ඡයාරූප-අසංක වන්නිනායක

ලෝකයේ කොහෙවත්ම දක්නට  නැති ඉතාම සුන්දර ස්ථානයකි ,රිවර්ස්ටන් .ලංකාවට පැමිනි යුරෝපීයයන් මේ ප්‍රදේශයට ගියවිට ඔවුනට බටහිර රටකට නැවත ගියබවක් දෑණි ඇත .ඒ නිසා ඔවුන් මේ ප්‍රදේශයට rewesternයන නම තබා තිබේ .ඉංග්‍රීසීන් විසින් මෙම නම හදුන්වා දුන්නද ඒප්‍රදේශ්යට ආවේනික නම් තිබේ .ඉලුක්කුබුර ,වැ නි නම් භාවිතා කර අත. මීමුරේ ,නාමිණිඔය ,බකමුණ වැනි ප්‍රදේශ යාබදව පිහිටා තිබේ.වර්ල්ඩ්ස් එන්ඩ් ,අඹේවල ඇතුළු හෝර්ටන් තන්න ප්‍රදේශයේ ඇති දේශගුණයට මෙය බෙහෙවින්ම සමානය.පතන් ,හෙල් කදු ආදියට අමතරව ඉලුක්කුබුර ප්‍රදේශයේ ඇති ගඟ ඉතා මනහරය.දිය ඇලි හා,ස්වභාවික තටාක ,පද්ධතියකින් යුත් මේ ගඟ ස්ව්භාවධර්මයේ මනස්කාන්ත නිර්මාණයකි.එය ලක්බිමේ මිනුසුන්ට ලැබි ඇති අනගි තිළිණයකි.

රිවර්ස්ටන්  පිහිටා ඇත්තේ මාතලේ දිස්ත්‍රික්කයේ ය.ඇති සුන්දර නමුනුකුල කදු වැටියට අයත් ප්‍රදේශයකි.එබැවින් ඔබ කොළඹ හෝ ලංකාවේ වෙනත් ප්‍රදේශයකින් පැමිනෙන්නේ නම් , මාතලේ වෙත පළමුව පැමිණිය යුතු වේ. මාතලේ සිට රත්තොට පසු වූ විට 5kmපමණ දුෂ්කර කඳු මාර්ගයක ගමන් කිරීමට සිදු වේ. ඒ කඳු මුදුනට පැමිණි විට ඔබට රිවෙස්ටෙන් හමුවේ. එම ස්ථානයේ මාර්ග පුවරුවක් දැකිය හැක. 

              ඔබ මේ දකින මාර්ග පුවරුව අසලින් රිවෙස්ටෙන් කඳු ගැටය නැගීම ආරම්බ වේ. තවද , මෙම මාර්ග පුවරුවට පිටුපසින් ප්‍රසිද්ද වැසිකිලි පද්ධතියක් තිබේ . රත්තොට මඳක් පසු කල පසු ආහාර පාන ලබාගැනීමට හරි හමන් කඩයක් හෝ නොමැති බැවින් ආහාර පාන ඔබ විසින් රැගෙන ඒමට ඔබ වග බලාගත යුතුය . 

රිවෙස්ටන් කඳු ගැටය තරණය කල යුත්තේ පා ගමනින් ය .එය ඉතා සුන්දර අත්දැකීමකි.මේ පටු මන් ඔස්සේ ඉහලට පිය නගන විට , දෙපසින් හමා එන සීතල සුලන් ඔබගේ ගත සිත නිවනු ඇත . කඳු මුදුනෙහි සම්ප්‍රේෂණ කුළුණක් පිහිට ඇත . ඔබ ගමන් කරන්නේ වලාකුළු අතරින් බව අමතක කරන්න එපා . මේ ගමන තුලින්  ලෝකාන්තය නැගිම හා සමාන අත්දැකීමක් ලැබෙනු ඇත .මනස්කාන්ත පරිසරය අත්විඳීමෙන් පසු නැවතත් ඔබ මාර්ග පුවරුව වෙත ආපසු ආ යුතුය . 

