නේපාලයේ ජනපති පුටුව කාන්තාවක්

 

අපගේ අසල්වැසි නේපාලය ප්‍රථම වතාවට  කාන්තාවක් ජනාදිපති ඩුරයට පත් කරගනු ලැබිය.1961 ජුනි මස 19 වැ නිදා උපත ලැබූ ඇය 54 වියෑති බිද්‍යා දෙවි බණ්ඩාරි bidya devi bhandariය.ප්‍රකට ස්ත්‍රී වාදිනියක් වූ ඇය නේපාලයේ මාර්කස් -ලෙනින් වාදී පක්ෂයේ නියෝජ්‍ය නායිකාවය .පසු ගිය ජනාදිපති වරණයෙන් ජයග්‍රහණය ලැබූ ඇය එරට ජනාදිපති ඩුරයට පත්වූ දෙවන්නා ය.

නේපාලයේ අනාදිමත් කාලයක සිට පැවති රාජාණ්ඩු ක්‍රමය2008 වසරේදී අවලංගු කොට නව සමුහාණ්ඩු ව්‍යවස්ථාවක් පිහිටුවා ගනු ලැබිය.ඒ යටතේ පළමු ජනාදිපති ලෙස තේරී පත් වුයේ රාම් බරන් යාදෙව් ram baran yadavය.ඔහුගේ ධුරකාලය නිමා වීමෙන් පසුව බිද්‍යා දෙවි බංදරි මහත්මිය මෙලෙස ජනාදිපති ඩුරයට පත්විය .එතෙක් ඇය නේපාල රජයේ ආරක්ෂක ඇමති ඩුරය දරනු ලැබිය.ඒ 2009සිට 2011 දක්වා කාලය තුලදීය.බිද්‍යා දේවිගේ පත්වීම පිලිබදව අදහස් දක්වන The Associated Pressපුවත් පවසන ආකාරයට නේපාලය තමන්ගේ රටේ අලුත් ව්‍යවස්ථාව යටතේ නිතී ක්ෂේස්ත්‍රයේ කාන්තාවක් තෝරාගෙන ඇති බවය.තව දුරටත් අදහස් දක්වන AP  පුවත් සේවය කියා සිටින්නේ ,නේපාලය විසින් සාම්ප්‍රදායික පුරුෂාධිපති ක්‍රමය ප්‍රතික්ෂේප කර ඇති බවය.

          වයස අවුරුදු 21දි ශිෂ්‍ය අවදියේ දීම ,කොමියුනිස්ට් පක්ෂයේ ක්‍රියාකාරියකු වූ මදන් බන්දාරි සමග ඇය විවාහ විය .එම විවහය සුදානම් කලේද කොමියුනිස්ට් පක්ෂය විසින් ය. 1992දි ඇයගේ සැමියා රිය අනතුරකින් ජිවිතක්ෂයට පත්විය. ඉන් පසුව ඇය පක්ෂයේ වගකිම් කරට ගනුලැබූ බව පැවැසේ. ඇය  මාර්කස් -ලෙනින් වාදී පක්ෂයේ නියෝජ්‍ය නායිකාවය .

පොලිටික්කා --