පාර්ලිමේන්තු මන්ත්‍රී විජේකලා මහේෂ්වරන් විසින් සිදුකල ප්‍රකාශයක් සම්බන්ධයෙන් මේ පවතින කතාබහ තවමත් දක්නට ලැබේ .උතුරට යලිත් එල් ටි ටි ඊ  සංවිධානයක් පැවතීමේ අවශ්‍ය තාවය එහිදී පෙන්වාදී තිබේ .විජේ කළා මන්ත්‍රීවරිය මේ අදහස් දක්වා තිබෙන්නේ ස්ත්‍රී ධුෂණ ,ළමා අපචාර වැලක්වීමට එබඳු ඒකාධිපති පාලනයක් අවශ්‍ය බව පෙන්වාදීමටය .පළාත් සභා ජන්දයක් ළඟ එන බැවින් ද්‍රවිඩ ජන්ද ලබාගැනීමේ අරමුණින් දෙමල ජාතිවාදය ඇවිස්සීම විජේ කලාගේ අරමුණ වී ඇති බවට සැකයක් නැත .දැන් අයගේ මේ ප්‍රකාශය දකුණේ sinhala ජාතිවාදය අවුස්සා ජන්ද ලබාගැනීමට බලපොරුතුවෙන් සිටි අයට රසදුනකි .ඔවුන් මේ පිලිබන්දව වඩාත් උනන්දුවක් දක්වන බව පෙනේ සමාජ මාධ්‍ය ජාල තුළ විජේ කළා සිද්ධියට විශාල පරිමානයේ ප්‍රසිද්ධියක් ලැබෙමින් තිබෙන්නේ ඒ නිසාය .කෙසේ වෙතත් විජේ කළා ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙමල දේශපාලන නායකයන් විමතියට පත්ව තිබේ .යුද්ධය නිමවීමෙන් පසුව සංහිදියාව සඳහා යහපත් වාතාවරණයක් ගොඩනැගෙමින් පවතිනවිට යලි ජාතිවාදය ඇවිස්සීමෙන් සිදුවියහැකි ප්‍රතිවිපාක ඉතා දරුණු විය හැකිය .

ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිධාර්තන් මේ සම්බන්ධයෙන් වැදගත් අදහසක් BBC මාධ්‍යට පවසා තිබේ .

LTTE පමණක් නොව කුමන ආකාරයේ හෝ සන්නද්ධ අරගලයක් පිළිබඳව අපි විශ්වාස කරන්නේ නෑ

යලි ප්‍රභාකරන් කෙනෙකු බලයට ගෙන ඒමේ අදහසට සාමාන්‍ය ද්‍රවිඩ නායකයන් විරුද්ධ බව පමණක් නොව ඊට සමානව දකුණේ මතුව තිබෙන මතයටද ඔහු විරුද්ධත්වය දක්වා තිබේ .දකුණේ යම් කොට්ඨාශ තුලද රටට ශක්තිමත් පාලකයෙක් අවශ්‍යව ඇති බවට මතයක් පවතී හිට්ලර් කෙනෙක් අවශ්‍යව ඇත යන්නෙන් අදහස් කරන්නේ එයයි .දෙපතෙන්ම මතුවන මෙම අදහස් වලට පිළිතුරු දෙන සිද්ධාර්තන් මන්ත්‍රී වරයා කියා සිටින්නේ

            උතුරේ හෝ දකුණේ කවුරුන්ට හෝ හිට්ලර් කෙනෙක් පිළිගැනීමට නොහැකිය .

යනුවෙනි . උතුරු පළාත් සභාවේ විපක්ෂ නායක එස් . තවරාජා විජේකලාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා ඇත්තේ

             එක පිස්සු ප්‍රකාශනයක්

ලෙසය .මේ විදිහට සලකා බලන විට පෙනීයන්නේ විජේ කළා ගේ ප්‍රකාශයට විරුද්ධත්වය උතුරේනම් නැගෙන බවයි

රන්ජිත් අමරසිංහ