පාරාවළල්ල

ඇවන්ගාර්ඩ් සිද්දියදෑන්  ආණ්ඩුවට  පාරාවළල්ලක් බවට පත්වෙමින් තිබේ.පසුගිය දවස්වල පාර්ලිමේන්තුමෙන්තුවේ ඒ සම්බන්දයෙන් පැවති විවාදයේදී ආණ්ඩුවේ ඇමතිවරු කීපදෙනෙක්ම ඇවන්ගාර්ඩ් සිද්දිය සුද්ද්කිරීමට උත්සහ කිරීමෙන් මේ අර්බුදය හටගැනුණි.මෙම සිදියේ දී කිසිම වංචාවක් සිදුවී නොමැති බවත් එය පොලිසිය විසින් ලකුණු දාගැනීමට  ගත් උත්සාහයක් බවත් ප්‍රකාශකළ  අමාත්‍ය තිලක් මාරපන මහතාට අවසානයේදී ආණ්ඩුව රැකගැනීම සදහා සිය අමාත්‍ය දුරයෙන් ඉල්ලා අස්වීමට සිදුවිය. පොලිසිය භාරව සිටි ,මෙම අමාත්‍ය වරයා අවන්ගාරඩ් සමාගමේ නීතිඋපදේශකයකු වන බවද එහිදී අනාවරණය විය.පසුගිය රජයට එරෙහිව ලොකුම සටන්පාටයවූ අවන්ගාරඩ් දැන් මේ රජයට පාරාවළල්ලක් වී ඇති බව පෙනෙන්නට තිබේ .

                    මෙම සිද්ධිය පදනම් කරගෙන ආණ්ඩුව තුළ බරපතල බෙදීමක් හටගෙන ඇතිබව  දක්නට ලැබේ.අමාත්‍ය රාජිත සේනාරත්න සහ අමාත්‍ය පාටලී චාම්පික හොරුන් ආරක්ශාකිරිම පිලිබදව ආණ්ඩුව විවේචනය කළේය.ජාතික ආණ්ඩුවක සාමුහික වගකීම ආරක්ෂා කිරමට නොහැකිනම් ආණ්ඩුවෙන් යන ලෙස ඔවුන්ට අගමැති වරයා විසින් පැවසූ බව පසුගිය දිනවල වාර්තා විය.ඊට ඔවුන්ගේ ප්‍රතිචාරය වුයේ එසේනම් ආණ්ඩුව පෙරලීමට සිදුවන බව යැයි රාවයක් පැවතුණි.කෙසේවුවද ආණ්ඩුවේ ඇමතිවරු කීපදෙනෙක්ම පසුගිය දිනවල මෙම සිද්ධිය පිළිබද එළිපිටම විවේචනය කිරීමට ඉදිරිපත්විය.

                                      අමාත්‍ය රවූෆ් හකීම් මහතා පසුගිය දිනක ප්‍රකාශකළේ,තවමත් හොරුන් නිදැල්ලේ සිටින බවය.එය ආණ්ඩුවේ දුර්වලතාවයක් බව ද ඒ මහතා කියා සිටියේය.අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් ඊයේ කළ ප්‍රකාශයක්මව්බිම පුවත්පත වාර්තා කළේය.එහි දෑක්වෙන ආකාරයට හොරුන්ට දඩුවම් දීම අනිවාර්යයෙන්මසිදුවිය යුතු බව ප්‍රේමදාස මහතාගේ අදහසය. ඒ සදහා ජනාදිපති සහ අගමැති එකගවී ඇති බව ද එම පුවතේ විය.

             ප්‍රේමදාස මහතා එසේ  ප්‍රකාශකළ ද ආණ්ඩුවහොරුන් ආරක්ෂා කරන බවට ගොඩනැගී ඇති බලවත් මතය බැහැරකිරීමට නොහැකිය .ආණ්ඩුවේ අය විසින් හොරන්  ආරක්ෂා කරන්නේ අයිද යන්න පැහැදිලිය. හොරුන් යැයි චෝදනාවට ලක්වූ අය මෙම ආණ්ඩුවට එක්වී සිටීම ඉන් පළමු වැන්නයි .දෙවැන්න නම් සන්ධානය බෙදා පවත්වාගෙන යැමේ දේශපාලන උවමනාවයි .මෙම සාධක දෙකට අමතරව තුන්වැනි සාධකයක් ද තිබෙන බව පෙනීයයි.එනම් ඇවන්ගාර්ඩ් සමාගමෙන් ලැබෙන අල්ලස් හෝ කප්පම් මුදල් ය.ඒ බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ ප්‍රකාශයකින් තහවුරුවේ.මේ දිනවල ඇවන්ගාරඩ් සිද්ධිය සම්බදයෙන් වඩාත් කතා බහට ලක්ව සිටින්නේ ඔහුය.ඊයේ පුවත්පතක වාර්තා කළ ආකාරයට ඔහු පවසා ඇත්තේඔය කැගහන්නේ සල්ලි නොලැබුණ කේන්තියට ය.සල්ලි ලැබුණේ නම් නිහඩවන බව ඉන් පෙනීයයි.ඇවන්ගාර්ඩ් සමාගම මෙම සිද්දිය යට ගැසිමා සදහා මන්ත්‍රීවරුනට අල්ලස් හා කප්පම් ලබාදෙන්නේද යන්න එයින් මතුවන තවත් බරපතල ප්‍රශ්නයකි.

         දෑන් පරාවල්ල තමන් වෙතම පැමිණ ඇත බව පැහැදිලිය. තවදුරටත් මුනිවත රැකිමට නොහකිය .ජනාධිපති තුමාගේ මුලිකත්වයෙන් කැබිනට් රැස්වීමක් පැවත්වුයේ එම පදනම තුළය. ආණ්ඩුවේ ස්ථාවරය  අද හෙටම ප්‍රකාශ කිරීමට නියමිතය .මෙය ප්‍රමාදවන තරමට ආණ්ඩුවේම අය අතර කුළල් කාගැනීම වර්ධනය වනු ඇත.

                          පාටලී චම්පික ඇමතිගේමෙම  ප්‍රකාශය ඊට නිදසුනකි.ලංකාදීප පුවත් පතේ වාර්තා කළ  අන්දමට ,එක එක ඇමති ලාට ඕනෑවිදිහටවැඩ කරන්න දෙන්න බැ ..මෙමම සිද්දිය පිලිබදව එකම ආණ්ඩුවේ අය දෙවිදියකට කටයුතු කරනබව මෙම ප්‍රකාශ වලින් තහවුරු වෙනු ඇත .

 

Man unknown….