Error message

Notice: Undefined offset: 1 in counter_get_browser() (line 70 of /home/sannas3/public_html/sites/all/modules/counter/counter.lib.inc).

Prathiba

ප්‍රතිභා

 

ළමයෙකුගේ මුවමඬලෙහි මිස  අන් අයෙකුගේ මුවකින් සැබවින්ම සුන්දර සිනහවක් දැකිය නොහැකි බව ඔබ විසින් පසක් කරගෙන ඇතුවාට සැකයක් නැතිය. දිනකදී ඔබේ මතකයේ තැනපත් වූ සිනහවන් කොපමණ තිබේ ද වංක,අව්‍යජ,කපටි,කයිරාටික අරමුණු ඒ හා මුසු වී තිබෙනවා සත්තය. ළද‌රුවෙක් ගේ සුන්දර අහිංසක සිනහව ලොකු මිනිසුන් වන විට මෙතරම් වෙනස් වූයේ කෙසේ දැයි ඔබ මොහොතක  හෝ කල්පනා කළේ ද?එහෙම හිතන්නවත් වෙලාවක් ඔබට නැති බව මා හොඳාකාරවම දන්නව. ඒත් ඔබ අමාරුවෙන් ප්‍රතිභා වෙනුවෙන් වෙන් කරගන්න මේ පුංචි ඉඩේ මේ වෙනස අත්විඳගන්න.

ආහ් අද හරිම රස්නෙයි. අද විතරක් නෙවේ මේ දවස් වලම හරි උණුසුම් ඉර මුදුන් වෙනවා. ගෝලීය උණුසුම වැඩි වෙලා. එල් නිනෝ සංසිද්ධිය නිසා ද මන්දා.කවුදෝ එහෙම කියනවා මට ඇහුණා. ඒවගේ වෙලාවට මම කාමරේ කවුලු පියන් හැර දමා සිසිල් සුළඟක් එන තෙක් බලා සිටින්නට සිතුවා. සුළඟක් තියා ගහ-කොළ සෙලවෙන්නේවත් නැහැ. අද ගස්වැල් ගල් ගැහිලද මන්දා. එහෙනම් බොමුද සීතල වතුර වීදුරුවක්. ‍රූපවාහිනියේ එහෙම කිව්වාට අපට කොයින්ද  සීතල වතුර. මේවගේ වෙලාවට විදුලි පංකාව ක්‍රියාත්මක කරන්න ඇත්නම්. ඒත් ෆෑන් තියා ලයිට් කණුවක්වත් නැති අපේ පළාත් වල ඒගේ වෙලාවට කරන්නේ කාඩ් බෝඩ් කෑල්ලක්වත් හොගෙන පවන් ගසා ගැනීමයි.

සරතස නිවී යන විට තවත් ප්‍රශ්නයක් එනවා. ඔව් ඒ තවත් ප්‍රශ්නයක්. ඒ තමා කුසගින්න. ඉතින් බඩගින්නක් ආවාම කෑමට යමක් හොයාගන්න එක තමා කරන්නේ. කුස්සියේ දුම් මැස්සේ ඇති වලං වල ඉතිරි වෙලා තියෙන ටිකක් හරි ගිලලා දානවා.ඒත් අපේ ගෙවල්වල නම් ඉතුරු කරන්න තරම් දේකුත් නැහැ. එහෙම වෙලාවක වැල ගෙඩියක්, කුරුම්බා ගෙඩියක් හොයාගන්න එක ගම් වල අපිට නම් අමාරු  වැඩක් නෙමේ.

දැන් මේ හැම එකක්ම කරන්නේ අපිට දැනුම් තේරුම් තියෙනනිසයි.නමුත් අලුත ඉපදුණ කුඩා දරුවෙකුට රස්නය බඩගින්න පිපාසය දැනුනාම මොකද කරන්නේ. ඔව් ඉතින් වෙන කරන්න දෙයක් නැහැ. අඬනවා ඇරෙන්න.

