාජයේ මුල් කාලයේ උසස් තැනක්හිමිවෙලා තියෙනවා. එහෙම කියන්න  ප්‍රධාන හේතුව තමයි  විජය රජුගේ පුරෝහිතයා වෙලා හිටිය උපතිස්ස බ්‍රාහ්මයා.  විජය රජු මිය ගියාට පසුව පණ්ඩුවාසදේව රජු ලංකාවට පැමෙණ නතෙක්  ම මේ රටේ පාලනය ගෙන ගියේ උපතිස්ස කියන බ්‍රාහ්මනයා.  අනතුරුව රජ පැමිණි පණ්ඩුවාසදේව  රජුගේ උපදේශකයා වුනෙත්  පණ්ඩුල කියන බ්‍රාහ්මණයාගෙ පුතා වුණ චන්ද බමුණායි ඔයාල අහල ඇති. පණ්ඩුකාභය රජතුමා විසින් බ්‍රාහ්මණයින්ට වාසස්ථාන සාදවා දුන්නු බව කියන සොත්ථිශාලා බ්‍රාහ්මණයන්ගේ යාග හෝම හා යාඥා  පැවැත්වීම සදහා කරවූ බව කියවෙනවා. මෙරට නිල වශයෙන් බුදුදහම පිහිටුවන්නට කලින් බ්‍රාහ්මණයන් මෙරට වාසය කරන්නට ඇති බව මහාචාර්ය පරනවිතාන මහතා ප්‍රකාශ කරයි. එයට හේතුව තමයි කුරුණෑගල    දිස්ත්‍රීක්කයේ සැස්සේරුව ලෙන් භික්ෂූන්ට පූජා කර ඇත්තේ බ්‍රාහ්මණනන් විසින් බව ඒ මහතා විසින් පෙන්වා දීම.

මහින්දාගමනයට පෙර මෙරට පැවති තවත් ආගමික සංකල්පයක් තමයි ජෛන හෙවත් නිගණ්ඩ ආගම. වර්තමාන මහාවීර හෙවත් නිගණ්ටනාථ පුත්ත විසින් දේශනා කරන ලද නිගණ්ඩ ආගම ඒ කාලයේ මෙරට ජනයා අතර ප්‍රකටව පැවති බවත් පණ්ඩුකාභය රජුගේරාජ අනුග්‍රහය ඔවුන් වෙත පලවීමෙන් තහවුරු වෙනවා පණ්ඩුකාභය රජතුමාඑකල සිටි ජෝතිය, කුමභාණ්ඩ ආදී නිගණ්ටයින් සදහා ආරාම සාදවා දුන් බවත් මහාවන්සයේ දැක්වේ.  ඒ වගේම බෝධිවංශයේ සදහන් වන්නේ දේවානම්පියතිස්ස රජු කල මහා විහාර සීමා නියම කරනු ලැබූ අවස්ථාවේ එම නිගණ්ඩයින්ගේ ආශ්‍රමද ඊට ඇතුලු වූ බවය. බුදු දහම හදුන්වා දුන් පසුවද ජෛන ආගම  ප්‍රබල තත්වයක පැවති බව තිස්සඅභය හා උත්තර යන කුමාරවරුන් බල්ලාටනාග රජුගේ කාලයේදී රජුට විරුද්ධව සිදුකළ කුමන්ත්‍රණයන් හෙලි වීමෙන් පසුව ගිරිණිගණ්ටාරාමයට  පලා ගොස් සියදිවි හානි කරගත් බව වංසත්තප්පකාසිනියේ සදහන්. ඒ වගේම තමයි ද්‍රවිඩ ප්‍රහාර හමුවේ වලගම්බා රජු පරාජයට පත් වෙලා පලා යද්දී ගිරි කියන නිගණ්ටාරාමය අසලදීඔවුන් රජුට පරීබව කිරීම තුළින්ද මෙ’ බව පැහැදිලි වෙනවාත

බුදු දහම ස්ථාපිත කිරීමට පෙර මෙරට ජනයා අතර ලිංග චන්දනය ද ප්‍රකටව පැවති ආගමික සංකල්පයක් බවට සාධක ඇත. පණ්ඩුකාය රජු සිව්කාශාලා නම් ගොඩනැගිල්ලක් කරවූ බව මහාවංශයේ දැක්වේ. එයයශිව දෙවියන්ගේ ශිව ලිංගය පිහිටි ස්ථානයන් විනාශශ කළ බව මහාවංශය ටීකාවේදැක්වෙන නිසා ශිව ආගම මෙන් ශිව පූජාවද ඒ දක්වාම මෙරට ජනයා අතර නොනැසී පවතින්නට ඇති.

