වෛද්‍ය වෘත්තීකයන්  අමතක කල දෙය....

 

මේ දිනවල වර්ජන හා වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරතවී සිටින ආකාර කාටත් දැකගන්න ලැබී තිබේ.ඔවූනට වසර 5 කට වරක් හිමිව තිබූ තීරුබදු රහිත වාහන බලපත්රය අහිමි වීම මෙම ක්‍රියාමාර්ගයට හේතුවී තිබේ .පෞද්ගලික විශව විද්‍යාල වලට එරෙහිව සටන් වදින වෛද්‍ය ශිෂ්‍යයන් පෞද්ගලික රෝහල්වලට එරෙහිව සටන් නොකරන්නා සේ මොවුන්ද රටේ ජනතාවගේ පොදු ප්‍රශ්නවලදී මුනිවත් රැක තමන්ගේ කාර් එක සදහා සටන්කිරිම තේරුම් ගැනීමට හැකිය.මේවා නොලැබුනොත් උගතුන් රට හැර යාම සිදුවන බව පවසන රජයේ වෛද්‍ය වරුන්ගේ සංගමයේ සභාපති වරයාටත් සෙසු දොස්තර වරුන්ටත් තමන් මෙමඅධ්‍යාපනය ලැබුවේ රටේ දුප්පත් ජනතාවගේ මුදලෙන් බව මතක් කර දිය යුතුව අත.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ,පරිපාලන නිලධාරින් ,ලිපිකරුවන ,කම්කරුවන් යන හැමදෙනාම ඉටුකරන්නේ එක හා සමාන සේවයකි.මේ ඇතැම්  අය සාමාන්‍ය දොස්තර කෙනෙකුට වඩා බොහෝ උගත්ය.නමුත් ඔවුන් වරප්‍රසාද ගැන නොතකා තම සේවය සලසද්දී දොස්ත්රවරුන්ට පමණක්ඇති විශේෂත්වය කුමක්ද යන්න සලකා බැලිය යුතුය. පෞද්ගලික රෝහල්වලදී ,දුපත් ජනයාගෙන් අඩික ලෙස මුදල් ගසකැමෙන්  අදී  සුපොකභෝගී වාහන කීපයක්ම පාවිචිකරන මේ අයගේ මානව වාදයේ තරම දැකගත හැකිය.මෙබදු සුළු පිරිසකගේ වරප්‍රසාද සදහාද වන්දිගෙවීමට සිදුවී තිබෙන්නේ සාමාන්‍ය ජනතාවටයි.

            -සමන් ජයවික්‍රම

 

වෛද්‍ය වෘත්තීකයන්  අමතක කල දෙය....

Comments

mekanam sahathka aththa .dosthara maapiyaawa paraajayakala yuthi

Dosthara wenna igana gaththe duppath minisunge salli walin. ehema minisunta kalaguna salakanna one. me gollo iganagatte pote danuma witharada.? saradarma nathid?. meka negaou inimagata pain gasimak........