එම කදුගැටය බැසිමෙන් පසු යලිත් ඔබ වාහනයෙන් ඉලුක්කුබුර දෙසට ගමන්කල යුතුවේ. එහි මදක් දුර යනවිට හමුවන්නේ පතන් ය .පතන් යනු තනිතලා බිම්ය. මේවා ඉතා සීත පරිසරයක නිරතුරුවම ගලන දිය සීරාව සහිත තරමක් විශාල භූමීන් ය . මේ භුමිය කුඩා පඳුරු සහිත වන රොදක් බඳුය . ඔබට ගමන් කිරීම සඳහා මාර්ගය සොයාගැනීමට පහසු වනු පිණිස බිම දිගේ සලකුණු තබා ඇත. මඳක් ඉදිරියට ඇදෙන විට කුඩා කඳුකර ප්‍රදේශයක් පසු කර ඔබ ගමන් කරයි. එහි අවසානය පුංචි ලෝකාන්තය යි . මෙබඳු ලෝකාන්ත කීපයක්ම මේ ප්‍රදේශයේ ඇත. මේ දසුන , ජෛව විවිධත්වයේ මනා පිළිබිඹුවකි . එමෙන්ම එය මනස්කාන්ත භූ විෂමතාවකට ද හිමිකම් කියයි . 

ලෝකාන්ත නැරඹීමෙන් පසුව යලිත් ඉලුක්කුබුර දිශාවට ගමන් කල යුතුවේ. එහිදී ඔබට හමුවන්නේ ඉතා රමණීය ජල ධාරාවන් සමුහයක් සහිත ගංගාවකි. මේ පරිසරය තුල සොබහවික ජාල තටාක කීපයක්ම හමුවේ.  පීනන්න , දියබුං ගහන්න එහි කිසිම බාධාවක් නැත . මේ පරිසරය තවත් අලංකාර වන්නේ කුඩා දියඇලි කීපයකිනි .  ගගදියේ ඇති තරම් විනෝදවී ,ඔබ ආපසු ගමන් ඇරබිය යුතු වේ. 

මේ අඩි පාර දිගේ ඔබත් දවසක රිවෙස්ටන් ගිහින් බලන්න . අපි අත්වින්ද  සුන්දරත්වය  ඔබත්  අත්විඳිනවා  සත්තය.

# ඔබ ගෙන යන බෝතල් , ප්ලාස්ටික් මලු , ඇසුරුම් ඇතුළු සියලුම අපද්‍රව්‍ය මේ සුන්දර භුමියේ නොදමා නියමිත කැසිකසල බඳුන්  වලට දැමීමට හෝ , නැවත නිවස බලා ගෙන ඒමට කාරුණික වන්න .

සටහන - සන්නස ගවේෂක . 

යමු රිවස්ටෙන්අපේ ලිපිය පළවීමෙන් පසුව බොහෝ දෙනෙකු විසින් එකිනෙකාගේ රිවස්ටෙන් සුන්දර රිවස්ටෙන් මතකයන් අප වෙත ඒවා ඇත .

 

අප සමගම චාරිකාවට එක් වූ ඉරෝශනී දසනායකඑබඳු අගනා චායාරූප ඒවා ඇත.

   

මෙම චායාරූප හතරම තුලින් දැක්වෙන්නේ ඉලුක්කුඹුර ප්‍රදේශයේ ඇති ගංගාව ආශ්‍රිත ජල ප්‍රදේශය යී .

සන්නස ගවේෂක-- 

Comments

එම අවට පරිසරය,ගස් වැල් තුරැලතා වල සුව පහස විදිමින් සුන්දර අත්දැකිමක් සහ විනෝදයක් Rewestern යාම තුලින් ලබා ගත හැකිය....

saththkatama sundaray

mamadeparak rewarsten giya yhwath yanna asay

Well Done

thanks madu

yamu yamu

beautiful place ...*

yes it is ..

metharam lassana thenak gena liyuwata sannasa ta thaks

thans vijitha

MARU PLACE EAKA

thanks ishara

Hm Hm Biutyfull place

ane yamuko sir riversten