මේ හැරුනම  ආජීවක පරිභ්‍රාජක, පාෂාණ්ඩ හා පබ්බජ්ජත කියල හදුන්වන ශ්‍රමන කන්ඩායම් ඒ සමාජයේ ජනයා පිළිගැනීමට ලක් කරන්නට ඇති. වංශකතාවේ නම් පණ්ඩුකාභය රජු මේ ආජීවක  පරිභ්‍රාජකයින්ට ආරාම සාදවා දුන් බව කියවෙනවා.  ගිරි හා ජෝතිය කියන නිගණ්ඨයින් වාසය කළ ප්‍රදේශ ආශ්‍රිතව වාසය කළ පාෂාණ්ඩ හා ශ්‍රමනයක් වූ බව ද සදහන් වෙයි. ඒ හැරැණු විට විජය රජුට උපකාර කිරීමට උපුල්වන් දෙවි ලංකාවට පැමිණ තිබුෙණ් පරිභ්‍රාජක වේශයෙන් බවත්, පණ්ඩුවාස දේව ඇතුලු පිරිසද මෙරටටපැමිණියේ එලෙස පරිභ්‍රාජක වේශයෙන් බව සදහන් වේ.

ඒ වගේම තමයි මහින්දාගමනයට පෙර මෙරට ජනයා අතර ප්‍රකටව පැවති ආගමික විශ්වාසය අතර තාපස නිකාය ගැනත් සදහන් වෙනවා. පණ්ඩුකාභය රජු තාපස නිකායිකයින්ට ද අසපුවක් කර දී ඇබි බව සදහන් වෙනවා.

ඔහාල දන්නවද එකල ජනයා අතර තාරකා වන්දනය හෙවත් ?්‍රහතාරකාවන්හි බලපෑම් පිළිබද විශ්වාසයක්පැවතිලා තියෙනවා. සැණකෙලි පැවැත්වීම, නගර හා ගම්මානපිහිටුවීමට නැකත් අනුගමනය කරල තියෙනවා. මහාවංශයේ සදහන් වෙනවා දේවානම්පියතිස්ස රජතුමා දිය කෙළි ඇරඹුවේ ද අනුරාදපුර නගරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරල්ද සුබ නැකත් වලට බව.  ඒ වගේම නිමිත්ත පාඨකයින්ගේ අනාවැකි පිළිබද විශ්වාසය, උන්මාද චිත්‍රා කුමරිය විසින් දරැවන්ගෙන් ඇගේ සහෝදරය්නට ජීවිත හානි සිදු වෙනවා කියල ඉදිරිපත් කළ අනාවැකිය ඔවුන් විශ්වාස කර තිබීමත් ඊට උදාහරණයකි.

මේ හැරුණුවිට තවත් විවධ වූ ආගමික සංකල්පයක් මහින්දාගමනයට පෙර මෙරට ජනයා අතර පැවති ඇති බව කියන්න පුලුවන්.  මහාවංශයේ සදහන් වන ආකාරයට පණ්ඩුකාභය රජතුමා විසින් විවිධ මිත්‍යා දෘෂ්ටික කුළ 500කට  සිය අනුගහය ලබා දින් බව සදහන් ව තිබීමෙන් ඒ බව තහවුරු වේත  

මේ විදියට පාග් බෞද්ධ යුගයේ මෙරට ජනයා අතරප්‍රකටව පැවති ආගමික ඇදහිලි හා විශ්වාස පිළිබද  තොරතුරු  ප්‍රාථමික  මූලාශ්‍රයන් හි  ඇතුලත් විස්තරවලින් හෙලිදරව් කෙන බව අප පෙන්වා දිය යුතු වෙනවා. මෙන්න මේ විදියට ප්‍රාග් බෞද්ධ ඇදහිලි හා විස්වාස ගැන මං ඔයාලට කීව තොරතුරු මං හිතනවා ඔයාලට ගොඩක් වැදගත් වේවි කියල.  තවත් දවසක තවත් මාතෘකාවකින් ඔහාල ගලට එන බලාපොවෙන් මම නවතිනවා.  ඔයාල හැමෝටම සුබ දවසක්.

-----නදීෂා මැදවත්ත --------

Comments

ෙම පිළිබඳව තවදුරටත් ඉතිහාසාත්මකව ලියවුනානම් ෙගාඩක් ෙහ​ාඳයි.

good one

Oh my goodness! Amazing article dude! Thank you so much, However I
am encountering problems with your RSS. I don't understand why I can't subscribe to it.

Is there anyone else having the same RSS problems?
Anybody who knows the solution will you kindly respond?
Thanx!!

Take a look at my website - activewear womens - http://www.bflyactivewear.com/