                   ......................................................................      

දැන් අපේ පොඩි එකා කටකාර දඟකාර ළමයෙක්. එයා පාරේ යන මනුස්සයෙක් දැකලා එයාට තාත්තා..තාත්තා.. කියලකිව්වාම හා හා පුතා,ඒ ඔයාගේ තාත්තා නෙමෙයි. මාමා මාමා කියන්න.

අන්න එහෙමයි ලොකු අය පොඩි අයගේ මොළ පුරවන්නේ.

හැම පිරිමියෙක්ම තාත්තා කියලා පොඩි එවුන් හිතන එක කොයි තරම් නම් හොඳ ද?. ඇත්තටම වෙන්න ඕනෙත්  ඒකනේ.. නමුත් එහෙම වෙන්න  ඉඩක් තියෙනවාද?

දවසක් ගෙදරට කට්ටියක් ආපු වෙලාවක අපේ පොඩි එකා උපන් ඇඳුමෙන් දුවගෙන ආවා. හා හා ලැජ්ජා නැද්ද? ඇඳුමක් ඇඳන් එන්න.

පොඩි එකාව අන්දවන්නේ එහෙමයි. විලිබිය ලොකු අයට තිබුණත් පොඩි අයට නැහැ. බඩගින්න, පිපාසය ආදිය  ස්වභාවික  දේවල් උනත් විලිබිය ස්වාභාවික සංසිද්ධියක් නොවේ. ඒවගේ දේවල් කොපමණ නම් තිබේද? ඇත්තටම අප  ජීවත් වන්නේ ස්වභාවධර්මයෙන් කොතෙක් නම් ‌ඈත් වෙලාද? ඔව් ඒකියන්නේ අපි ජීවත් වන්නේ කෘතිමව හදාගත්ත ලෝකයක.

එදා පොහොය දවසක්.  හඳ වෙනදාට වඩා ලොකුවට තිබුණා. ආලෝකයත් වැඩියි. ඒ ඇයි කියලා ඇහුවාම ලොකු අය කීවේ ඒ හැටි කියලයි. ඒ හැටි කියලා කියන්නේ ස්වභාවය.ඉර ,හඳ,තරු ගැන එක එක්කෙනාට එක එක විදිහේ දැනුමක් තියෙන්නේ. ඉරට හඳට වඳින අයත් ඉන්නවා. කේන්දරය,නැකැත් තදින් විශ්වාස කරන අය ඕනි තරම් ඉන්නවා. එයාලා හිතනවා මේ ග්‍රහ තරු වලට අපිට බලපෑම් කරන්න පු‍ළුවන් කියලා හිතනවා. හැබැයි, පැරණි ග්‍රීකයින් මේ ප්‍රශ්නවලට පිළිතුරු  හොයාගත්තා. ඇත්ත වශයෙන්ම බුදුන් වහන්සේත් දේශනා කලේ කිං තාරකං කරස්සතී කියලයි. ඒ කියන්නේ මේ තරු වලට මොනවද කරන්න පු‌ළුවන් කියලයි.

ඉතින් පෝයදාට පන්සල් යන  එක අපේ පවුලේ හැමෝගෙම පුරුද්දක්. දැන් අපි  පන්සලට ගියා කියමුකො. ඔන්න අපේ පොඩි එකා පන්සලේ බෝ ගසට නඟින්න හදනවා. හා හා පුතා බෝධිය. බෝධියට සාදු කියන්න. වෘක්ෂ වන්දනය පොඩි එකාගේ ‌ඔලුවට දාන්නේ එහෙමයි.

ලොකු හාමුදුරුවන්ව දැක්ක අපේ  දරුවා දුවගෙන ගිහින් හාමුදුරුවන්ගෙ ඔඩොක්කුවට නැග්ගා. අනේ පුතේ ඔතනින් බැහැලා සාධූ කියන්න. පොඩි එකා අත් එකතු කරලා සාධු කිවුවා.

දැන් ඉතින් එක දෙයක් පැහැදිලියි. කුසගින්න, පිපාසය වගේ නෙවෙයි ඇදහිලි විශ්වාස, ආගම් චාරිත්‍ර, නීති-රීති වගේ දේවල් මිනිසුන්ට ස්වභාවධර්මයෙන්ම උරුමවූ දේවල් නෙමෙයි. පොඩි එවුන් ටික ටික ලොකු වෙනකොට ඔවුන්ගේ ඔලුවලට වැටෙනවා. මේ හැම දෙයක්ම මනසට එන ක්‍රම තුනක් තියෙනවා.

1.    පවුල

2.    පාසල

3.    සමාජය

එහෙම බැලුවම ජෝන් ලොක් නැමැති දාර්ශනිකයාගේ කියමන හරි කියල හිතෙනවා. ඔහු කිව්වේ දරුවෙකු උපදින විට ඔහුගේ මනස හිස් කඩදාසියක් වගේ කියලයි.

ජෝන් ලොක් එහෙම අදහසක් ඉදිරිපත් කළාට පසුකාලීන මනෝ විද්‍යාඥයින් විසින් ඊට වඩා වෙනස් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ අතරින්  වැදගත් වෙන්නේ සිග්මන්ඩ්ෆොයිඩ්.ඔහු මනෝවිද්‍යාවේ පුරෝගාමියෙක්හැටියට සලකනවා. මනෝවිදයාව,මිනිස් මනස ගැන පරීක්ෂණ විතරක් නෙමේ.කලාව,සාහිත්‍යය, වින්දනය දෙමාපියන් විසින් දරුවන් හැසිරවිය යුතු ආකාරය ගැනත් ඔහු අදහස් දක්වා තිබෙනවා. ෆොයිඩිගේ මතය අනුව නම් දරුවෙකු උපදින විට ඔහුගේ මනසේ යම් යම් දේ අන්තර්ගතයි. ඒවා අනුභුතීන් හැටියට හඳුන්වනවා.මෙම අනුභූතීන් පෙර ආත්මයේ සිට ගෙන ආ දේ හැටියට දක්වනවා. නමුත් ෆොයිඩ්ගේ මෙම මතයන් fභෟතිකවාදී දාර්ශනිකයින් විසින් ප්‍රතික්ෂේප කරනවා.  වි‍ශේෂයෙන්ම ඔවුන් විසින් ආත්මය,පුණර්භවය වැනි දේ ප්‍රතික්ෂේප කරනවා.

මෙම ක‌රුණූ පිළිබඳව බොහෝදෙනා අතර විවාද පවතිනවා. බුදුන් වහන්සේගේ දේශනා තුළද මෙවැනි විවාදමය කරුණු  ෙභෟතිකය හා විඥානය ලෙස අඩංගු වෙනවා.  ඒ වගේ සාකච්ඡාවකට අපි පසුව යන්න බලාපොරොතුවෙනවා. ඔයාලත් කැමතිනේ බාල බොලඳ මෙගා ටෙලිනාට්‍ය බලනවට වඩා  වැදගත් දෙයක් ගැන පිළිසඳරේ යෙදෙන්න.

තවත් දවසකදී අපි හමුවෙමු...........

තාරකී හෙට්ටිආරච්චි

 

Comments

Good one. Interesting.

Thanks.

great!congratulation tharu

Thanks vindya ..

lassanai aaa

Thanks...

your welcome dr.gd luk a

great effort dr.
i feel that u'r article is not just a text, a shadow of a critical analysis. simply, it knocks the empty heads to think deeply beyond the waves.
u have tried innocently to fulfill a social requirement. so continue it.

Thank you so much.I will do my best. And your words made me strong to continue this. Enjoy it further.

Niyamai tharu.....

thank you sachithra ....

great letter